Divaina - සිත නිවන, නෙත පිනවන වැවුරුකන්නල පිංබිමේ අතීත කතාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


  wewurukannala
 
  * මුල්ගල තියන්න 1200 ක සෙනඟ...
 
  * සැලැස්ම ඇන්දේ පාන්දර දෙකට
 
  * පිළිමේ හදද්දි ඇදගෙන වැටිලා...බුදු පිළිමේ අත් දෙක උඩ රැඳිලා...සීරීමක්වත් නෑ!
 
  wewurukannala1දික්වැල්ල නගරයේ සිට අලූත් පාරේ වැවුරුකන්නල දෙසට ගමන් කරන්නකුට අහස් කුසේ වලාකුළු වියන සිප ගනිමින් සමවත් වූ ශාන්ත සුවයෙන් හා මෛත‍්‍රී සහගත මද සිනහවකින් මුව සරසා ගෙන වැඩ සිටින ඒ මනනන්දනීය රූපකාය දැකගත හැකියි. විසිවන සියවසේ අගභාගයේ සකු” මගධ” හෙළ කවීන් වැනූ සියලූ බුදුගුණ සම්පිණ්ඩනය කර ශ‍්‍රී ලංකාවේ බිහිවූ විස්මයජනක සුවිශේෂී බුදු රුව දකින සැමගේ සිත් සතන් පහන් වී බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ගත සිත පිනා යන බව නම් ඒකාන්තය. දෙස් විදෙස් දනන්ගේ නොමද වන්දනාමානයට ලක්වූ වැවුරුකන්නල සියක් රියන් මහා බුදු පිළිම වහන්සේ පිළිබඳ ඒ හා බැඳුණු අතීත කතාව ද බෙහෙවින් රසවත්ය.
 
මහා පඬි මුනිදාස කුමාරතුංග සූරීන්ගේ ආභාසය ලැබූ පැවිදි පඬිරුවනක් වූ වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙරෙහි විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ දික්වැල්ලේ විමලතිස්ස නාහිමියන්” සිය ගුරුදේවයාණන් වහන්සේ දුටු සැබෑ නොවූ සිහිනයක්” මහ පොළොව මත නිර්මාණය කර සිය ගුරුදේවයාණන් පිදීමක් වශයෙන් මෙම පිළිම වහන්සේ ඉතිහාසයට එකතු වේ.
 
 අවට පොල් ගස් සමූහය ද පරයායමින් සිය රියනක් උසට නුබ ගැබට ඔසවා ඇති මහා පිළිම වහන්සේගේ එක් උරයක සිට අනෙක් උරයට දිග අඩි 46 ක් වන අතර ශ‍්‍රී මුඛයේ දිග අඩි හතයි අඟල් හයකි. පිළිමයේ හිසේ අඟල් 6 ක් පමණ පළල වන සේ නිර්මාණය කර ඇති කෙස් රොද ගණන 360 කි. ජාතක කතා වස්තුව සිතුවමට නඟා ඇති පිළිමයට පිටුපසින් ඉදිකර ඇති අහස් වෙහෙර මුදුනට නැඟ අවට සිසාරා බලන්නකුට බොහෝ ඈතට මනරම් පරිසරය නිරීක්ෂණය කළ හැකිය. wewurukanala2
 
 වැවුරුකන්නල බුදුරජ මහ විහාරය දේශීය සංචාරකයින්ගේ පමණක් නොව විදේශිකයින්ගේ පවා නොමද අවධානයට ලක්වූයේ මෙම පිළිම වහන්සේ නිසා බව නොරහසකි. විමලතිස්ස නාහිමියන්ගෙන් පසු විහාරාධිපති ධුරයට පත් වර්තමාන විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ධුරන්ධර ආචාර්ය දික්වැල්ලේ තිස්ස හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් ස්වර්ණවර්ණ මොසැයික් කැට සවිකොට පිළිම වහන්සේ රන්වන් පැහැයෙන් වර්ණගන්වා යළිත් දීප්තිමත්ව බබළන ආකාරයට සකස් කිරීම 2012 වර්ෂයේදී සිදු වූ දැවැන්ත කාර්යයකි.
 
 දික්වැල්ලේ තිස්ස නාහිමියෝ මෙසේ සිය අතීත මතකය අවදි කළහ. ”බජ්ජම සිරි සද්ධාතිස්ස නායක හිමියන්ට අවශ්‍ය වුණා මේ පින් බිමේ අසූඅට රියන් බුදු පිළිමයක් ඉදි කරන්න. ඒ අනුව 1914 දී ඒ සඳහා අත්තිවාරමක්ද දමනු ලැබුවා. නමුත් එවකට පැවැති යුදමය වාතාවරණය හා
 
 මහජනතාවගේ තිබූ අගහිඟකම් තත්ත්වය මත මෙම කාර්යය සාර්ථක කරගන්න නොහැකි වුණා. පසුව 1928 දී පමණ වෙහෙරහේන විහාරස්ථානයේ අසූඅට රියන් සමාධි බුදු පිළිමයක් ඉදිකිරීම ආරම්භ කළා. මෙම උත්සවයට බජ්ජම නායක හාමුදුරුවොත් සහභාගි වුණා. පසුව අප විමලතිස්ස නායක හිමිපාණෝ අධිෂ්ඨාන පූර්වකව 1966 මාර්තු මාසයේ 06 වැනි දින රියන් සියයක් වූ මෙම බුදු පිළිමයේ කටයුතු ආරම්භ කළා. පසුව වසර දොළහකට පමණ කාලයකට පසු සිය ගුරුදේවයන් වහන්සේ දුටු සිහිනය සඵල කොට ගුරු පූජාවක් සේ පුදන්නට අප නාහිමියෝ සමත් වුණා.
 
 බුදු පිළිමයේ සිරස තුළ අඩි 13 ක් උස” 8 ක් පළල” 11 ක් දිග කුටියක රන් මුතු මැණික් සමග ටොන් පහක් බර තඹ” අඟල් 5 යි 7 පත් ඉරුවල ත‍්‍රිපිටකය ධර්මය සිංහල භාෂාවෙන් 84000 ක්ද පාලි භාෂාවෙන් 84000 ක්ද වනසේ මහා උත්සවාකාරයෙන් තැන්පත් කළා.
 
wewurukanala4මේ වෙලාවේ කියන්න ඕන පිළිමේ නිර්මාණ ශිල්පීන්ට අමතරව මේ සඳහා වෙහෙසුණු ප‍්‍රතිමා කාර්ය සාධක සමිතියේ විදුහල්පතිවරුන් වන ජේ. ඞී. ඒ. කේ. නානායක්කාර” එස්. ජී. නන්දසේන” පියදාස ප‍්‍රදිනන්දිස් මහත්වරු” දික්වැල්ලේ අමරසේන” දෙමටපිටියේ පී. සී. මුතුකුමාරණ පීරිස් බාසුන්නැහේ වගේ දායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් ඉන්නවා.
 
 දහදිය පූජා කරමින් හෝ ඉතා අමාරුවෙන් උපයාගත් කිසියම් මුදලකින් හෝ වචනයනින් හෝ මෙම අසහාය දැවන්ත සත්කාර්යය සඳහා දායක වූ දහස් ගණන් ජනී ජනයා අතරින් විමලතිස්ස
 
 නාහිමියන්ගේ සංකල්පය ගලින් වැලියෙන් සිමෙන්තියෙන් හා ජලයෙන් මිශ‍්‍රකර දහදිය කඳුළු මතින් මහ පොළොව මත ගොඩනඟන්නට වැවුරුකන්නලම උපන් ගුණපාල මුතුකුමාරණ තරුණ කලාකරුවා එදා සමත් විය. ලංකා ඉතිහාසයේ නොමියන සිහිවටනයක් තැබූ මෙම කලාකරුවා අසූ හයවන විය පසුකරමින් දැනට තල්පාවිල ප‍්‍රදේශය සිය නිවහනේ සැඳෑ සමය ගතකරමින් සිටි සූ සැට සකළ කලාවේ නිපුණත්වය ජන්මයෙන්ම ලැබූ ගුණපාල තරුණයා විහාරස්ථානයට ද වැඩවසන සංඝයා වහන්සේ කෙරෙහිද මහත් ඇල්මක් දැක්වීය. ස්ථිර ජීවන වෘත්තියක නොයෙදුණු මෙම
 
 තරුණයාගේ සහජ හැකියාවන් තේරුම්ගත් වැවුරුකන්නල හා වෙහෙරහේන යන විහාරස්ථාන ද්විත්වයේම විහාරාධිපතීන් වහන්සේ විහාරයේ සිතුවම් ඇඳීමේ කාර්යයේ යම් විටෙක මෙම තරුණයා යොදවන්නට කටයුතු කළෝය. ඒ අතර ඉඩ ලැබෙන අවකාශයේ ගමේ පන්සලේ විමලතිස්ස නායක හිමියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන අතරතුර නායක හිමියෝ අසූ අට රියන් බුදු පිළිමයක් ඉදිකිරීමේ කලක සිට පවතින තම අදහස ගුණපාල තරුණයා සමග පැවසූහ.
 
 අපි දැන් ගුණපාල මුතුකුමාරණ  කලාකරුවාගේ හඬට කන් දෙමු.
 
 ”පොත් ගුල ඉස්සරහා නායක හාමුදුරුවන්ගේ කාමරයේ ඉස්තෝප්පුවේ ඉඳන් අපි කතා කරන්නේ ිහාමුදුරුවෝ පුටුව උඩ. මම පිලේ බිම වාඩිවෙලා. වෙහෙරහේනේ හදල තිබුණේ අසූ අට රියන් සමාධි පිළිමයක්. නායක හාමුදුරුවන්ට ඕන වුණේ අසූ අට රියන් සැතපෙන පිළිමයක් ඉදිකරන්න. මම යෝජනා කළා සැතපෙන පිළිමයක් මනාවට දර්ශනය නොවන නිසා සියක් රියන් සමාධි පිළිමයක් හදමු කියලා. හරියට හරි ගුණපාල උන්නැහේ අපි එහෙමම කරමු. හාමුදුරුවෝ ඒ අදහසට ගොඩාක් සතුටු වුණා.
 
 මුවට මද සිනාවක් නඟාගත් ගුණපාල මහතා මොහොතක් නිහඬ වෙමින් අතීතයට ගමන් කරයි. සිරුරෙන් කුඩා මෙම මිනිසා දැවැන්ත නිර්මාණයක් බිහිකළා නොවේ දැයි” මම කල්පනා කළෙමි.
 wewurukanala3
 දැන් කොහොමද පිළිමේ වැඬේ කෙරෙන්නේ ගුණපාලට පුළුවන්ද වැඬේ කරන්න. නායක හාමුදුරුවෝ අහනවා. හාමුදුරුවෝ මගේ කලා හැකියාවන් ගැන දැනගෙන හිටියේ” පිළිමයක් හදනවා තියා මේසන් හැන්දක් අතින් අල්ලල නැති මම මේ අභියෝගය භාර ගන්නවද” මම ටිකක් වෙලා කල්පනා කළා. භාරගත් ඕනෑම දෙයක් හරියටම කරල අවසන් කිරීමේ අධිෂ්ඨානය පුංචි කාලේ ඉඳල මට තිබුණා.
 
 ඔව්... හාමුරුවනේ” මම පිළිමේ හදන්නම්.
 
 හැබැයි පුතෝ මේක ලෙහෙසි වැඩක් නෙවෙයි. බෙෙහොම බැ?රුම් වගකීමක්. වැඬේ හරියට කෙරෙන්න ඕන...
 
 මම හාමුදුරුවන්ට වැඳලා මිදුලට ආවා. මගේ ඔඵව උඩින් ගලක් තිව්ව වගේ. මම දසඅතේ කල්පනා කරනවා. ඔව් මට පුඵවන් පිළිමේ හදන්න. මම ඒක කරනවා.
 
 ලෝකයේ උසම බුදු පිළිමය සේ සැලකෙන මෙම ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ ඓතිහාසික කාර්යය එසේ ආරම්භ වී ඇත. පිළිමයක් නිර්මාණය කිරීමේ පළපුරුද්දක් නොමැති තරුණයකුට මෙම කටයුත්ත පැවරීම පිළිබඳව එදා දායක සභාවේ කටයුතු කළ ගමේ ප‍්‍රභූවරුනට යම් ගැටලූවක් තිබුණද දැවැන්ත පෞර්ෂත්වයකින් හා සෘජුව තීරණ ගැනීමේ සක්‍යතාවයකිත් හෙබි විමලතිස්ස නායක හිමියන් ඉදිරියේ නිහඬව සිටීමට ඔවුන්ට සිදුවිය. එහෙත් බුද්ධි බලමහිමයෙන් අනූන නායක හිමියන් කිසිදා වැරදි තීරණයක් නොගන්නා බව ඔවුහු විශ්වාස කළෝය.
 
 ”නායක හාමුදුරුවොන්ට මගේ කලා හැකියාවන් හා අධිෂ්ඨානය පිළිබඳව ලොකු විශ්වාසයක් වගේම දැනීමක් තිබුණා. ඒ වගේම හාමුදුරුවෝ ආරම්භ කළ කිසිම දෙයක් අසාර්ථක වෙලා තිබුණේ නෑ. පිළිමය ඉදිකරන ස්ථානයේ බිම සකස් කර ආසනය ද බැඳි අවසානයේ ගැටලූවක් මතු වූ ගැටලූවක් පිළිබඳව ඔහු මෙසේ විස්තර කළේය.
 
 පුද්ගලයින් දහසක් ලවා මුල් ගල් දහසක් තියන්න හාමුදුරුවන්ට උවමනා වුණේ. දැන් ආසනය උඩ පුද්ගලයින් දහසක් නංවලා මේ වැඬේ කරන්න සැලැස්මක් අවශ්‍යයි. ඒ කටයුත්තත් හාමුදුරුවෝ මට භාර කළා. ඒක බැ?රුම් කටයුත්තක්. බුදු ගේ අයිනේ මට කාමරයක් දීලා තිබුණා. මම එදා ? ගෙදර ගියෙත් නැතිව කාමරයේ ඇඳටවෙලා සැලැස්ම ගැන කල්පනා කරනවා. මට එහෙමම නින්ද ගියා. මහ ? 2.00 ට විතර මට එක පාරටම හීනෙන් වගේ ඇහැරුණේ. පුදුමේ කියන්නේ අර සැලැස්මත් එක්ක මම ඇඳෙන් නැඟිටලා එතැන තිබුණ හුණු කැබැල්ලකින් ඒ සැලැස්ම සිමෙන්ති පොළොවේ ඇන්දා.
 
 උදයේ අවදි වුණු ගුණපාල මහතා 1500කට වුවත් මුල්ගල් තැබිය හැකි එම සැලැස්ම කඩදාසියක ඇඳ නායක හාමුදුරුවන් බැහැදැක පිළිගන්වා ඇත.
 
 නායක හාමුදුරුවනේ අර සැලැස්ම” හාමුදුරුවෝ ගත් කටටම මෙහෙම කිව්වා. අහස පොළොව
 
 ගැටගහන්න වගේ ඊයේ කල්පනා කරපු වැඩක් මෙන්න මූ නිදාගෙන ඉඳල ඇවිල්ල නන්දොඩවනවා වගේ මොකක්ද කෙරුවේ කියලා ඒක වීසි කළා. මම ආයේමත් ඒක ඇහිඳගෙන ආවා. මම දන්න විදියට ඒ කටයුත්ත කළා. ඔබවහන්සේ ඒ කිසි දෙයක් බලන්නේ නැතිව ඒක විසි කළා.
 
 හාමුදුරුවනේ මට හරි දුකයි. නාහිමියෝ අනතුරුව එය සංසුන්ව අධ්‍යයනය කර සිනහමුසු මුහුණින් යුතුව එය සතුටින් පිළිගැනීම ගුණපාල මහතාගේ ප‍්‍රමෝදයට හේතුවිය.
 
 එදා 1966 මාර්තු 06 වැනි දා හවස 06.05 ට විතර 1200 දෙනෙක් ඒ සැලැස්මට අනුව එකවිට මුල් ගල් තිබ්බා. දැන් මිනිස්සු තියපු ගල් පිළිවෙළ නැතිව තරමක් ඇදවෙලා තියෙනවා. දහසක් පැතුම් පොදි බැඳගෙන ආපු මිනිස්සු මේ මුල් ගල් තිබ්බේ.
 
 ඒ ප‍්‍රාර්ථනාවේ බලමහිමය මෙහි ගැබ්වෙලා තියෙනවා. ඒ නිසා අපි වෙනස් නොකර ඒ විදියටම තියෙන්න හරිමු. මගේ කීම අනුමත වුණා. එක ගලක් වෙනස් කළේ නෑ.
 
 මම සතියක් හමාරක් මහන්සි වෙලා ඇඳපු අඩි පනහක් උස පිළිමේ වැඩ අවසන් කළාම පෙනෙන විදියට ඇඳපු එදා මුල්ගල් තිව්ව දවසේ ප‍්‍රදර්ශනය කළ චිත‍්‍රය තමයි පිළිමේ සැලැස්ම.
 
 දික්වැල්ල උතුර මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨය දක්වා අධ්‍යාපනය ලැබූ ගුණපාල මහතා විවාහයත් සමග තල්පාවිල ප‍්‍රදේශයේ පදිංචි වී ඇත. ඔහුගේ එකම දියණිය දැනට මාතර අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් ලෙස සේවය කරයි.
 
 මම පිළිමයක් හදලා තියා මේසන් හැන්දක් අල්ලවත් තිබුණේ නෑ. ජ්‍යෙෂ්ඨය සමත් නිසා මට ඒ කාලේ ගුරු වෘත්තියට යන්න අවස්ථාවක් තිබුණා. නමුත් මේ කටයුත්තේ වැදගත්කම නිසාම සියල්ල කැප කරලා මට ඕන උනේ ඒක හරියට කරන්න.
 
 වෙහෙරහේනේ පන්සලේ චිත‍්‍ර වැඩ කරනකොට සමහර වෙලාවට පන්සලේ පිළිමේ වැඩ කරනවා මම පැත්තකට වෙලා බලන් ඉන්නවා. මටත් හිතුණා මේ වගේ පිළිමයක් හදන්න පුළුවන් නම් කියලා.
 
 පිළිමේ වැඩ කරන්න උදව් කළ අය බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ බිරිඳ මට මතක් වෙනවා. මම තල්පාවිල ඉඳල අවුරුදු 12 ක් පිළිම හදන කාලය තුළ මට දවල්ට කෑම අරගෙන එන්නේ මට උදෙන්ම නැඟිටලා කෑම උයල දීලා එයා මම වගේම ජීවිතේ හැම දෙයක්ද කැප කළා. මුල ඉඳලම අවසානය දක්වා මේ කටයුතු කරපු නන්දසේන ගැන කියන්න ඕන. මම කිව්වොත් නන්දසේන ඒක කළා. බයවෙලා පස්සට යන්නේ එහෙම නෑ. කිව්ව දේ ඒ විදියටම කරන්න එයාට හැකියාව තිබුණා.
 
 මිනිහා හොඳම සහායකයා කියල කිව්වොත් හරි. ගුණපාල අයියා උඩ බලාගෙන පන්සලේ තොරණ යටින් එනවා. එක අතක කුුඩය අනිත් අතේ ගෙදරින් ගේන බත් පාර්සලේ. වෙනදා අපිත් එක්ක කතාකරල හිනාවෙලා යන මනුස්සයා කෙලින්ම පිළිමේ දිහා බලාගෙන වේගයෙන් ඒ පැත්තට යනවා. පොඞ්ඩක් දුර ගියා. කුඬේ විසි කළා. බත් පාර්සලේ විසි කළා. දැන් අපිත් පස්සෙන් යනවා. බුදු පිළිමේ ළඟට ගිහින් උඩ බලාගෙන ඉන්නවා. මොහොතකින් අපි ඉස්සරහට හිනාවීගෙන ආවා. අර බලපන් පිළිමේ පපුවේ හරියේ මකුඵ දැලක් බැඳලා. එක පාරටම මම දැක්කේ පිළිමේ පැල්මක් ගිහිල්ල කියලා. එහෙම උනානම් මගේ ජීවිතේ අවසානේත් අද තමයි. ඒකට පිළිමේ මුදුනට නඟින්නයි මම ආවේ.
 
 වැවුරුකන්නල අසමසම මහ බුදු පිළිමය නිර්මාණය කළ ගුණපාල මුතුකුමාරණ කලා ශිල්පියාගේ ජීවිතයේ හැත්තෑව දශකයේ අවසන් භාගයේ දිනෙක පිළිමයේ කටයුතු අවසන් වෙමින් පැවැති වකවානුවක සිදු වූ සිදුවීමක් පිළිබඳව එසේ ආවර්ජනය කළේ. පිළිමය ඉදිකළ දොළොස් වසරක කාලය පුරා සෙවනැල්ල ලෙස සිටිමින් ඔහුගේ ප‍්‍රධාන සහායක ශිල්පියා වූ වැවුරුකන්නල පදිංචි ලංකා මුල්ලගේ නන්දසේන මහතාය.
 
 ගුණපාල අයියගේ ජීවිතයයි” පිළිමෙයි දෙකක් නොවෙයි එකක්. ඔහු මුළු ජීවිතේම පිළිමේ වෙනුවෙන් කැප කරලයි තිබුණේ.
 
 ලංකා මුල්ලගේ නන්දසේන කලා ශිල්පියා දැනට 76 වන වියේ පසු වූවත් තවමත් මූර්ති නෙළීම ආදි විවිධ කලා කටයුතුවල නිරත වෙයි. වැවුරුකන්නලම පදිංචි ඒ මහතාට මෙම ඓතිහාසික කටයුත්තට දායක වීමට ලැබීම පිළිබඳව ඇත්තේ නිහතමානි ආඩම්බරයකි. සතුටකි. ”පිළිමේ වැඩ පටන්ගන්නකොට මට 22 යි. ගුණපාල අයියාට 34 යි. ගුණපාල අයියා සහජයෙන් ගෙනා පුදුම කලා හැකියාවක් ඇති පුද්ගලයෙක්. යම් දෙයක් එක වාරයක් බලන් ඉඳලා ඒ දේ කරන්න හැකියාව තිබුණා. වැවුරුකන්නල පන්සලේ පිට මාලයේ පිළිම සියල්ලේ නේත‍්‍ර තැබුවේ ගුණපාල අයියා.
 
 පිළිමේ 1200ක් මුල්ගල් තබන සැලැස්ම ඇඳලා දෙන්න කියලා ගමේ ප‍්‍රභූන් කිහිපදෙනකුට නායක හාමුදුරුවෝ කියලා තිබුණත් සති කිහිපයක් ගියත් වැඬේ නෙකෛරෙන කොට ගුණපාල අයියා එක රැයින් ඒක ඇඳලා හාමුදුරුවන්ට දුන්නා.
 
 ඊට පස්සේ තමයි හාමුදුරුවෝ ගුණපාල මාස්ටර් කියලා කියන්න පටන්ගත්තේ.
 
 ‘මට මතකයි මහ පිළිමයේ නේත‍්‍ර තැබුවේ 1970 අවුරුද්දේ සිංහල අවුරුදු නැකතට. ගුණපාල අයියයි මමයි” නන්දියස් බාසුන්නැහේත් පලංචි මත නැඟල පෙට්ට්‍රෝල් ලාම්පු එළියෙන් වැවුරුකන්නල පන්සල් භූමියේ තිබෙන අනුහස් බලයෙන් ඕනෑම දෙයක් සාර්ථක වෙනවා.
 
 පිළිමය ඉදිකරමින් සිටි සමයේ සිදු වූ හාස්කමක් වැනි සිදුවීමක් පිළිබඳ නන්දසේන මහතා මෙසේ පැවසීය.
 
 ‘මට මතකයි දවසක් පිළිමේ සිරසේ වැඩ කරන කාලේ පුදුම හාස්කම් සහිත දෙයක් වුණා. මමයි ගුණපාල අයියයි පලංචි උඩ ඉඳන් වැඩ. මම එහාට මෙහාට වෙද්දි එක පාරටම පය ලිස්සලා බිමට වැටුණා. අඩි ගණනාවක් පහළට මම වැටුණේ. බුදු පිළිමේ අත්දෙක උඩට. පුදුමය කියන්නේ මට සීරීමක්වත් නෑ.
 
 අපි දහස් ගණනක් පිඟන් ගඩොල් කැබලි අල්ලලා කිසිම හිඩැසක් නැතිව පිළිමේ සකස් කළා. අපි කවදාවත් පන්සලෙන් බත් කෑවේ නෑ. ලොකු දේවල් බලාපොරොත්තු වුණෙත් නෑ. ඒ කාලේ කැපවීම් කළ කිහිපදෙනකු මතක් කරන්න ඕන. කොර්නේලිස් බාසුන්නැහේ” ආර්නිස් බාසුන්නැහේ. නන්දියස් මුතුකුමාරණ සෝමපාල ඕවර්සියර් මහත්තයා” එම්. පී. ජී. සරදියස්” ලැන්ටි සිල්වා” නන්දියස් ර්‍ණ විජේපාල වගේ සියලූම ගම්වාසීන් තම ශ‍්‍රමය පූජා කළා.
 
 එදා ගස් ගල් කඩන යෝධ බල යෝධ වීර්යයකින් යුතු බිය යනු කුමක්දැයි නොහඳුනන එම මිනිසුන් දෙදෙනා අද වයෝවෘද්ධව කල්ගත කළ ද තම ජීවිත කැපකරමින් දායක වූ දැවැන්ත කලා නිර්මාණය දෙස බලා පහන් සිතින් චිත්තප‍්‍රීතියට පත්වනු නිසැකය.
 
 
 
 වලස්ගල - නිමල් ලන්දගේ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles