Divaina - ආත‍්‍රයිටිස් වැඩිවුණාම සිරුරට වන හානි මොනවද

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

weda2 1

 

 වෛද්‍ය - චාන්දනී වික‍්‍රමාරච්චි

ප‍්‍රශ්නය - ආත‍්‍රයිටිස් වර්ධනය වුණාම ශරිරයට වන හානි මොනවාද?
 
වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - සම, පෙනහලූ, වකුගඩු, හෘදය සහ රුධිර නාළ, ඇස්, අක්මාව, රුධිරය, ස්නායු යන ඉන්‍ද්‍රියයන්ට මේ රෝගය නිසා හානි ඇති වෙන්න පුළුවන්. ඊට පෙර අප සාකච්ඡුා කළ යුතුයි. මේ රෝගය හටගත්තාම ශරීරයේ සන්ධි කවර තත්ත්වයකට පත්වනවාද කියන එක. මෙය වැළඳුණාම උදේ කාලයේදී ඇඳෙන් නැගිටින විට, සන්ධි ඉදිමී උණුසුම් වෙනවා. ඒ ඉදිමුම සන්ධිවල විශිෂ්ට ගුරුත්වය වැඩිවීම නිසයි. ඊළඟට සන්ධි එහා මෙහා කරන්නට බැරි බවක් හැෙඟනවා. ඔස්ටියෝ ආත‍්‍රයිටිස් රෝගය තිබෙන
 
අවස්ථාවලත් මේ රෝග ලක්‍ෂණම හට ගත්තත් එය රුමැටොයිඞ් ආත‍්‍රයිටිස් රෝගයට වඩා වෙනස්. රුමැටොයිඞ් ආත‍්‍රයිටිස් තිබෙන අය නිරතුරුවම ෑීඍ පරීක්‍ෂණය කරගත යුතුයි. ඒ වාර්තා තමාට ප‍්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. එවිට වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍ය පරිදි ඖෂධ මාත‍්‍රාව වෙනස් කරමින් ප‍්‍රතිකාර කරන්නට.
 
 මේ රෝගය ක‍්‍රමයෙන් වර්ධනය වුණාම රෝගය පවතින සන්ධිවලට අදාළ අස්ථි ක්‍ෂය වෙන්නට පටන් ගන්නවා. මෙසේ ක්‍ෂය වන අස්ථි ක‍්‍රමානුකූලව විකෘති වීමට පටන් ගන්නවා. සමහර විට අතැඟිලි හෝ පා ඇඟිලි ඇඹරී යන්නට පුළුවන්. බෙල්ල දික්වීම හෝ ඇදවීම සිදුවිය හැකිියි. මේ හා සමාන රෝග ලක්‍ෂණ ඔස්ටියෝ ආත‍්‍රයිටිස් රෝගයෙත් තිබෙනවා. එහෙත් රෝගියා එම රෝගය සහ රුමැටොයිඞ් ආත‍්‍රයිටිස් පටලවා ගත යුතු නැහැ. මෙන්න මේ අස්ථි විකෘතිතා ඇතිවන මට්ටමට රෝගය පැතිර යෑමට ඉඩ නොදී රෝගය පාලනය කර ගැනීම තමයි,
 
 වෛද්‍යවරයාගේ වගකීම. රෝගියාගේ වගකීම වන්නේ වෛද්‍යවරයාට අවශ්‍ය රෝග විස්තර සපයමින් ඔහු කියන පරිදි ආහාර විහරණ කිරීමයි. දැන් අපි කතා කරමු මේ රෝගය ශරීරයේ වෙනත් ඉන්‍ද්‍රියයන් මත හට ගත්තාම කුමක් සිදු වෙනවාද කියන එක.
 
 1. සම - රූමැටික ආත‍්‍රයිටිස්
 
 රෝගය සමට වැළඳීම බහුලව දැකිය හැකි තත්ත්වයක්. රූමැටික ආත‍්‍රයිටිස් රෝගය තිබෙන අයගෙන් 30% කගේ සම මත මේ රෝගය දැකගත හැකියි. මෙයට කියන්නේ ඍයැමපඑදසා බදාමකැ හෙවත් රූ’මැටික ගැටිති කියලයි. මෙහි විශ්කම්භය සෙන්ටිමීටර් දෙක තුනේ සිට මිලිමීටර් දෙක තුනක් දක්වා ව්‍යාප්ත වෙනවා. අස්ථි ආසන්නයෙන් පිහිටන සම මත තමයි මෙය බොහෝ විට හට ගන්නේ. උදාහරණයක් වශයෙන් වැලමිට, විලූඹ, දණහිස සහ අතේ මිට මෙළ වූ ඉදිරිපස කොටස යන තැන්වල මේ ගැටිති බහුලව දකින්නට පුළුවන්.
 
  ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප මේ සාකච්ඡුාව අවසන් කළේ රූමැටික ආත‍්‍රයිටිස් රෝගය පැතිර යා හැකි වෙනත් ඉන්‍ද්‍රියයන් ගැනයි. ඒ යටතේ අප සම ගැන කතා කළා. රූමැටික ආත‍්‍රයිටිස් රෝගයේ අතුරු ඵලයන් වශයෙන් සමට වැළඳෙන රූමැටික ගැටිති ගැන කතා කළා. මෙයට ප‍්‍රතිකාර තිබෙනවාද?
 

weda1 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මහා හරි තෛලය නමැති වසර පන්සියයක් පමණ පැරැුණි වට්ටෝරුවක් අනුව සිඳින තෙල් වර්ගය නිතිපතා සම මත ගෑමෙනුත් කසාය පානය කිරීමෙනුත් මෙය සුවපත් කරගත හැකියි. එයටත් වඩා ලෙහෙසියි කෙළින්ම රූමැටික ආත‍්‍රයිටිස් රෝගය සුවපත් කරගැනීම. එතකොට අතුරු රෝග කිසිවක් හට ගන්නෙ නැහැ. ආත‍්‍රයිටිස් කියන්නේ වසර දහස් ගණනක් පරණ ලෙඩක්. අපේ පැරැුන්නන් මෙයට කිව්වේ හන්දිපත් රුදාව කියලයි. මෙය එදා සිටම පැරැුණි දේශීය වෛද්‍යවරුන් වෙතින් සුවපත් කෙරුණා. ඒ සුව කිරීමේ තාක්‍ෂණය අදටත් මේ රටේ
 
 පැරැුණි වෙද පරම්පරාවල් සතුව තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - සම හැරුණාම මේ රෝගය වැළඳෙන සෙසු ඉන්‍ද්‍රියයන් මොනවද?
 
වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - පෙනහැල්ලේ හටගන්නා ත්‍සඉරදිසි (කන්තුමතාව -තන්තුමතාව* තත්ත්වයට හේතුව රූමැටික ආත‍්‍රයිටිස් බව සොයාගෙන තිබෙනවා. තවත් සමහර විට පෙනහලූවල කුඩා ගැටිති හට ගන්නවා. මෙයත් රූමැටික ආත‍්‍රයිටිස් රෝගයේ අතුරු ඵලයක්. ඊළඟට මේ රෝගය වකුගඩුවලටත් බලපානවා. වකුගඩුවල නිදන්ගත ප‍්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා.
 
 රුමැටොයිඞ් ආත‍්‍රයිටිස් තිබෙන අය ්එයැරිජකැ රදිසි කියන රෝග තත්ත්වයට භාජන විය හැකියි.
 
 ඊළඟට රුමැටොයිඞ් ආත‍්‍රයිටිස්
 
රෝගියා මුහුණ දෙන තත්ත්වයක් තමයි, ෑචසිජකැරසඑසි රෝග තත්ත්වය. මෙය පිටතින් බැලූවාම පෙනෙන්නේ ඇසට ලේ බහිනවා වගේ. ඊළඟට ඔවුන්ගේ අක්මාවේ විවිධ රෝග තත්ත්වයන් හට ගන්නවා. එය සිරෝසිස් වර්ගයක් වෙන්නත් පුළුවන්. හෙපටයිටිස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙය රුධිරයට බලපානවා. රක්තහීනතා තත්ත්වයක් ඇති වෙනවා. රුධිරයට යකඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාව හීන වෙනවා. රූමැටික ආත‍්‍රයිටිස් රෝගියාට පිළිකා තත්ත්වයක් තිබේ නම් එය වර්ධනය වීම සිදු විය හැකියි. උදාහරණයක් වශයෙන් වසා ගැටිතිවල ඇතිවන පිළිකා තත්ත්වයක් වැඩිදියුණු වෙන්න පුළුවන්. ඊළඟට ස්නායු ආබාධයක් හට ගන්නවා. හැබැයි මේ මොන ප‍්‍රශ්න ආවත් සුදුසු ප‍්‍රතිකාර මඟින් මේ රෝගය ජයගන්න පුළුවන්.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles