Divaina - අතීත-වර්තමාන සතුරන් අල්ලගන්න හැදූ ඵෙතිහාසික අල්ල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

atheethaa


 
* කොට්ටියාර්පත්තුවේ අල්ල ගොවි ජනපදයේ තොරතුරු


atheetha2ගොවි ජනපද පිහිටුවීමේ එකල රාජ්‍ය ප‍්‍රතිපත්තිය යටතේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට අයත් අල්ලේ ගොවි ජනපදය ආරම්භකර ඇත්තේ 1952 වසරේදී පමණ ය. මහවැලි ගඟ මුතූර් ප‍්‍රදේශයේදී මුහුදට වැටීමට පෙර සැතපුම් 20 කට පමණ ඉහතදී කෙටස් දෙකකට බෙදී යයි. එයින් එක් ශාඛාවක් මාවිල්ආරු ප‍්‍රදේශය පසුකොට වෙරුගල් හරහා ගලා ගොස් ලංකා පටුනෙන් (හේමමාලා - දන්ත දෙපළ දළදා වහන්සේ රැගෙන ගොඩබට සේ සැලකෙන ස්ථානය) මුහුදට එක්වෙයි. අනෙක් ශාඛාව අල්ල කන්තලේ පාලම යටින් ගලා ගොස් මුතූර් පොලිස් ස්ථානය අසලින් මුහුදට වැටෙයි.

මෙම ශාඛා දෙකට මැදිව පවතින ති‍්‍රකෝණාකාර හැඩයකින් යුත් වර්ග කි. මී. 655 ක පමණ ඩෙල්ටාව අල්ල ගොවිජනපදය ලෙස ලංකා සිතියමේ දැක්වෙයි.

අතීතයේදී කාවන්තිස්ස රජතුමා විසින්” සේරුනුවර සිව” ලෝණ නුවර මහානාම” සෝමනුවර අභය යන තුන් රජවරුන්ගේ ද සහාය ඇතිව කොටසර දනව්වේ තිස්ස මහා විහාරය නම් වූ බුදුරජුන්ගේ ලලාට ධාතූන් හා කේශ ධාතූන් නිදන් කොට සාදන ලද මංගල මහා සෑය පිහිටා ඇත්තේද” රුවන්වැලි මහා සෑය සෑදීමට තඹ ගෙන ගිය සහ සුුරනිමල යෝධයාගේ ජාත භූමිය වූ තඹවිට ගම පිහිටා ඇත්තේ ද. අක්කර දහස් ගණනක් පුරා පැතිරි සේරුවිල ඓතිහාසික මහාවිල පිහිටා ඇත්තේ ද” එසේම කුංජිපාදමෙලෙ සුබ‍්‍රමානියම් නමින් හඳුන්වන පැරණිම ශිව කෝවිල පිහිටා ඇත්තේ ද අල්ල ගොවිජනපදය තුළ ය.atheetha1

තවද වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට ජන ජීවිතය භීතියට පත් කළ ප‍්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සමූල ඝාතනයට ලක්වූ යුද්ධයට මූලික වූ මාවිල්ආරු සොරොව්ව පිිහිටා ඇත්තේ ද” එකල ඛගඔගඔගෑග නැගෙනහිර සන්නද්ධ නායක ස්වර්ණාම්ගේ ආරක්‍ෂිත ස්වර්ණම් බේස් ත‍්‍රස්ත කඳවුර පිහිටා තිබුණේ ද (2007.01.06 දින ආරක්‍ෂක හමුදාව විසින් කි. ග‍්‍රෑම් 1000 ක බලවත් බෝම්බයක් යොදා විනාශ කළ) අතීතයේදී ‘කොටසර දනව්ව. ලෙස හැඳින්වූ අල්ල ගොවි ජනපදය තුළය.

එසේම ශී‍්‍ර ලංකා භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 1921 දී සේරුවිල ප‍්‍රදේශයේ සිදු කරන ලද විද්‍යාත්මක සමීක්‍ෂණයේදී හෙළි කර ගන්නා ලද්දේ එම භූමියේ අඩි 200 ක් පමණ ගැඹුරෙහි ඉතා වටිනා මැග්නටයිට් තඹ ටොන් මිලියන 7 ක් පමණ නිධිගතව පවතින බවයි.

අල්ල ගොවි ජනපදය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 කට වෙන් කර ඇත. ඒ සේරුවිල” මුතූර් හා ඊච්චලම්පත්තු වශයෙන් ජාතීන් 3 කට අයති වන ආකාරයටය.

සේරුවිල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ සිංහල ජනයා ජීවත් වන ගම් ලෙස සේරුවිල කාවන්තිස්සපුර (බ්ලොක්සී) මහින්දපුර” සේරුනුවර” මහවැලිගම” සෝමපුර” කල්ලාර්” සිරිමංගලපුර” නීලපොල” දෙහිවත්ත ගම් දැක්විය හැකි ය. ද්‍රවිඩ ජනයා වෙසෙන ගම් ලෙස කිලිවෙඞ්ඩි” ඊච්චලම්පත්තුව”

මේන්ගම” වෙරුගල්” චාල්තෝට්ටන්” ඉලංගතුරේ” උප්පුරල්” පූනගර්” කරකමුනේ යන ගම් සඳහන් කළ හැකිය. මුතුර්” තෝප්පුර් සෙල්වනගර්” සාපිනගර් යන නගර හා ගම්වල මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කරති.

atheethA3කාලිංග මාඝ විසින් පොළොන්නරුව රාජධානිය ආක‍්‍රමණය කිරීමෙන් පසු ජනශූන්‍යව වල්බිහිව ගිය කොටසර දනව්ව හෙවත් වත්මන් කොට්ටියාරම් පත්තුව නැවත ජනාවාස වී ගොවිතැනින් සශී‍්‍රක වූයේ අති පුජ්‍ය දඹගස්ආරේ ශී‍්‍ර සුමේධංකර මාහිමිපාණන් වහන්සේ විසින් 1921 දී පමණ සේරුවිලට වැඩමවා මංගල මහා සෑය සොයා ප‍්‍රතිසංස්කරණය කිරීමත්” 1952 දී පමණ ‘‘අල්ල ගොවිජනපද ව්‍යාපාරය.. ආරම්භවීමත් නිසා බව කිව හැකිය.

ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල සිට අල්ලට” එසේත් නැතිනම් සේරුවිලට යෑමට මාර්ග දෙකක් ඇත. ඒ සඳහා වන පහසු ගොඩබිම් මාර්ගය වන්නේ කන්තලේ සිට මහවැලි පාලම සිත්තාරු හරහා සැතපුම් 32 ක් පමණ වූ වනය හරහා ද වැටී ඇති මාර්ගයයි. අනෙක් මාර්ගය වන්නේ කන්තලේ කින්නියා පාලම මුතූර් හරහා දිගු දුරක් ඇති මාර්ගයයි.

කන්තලේ සිට මහවැලි පාලම හරහා සේරුවිල පූජා නගරය දක්වා දිවෙන මාර්ගයේ සැතපුම් 10 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනතුරුත් අලි” කොටි” වලසුන් සහිත ඝන කැලෑවෙන් වැසී පවතී. ඒ කැලෑව දෙපස අඩියක් පාසා පැරණි ජනාවාස සිහි ගන්වන ගඩොල් කැට” වළං කැබැලිවලින් පිරී පවතින බව අදත් දැකගත හැකිය. මේ කැලෑවේ තිබී සොයාගත් සෙල් පිළිම ලොකු කුඩා වශයෙන් රාශියකි. නීල පොල ගමේ විහාරයේ අදත් දැක ගත හැකි විසල් සෙල් සමාධි ප‍්‍රතිමාව සොයා ගන්නා ලද්දේ ද මෙම සිත්තාරු මාවිල්ආරු වනාන්තරයේ නටබුන් අතර සැඟවී තිබියදීය. මෙම ප‍්‍රදේශයේ කෝටියක් ආරාම තිබූ නිසා කොට්ටියාරම් පත්තුව යන නම භාවිතයට පැමිණ ඇති බව පොත පතේ සඳහන්ව ඇත.

නටබුන් වු ලොකු කුඩා බෞද්ධ සිද්ධස්ථාන” දාගැබ්” ගරා වැටී පසට යට වෙමින් පතින ගල්කණු” මල්ආසන” පිළිම කැබලි” වළං කටු” ගඩොල් කැබලි එම ඝන කැලෑව විසින් ලෝකයට හොරෙන් සඟවා ගෙන සිටින බව එකී වනයේ ඈතට ඇවිද යන විට කෙනකුට දැක ගතහැකි වෙයි. එහි බොහෝ ස්ථාන නිදන් සොරුන් විසින් හාරා ඇත්තේ ය. මාවිල්ආරු වනයේ සිට සෝමාවති පුද බිම දක්වා පැතිරී ඇති මහ වනයේ සැඟවී පවතින පුදබිම් පිළිබඳව මේ දක්වාම විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් සිදුවී නැති බව නම් පැහැදිලිය. මන්ද 2009 ට පෙර දශක 3 ක පමණ කාලයක් රුදුරු කොටි ත‍්‍රස්තයන්ගේ ග‍්‍රහණයට මේ බිම හසුව තිබීමද නිසාය.

අල්ල ජනපද ව්‍යාපාරය ලංකා භූමිය තුළ පිහිටා තිබුණද වෙනම වූ දේශයක ගති ලක්‍ෂණ ද එහි දැක ගත හැකිය. දෙපසකින්ම මහවැලි ගඟ ගලා යමින් ලංකාවේ පොදු භූමියෙන් වෙන් කොට මෙන් පිහිටා ඇති නිසාත් අනෙක් සීමාව මුහුදෙන් අවසන් වන නිසාත් වෙනම දේශයක භූමි ලක්‍ෂණ දැක ගත හැකි වෙයි. එසේම එම ප‍්‍රදේශයට පමණක් පොදුවූ සමාජ” සංස්කෘතික” ආර්ථිකමය හා දේශපාලනික ලක්‍ෂණ ද දැකගත හැකිවනු ඇත. විශේෂිතම කාරණයක් වන්නේ රාජ්‍ය පොදු පාලන කටයුතුවලදී 2009 පමණ කාලය දක්වාම මෙම ප‍්‍රදේශය අමතකව තිබීමයි.

සේරුනුවර නගරයේ සිට සැතපුම් 12 ක් පමණ දුරකින් පිහිටා ඇති මුතූර් නගරය දක්වා එකදු සිනමා ශාලාවක්” පොදු කී‍්‍රඩා පිටියක්” නගර ශාලාවක් අදත් දැකගත නොහැකිය. රටේ වෙනත් ප‍්‍රදේශවල දැකගත හැකි නාට්‍ය සංදර්ශනයක්” චිත‍්‍රපට දැක්මක්” සංගීත සංදර්ශනයක් සේරුවිල ජනයාට අද දක්වාම අකැප වී ඇත්තේ යැයි කිව හැකිය.

රජයේ සැලකියයුතු නිල දරුවකු හෝ නියෝජිතයකු මේ ප‍්‍රදේශයට පැමිණෙන්නේ කලාතුරකිනි. මැතිවරණ කාලයට දෙන අනන්ත පොරොන්දුවලට පසු දේශපාලන නායකයකු ඒ පෙදෙසින් සොයාගැනීම නම් ඉතා අසීරු කරුණකි.

ලංකා පොදු භූමියෙන් වෙන්ව මෙන් හුදකලාව වනයෙන්” මහවැලි ගෙඟන්” මුහුදෙන් සීමා වූ මෙම ප‍්‍රදේශයේ වසර ගණනාවක් ජීවත් වූ මා වෙත එම ප‍්‍රදේශය සහ එහි වෙසෙන මිනිසුන්” ගහකොළ සතා සීපාවා පිළිබඳව ඇත්තේ විසල් අත්දැකීම් සමුදායකි.

1985 කාලයට පෙර සේරුවිල ජන ජීවිතයේ පැවැත්ම දුටු මම ඉන්පසුව හදිසියේම එළැඹි මුළු සේරුවිලම ජනශූන්‍ය තත්ත්වයට පත් කළ වියරු කොටි ත‍්‍රස්ත භීෂණය ද එහි අමානුෂික අත්දැකීම්ද මනාව දුටුවෙමි. පසක් කළෙමි.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ රඹුක්කන වැනි සුන්දර ගම් පෙදෙසක බිහිව” කුමක්දෝ දෛව හේතුවක් නිසා වසර 20 ක පමණ කාලයක් සේරුවිල ප‍්‍රදේශයේ ජීවත් වූ මා එහි වෙසෙන මිනිසුන්ගේ දහසක් දුක් වේදනා සහ විශේෂිත ප‍්‍රාථමික ජීවන රටාවද මනාව ඇසුවෙමි” දුටුවෙමි. මනුෂ්‍යයන් ලෙස ඔවුන් ලැබූ ඵලයන්ද නොලැබූ අහිමිවූ ඵලයන් ද අත්දකින ලද්දෙමි.

සේරුවිල ප‍්‍රදේශයෙන් ඈත්ව සිටින මෙකල” සේරුවිල ජනයා හා සබැඳි ඒ අතීත තොරතුරු සමහර විශේෂිත තොරතුරු පිළිබඳව ලෝකයට කියන්නට මට දැන් සිතෙයි. කවුරුන් හෝ එසේ නොකීවොත්” නොලීවොත් ඒ අතීතය ලෝකයෙන් සදහටම සැඟව යනු ඇති. එමෙන්ම එදා මා ඔවුන් හා ජීවත්වෙමින් මා ලද පුළුල් ජීවිතාවබෝධයට මඳ වශයෙන් හෝ ණය ගෙවීමක් එසේ කීමෙන් සිදුවෙතැයි මම කල්පනා කරමි. වී ගොවිතැන ජීවනෝපාය කොට ගෙන පස සමඟම ගැටෙමින් ජීවන අරගලයක නිරතව සිටින ඔවුන් මම දයාවෙන් සිහිපත් කරමි.

මිනිසුන් සේ මෙලොව ජීවිතය ලද්දේ වුවත් මිනිසුන් විසින් ලැබිය යුතු බොහෝ දේ ඔවුන්ගේ ජීවිතවලට නොලැබිණි. නිවසෙන් කුඹුරටත්” කුඹුරෙන් නැවත නිවසටත් ඒකාකාරී වූ ජීවන රටාවක් ඔවුන්ට උරුම වී තිබුණේ යැයි කිව හැකිය. වින්දනාත්මක මෘදු මානුෂීය දේවල්වලට ඔවුන්ට කාලයක් නොතිබුණේය. ධර්ම දේශන” නාට්‍ය” සංගීතය” පොතපත” අධ්‍යාත්මය ගොඩනඟන අංග

ඔවුන්ගේ ලෝකයේ බැහැර වූ අංගයන් වූ අතර එහි පවත්නා අඩු පහසුකම් සහිත පාසල් තුළින් උසස් අධ්‍යාපනය කරා යොමුවන පිරිස ඉතා සීමිත හෝ නොමැති තරම් විය.

සේරුවිල අල්ල ගොවිජනපදය වටාම වැඩුණු භෞතික වනයක් මෙන්ම”

ඔවුන්ගේ මනස් සංවර්ධනයට බාධා කළ ආධ්‍යාත්මික වනයක්ද වැවී තිබිණැයි මම සිතමි. මිනිස් අධ්‍යාත්මයන් අඳුරින් වසනු ලබන මේ මානසික වනය දිනෙන් දින වඩාත් පුළුල්ව වැඩෙනු විනා එහි නැවතීමක් නම් අදත් දැක ගත නොහැකි වී ඇත. සමහර විට මේ තත්ත්වය සේරුවිල වැනි දුෂ්කර ප‍්‍රදේශයක පමණක් නොව සමස්ත ලංකාවේද වත්මන් තත්ත්වය බව කෙනකුට සිතෙනු ද විය හැකිය.

සේරුවිල පෙදෙසෙහි මා ජීවත් වූ ඒ අතීතයේ ලැබූ අත්දැකීම් සුන්දර වූවා මෙන්ම අසුන්දර හා බිහිසුණු වූ අත්දැකීම් ද බොහෝ ය. එදා මා සමඟ සිටි බොහෝ දෙනෙක් අද වනවිට ජීවිත හැර ගොස් ය. හේතුඵල වාදීව ගොඩනැඟුණු කුරිරු ම්ලේච්ඡ සංහාරයකට හසුව ඔවුන් බොහෝ දෙනකු මියගිය අතර” තවත් බොහෝ දෙනකු ප‍්‍රදේශය හැරගියෝය. තවත් අය ප‍්‍රදේශයේ බහුලව පවතින මත්පැන් පානය නිසා අකලට මරු වැලඳ ගත්තෝය.

කුරිරු වියරු ත‍්‍රස්තවාදය නිසා 1985 න් පසු කාලය සේරුවිල ජන ජීවිතය උඩු යටිකුරු කළ ද ඉන් පෙර කාලය සේරුවිල ජන ජීවිතය සොබා දහමට සමීපව සිංහල” දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජාතීන් එකමුතුව එක්සිත්ව තම තමන්ගේ සංස්කෘතීන්ට අනන්‍ය වූ ලක්‍ෂණ ද රැක ගනිමින් ජීවත්වූ කාලයක් විය.

එහෙත් එකලද සේරුවිල ප‍්‍රදේශයට පමණක් විශේෂිත වූ හුදකලා දමිළ ගම්” ගෝති‍්‍රක දමිළ ජනයා” මුහුදු වැද්දෝ මෙන්ම අහිංසක සිංහල” දමිළ” මුස්ලිම් ජනයා වෙසෙන ගම් රාශියක් ද මවිසින් දැක ඇත්තෙමි. සේරුවිල අතීතය හා සබැඳි ඒ විශේෂිත තොරතුරු” මා දුටු ඇසූ සත්‍ය තොරතුරු ලියා තැබීම සුදුසු බව මම එදා සිතුවෙමි. එමෙන්ම එසේද කළෙමි.

ඒ සියල්ල ඉඩක් ලැබෙන්නේ නම් ඔබට කීමට මම බලා සිටිමි. ඒ තොරතුරු නවකතාවක් හෝ කෙටිකතාවක් මෙන් ඔබට මිහිරි නොවන්නට පිළිවන. එහෙත් ලංකාවෙන් දුරස්ව පිහිටා ඇති ඈත ඩෙල්ටා කොදෙව්වක මීට වසර 30 කට පමණ පෙර සිදුවූ සත්‍ය සිදුවීම් කාලයේ වැල්ලෙන් වැසී නොගොස් ඔබේ ජීවිත පරිඥානය” ජීවන දෘෂ්ටිය පුළුල් කෙරේවායි මම පතමි. කොතැන හෝ ඒවා සිදුවූ සැබෑ සිදුවීම් ය. මනඃකල්පිත දේවල් දසදහසකට වඩා සිදුවූ දේවල් එකක් වුවද අපේ අත්දැකීම් පුළුල් කරනු නිසැක ය. ජීවිත එළියක් ලබාදෙනු නිසැකය.



ඉබ්බාගමුවේ විමලසේන ජයලත්

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles