Divaina - ජනාධිපතිවරණය ජය ගන්න ඔක්තෝබර් හත යොදාගන්නේ මෙහෙමයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

na6 1

රාජ්‍ය නියමයන් මත ඉටු කළ යුතු කුදු මහත් කටයුතු සඳහා ශුභ මුහුර්ත උදාවක් අවශ්‍ය නොවේ. දිනය තිථිය,
යෝගය, කරණය ආදී වන පංචාංගය ශුභ වුවත් නොවූවත් කාර්යයන් ඉටු කළ යුතුය. එයින් කිසිවකුට, අවැඩක් නොවන බව ඉසිවරුන්ගෙන් ප‍්‍රකාශව තිබේ.
 
 ඉදිරි 2019 ඔක්තෝබර් 07 වන සඳුදා ශ‍්‍රී ලංකා වාසී ජනතාවට ඉතා වැදගත් සුවිශේෂී දිනයකි. එනම් ශී‍්‍ර ලංකා ජනරජයේ සත්වන ජනාධිපතිවරයා තෝරා ගැනීමට සුදුසුකම් ලත් පුරවැසියන්ගෙන් නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම නියම කර තිබීමය.
 
 රාජ්‍ය නියමයන් මත ඉටු කළ යුතු කුදු මහත් කටයුතු සඳහා ශුභ මුහුර්ත උදාවක් අවශ්‍ය නොවේ. දිනය තිථිය, යෝගය, කරණය ආදී වන පංචාංගය ශුභ වුවත් නොවූවත් කාර්යයන් ඉටු කළ යුතුය. එයින් කිසිවකුට, අවැඩක් නොවන බව ඉසිවරුන්ගෙන් ප‍්‍රකාශව තිබේ.
 
 එහෙත් ශ‍්‍රී ලංකා වාසී වැඩි ජන කොටසක් ජ්‍යොතිෂ ශාස්තී‍්‍රය හා ස්ව ජාතීන්ගේ සංස්කෘතීන් හා ආගම් අනුව කටයුතු කිරීමේදී ඉතාම සැලකිලිමත්ව ගෞරවය, භක්තිය පෙරදැරිව හැකිතාක් දුරට යථෝක්ත අවශ්‍යතාවන් මත කටයුතු කිරීමට කැමැත්ත, උවමනාව දක්වන්නාහ. එහෙයින් රාජ්‍ය නියමය මත කටයුතු කිරීමට ඇති එම දිනයේ දී හැකි තරම් දුරට ශාස්තී‍්‍රය සිද්ධාන්ත මත ශුභ බලව කටයුතු කිරීමට ඒ සඳහා සම්බන්ධ වන හා ඕනෑකම ඇති සමස්ත ජනතාව වෙතම කරුණු දැක්වීම මේ ශාස්ත‍්‍රීය ලිපියෙහි අරමුණ වේ.
 
 ශාස්ත‍්‍රීයව භාෂිත ශත වර්ෂ 1941 ක් වූ කන්‍යා රවි 21 වන භාගවූ වප් මස පුර නවවක නම් රිත්තා තිථිය වන සඳුදා දිනය වේ. එනම් දහවල් 12.41.36 තෙක්ම නවවන රිත්තාව පවතී. පංචාංගයම ශුභ බවට නැත. නාම යෝජනා භාර ගන්නා පෙරවරු 11.00 ට යන කණිසමට සහභාගී වීමට පැමිණෙන හැමටම දිනයේ පංචාංගය අශුභව පවතිද්දීම කටයුතු කරන්නට සිදුවේ.
 
 එසේ වෙතත් ‘‘හෝරා ඵල සහඝානී’’ යන හෝරාවේ ගුණය පමණක් දස දහස් ගුණයන් වේ යන ඉසිවරුන්ගේ
 
 බස ප‍්‍රකාරව මේ කාරියට එදින හෝරා ගුණය පමණක් නොව, ලග්නය, දිගාව, නක්‍ෂස්ත‍්‍ර භෝජන ආදී වන කාරිය ශුභ වන්නට යොදා ගත හැකි ගුණාංග ගණනාවක් දැක්විය හැකිය. එලෙස හැකි තරම් ගුණාංග ඇතුළත්ව මෙදින නාම යෝජනා භාරදීමේ කර්තව්‍යයට සම්බන්ධ වන ඔවට එකී ශුභතා දැක්වීමයි මේ.
 
 දවසේ හිරු උදාව 5.57.27 වී හිරු බැසීම සවස 5.59 වන හෙයින් මෙදින රාහු කාලය (සියල්ල කොළඹ නගරය හා තදා සන්න ප‍්‍රදේශවලට අදාළවය* උදේ 7.27.38-8.57.49 දක්වා යෙදේ. එය ඉතාම අශුභ කාල පරාසයකි. ඒ කාලය තම කටයුතුවල යෙදීමෙන් වැළැකීම මැනැවි.
 
 ගුරු ලග්න ගත ගුන්‍ය කවර අවස්ථාවේත් අප‍්‍රමාණ දෝෂ භංග බලයක් බව මේ ශාස්ත‍්‍රයේ දැක්වේ. මෙදින පෙ. ව. 8.42. 29 -10.52.21 තෙක් ගුරු ලග්න ගත ‘වෘශ්චික’ ලග්නය උදාව පවතී. රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු සඳහා ඉතාම ශුභ බල වන රවි හෝරාව පෙ.ව. 9.57.58 -10.58.06 තෙක් යෙදේ. මේ හෝරාවේ, පළමු පංචමය වන රවිගේම භාවමය පවතින මිනිත්තු 12 ඇතුළත, රවිටම හිමි සූක්‍ෂ්ම හෝරා ගුණය ද තවදුරටත් ඇතුළත් 10.00.58 තෙක්ම හෝරා, පංචම හෝරා, සක්‍ෂිම හෝරා යන ත‍්‍රිවිධ හෝරා ගුණයම කාර්යයට ශුභව යෙදේ. මේ හැර විභීෂණ, නන්දන, යම, සෝමෝදර ආදී දිනපතා යෙදෙන 16 විධ මුහුර්ත යෙදීමේදී, ඕනෑම කරුණකට ශුභ වන අභිජිත් නම් මුහුර්තය 9.42.56 ට ආරම්භ වී 10.28.02 තෙත්ම පවතී.
 
 ඉතාම විශේෂිත කරුණ වන දිශා ශුභය පිරික්සීමේදී, මරු දොස වයඹ දිසාවේද, පාශ නම් දොස ගිනිකොණ දිසාවේද, නවවක රිත්තා ඉතා අශුභ යෝගිනී
 
 දොස නැෙ`ගනහිර දිශාවේද යෙදෙමින් උතුර, බටහිර, දකුණ යන තෙදිසාම මුහුණ දීමට ශුභව පවතී. මෙහිදී දකුණත ද ශුභ දිශාවකට පිහිටන ලෙස සඳුට මුහුණ දී ගමන් යෑමට, සඳු යෙදීම මත දකුණ ශුභ වන හෙයින් හොඳට දිශාවට මුහුණලා, දකුණ ද නිදොස් බටහිර දිශාවට සිටින සේ මේ දිනයේ දකුණු දිශාව බලා ගමන් ආරම්භ කිරීම ඉතාම සුදුසු වේ.
 
 අවසාන වශයෙන් නක්‍ෂස්ත‍්‍ර භෝජනයද අනිවාර්යයව අදාළ කර ගත යුතුය. දිශාව අනුව තල මිශ‍්‍ර බතද, නැකත අනුව දෙළුම් පලතුරුද, නවවක රික්තා දොස දුරුවීමට උක් සකුරු ද යුක්තව උදේ හීල භුක්ති විඳ, පෙර දක්වන ලද ලග්න, හෝරා, මුහුර්ත ගුණ ඇතුළත් පෙ.ව. 10.00 කණිසමට දකුණු දිගාව බලා පළමුව දකුණු පාදය පෙරට තබා නාම යෝජා කාර්යයට සම්බන්ධ වන බව සියලූ දෙනාම පිටත්වීම ශුභ පල ලබන්නේය. අප සම්බුද හිමිපාණන් ජනිත මොහොතේ ජන්ම ලත්, යසෝදරා රහත් මාතාව, ආනන්ද මහ රහතන් වහන්සේ, කන්ථක අසු, ඡුන්න අමාත්‍ය (පසුව රහතන් වහන්සේ* ජයසිරි මහ බෝධිය ආදී වස්තූන් බුදු සසුනේ නොයෙක් අසාමාන්‍ය ගෞරවනීය පදනමකට පත් වූ සේම, දෙදහස් වසර ගණනක් ඉක්ම ගියද, අදත් නොවෙනස් පූජනීය භාවයට පත්ව ඇත්තේ උත්පත්ති ග‍්‍රහ බල අනුවය. එසේම මේ ග‍්‍රහබල මත ඇතිවූයේ එක් සම්මා සම්බුදුන් වහන්සේ කෙනකු පමණි. අප දක්වන ගුණ බල යුතු මුහුර්ත භාවිතයෙන් වුවද ගරු ජනපති ධුරය ලබන්නේ අපේක්‍ෂක පිරිස අතරින් එක් අයෙකි. එහෙත් ජනපති තනතුරට ඉදිරිපත් වීමේ සම්මානනීය බව ප‍්‍රතිඵල නිකුත් වන තෙක් එක සමානව පවතී. එසේම මීට වෙනස් ග‍්‍රහ බල යුතු වීම මත බුදු සසුනෙහිම රැුඳුන දෙව්දත් - අජාසත් සුභද්‍ර වැනි චරිතයෝද ඇති වීම වැළැකිය නොහැකි වනවා ද ඇත. අප දක්වන මේ කරුණ ද කාරුණිකව සලකා ගන්න. සම මුහුර්ත ගුණය තිබුණ ද ඔබ එක් එක් අයගේ ග‍්‍රහබල අනුව එයින් ද ලබන ඵලය අසමාන වීම වැළැකිය නොහැකිය.
 
 තවද, ශ‍්‍රී ලංකා භූමියේ ලග්නය ලෙස අද සැලැකෙන කුම්භ ලග්නයේ අධිපති සෙනසුරු ඉදිරි 2020.01.25 වැනි දින තම ස්වක්‍ෂෙත‍්‍ර රාශියට පිවිසීමේ ගුණයද, අයස්ථානය අධිපති සුරගුරු 2019.11.25 වැනි දින වසර 12 කට පසුව අයස්ථාන ගතව ස්වක්‍ෂේත‍්‍ර ගුණ බලව යෙදීම ද යන දෙකරුණ සලකන විට 2019.11.25 දිනෙන් ඉදිරිය සහ 2020.01.25 න් ඉදිරිය ශ‍්‍රී ලංකා ජන සමාජයේ 2/3 කට වැඩි පිරිසකට එනම් ලග්න අටකට තත්කාලිකව ගුණ, බල යුතු ‘‘සස’’ යෝගය සහ ‘‘ගජකේශරී’’ යෝගය යෙදීම ද, ගුරු, ශනි වැනි දීර්ඝකාලීනව රාශි ඇසුරු කරන ග‍්‍රහයින් සුබ බලව සිටීම මත අනෙක් ලග්න හිමි බොහෝ පිරිසකට ද දිගු කලකට පසුව ග‍්‍රහ හැසිරීමේ උසස්, වැඩි ශුභ ගුණයක් ඇතිවීමද, යන කරුණු කියන ලෙසින්ම සිදු වන හෙයින් යෝජිත ජනාධිපතිවරණය ශී‍්‍ර ලාංකික ජනතාවට සුව බර පිබිදීමක් වන බව දැක්වීමට සතුටු වෙමි.
 
 රන්න - නැෙ`ගනහිර,
 ලලිත් ශ‍්‍රී සිටිනාමලූව


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles