Divaina - නැගෙනහිර ඇල්ලීමේ පළමු පියවර...! මුස්ලිම් මිනිසා මුස්ලිම් මිනිසාට ඡන්දය දෙයි... මෝඩ සිංහලයා ස්වකීය වර්ගයා මරාගෙන පක්ෂයට ඡන්දය දෙයි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


පුරාවිද්‍යා චක‍්‍රවර්තී  එල්ලාවල මේධානන්ද නාහිමි

sohona


රුසියාවේ පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයෙක් තමාට විවාහ හතක් කර ගැනීමට මුස්ලිම් ආගමික නීතිය අනුව රජයෙන් අවසර පැතීය. මෙයට පිළිතුරු දුන් රුසියානු රජයේ අධිකරණ ඇමැතිවරයා රුසියාවේ සිටින මුස්ලිම් ජාතිකයන් කි‍්‍රයා කළ යුත්තේ රුසියානු නීතිය අනුව මිස මුස්ලිම් ආගමික නීතියට අනුව නොවේ යැයි කියා ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. අපේ රටේ මේවා සිදුවන්නේ කෙසේද? සියයට (7%) මෙය මෙවර සංගණනය අනුව වෙනස් වී සියයට 2.2% ක (මුස්ලිම් සංවර්ධනයක් ඇති බව පෙනේ.) සිටින මුස්ලිම්වරුන් සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් බහුතර ජනතාවට කොකා පෙන්වීමට අර ඇඳීම නොවේද?

 
ghxthxth මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු නායකයා වූ අශ්රොප් මහතා නැගෙනහිර පළාතේ පමණක් නොව මුළු රටේම ඇමැතිකම හා මුදල් බලය යොදවමින් මුස්ලිම් ජාතිවාදය ඇවිළවීමට කි‍්‍රයා කළ ආකාරය පැහැදිලිය. රජයෙන් ලැබිය හැකි උපරිම වරප‍්‍රසාද හා ඉල්ලීම් ලබා ගත්ත ද ඉන් සෑහීමකට පත් නොවූයේය. මේ අතර අනතුරකින් අභාවයට පත් විය. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස පැමිණි රවුෆ් හකීම් මහතා රජයෙන් ෂයිලොක්ගේ මස් රාත්තල ඉල්ලා සිටියේය. වෙස්සන්තර වුවත් දීමේ සීමාවක් තිබිය යුතුය. ඔහු මුස්ලිම් කලාපයට පෙර කල්මුණේ දිස්ති‍්‍රක්කයක් ඉල්ලා සිටියේය. මේ එක් ඉල්ලීමක් පමණි. මේ අසාධාරණ ඉල්ලීම් දීමට පාලකයන් නිවටව කැමැති වී සිටිය ද හකීම් මහතාගේ අති ධාවනය අවසන් වූයේ වෙනත් දේශපාලන පිළකට පැනීමෙනි. දෙමළ හා මුස්ලිම් සුළු ජන කොටස්වල ඇති මේ පෙළඹවීම දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන්ගේ මෙහෙයවීම් හා සිංහලයාගේ කුළල් හා ගැනීම නිසා සිදුවන බව කිව යුතු නැත.
 
 දැන් සිදුවේ ගෙන එන අලූත්ම තත්ත්වය කුමක්ද? එකම පක්ෂයකින්වත් නැගෙනහිර පළාතට සිංහල මන්තී‍්‍රවරයකු පත් නොවන ලෙසට වැඩ සලසා තිබීමය. මෙහි මුස්ලිම් රටවලින් ලැබෙන ආධාර භාර ගත්තේ මේ රටේ මුස්ලිම්වරුමය. ඒවා බෙදා දිය යුත්තේ ද මුස්ලිම් වර්ගයාටය. නිදසුනක් ලෙස දක්වතොත් පසුගිය දිනවල මුස්ලිම් රටකින් මේ රටට විශාල රටඉඳි තොගයක් ලැබිණි. එය භාර ගත්තේ කවුරුන් ද යන්න රූපවාහිනිය නරඹන්නන් දකින්නට ඇත. එපමණක් නොව ඒවා බෙදා දීමට නියමිත වූයේ ද මුස්ලිම් ප‍්‍රදේශවලටය. මේ රටේ අනෙක් ජනතාවට රටඉඳි තිත්තද? එහෙත් ඔවුන්ගේ ඉල්ලීම්වල අඩුවක් වී තිබේද?
 
  අෂ්රොප් මහතා වැඩිපුර මුස්ලිම් ඡුන්ද ඇති ප‍්‍රදේශවලට මුස්ලිම් කොංග‍්‍රසයෙන් ද වැඩිපුර සිංහලයන් සිටින ප‍්‍රදේශවලට ජාතික පෙරමුණෙන් ද අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. ඒ අනුව මුස්ලිම් මන්තී‍්‍රවරුන් හා මුස්ලිම් කොංග‍්‍රසයෙන් නටවන සිංහල මන්තී‍්‍රවරු ද මේ පක්ෂ දෙකෙන් පාර්ලිමේන්තුවට  ගියහ. මේ නිසා මුස්ලිම් නියෝජනය පාර්ලිමේන්තුවේ වැඩි විය. රවුෆ් හකීම් මහතා ප‍්‍රබල දේශපාලන පක්ෂයකට එක් වී එම පක්ෂයේ ලකුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර මුස්්ලිම් ඡුන්ද වැඩිපුර ඇති ප‍්‍රදේ්ශවලට මුස්ලිම් කොංග‍්‍රසයෙන් අපේක්ෂකයන් ඉදිරිත් කරයි. මේ සියලූ දෙනා මුස්ලිම් ජාතිකයෝ වෙති. මේ අනුව අනාගත පාර්ලිමේන්තුවට මුස්ලිම් නියෝජනය වැඩි වෙයි. එක අතකින් සිංහල, දෙමළ ජනානුපාතය අඩු වෙයි. මුස්ලිම් ජනානුපාතය වැඩි වෙයි. සිංහල නමින් පෙනී සිටින මැති ඇමැතිවරු වැඩියෙන් සිටිය ද ඔවුහු සිංහලයෙන් මළවුන් වැන්න. (යෙපමත්තා යථා මතා)
 
 දෙමළ මිනිසා දෙමළ වර්ගයාට ඡුන්දය දෙයි. මුස්ලිම් මිනිසා මුස්ලිම් මිනිසාට ඡුන්දය දෙයි. මෝඩ සිංහලයා මහ ජාතියෙන් කතා කරමින් ස්වකීය වර්ගයා මරාගෙන පෝළිම් බිඳගෙන ගොස් පක්ෂයට ඡන්දය දෙයි. ජාතිය විනාශ වෙයි. විජාතිය නැෙඟයි.
 
 ඇෆ්ගනිස්ථානයේ සිදුවන සටනට තලේබාන්වරුන්ට පක්ෂව ලංකාවෙන් මුස්ලිම් මිනිස්සු යෑමට සැදී පැහැදී සිටියහ. පෙළපාලියෙති. ඔවුන් තමා සිටින මේ රටේ ඇති ත‍්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීමට යෑමට එක මුසල්මානුවෙක්වත් ඉදිරිපත් නොවේ. කි‍්‍රකට් තරගයෙන් පකිස්ථානය ජය ගන්නා විට අත්පොළසන් දෙන මොවුන් ලංකාවට ජය හිමි වෙන කොට අත් බැඳ ගනිති. ඔවුන්ගේ මනස තිබෙන්නේ අරාබිකරයේ වන අතර ශරීරය තිබෙන්නේ ද ශරීරකෘත්‍යය කෙරෙන්නේ ද ලංකාවේය. මෝඩ තකතීරුවන් සිටින රටකට ඔබින්නේ ද එය යැයි ඔවුන් සිතනවා විය යුතුය.
 
 දෙමළ ජාතික හමුදාව යටතේ මුස්ලිම් තරුණයන් දහස් ගණනකට පුහුණුව ලැබිණ. ඒ සඳහා වයඹ පළාතෙන් පමණක් 450 දෙනෙක් සහභාගි වූහ. ඉන්දීය මහ කොමසාරිස්ගේ අනුග‍්‍රහයෙන් ඔවුන්ට ඒ. කේ. 47 ගිනි අවි ලැබිණ. ලිබියාව, ඉරානය, ඉන්දියාව මුස්ලිම් කොංග‍්‍රසයට කෝටි ගණනින් මුදල් දුන්නේය. කොළඹ මුස්ලිම් කොංග‍්‍රසයේ පක්ෂ මූලස්ථානයට මිලට ගැනීමට ලිබියානු නායක මුවම්මර් ගඩාපි ලක්ෂ පනහක් දුන්නේය. ඉරානයෙන් ද ලක්ෂ පනහක් ලැබිණ. වරකාපොළින් අක්කර දහයක් මිලට ගත්තේය.
 
 අම්පාර දිස්ති‍්‍රක්ක ( දිගාමඩුල්ල) ජනානුපාතය බලන්න. ප‍්‍රාදේශීය උප ලේකම් කොට්ඨාසය අනුව මෙය පැහැදිලි කළ හැකිය.
 
pura
 
 
 මෙයින් දෙහිඅත්තකණ්ඩිය අතහැරී ඇත. එහි සියයට 99 ක්ම සිංහල වෙති. දැන් දෙමළ මුස්ලිම් ජන සංඛ්‍යා සලකන විට සිංහල ජන සංඛ්‍යාව වැඩි බව පැහැදිලිය. මෙසේ තිබියදී මුහුදු තීරයේ සිංහල රජුගේ අනුකම්පාවෙන් නවාතැන් ගත් පුරවැසියන් (රටවැසියෝ නොවෙති) පාර්ලිමේන්තු නියෝජනය අල්ලන හැටි නොපෙනේද?
 
 පසුගිය කාලයේ පොතුවිල් ආසනයට තරග කළ අසිංහල අපේක්ෂකයෙක් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තමාට සිංහලයන්ගේ ලේ මත පීනන තෙක් නින්ද නොයන බවය. ඔවුන් පානම් පත්තුවේ සිංහලයන්ගේ ඔකඳ දේවාලය ඒ දිනවලම අල්ලා ගත්තේය.
 
 අම්පාර දිශාව වෙන්කරන ලද්දේ 1961 වර්ෂයේදීය. එයට එක්කළ බින්තැන්න පත්තුව පෙර තිබුණේ මොනරාගල දිශාවට අයත්වය. සිංහලයන් බහුල දිශාවකට අයත්ව පැවති මේ කොටස අම්පාර දිශාවට එක් කිරීම ගැන එදා සිංහලයන් කතා කළේ නැත. මේ හේතුවෙන් අම්පාර දිස්ති‍්‍රක්කයට අයත් සමන්තුරේ, කල්මුණේ, පොතුවිල් යන මන්තී‍්‍ර කොට්ඨාසවලට වඩා විශාල බිම් ප‍්‍රමාණයක් අම්පාර (දිගාමඩුල්ල) මන්තී‍්‍ර කොට්ඨාසයට එක් විය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයට අයත් භූමියෙන් 99% ක්ම නැතහොත් එයට වැඩි ප‍්‍රමාණයක් අයත් වන්නේ මේ කොට්ඨාසයටය. ඊට අමතරව වර්තමාන සංවර්ධිත මහවැලි සී කලාපය ද අයත් වන්නේ මේ භූමියටය.
 
 අම්පාර දිශාවට අයත් වැවගම්පත්තුව 1919 වර්ෂයට මුලින් පැවතියේ මඩකලපුව දිශාවට අයත්වය. එහෙත් එම මුළු පත්තුව තුළම දෙමළ හෝ මුස්ලිම් පදිංචියක් නොවීය. එවක පාලක ඒකකයක් ලෙස මෙය නොපැවතුණු අතර දෙමළ වන්නියාර්වරුන් විසින් ඉංගී‍්‍රසි පාලකයන් යටතේ පාලනය කෙරිණි. මේ නිසා මේ ප‍්‍රදේශයේ අසිංහල පීඩනවලට නොයෙක් අන්දමින් භාජනය වූයේය. මේ තත්ත්වය නිසා බි‍්‍රතාන්‍ය පාලකයෝ 1919 දී නාඩුකාඩු නමින් හැඳින්වෙමින් තිබුණු මේ පෙදෙස වැවගම්පත්තුව නමින් පාලන කලාපයක් කළේය. පසුව එය අම්පාර දිශාවට අයත් විය. දකුණේ කුඹුක්කන් ඔයේ වම් ඉවුරද උතුරින් පොළොන්නරු දිශා සීමාව ද හිමිකොට ඇති සිංහලයන් බහුතරයක් වාසය කරන අම්පාර (දිගාමඩුල්ල) දිශාවට පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනයක් නැති වනවිට සිදුවන්නේ කුමක්දැයි ඡුන්දය දීමටත් මොළයක් ඇති නම් නැවතත් සිතා බැලිය යුතුය. එසේ නොවුණහොත් අග්නිදිග මුස්ලිම් කලාපයක් එහි අතුරු නගර ලෙස බේරුවල ද පුත්තලම ද මඩවල ද පඟරගම්මන ද අකුරණ ද නම් කෙරෙන බවත් පැහැදිලි ලෙසට පෙන්වා දෙමි. ප‍්‍රභාකරන්ගේ ඊළමට ද උඩින් මෙරට අරාබිය හෝ පකිස්ථානය බිහිවනු ඇත. ඉන්පසු ජිහාඞ් (ශුද්ධ යුද්ධය) බිල්ලාදින් න්‍යායෙන් ඇෆ්ගන් තලේබාන් මූලධර්මයෙන් මේ රට තුළ ඇවිළෙනු අත.
 
 ඒ අනුව නැගෙනහිර ඇල්ලීමේ ප‍්‍රයත්නය දැන් ආරම්භ කර තිබේ. එහි පළමුවන පියවර නැගෙනහිර පළාතේ ඇති පුරාවස්තු සහමුලින්ම විනාශ කිරීමයි. ඒත්තම, මොට්ටමලේ හරියට නමක් නැති ස්ථාන රැුසක් ඇති පුරාවස්තු සහමුලින් විනාශ කර දමා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් එහි අධ්‍යක්ෂ ජනරාල්ටවත් ඇමැතිවරයාටවත් ඊට ඉහළින් සිටින ලොක්කෙකුටවත් මොවුන් සලකන්නේ නැති බව පැහැදිලි වේ. ආරච්චිපිඞ්ඩි නම් ස්ථානයේ කි‍්‍ර. පූ. යුගයේ සිට පැවතෙන පුරාවස්තු සමූහයක් ඇත. ගොඩනැඟිලිවල ගල් කණු ස්තූප ආදිය නටබුන් මේ භූමියේ විසිර පවතී. මෙම පුරාවස්තුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීමා නියම කර කොන්කී‍්‍රට්වලින් සාදන ලද සීමා කණු සවිකර තිබිණි. මේ සියලූම කණු ගලවා අසල ඇති ලඳු කැලයට විසිකර ඇත.
 
 මේ සමග ඇති පිංතූරයෙන් ඔබට එය පැහැදිලි වනු ඇත. චෛත්‍යය කපා තුනී කර ඇති අතර එහි සොහොනක් ද ගොඩනඟා තිබේ. සොහොන කොළ පාට රෙදිවලින් වසා අරාබි අකුරු සහිත රෙදි ඔතා මතුපිටින් තබා ඇත. සෑම ගල් කණුවක්ම කොළ පාට තීන්ත ගා කොළ පාට රෙදිවලින් ඔතා තිබේ. ස්ථානයේ සියලූම පුරාවස්තු විකෘතියට පත් කර ඇත. මේ සෙල්ලම නටන්නට කි‍්‍රයා කර ඇති මුස්ලිම්වරුන්ට විරුද්ධව කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් දෙපාර්තමේන්තුවේ ලොක්කන් විසින් නොගන්නා ලද්දේ මක්නිසාදැයි බෞද්ධයන් විසින් මහ හඬක් නැඟිය යුතුය.
 
 භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන්ට නියතින් උරුම වන පැරණි බෞද්ධ ස්ථානයක පැළක් හැදුවොත් උන්වහන්සේ අල්ලාගෙන ගොස් හිරයට දමන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරච්චිපිඞ්ඩිවල කර ඇති මේ පුරාවස්තු විනාශය ගැන නිහඬ වී සිටින්නේ ඇයි? දේශපාලකයන් බොටුව මිරිකන විට මේ අසරණ නිලධාරීන් කුමක් කරන්නද? මුස්ලිම්වරුන්ට පුරාවිද්‍යා නීතිය බලපාන්නේ නැද්ද? එසේ නම් අපේ හාමුදුරුවන් ලංකාවේ සියලූ පුරාවිද්‍යා බිම්වල වහා පන්සල් හදා ගෙන කොන්දක් නැති පුරාවිද්‍යා නිලධාරීන්ට කොස්සෙන් පහරදී එළවා දැමිය යුතු යැයි අපේ ගරු හාමුදුරුවන්ට මම ආයාචනා කර සිටිමි. එසේ නොවීමට නම් විනාශ කරුවන් අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බව අවධාරණයෙන් මතක් කරමි.
 
 දිගාමඩුල්ලේ රාජ්‍ය සේවකයන්ට හා බෞද්ධ සංවිධානවලට ජිහාඞ් සංවිධානයෙන් සයින්¥මරුන්දු ලිපිනයෙන් පෙර එවූ වහා පිටවීමේ තර්ජනාත්මක ලිපි මෙහි පෙරනිමිත්ත බව ද අප මතක තබාගෙන රැුකිය යුත්තේ පක්ෂය ද රට ජාතිය ද යන්න දැන්වත් කල්පනා කරත්වා.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles