Divaina - මඟුල් දා නැකත් කලාව ගැන දැන ගන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

na8 1

විවිධ වූ සංස්කෘතීන්ට අනුව විවිධ වූ විෂමතා දක්නට ලැබුණද පොදුවේ ගත්කල විවාහය කායික හා මානසික වශයෙන් කෙනෙකු ජීවිතයේ ප‍්‍රථම වරට ලබන සුන්දර මෙන්ම අර්ථාන්විත අත්දැකීමක් වේ. මෙම සුන්දර වූ අත්දැකීම ජීවිත කාලය පුරාවටම ඒ අයුරින්ම පවත්වා ගැනීම විවාහ අපේක්‍ෂක කොයි කාගේත් අපේක්‍ෂාව වන්නේය.
 
 මේ අනුව විවාහය සිදුකරනු ලබන අවස්ථාව තම ශක්ති ප‍්‍රමාණයන්ට අනුව සහ තම සමාජ මට්ටමට ගැලපෙන ආකාරයෙන් උත්සවාකාරයෙන් පැවැත්වීම පුරාණයේ සිට අද දක්වාම පැවත එන්නකි. ජීවිතයේ වැදගත් අවස්ථාවන්හි ජ්‍යොතිෂයට අනුකූලව සුබ නැකැත් යොදාගෙන කටයුතු කිරීමට අනාදිමත් කාලයක සිට අප පුරුදු වී සිටිමු.
 
 නැකැත් පත‍්‍ර භාරදීම, මංගල බුලත් දීම, තෙල්වළං ලිප තැබීම, මංගල උත්සවයක් සඳහා අවශ්‍ය කරන්නාවූ පළමුවැනි නැකැත් කාණ්ඩයයි. ඉන් අනතුරුව මංගල දිනයෙහිදී මනමාල මහතා සහ මනාලිය නිවසින් පිටත් වීම. විවාහය නීතිගත කිරීම පෝරුවේ චාරිත‍්‍ර, යුවළ මංගල ගමනට පිටත් වීම සහ නව යුවළ අලූත් යුග දිවිය ඇරඹීම සඳහා මනාල මහතාගේ නිවසට පිවිසෙන දෙවන ගමන යන කටයුතු ශුභ හෝරාවන්ට ගැලපෙන ආකාරයට සකස් කළ යුතුය. එය සංකීර්ණ කටයුත්තකි. වර්තමාන සමාජයේ මේ කටයුතු අභියෝගාත්මක වී ඇත. සාම්ප‍්‍රදායික විවාහ සංස්කෘතිය නවීකරණය වී ඇත. අද විවාහ උත්සවය නිවෙස් වලින් බැහැරව හෝටලවලදී පැවැත්වීමට ඇති නැඹුරුතාව වැඩිවී තිබේ. පවත්නා සංස්කෘතිය අභිබවා යමින් විවාහය වානිජමය රැල්ල හා ගෝලීයකරණය වූ සංස්කෘතියට ජනතාව හැඩ ගැසී ඇත. එම නිසා මෙම වෙනස් වෙමින් වාණිජමය රැුල්ලට අනුව මංගල නැකැත් සකස් කිරීමට අද ජ්‍යොතිෂවේදීන්ට සිදුවී ඇත. මේ අනුව විවාහ අපේක්‍ෂක යුවලගේ ඡුන්ම නැකැත් වලට සීහෙන ඉතාම ශුභ දවසක් යෙදෙන දිනයට නොව තමන්ම හෝටලය වෙන්කරවා ගත හැකි දිනයට මංගල නැකැත් සාදාදෙන ලෙස ජ්‍යොතිෂවේදී මහතාගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සම්ප‍්‍රදායික නැකැත් ශාස්ත‍්‍රීය නිර්මාණශීලීව වර්තමාන ජන සංස්කෘතියට ගැලපෙන ආකාරයට එහි ගුණයද ආරක්‍ෂා කර ගනිමින් සකස් කර දීමට සිදු වේ.
 
 උත්සවය කොතැනක පැවැත්වුවත් විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය කටයුතු සියලූම අවස්ථාවන් සඳහා ඊට ගැලපෙන ශුභ මුහුර්තීන් අනුගමනය කරමින් කටයුතු කිරීම සාර්ථක යුගදිවියක පසුබිම වන්නේය.
 
 ආදරය, විවාහය හා ලිංගිකත්වය යන සංසිද්ධි එකිනෙකට බැඳුණු විශ්ව බලවේගයකි. ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ ආකර්ෂණය නිසා ගොඩනැෙඟන මෙම බැඳීම හෙවත් ආදරය මූලික වශයෙන් කි‍්‍රයාත්මක වේ. එහි ශක්තිය රඳා පවතින්නේ ඔවුනොවුන් අතර පවතින මානසික සමබරතාව මතයි. ඒ අනුව ඔවුනොවුන් හැදුණු පරිසරය, ආකල්ප, සිතුම් පැතුම්, පුරුදු, ගති සිරිත් අතර වෙනස්කම් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් ඒ දෙදෙනාගේ කායික මානසික ගැලපුම් තත්ත්වයන් ජ්‍යොතිෂය තුළින් අධ්‍යයනය කළ හැකිය. මෙම ජ්‍යොතිෂමය පසුබිම තුළින් විවාහ අපේක්‍ෂක ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ කායික මානසික චිත්ත වේගික ශක්තීන් එකිනෙකට ගැලපේදැයි විමසා බැලිය හැකි වන අතර එසේ ඇතිවන බැඳීම තුළින් ගොඩනඟා ගන්නා යුගදිවියට මංගල කටයුතු සඳහා යොදාගනු ලබන හරවත් ශුභ මුහුර්ථ වල ශක්තියද ඉමහත් බලවේගයක් වනු ඇත.
 
 මංගල නැකැත් අතර මනාල මහතා නිවසින් පිටත් වීම සඳහා සකස් කරන ශුභ මුහුර්ථය ඉතා වැදගත් වේ. එසේම මනාලියද හෝටලයට යෑම සඳහා පිටත් වන වෙලාව ඉතා වැදගත් වේ.
 
 නමුත් නූතන සමාජය තුළ පවත්නාවූ නවීකරණය නිසා මනාලියට අන්දවන තැනට යෑමට සිදුවන්නේ මංගල දිනයට එළිවෙන පාන්දරයි. එනම් පූර්ව භාග 3 හෝ 4 යන වේලාවන්හිදීයි. සමහර විටක මෙම කාලහෝරාවන් තුළ කුජගේ හෝරාවන් රාහු කාලයක් යෙදී තිබෙන්නට හැක. මංගල්‍ය කවර දවසක යෙදුණත් ඉර උදාවට ප‍්‍රථම යොදාගන්නා වේලාවන් වල නක්ෂත‍්‍ර බලය අඩුවනු ඇත.
 
 විවාහ මංගල්‍යයක වැදගත්ම නැකතක් වශයෙන් පෝරුවේ චාරිත‍්‍ර ඉටුකිරීමද පෙන්වා දිය හැක. තම දරුවා පෝරුවක් මත නංවා තැලිපිළි පළඳවා ඥාතී හිත මිත‍්‍රාදීන් මධ්‍යයේ විවාහ ප‍්‍රාප්ත කරන්නට කවර දෙමාපියෙකු වුවත් ඉමහත් ආශාවක් දක්වයි. මනාල මහතා මවුපියන් ආදීන් පෝරුවට වම් පාර්ශවයෙන්ද මනාල මහත්මිය මවුපියන් ආදීන් පෝරුවට දකුණු පාර්ශවයෙන්ද සිටින අතර පෝරුවේ චාරිත‍්‍ර පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති ප‍්‍රවීන පුද්ගලයකු විසින් පන්සිල්හි පිහිටුවමින් තෙරුවන් ගුණ සිහිකරමින් සියලූ දෙවි දේවතාවුන්ගේ අවසර පතමින් පෝරුව මත සිද්ධාර්ථ කුමාරා හා යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යය සිදුවූ පුවත් ආදිය ගැබ්වූ සිද්ධීන් සඳහන් කරමින් එම අනුහසින් පෝරුව මත නංවමින් විවාහය සිදුකිරීමට අවසර පතමින් නැකතට මනාල යුවළ පෝරුවට නංවති.
 
 නමුත් වර්තමානය තුළ මෙවැනි පැරණි චාරිත‍්‍ර හා සංකල්පයන්ට මුල්තැන දීම වෙනුවට මුල්තැන ලැබී ඇත්තේ බාහිර අලංකාරයන්ට සහ ආටෝපයන්ටය. සමහර විටක ඡුායාරූප ශිල්පියාගේ වුවමනාවට අනුව නැකැත් වේලාවන් වෙනස් කර සකස් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව ඡුායාරූප ශිල්පියාගේ යෝජනා වලට අනුව කැකැත් වේලාවල් නොසලකා කටයුතු කරන අවස්ථාවන්ද නැතිවා නොවේ. මංගල ගමනට පිටත්ව යන යුවළ පිටත් වන වේලාව ජ්‍යොතිෂවේදියා විසින් සාදා දෙනු ලබන්නේ දෙදෙනා බාධකයකින් හෝ වාහන ගැටුමකින් තොරව ආරක්‍ෂිතව මධුසමය ගතකරන ස්ථානයට පැමිණීමටය.
 
 වර්තමානයේ මංගල නැකැත් සකස් කිරීමේදී නව යුවළ අඹු සැමියන් වශයෙන් ජීවිතය ආරම්භ කිරීම සඳහා යහන්ගත වන පළමු අවස්ථාව අමතක කර ඇති බව පෙනී යයි. ලෞකික ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවන් වන මෙම සතුට රසාස්වාදය දෙදෙනාටම සාධාරණ සමබර විය යුතුය. විවාහ සතුට තාවකාලික ආශ්වාදයක් නොව මුළු ජීවිතය පුරාවටම විහිදී යන මානසික සුවයකි. කෙසේ වෙතත් මෙම උසස්ම වින්දනය වූ විවාහ සතුට පළමු රාත‍්‍රියේදීම නීරස කරගත් අවාසනාවන්ත අඹු සැමියන් ගැනද අසන්නට ලැබේ. මේ නිසා මංගල උත්සවය සඳහා නියම කරගත් දිනයේ රාත‍්‍රි කාලයද සුබව පැවැතීම ඉතාම අවශ්‍ය වේ.
 
 ජ්‍යොතිෂවේදිනී තුෂාරා වික‍්‍රමසිංහ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles