Divaina - මගුල් මඩුවේ කඩුව සිටුවා අවමගුල දැනුම්දුන් වගයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

magul

* උඩරට රජවරුන්ගේ රාජකීය අවමංගල සිරිත්
 
 කුමන කුලකයකට අයත් වුවත් මෙලොව උපන් සියලූම දෙනා මියයති. ඒ ඒ වර්ගයා පසුබිම් කරගෙන තිඹිරි ගෙයි පටන් මරණ මංචකය තෙක් පමණක් නොව චිරාත් කාලයක් පවතින සේ විවිධමය චාරිත‍්‍ර වාරිත‍්‍ර ගොඩනැඟී ඇත. මහනුවර යුගයේ සිංහල රජදරුවන්ගේ මරණය වටා ගෙතී ඇති සිරිත් විරිත් අපූර්වජනකය” මනස්කාන්තය. ඒවා සුළුවෙන් හෝ හඳුනා ගැනීම වර්තමාන පරපුරට ඉතාම ප‍්‍රයෝජනවත් ය.
 
 රජතුමා රටේ සර්ව සම්පූර්ණ වූ නිශේධ බලධාරි තැනැත්තා ය. ඔහුගේ යටත්වැසියෝ ආදරණීය නායකයා මියගිය විට මහත් පුද සැලකිලි මෙන්ම ගරු බුහුමන් දැක්වීම යුතුකමක් මෙන්ම ගෞරවාන්විත ක‍්‍රියාදාමයක් සේ ද සැලකූහ.
 
 ඓතිහාසික සෙංකඩගල මහරාජ උත්තමයාණන් පරලෝ සැපත් වූ කල්හි පල්ලේගම්පහේ” උඩගම්පහේ හා හාරසිය පත්තුවේ අධිකාරම්වරු රජතුමන් මාරාන්තිකව සිටින බව සඳහන් ලිපියක් සකස් කරති. එහි විශේෂයෙන් සඳහන් කරනුයේ රජතුමා අසාධ්‍ය රෝගයකින් පෙළෙන බවක් විනා මියගිය බවක් නොවේ. එම සංදේශය සතර කෝරළේ” සත් කෝරළේ” ඌව හා මාතලේ මහ දිසාපතිවරුන්ට” සබරගමුව” තුන්කෝරළය” නුවරකලාවිය” තමන්කඩුව” වෙල්ලස්ස. බින්තැන්න” වලපනේ හා උඩපළාතේ දිසාපතිවරුන්ට වහාම දැනුම් දෙනු ලැබේ. ඔවුන්ට සෙංකඩගල නුවරට හැකි ඉක්මනින්ම පැමිණෙන ලෙස අවධාරණය කරනු ඇත.
 
 මේ අතර නව රජතුමා කෙරෙහි ද සුවිශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. මාලිගාවට ද විශේෂ ආරක්‍ෂා සංවිධාන සපයන අතර” මංගල හස්තියා සමග ඇත් හා අස් පිරිවරකුත් යැවීමට කටයුතු කරති.
 
 පසුව රදලවරු සියලූම දෙනා දළදා මාලිගාව ආසන්නයේම ඇති මඟුල් මඬුවට රැස්වෙති. ඒ වන විට අධිකාරම්වරු තිදෙනා ද කලින් ම පැමිණ සිටිති. එහිදී ඔවුහු රජතුමන් දැඩි සේ ගිලන්ව සිටින බවත්” මහජනතාවට දැනුම් දෙති. ජනතා තීරණයක් අනුව අධිකාරම්වරුන්ගෙන් සුදුස්සකු රජකමට තෝරා ගෙන ඒ බව ද මහජනතාවට දැනුම් දෙනු ලැබේ. එම නම සභා සම්මත වූවාට පසු රජතුමන් මියගිය බව ඉතාම සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ.
 
 අනතුරුව දියවඩන නිලමේ නව රජතුමන් සුවඳ පැනින් නෑවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරයි. ස්නානයෙන් පසු සළුවඩන නිලමේ රජතුමන්ට සළුපිළි අන්දවා හැඩ වැඩගැන්වීමේ රාජකාරි කටයුතු කරයි. ඔවුහු නවක රජතුමන් රන්දෝලියක තබා ගෙන රාජාභිමානයෙන් යුතුව රජ මාලිගාවට මහත් හරසර මැදින් වැඩමවාගෙන යති.
 
 රාජ්‍ය පදප‍්‍රාප්ත වූ අභිනව රජතුමන් මාලිගාවට ගොස් ශ‍්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනිති. පසුව සුභ මොහොතින් පත්තිරිප්පුවට පැමිණ කිසිවකුට දර්ශනය නොවන පරිදි තිරයකට මුවා වී අසුන් ගනිති. එම අවස්ථාව වනවිට පංචතුර්ය නාද පැවැත්වීම හා වෙඩිමුර පවත්වා එතුමාණන්ට මහත්සේ හරසර දැක්වීම මහජනතාව විසින් සිදුකරනු ලැබේ.
 
 මෙහිදී මහරජතුමාණන් බැහැදකින මහ අධිකාරම්වරු” දිසාවේවරු” රටේ මහත්වරු මොහොට්ටාලවරු” කෝරාළවරු” අතුකෝරාළේ මුහන්දිරම්” කන්කානි” ලියනරාළ හා උසස්රාළ වැනි නිලධරයෝ නව රාජ්‍ය උත්සවය අවසන් කොට අසනීපයෙන් පසුවූවා යැයි ප‍්‍රකාශිත රජතුමන් මරණයට පත් වූ වග යළිදු ප‍්‍රසිද්ධියේ සහතික කොට ප‍්‍රකාශ කරති. එය ද පවසනුයේ විශේෂ චාරිත‍්‍රයකට යටත්වය.
 
 මඟුල් මඬුව තුළ කුඩා කඩුවක් සිටවයි. ඊ මත වී පෑලක් ගොඩ ගසයි. එහි මුදුනත පස්ලෝ බඳුනක් තබයි. එය යකඩ පිඟානකින් වසයි. බෙර වයන්නෙක් ඒ මත සිටගනියි. ඔහු ශෝකය ජනිත වන පරිදි බෙරය වයයි. එමගින් රජතුමා මියගිය බව ප‍්‍රකාශ කරයි. පස්ලෝ බඳුන හා වී පෑල බෙර වයන්නාට හිමි වෙයි. එපරිද්දෙන් රජතුමන්ගේ මරණය ඇසූ ජනයා මහත් සේ ශෝකාකූල වී හඬා වැළපෙති.
 
 විශේෂ මණ්ඩපයක් තුළදී මහජන ගෞරවයට පාත‍්‍ර වූ රාජකීය දේහය දින කීපයකින් පසු ආදාහනය කිරීම සඳහා ගෙනයෑම ද අතිශයින් ම අපූර්වජනකය.
 
 රාජකීය දේහය රන් දෙණක තබා ගෙන ආදාහන කටයුතු සඳහා සාදන ලද අස්ගිරියේ විශේෂ මණ්ඩපය වෙත ගෙන යනු ලැබේ. එම ආදාහන පෙරහැරේ දෙණ භාරව රදලවරු” කුමාරිහාමිලා හා දූ දරුවෝ ගමන් කරති. දෙණ අසලින් විළඳ ඉසිමින් විලාප ගී ගයන කාන්තාවෝ දෙදෙනෙක් වෙති. සෙසු සියල්ලෝම සුදුවතින් සැරසී
 
 අස්ගිරිය ආදාහන මළුව කරා පියවර තබති.
 
 චිතකය අසල විශේෂ මණ්ඩපයේ දේහය තැබීමෙන් පසු බෞද්ධ භික්‍ෂූහු ආගමික වතාවත් පවත්වති. පසුව ශ‍්‍රී දේහය චිතකයට ඇතුළු කළ කල්හි කිට්ටුවර ඥාතියකු විසින් සෑයට ගිනි දල්වයි. ගෞරවනීය ලෙසින් දේහය ආදාහන කිරීමෙන් පසු ආදාහන කටයුතු ඉතා හොඳින් ඉටුකළ බව දන්වා අභිනව රජතුමාට සියලූම පුවත් සැලකර සිටීම ද විශේෂ ගෞරවාන්විත චාරිත‍්‍රයකි.
 
 පසුදා රදලවරු ආදාහන මළුව කරා ගොස් තවදුරටත් ගිනි අඟුරු ඇත්නම් කිරි හා පොල් වතුර ඉස නිවා දමා භෂ්මාවශේෂ එකතු කර ගනිති. ඒවා තමන් ගෙනගිය පුවක් හා බුලත් සමග වළ දමති. ඉතිරි වූ ඇටකටු මැටි බඳුනක තබා රාජ නිලධාරීන් හා රදලවරුන් සමග කළුවතින් සැරසුණු අයකු ඒවා මහවැලි ගගේ
 
 කටුගස්පළ තොටුපළ ගෙන යනු ලැබේ. ඇටකටු බඳුන කඩුවෙන් ගසා බිඳ දමා එගොඩට පීනාගෙන යයි. මෙහිදී ඇති විශේෂත්වය නම් එගොඩට පීනා ගිය තැනැත්තා යළිදු කිසිදාක මෙගොඩට නොඒමයි. ඔහු මිය යන තෙක්ම එගොඩම ජීවත් විය යුතුය.
 
 එගොඩ ජීවත් වන ඔහුට ජීවත්වීමට අදාළ වන සියලූම දෑ සපයනු ලැබේ. චිරාත් කාලයක් එගම වාසීන් සමග සුහදව ජීවත්වීමට අවශ්‍ය සියලූම වරප‍්‍රසාද ඔහුට හිමිවන්නේය.
 
 
 
 විමල් බී. ලියනගේ
 
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles