Divaina - සිංහලයාගේ උපත හා විපත...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

Sinhalaye1

 

පුරාණ ඉරානයේ (එදා යුගයේ පර්සියාව) විසූ එක්තරා දියුණු මනුෂ්‍යය කොට්ඨාශයක් එතැනින් යුරෝපය දෙසටත් ඉන්දියාව දෙසටත් ගමන් කොට ඒ ඒ පෙදෙස්වල රාජ්‍ය පිහිටුවා ගත්හ. මොවුන් ආර්යයන් නමින් හඳුන්වනු ලැබූ අතර ඔවුහු කතා කළ භාෂාව ආර්ය කුලකයට ගැනෙන භාෂාවන් ගේ මූලය විය. එක් එක් ප‍්‍රදේශවලට විසිර ගිය හෙයින් ද විශාල කාලයක් තිස්සේ විවිධ පරිණාමයන්ට භාජන වූ හෙයින් ද එක් එක් ප‍්‍රදේශවල භාවිතා වූ භාෂාවන් එකිනෙකට වෙනස් වන්නට විය. එහෙත් මේ සියලූ භාෂාවන් තුළ බහුලව භාවිත වන වචනවල එක්තරා සමානත්වයක් දක්නට ඇත. ඉන් සමහරක් පහත දැක්වේ ද්‍රවිඩ භාෂාව ආර්ය භාෂාවක් නොවන හෙයින් එහි ඇති අසමානතාවද මෙහි දැක්වේ. සිංහල භාෂාවේ ඇති වචන යම් ප‍්‍රමාණයක් ද්‍රවිඩ භාෂාවේ ද ඇති අතර ඒවා භාෂා අතර සම්මිශ‍්‍රණයවීමක් ලෙස සැලකිය හැක. එහෙත් මෙම ද්‍රවිඩ වචන අනෙකුත් ආර්ය භාෂාවන් තුළ නොතිබීමෙන් පෙනී යන්නේ දෙමළ භාෂාව ආර්ය භාෂාවක් නොවන බවයි.
 
Sinhalaye2 ලංකාවේ රාජ පරම්පරාව මහාවංශ කතුවරයා වන මහනාම හිමියන් ආරම්භ කොට ඇත්තේ විජය රජතුමාගෙන් වුවද විජය ලංකාවට ගොඩ බසින විට ලංකාවේ ශිෂ්ට සම්පන්න ජන සමූහයක් විසූ බවට කුවේණියගේ සළුපිලි නිර්මාණය හරහා ද විජය ගොඩබට මහාතිත්ථ වැනි වරායන් වලින්ද විජයගේ පිරිවර 700 ම සැණකින් අත්අඩංගුවට ගෙන සිර කර තැබීමට කුවේණියට තිබූ හමුදා ශක්තියද සාක්ෂි දරන්නේය. මෙහි ඇති අභාග්‍ය නම් එවකට ලංකා රාජිනියක් වූ කුවේණිය යකින්නක් ලෙස හංවඩු ගසා ඇය මන්තර බලයෙන් විජයගේ පිරිවර අතුරුදන් කළේ යැයි ඉතිහාස ග‍්‍රන්ථවල පෙන්වා දීමය. සිංහල ජාතිය සිංහයෙකුගෙන් ඇති නොවූ අතර ජීව විද්‍යාත්මකව ද එය කිසිසේත් සිදුවිය නොහැක.

ජාතිය වෙනුවෙන් තවමත් ඉදිරියට ගෙනයන මෙම මිථ්‍යාවන්ට තිත තැබිය යුතුමය. මේවා හරියට බ‍්‍රාහ්මණ වංශිකයෝ මහබඹාගේ මුඛයෙන් ආවා යැයි කියන්නා සේද මුල්ම මනුෂ්‍යයන් වන‘‘ආදම්’’ මැටි පිඩකින් ද ‘‘ඒව’’ ආදම්ගේ ඉල ඇටයකින් තැනුවා යැයි කියන මිථ්‍යා කතන්දර මෙනි. සිංහල ජාතිය බිහිවූයේ ලංකාවේ අවුරුදු 26,000 කට පෙර තිබූ මහා සම්මත රාජධානියෙනි. එකල ලංකාව හෙළදිව යනුවෙන් හැඳින්වූ අතර හෙළයින් සතර වර්ගයක් ජීවත්වූ හෙයින් සිව්හෙළය වශයෙන් හැඳින්වීය. සිව්හෙලය සිංහලය විය. භාෂාව හෙළබස නොහොත් සිංහල භාෂාව විය. ලංකාවේ සිටි සතර වර්ගයවූයේ යක්ෂ නාග, රාක්ෂ හා අසුර වංශිකයෝය මෙම සතර වර්ගයම හෙළයෝ වූහ. මොවුන් යක්කු නයි දෙවියන්ට විරුද්ධ අසුරයෝ (සුර /අසුර) හා රකුසෝ නොව මනුෂ්‍යයෝය. යක්ෂ කොටස් සතුන් දඩයම් කිරීමෙන් ද අසුර හෙවත් අස්වද්දන්නන් ගොවිතැන් කරමින් ද (මොවුන් දේව නමිනුත් හැඳින්වේ) නාගගෝත‍්‍රයේ මනුෂ්‍යයෝ වෙළ`ද හා වාරි කටයුතු ද රාක්ෂ හෙවත් රට රක්ෂණය කරන්නෝ හමුදා කටයුතු වලද යෙදුණහ.

ශිෂ්ට සම්පන්නව දිවි ගෙවූ මේ මනුෂ්‍ය කොට්ඨාස හතරට රජ කෙනෙකුගේ අවශ්‍යතාව පැන නැගී මේ ස`දහා සුදුසුකම් ඇතොත් සහභාගි වන ලෙස රට පුරා අණබෙර යැවීය. විශාල සටන් පරීක්ෂණ හා මනස්කාන්ත අංගම්පොර සංදර්ශනයකින් සමත් ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ මනු නමැති එක්තරා යක්ෂ , ගෝත‍්‍රිකයෙක් සිව් හෙලයේ රජු ලෙස මහා සම්මත මනු නමින් අභිෂේක ලැබීය. සිව්හෙළයේ හෙවත් සිංහලයේ ආරම්භය එතැනයි මෙය සිදුවූ ප‍්‍රදේශය මනු ආ අරම නමින් ප‍්‍රසිද්ධ වූ අතර කල්ගත වෙත්ම එය මන්නාරම විය. මුල්ම රාජධානිය වූයේද මන්නාරමයි. සිංහලයේ මහාසම්මත භූමිපුත‍්‍ර පක්ෂයේ නායක හරිශ්චන්ද්‍ර විජේතුංග මහතාගේ මතයට හා යම් ඉතිහාස පෙන්වාදීම් වලට අනුව සිව් හෙලයේ විවිධ ප‍්‍රදේශ පාලනය කළ ප‍්‍රාදේශීය නායකයන් වන
ගාමණී වරුන්ගේ වැඩි ඡුන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මහා සම්මත රජු පත් කළ බව පෙන්වා දෙයි.
 
 මහාසම්මත පෙළපතෙහි රජවරුන් 28 දෙනකුගේ නම් සඳහන්ව ඇත. මහාසම්මත මනු, රෝජ, වරරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ,උපෝසථ, මහමන්දාතු, වරමන්දාතු, චේතිය, චේතියගේ පළමු, දෙවන, තෙවන, සිව්වන, හා පස් වනපුතු මහ මුචලින්ද, මුචලින්ද පළමුවන හා දෙවන සාගර, භරත රුචි, සුරුචි පතාප, මහා පතාප, පහද, සුදස්සී, නෙරූප, මහා නෙරූප, සහ අසිරිමත් යනුවෙනි මේ සියලූ දෙනාම පුත‍්‍ර පෙළපතින් පැවත ආ අය වූහ. මහා මන්දාතු රජු චක‍්‍රවර්ති රජෙක් වූ අතර ඔහු යටතේ දකුණු ඉන්දියාව ද පැවති බව ඉන්දියානු ඉතිහාසය සාක්ෂි දරයි. අසිරිමත් රජුගෙන් පසුව රජකමට ඔහුගේ පවුලේ අයෙක් නොසිටි අතර මනු රාජවංශය අවසාන විය. ඉන්පසු තාරකා රාජවංශය, මහබලි රාජවංශය හා රාවණා රාජවංශය විය.
 
 
රාවණා රාජවංශය පැවැතියේ අදින් වසර 5000 කට පෙරය. රාවණා රජු දක්ෂ වෛද්‍යවරයෙක් වීණා වාදකයෙක් හා ඉහළම ගණයේ යුද ශූරයෙකි. ඔහුගේ බලපරාක‍්‍රමය සිංහලයෙන් එපිට රටවලට ද විහිදී  ගියේය. රාවණා සඳහා අදත් බාලි දූපත්වල හා බැබිලෝනියාවේ පුද පූජා පවත්වති. පුදුම හතෙන් එකක් වූ බැබිලෝනියාවේ එල්ලෙන උයන රාවණාගේ උපදෙස් මත හැදූ බව එහි සඳහන් කොට ඇත.
 

ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන් ගැන බැබිලෝනියාවේ මැටි පුවරුවක සඳහන්ව ඇත. රාවණාගේ සංකේතයද  සිංහ මූණකි. සිව් හෙලය සිංහලය බවට මෙකල පරිවර්තනය වන්නට ඇත. ප‍්‍රකාශ නාල හරහා සූර්යාලෝකය තවත් තැනකට ගෙන යෑම රසදිය ඇතුළු නොයෙකුත් සංයෝග මගින් අධික තාපය නිපදවා ඉන් ලබාගත් ජල වාෂ්ප පීඩනය මගින් හැසිරවිය හැකි සුළඟ ආධාරයෙන් ගමන් කරන ගුවන් යානා, රසායනික හා විද්‍යාත්මක අවි මේ යුගයේ පැවති බවට සාක්ෂි ඇත. සිංහලයන් ගේ මේ විශ්මිත දක්ෂකම් නිසා කිසිදු දේශයක් සශ‍්‍රීක ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට පෙළඹුණේ නැත.

සීතා සම්බන්ධව ඇතිවූ සටනකින් රාවණා ජීවිතක්ෂයට පත්වූයේ හෙළයෙකුගේම පාවාදීම නිසාය. පාවාදීමේ ගතිය එදාද අද මෙන්ම සිංහලයන් තුළ පැවතිණි. විජය රජු ඇතුළු පිරිස ලංකාවට ගොඩ බසින්නේ ආක‍්‍රමණයකු ලෙස නොව පිටුවහල් කරන ලද තැනැත්තෙකු අහඹු ලෙස පැමිණීමක් ලෙසය. එදිනවල පෙර මෙන් ප‍්‍රබල රාජ පරම්පරාවක් රටේ සිටියේ නැත. කුවේණිය හා විජය අතර ඇතිවූ ආදර සම්බන්ධතාව විදේශිකයෙකුට රටේ රජකම පරිත්‍යාග කිරීම දක්වා දුර දිග ගියේය. විජයට දාව කුවේණිය ලද දරුවන් දෙදෙනා වන ජීවහත්ථ හා දිසාලා වැඩිවිය පැමිණි පසු කුවේණියත් සමග රජ මාළිගයෙන් පිටුවහල් කිරීමට විජය කටයුතු කළේය. රටටත් නෑදෑයින්ටත් කළ හතුරුකම් හේතුවෙන් කුවේණියගේ නෑදෑයෝ ඇය මරා දැමූ අතර ජීවහත්ත හා දිසාලා කඳුකරයට පැන ගියෝය.

ඉන්පසු දකුණු ඉන්දියාවේ පඬුරට රජුගේ දියණිය ලංකාවට ගෙන්වා ඇය විවාහ කර ගත් විජය ක‍්‍රිස්තු පූර්ව 543 සිට 505 දක්වා ලංකාවේ රජ කළේය. එම විවාහයෙන් විජයට දරුවන් ලැබුණේ නැත. ඉන්දියාවේ සිංහ පෙළපත ලංකාවේ එතනින් ඉදිරියට ගෙනගියේ විජයගේ සොහොයුරු වන සුමිත්ත ගේ පුතා පණ්ඩුවාසදේව කුමාරයාය. ඔහු විවාහ වූයේ බුදුන් වහන්සේගේ බාප්පා කෙනෙකු වූ අමිතෝදන රජුගේ පුතුගේ දියණිය සමඟිනි. ඇය භද්දකච්චායනා නම් වූ අතර පඬුවස්දෙව් කුමාරයා සමඟ විවාහ වූ පසු ඇය පුතුන් දස දෙනකුත් එකොලොස් වෙනියා ලෙස දියණියකුත් ප‍්‍රසූත කළාය. චිත‍්‍රා නම් වූ ඇය ලබන පිරිමි දරුවා තම මාමාවරුන් ඝාතනය කොට රටේ රජකම ලබා ගන්නා බව ප‍්‍රකාශ කිරීම නිසා ඇය ගැබ් ගැනීමෙන් වළක්වනු පිණිස කණුවක් මත සෑදවූ කාමරයක සිර කරනු ලැබීය. එම එක් ටැම් ගෙය මුර කරනු පිණිස කාලවේල හා චිත‍්‍රරාජ නම් යක්ෂ ගෝත‍්‍රික නායකයන් දෙපළක් පත් කළ බවත් ඉතිහාසයේ සඳහන්ය.

චිත‍්‍රා කුමරියගේ මස්සිනා වන දීඝගාමිණී යන අය ඉතා රහසිගතව චිත‍්‍රා කුමරිය සමග හාදකම් පවත්වා ඇය ගැබ් ගත් අතර ඇය ලැබූ කුමරු මාළිගයෙන් පිටමං කොට හැදී වැඞී මාමාවරු සියලූ දෙනමරා දමා පණ්ඩුකාභය නමින් ලංකාවේ රජ විය. ජනප‍්‍රවාදයේ එන තවත් කරුණක් නම් ඇය ගැබ් ගත්තේ ඇගේ මුරට සිටි චිත‍්‍රරාජ නම් යක්ෂ ගෝත‍්‍රික නායකයා අතින් බවත් ඒ හේතුව නිසා ඔහු මරණයට පත්කළ අතර රහසේ පිටමං කළ පණ්ඩුකාභය කුමාරයා එතැන් පටන් හැදී වැඞී ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ සම්පූර්ණයෙන්ම යක්ෂ ගෝත‍්‍රිකයෙක්ගේ උදව්වෙන් බවත්ය.

ප‍්‍රවාදයට අනුව පණ්ඩුකාභය රජුගේ සිට ඉන්දියානු සිංහල පරම්පරාව අවසන් වූ බවත් යළිත් රට පාලනය හෙළයින් අතට පත් වුණු බවත් අවබෝධකර ගත හැකිය. පසුව බුදුදහම සමග ජීවත් වන්නට පුරුදු හෙළයාගේ අදත් දක්නට ලැබෙන ගුණාංග රාශියකි.... එනම් කලබල නොවීම, ලද දෙයින් සතුටු වීම, අනෙක් අය කරන ලද වරදක් ඉතා ඉක්මනින් අමතක කර දැමීම. කරන ලද හොඳක් සදා කාලයටම මතක තබා ගැනීම හා ඊට හැකි පමණින් කෘතගුණ සැලකීම. සිංහලයාට ඕනෑම දෙයක් සතියට වඩා මතක හිටින්නෙ නෑ යනුවෙන් අපහාසයට ලක් වන්නේ ඉහත සඳහන් යහපත් ගුණාංග නිසාය.

පරසතුරු ආක‍්‍රමණ සිංහල ජාතිය යටත් කොට විටින් විට රට අල්ලා ගත්තද සියල්ලක්ම සිදු වී ඇත්තේ රාජ්‍යපාලනය දුර්වල වූ අවස්ථා වලදීය. එහෙත් නැවත ශක්තිමත් නායකයෙක් පහල වී සතුරන් මෙල්ල කළ අවස්ථා එමටය. වර්තමානයේ වුවද අපට මේ සඳහා උදාහරණ ඇත. විජය ලංකාවට පැමිණෙන විට හමුවූ කුවේණිය හා අදහස් හුවමාරු කරගැනීමට ඇයට කිසි බාධාවක් නොවූයේ ඒ අවස්ථාවේ හෙළයින් භාවිත කළේ ආර්ය භාෂාවක් හෙයිනි. එබැවින් ඒ යුගයේ ලංකාවේ සිටියේ දෙමළ උදවිය යැයි සමහර පඬිවරු ගෙනෙන තර්කය බිඳී යන්නේය. අවුරුදු විසි හය දහසකට එහා සිට පැවත එන සිංහල ජාතිය වඳකර දැමීමට යමෙක් කල්පනා කරන්නේද එයම ඔවුන්ගේ අභාග්‍යය බව සිහියට ගත යුතුය. පාලනය දුර්වල වකවානුවල කෙනෙකුට එසේ සිතුනද ඒ සමගම ප‍්‍රබල නායකයකු පැමිණ සිංහලයන් ආරක්ෂා කරන බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳය. අන්තිම සිංහලයාගෙන් පාවහන් යුගලයක් සාදා පළඳින සටන අත් නොහරිමු යි කියා විශාල විදේශ ආධාර ලබාගෙන සටනට ආ අය නන්දිකඩාල් කලපුවේ නිර්වස්ත‍්‍රව සැඟවී සිටියදී හෙළයින්ගේ වෙඩි පහරින් මියගියේය.
 
 බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද කිසිම කරුණක් බොරු වී නැත. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් තුළින් බුදුදහම තව තවත් ඔපවත් වන්නේ යැයි ආතර් සී ක්ලාක් මහතා තම ගැඹුරු මුහුද නමැති කෘතියෙන් පැහැදිලි කළේ එහි ඇති සත්‍ය බව මැනවින් අවබෝධ කරගෙනය. වසර පන්දහසක් එනම් තවත් වසර 2500 ක් බුදුදහම ඉදිරියට මනුෂ්‍ය භාවිතයේ පවතින්නේ යැයිද එයරැුක ගන්නේ ලංකාදීපයේ හෙළයින් විසින් බවද උන්වහන්සේ දේශනා කොට ඇත. මින් ගම්‍ය වන්නේ හෙළබිමේ තව අවුරුදු 2500 කටත් එහා හෙළයින් ජීවත්වන බවයි. ආර්ය භාෂාවන්ගෙන් හා ආර්ය ගුණාංගයන්ගෙන් පොහොසත් මහා සම්මත මනු රජ පරපුරේ සිට අනාදිමත් කාලයක් තිස්සේ මෙම දිවයිනේ ජීවත් වන හෙළයකු වීම අපට ආඩම්බරයක් නොවේද?
 
 ආශ‍්‍රිත ග‍්‍රන්ථ- ගෞරව තියඩෝර් ජී. පෙරේරා පියතුමා ගේ ”සිංහල භාෂාව”
 මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ ”සිංහලයෝ”,”වර්ගපූර්ණිකාව”,”මහාවංශය” 

චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ
  


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles