Divaina - හිතුවක්කාරව ව්‍යාපාර අරඹන්නට සැරසෙන ඔබටයි මේ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

na7 2

එදා මෙන් නොව අද තරුණ පිරිස් ස්වාමියකු යටතේ කාර්යාලයක, කර්මාන්ත ශාලාවක සේවය කිරීමට බොහෝ සෙයින් අකමැතිය. බොහෝවිට උසස් පෙළ සමත් වූ සැනින් මේ හැමදෙනාගේම එකම බලාපොරොත්තුව විදේශගතවීමය. එසේ නොමැති නම් ‘බිස්නස්’ එකකට අත ගැසීම හෙවත් ව්‍යාපාරයක් මගින් ඉක්මණින් දියුණුවකට පත්වීමය.
 
 ව්‍යාපාරයක් අරඹන්නේ කෙසේද, එය නඩත්තු කරගෙන ඉදිරියට ගෙන යන්නේ කෙසේද අරඹන ලද ව්‍යාපාරයෙන් ලාබ ලබන්නේ කෙසේද යන කිසිදු කාරණාවක් ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නොමැති මේ තරුණ පිරිස් ව්‍යාපාර අරඹන්නට සැරසෙන්නේ අතන අලූතින් බත් කඩයක් දැම්මා දවල්ට දෙසීයකට වැඩි සෙනඟක් ඇවිත් බත් පැකට් අරන් යනවා පට්ට ලාභයක් තියෙන පාටයි.
 
 එසේත් නැතිනම් මේ ඇඳුම් කඬේ ඉස්සරහ එල්ලල තිබුණෙ ඇඳුම් කෑලි හත අටයි. අද කොහොමද මුළු නගරෙම දවසකට වැඩිම සේල් එක තියෙන්නෙ මේ රෙදි කඬේට. සෙනසුරාදා ඉරිදා දවස් දෙකට ආදායම ලක්ෂ හත අට පනිනවා.
 
 මේ එළවළු කඬේ දැම්මෙ මාතර මනුස්සයෙක්. දවසට එළවළු ලොරියක් බානවා. හවස පහ හය වෙද්දී ගන්න කිසිම දෙයක් නෑ සේරම විකිණිලා. කොහොමත් දකුණෙ එවුන් බිස්නස්වලට කියාපු කට්ටියනෙ. අපි පටන්ගත්තොත් ඉතින් වගතුවක් නෑ.
 
 මෙලෙස අනුන්ගේ ආදායම් වියදම් දෙස බලමින් හූල්ලමින් උන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි බිස්නස් කරලා දියුණු වෙන්න යන තේමා පාඨය මුල්කරගෙන තමයි අද බොහෝ දෙනා ව්‍යාපාරයක් ආරම්භ කරල දියුණුව බලාපොරොත්තු වන්නෙ.
 
 ඒත් සුබ නැකතට තම හිතුමතේට පටන් ගන්නා එකී ව්‍යාපාරය මාසයක් ගතවන තැනේදී කඩ කුලියවත් පියවා ගැනීමට බැරි අයුරින් වසා දමන්නට සිදුවන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබේ.
 
 එසේ සිදුවුවද මේ තත්ත්වයට පත්වන කිසිදු අයෙක් තමන් දියුණුවීමේ බලාපොරොත්තුවෙන් මූලික වියදමක් දරා ආරම්භ කළ ව්‍යාපාරය ඉතා කෙටි කාලයක් තුළදී නතර කර දමන්නට සිදුවූයේ ඇයිදැයි යන්න සොයා බැලීමට මෙහි ඇති භයානකම ප‍්‍රතිඵලය වේ.
 
 මේ කාරණය දෙස වඩිදුර සිතා බැලීමේදී ඉතා සරලව ඕනෑම ජන්මියකු සිතට ගතයුතු ප‍්‍රධානම කරණය වන්නේ මගේ හොඳම යාළුවා සිල්ලර කඩයක් පටන් අරන්
 
 ගොඩගියා දැන් හුඟක් දියුණුයි. මාත් පටන් ගන්න ඕන. වරදින්නේ එතැනය.
 
 යහළුවාගේ උප්පත්ති කේන්දරයේ ග‍්‍රහ පිහිටීම්වලට අනුව ඔහු සිල්ලර වෙළදාමෙන් දියුණුව ලැබුවද ඒ දියුණුව දෙස බලා සිටින තව කෙනෙකුට එසේ සිල්ලර වෙළෙඳාමෙන් දියුණු විය නොහැකිය. ඔහුගේ උත්පත්ති ග‍්‍රහචාරයට අනුව ඔහුට අයත් දියුණුව සැලසෙන්නේ නිමි අඳුම් වෙළෙඳාම තුළින් විය හැකිය.
 
 එබැවින් තමන්කේ සිතට ආ පලියට හෝ ළඟම මිතුරා, ඥාතියා, අසල්වැසියා ආරම්භ කරන ලද ව්‍යාපාරය අපට නොගැලපෙන බව ප‍්‍රථමයන්ම ව්‍යාපාරවලට අතගැසීමට බලාපොරොත්තුවන සියලූ දෙනා තරයේ මතක තබා ගත යුතුය. එමෙන්මෙ උප්පත්ති ග‍්‍රහචාරය අනුව තමන්ට දියුණුව සලසා ගත හැකි ව්‍යාපාරයක් වේ නම් එය කුමක්ද යන්න පවුලේ ජ්‍යොතිෂවේදියාගේ උපදෙස් මත හරියාකාරව සනාථ කරගත යුතුය.
 
 ⋆ ආහාර පාන වෙළෙඳාමෙන් දියුණුව බලාපොරොත්තුවන අයෙකුගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා හෙවත් සඳු 11 වැනි භාවයේ හෝ 2 වන භාවයේ පිහිටිය යුතුය.
 
 ⋆ ඇඳුම් රෙදිපිළි සඳහාද සිකුරු ග‍්‍රහයා 2 - 11 භාවයන් තුළද
 
 ⋆ සිල්ලර වෙළෙඳාම සඳහා ගුරු ග‍්‍රහයා 2 වැනි භාවයේද
 
 ⋆ එළවළු පළතුරු වෙළෙඳාම සඳහා සිකුරු ග‍්‍රහයා ලග්නයේද
 
 ⋆ ලිපි ද්‍රව්‍ය වෙළෙඳාම සඳහා බුධ ග‍්‍රහයා 10 වැනි භාවයේද ආදී වශයෙන් ග‍්‍රහ පිහිටීම් ප‍්‍රධාන විය යුතු අතර මේ හා සම්බන්ධ තවත් ග‍්‍රහයෝ ගැන සැළකිල්ලට ගනු ලැබේ.
 
 එබැවින් කිසිම අවස්ථාවක තමන්ට දියුණු විය හැක්කේ කුමන ව්‍යාපාරයකින්ද යන්න තම තමන්ගේ කේන්ද්‍රය ආශ‍්‍රයෙන් තෝරාගෙන ඉදිරි දියුණුව සලසා ගැනීමට පෙළෙඹෙනවා මිස කරනන් වාලේ කිරීමට ව්‍යාපාරවලට අත නොගැසීමට ඔබ වගබලා ගත යුතුය.
 
 ජ්‍යොතිෂවේදී - රංජන් සිසිර කුමාර
 සටහන - ධම්මික හේවාවසම්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles