Divaina - සුදු කබර, පොතු කබර සුව කරන රහස් බෙහෙත් ක‍්‍රම මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

weda3 1

ප‍්‍රශ්නය - පසුගිය සතියේදී මේ ලිපි පෙළ මගින් අපි සාකච්ඡුා කළේ සොරයිසිස් වර්ග සහ ඒවා අතුරින් පළමුවන වර්ගය වන Plaque Psoriasis ගැනයි. සෙසු වර්ග ගැන සාකච්ඡා කිරීමට අද බලාපොරොත්තු වෙනවා.
 
ඉහත සඳහන් සොරයිසිස් වර්ගය තමයි වැඩි වශයෙන්ම තිබෙන්නේ. සෙසු වර්ග සියල්ලම සම්මත සොරයිසිස් රෝගී ප‍්‍රමාණයන් 10 තුළ තමයි තිබෙන්නේ. එහෙත් ඒවා ගැන සාකච්ඡා කළ යුතුයි.
 
 Plaque Psoriasis මේ සොරයිසිස් වර්ගයට හට ගත් ඉලිප්පුනු බොත්තම් ආකාරයෙන් දිස් වෙනවා. ඒවා තුළ සැරව තිබෙනවා. මේ සැරව අන් අයෙකුගේ සිරුරේ තැවරුනාට සොරයිස් බෝවන්නේ නැහැ. ඒ නිසා අප ඒ සැරවවලට කියනවා Noninfectious චමි කියලා. මේ සොරයිස් පැල්ලම වටා සහ එය තුළ තිබෙන සම ඉතාම මොළොක්. ඒ සම රතු පාටයි.
 
 Inverse psoriasis මෙය ඉතා මෘදු” ප‍්‍රදාහ තත්ත්වයෙන් යුතු පැල්ලම් වශයෙන් සම මත හට ගන්නවා. මෙය වැඩිපුරම හටගන්නේ සම නැවෙන තැන්වල. එනම් ඉකිලිවල මෙය හටගන්නවා. ලිංගේන්ද්‍රින් වටා හට ගන්නවා. අත් යට කිහිල්ලේ හට ගන්නවා. ස්ථුල අයගේ ඉන සහ උදරය එකතුවන තැන්වල හටගන්නවා. පියයුරු යට, සමහර විට ඇඟිලිකරුවලත් මෙය හටගන්නවා. අධික උණුසුම් තත්ත්වයක් යටතේ මේ සොරයිසිස් පැල්ලම් තවදුරටත් ආසාදනය වීම දැක ගත හැකියි.
 
 Napkin Psoriasis - මෙය ළදරුවන්ට වැළඳෙනවා. ඔවුන් ඩයිපර් ඇන්දවිට ඒවායේ ඇතැම් තැන් සම හා ස්පර්ශ වන අවස්ථාවලදී දද වැනි පැල්ලම් හට ගන්නවා. මෙහි මතුපිට රිදී පැහැති නැත්නම් සුදු පැහැති කොරපොතුවලින් සමන්විතයි. මෙය ඇඟ පුරාම බෝවීමටත් ඉඩ තිබෙනවා.
 
 Gnttate psoriasis -  රතු හෝ රිදී පැහැති කුඩා පැල්ලම් වශයෙන් සම මත හට ගන්නවා. ඒ මත කබර පොතු ඇති වෙනවා. මේවා හරියටම කොරළ හා සමානයි.
 
 ඵදමඑය - මුඛයේ හට ගන්නා මේ සොරයිසිස් වර්ගය හරිම දුර්වලයි. තොල් සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවලත් හටගන්නවා. එහි පෙනුම සුදු සහ කහ පැහැති කොරළ හා සමානයි. මෙය සම ඇතුළෙත් දිවෙත් හට ගන්නා අවස්ථා දැකිය හැකියි. මේ වර්ගයට අයත් පැල්ලම් මත තෙල් ගතිය තිබෙන කොරළ හට ගන්නවා. නළල, හිස්කබල, නාසය, මුහුණෙහි පිහිටා ඇති තැන් අතර කට වටා පපුවේ සහ යනාදී තැන්වල මෙය හට ගන්නවා.
 
 ප‍්‍රශ්නය - අපේ පාඨකයන් වෙනුවෙන් පොතුකබර රෝග යට ඔබ දෙන කසාය කුමක්ද?
 
 අස්වැන්න, පොල්පලා, නෙරෙංචි, කටුවැල්බටු, එලබටු මුල්, බෙලි මුල්, මිදි මුල්, පළොල් මුල් පොතු, ඇත්දෙමට මුල් පොතු, තොටිල මුල් පොතු, කොහොඹ පොතු, වෙනිවැල්ගැට කලං 1 බැගින් ගෙන පත අට එකට සිඳ පෙරා පත භාගය බැගින් දින 7 උදේ සවස පානය කළ යුතුයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles