Divaina - අනාවැකි හරියටම හරිද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

 

na7 1

* මැච් එක පැරදුණේ කටක ලග්නය නිසයි” තිලකා රන්දෙනි මහත්මියට පිළිතුරක්
 
 මැච් එක පැරදුණේ කටක ලග්නය නිසයි” යන මැයෙන් තිලකා රන්දෙනි මහත්මිය විසින් මගේ ලිපියට අදාළ ව පළ කරන ලිපිය හා බැඳේ. පළමුවෙන්ම මා කිව යුත්තේ මා ආණ්ඩු පෙරළියත් සමග ඇතිවුණයි ඔබ පවසන මන්ද මානසිකත්වයෙන් පෙළෙන්නෙක් නොවන බවයි. මම ජ්‍යොතිෂය සලකන්නේ කෙනෙකුට මග පෙන්වන්නෙක් ලෙස මිස ඒ මත යැපෙන්නෙක් ලෙස නොවේ. ඔබ ඔය කියන පරිදි සුනාමියක් නවත්වන්නට බැරි බව මම හොඳින් දනිමි. නමුත් එයින් අනතුරට පත්වූ ජනතාව එයින්  බේරාගැනීමට හැකියාව තිබිණි. අනාවැකි අවශ්‍ය නැත. අප සුනාමියක් යනු කුමක්ද? එවැනි අවස්ථාවල ජනතාව පිළිපැදිය යුතු ආරක්ෂක පියවර පිළිබඳ ජනතාව දැනුවත් කර තිබුණේ නම් මෙවන් ජීවිත විනාශයක් සිදු නොවනු ඇත.
 
 පාස්කු ප‍්‍රහාරය ද ඒ වගේමය. ඔය කියන කිසිවෙක් ඒ පිළිබඳ අනාවැකියක් නොකිව් බව දන්නෝ දනිති. අගරදගුරු තුමා අනාවැකියක් නිසා නොව උන් වහන්සේට නිවැරදි තොරතුරු සැපයීම මත පූජාව නැවැත්වූවා නම් ඔබ කියන පරිදි කුමක් වන්නේදැයි මට නොතේරේ. අනෙක අනාවැකියක් පැවසූ විට ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු කරති. ඒ මගින් ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වනු ඇත.
 
 ඔබම පවසන පරිදි ඔබ පසුගිය ජුලි මස මුහුණු පොතේ ”පාසැලේ වතුර ටැංකියෙන් වතුර බොන්න එපා” කී අනාවැකියකට වතුර වෙනුවට කිරි කියා කීවා නම් හොඳ යැයි ඔබම පවසයි. එසේ නම් ඔබට කිරි කියා කිව නොහැකි වූයේ ඇයි? අනෙක් මෙය මුළු රටටම අදාළව නොව එක් පළාතකට අදාළව පවසන්නට තිබුණි. එසේ වූවා නම් එය සාර්ථක අනාවැකියක් වනු ඇති නේද? ඔබ පවසන පරිදි එක්තරා පුවත්පතක පාස්කු ප‍්‍රහාරය ගැන සදහන් කර ඇත්තේ ”අමුතුම ප‍්‍රශ්නයක් පැන නගින බවයි”. අමුතුම ප‍්‍රශ්න ලොව කොතරම් තිබේද? එය අනාවැකියක් වන්නේ කෙසේද?
 
 මා කි‍්‍රකට් ලෝලියක නොවන නිසා මට ක‍්‍රිකට් පිළිබඳව ඇති අවබෝධය අවමය. ඔබේ නිදසුන් බොහොමයක්ම ක‍්‍රිකට් පිළිබඳවය. එසේ නම් ලෝකයේ දක්ෂතම ජ්‍යොතීර්වේදීන් සිටින සෘෂිවරුන් පවා සිටින ඉන්දියාවට පවා ක‍්‍රිකට් පිළිබඳ අනාවැකි පැවසීමට නොහැකි වූයේ ඇයි? අනෙක ඔබ පවසනවා ”මෙච්චර කල් ක‍්‍රිකට් ගැහුවේ ග‍්‍රහයින් නමුත් අන්තිම මැච් එක ගහන්නේ දෙවියන්” දෙවියන් ක‍්‍රිකට් ගහනවා නම් මම අසා නැත. ඔබ තරම් ජ්‍යොතිෂ දැනුමක් මා සතුව නැත. මම ජ්‍යොතිර්වේදි කියන නොවෙමි. එලෙසම ඔබ ව්‍යංගාර්ථයෙන් පවසන අඳබාලයකු ද නොවෙමි. නමුත් මා ග‍්‍රන්ථ පරිශීලනය කරමින් සහ අන්තර්ජාලය පිරික්සමින් ලබා ගත් තොරතුරු ද සෘෂිවරයන් විසින් පවසා ඇති තොරතුරු ද අනුව මගේ අදහස ඉදිරිපත් කළෙමි.
 
 සැප්තැම්බර් මස 11 වැනි දින ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිදු වූ ඒ මහා ඛේදවාචකය පිළිබඳ අනාවැකි පැවසුයේ කවුරුද? එසේ වූවා නම් මොනතරම් ජීවිත බේරාගන්නට තිබුණේද? ඇමරිකාවේ අධි මානසිකත්වයෙන් හෙබි බොහෝ දෙනෙක් සිටිති. නමුත් ඔවුන්ටවත් මෙම ඛේදවාචකය නොපෙනුනේ ඇයිදැයි ප‍්‍රශ්නයකි.
 
 ඔබ අසා තිබෙනවාද මැසිඩෝනියාවේ උපත ලද බාබා වැන්ගා නම් අන්ධ කාන්තාව පිළිබඳව. ඇය මේ වන විට ජීවතුන් අතර නැතත් ඇය විසින් ලෝකය පිළිබඳ පවසා ඇති අනාවැකි පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබේ.
 
 ඇය ඇමරිකාවේ සැප්තැම්බර් 11
 
 ප‍්‍රහාරය ගැන පවසා ඇත්තේ විශාල යකඩ කුරුල්ලන්ගේ පහර දිීමකින් ඇමරිකාවට විශාල ජීවිත හානියක් වන බවයි. නමුත් යකඩ කුරුල්ලන් ගුවන් යානා ලෙස අර්ථ දැක්වීමට හැකියාව තිබෙන්නේ කාටද? ඇය තවත් අනාවැකි පවසා ඇත. ඒවා නිවැරදිද සලකා බැලීමට තවත් කල් තිබේ.
 
 මීට ටික කලකට ප‍්‍රථම අපේ රටේ ජ්‍යොතිර්වේදියෙක් අනාවැකියක් පළ කරමින් කතරගම දෙවියන්
 
 කතරගමදී ජීවමානව දැක ගත හැකි බවට අනාවැකියක් ප‍්‍රචාරය කළේය. ජනතාව වැල නොකැඞී කතරගම ගොස් එම පූජා භුමියට ද අලාභ හානි විය. දේශපාලන අනාවැකියක් පැවසූ එක් ජ්‍යොතිර්වේදියකුට වූ අකරතැබ්බය කව්රුත් දනිති. අද වන විට අපේ ජ්‍යොතිර්වේදියෝ දේශපාලන අනාවැකි කීමෙන් වළකින්නේ ඇයි? බිය නිසාද? නැත්නම් තමන්ටම තම අනාවැකි ගැන විශ්වාසයක් නැති නිසාද? අද හවස අහස බීරුම නම් හෙට වහින්න පුළුවන් කියා අනාවැකි කිය හැක. ඒ කරුණු සලකා බැලීමෙනි. ඒවා අනාවැකි නොවේ. කිසිම ජ්‍යොතිර්වේදියකුට තමා මරණයට පත්වන දිනය වේලාව පවසන්නට හැකිද? මා සිතන පරිදි අනාවැකි කියන්නට හැකියාව ඇත්තේ අප මහා බුදුරජාණන් වහන්සේ වැනි අනාගතය දකින ඥානයක් ඇති අද්විතීය පුද්ගලයන්ට පමණි. මගේ ලිපියට පිළිතුරු ලිපියක් සපයමින් අදහස් දැක්වූ තිලකා රන්දෙනි මහත්මියට මගේ ස්තුතිය පුද කරමි.
 
 ශ‍්‍රියානි ද සේරම්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles