Divaina - 2003 උතුරේ හමුදා කඳවුරු වෙන තැන්වලට ගෙනයෑමේ ඉන්දීය මෙහෙයුමෙන් කොටි උපක්‍රමය සාර්ථකවී පලාලි ගුවන් අංගනයට මෝටාර් එල්ලවූ හැටි....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

N4 5

2003 වසරේ මැයි මස ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් ජේකබ් සහ හමුදා ලූතිනන් ජනරාල් සතිස් නම්බියාර් මෙරටට පැමිණියහ.
 
 මොවුන් මෙරටට පැමිණියේ අධි ආරක්‍ෂක කලාප ගැන අධ්‍යයනය කර රජයට වාර්තාවක් දීමටය.
 
 ඒ වන විට අධි ආරක්‍ෂක කලාපවලින් පිටත හමුදා කඳවුරු 152 ක් තිබුණි. මෙම ඉන්දියානුවන් මෙරටට පැමිණීමෙන් පසු එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි තිලක් මාරපන පැවසුවේ අධි ආරක්‍ෂක කලාපවලින් පිටත ඇති හමුදා කඳවුරු 64 ක් වෙනත් ස්ථානවලට ගෙනයන බවයි.
 

 මෙලෙස ශී‍්‍ර ලංකාවේ හමුදා කඳවුරු වෙනත් ස්ථානවල පිහිටුවීම සඳහා විදේශිකයන්ගේ සහාය ලබාගැනීම වැනි ක‍්‍රියාමාර්ග ඉන්දියාවේ සිදුවේද? එහෙත් එදා රජය සතිෂ් නම්බියාර්ට හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයෑමේ කාර්යභාරය පැවරුවේය.
 
 මෙලෙස හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට රජය තීරණය කළේ හමුදා කඳවුරු නිසා ජනතාව අවතැන් වූ බව කොටි සංවිධානය පැවසීමය.
 
 එහෙත් එවකට යාපනයේ හමුදා ප‍්‍රධානියාව සිටි සරත් ෆොන්සේකා පැවසුවේ කොටි සංවිධානයේ දිගු දුර අවි, මෝටාර් අවි නිරායුධ විය යුතු බවය. ඉල්ලීම කොටි සංවිධානය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.
 
 
N4 6මේ අතර එදා පැවැති වික‍්‍රමසිංහ රජය අධි ආරක්‍ෂක කලාපවලින් පිටත පිහිටි හමුදා කඳවුරු 152 ක සංඛ්‍යාව 88 ක් දක්වා අඩු කිරීමට තීරණය කෙරිණි. මේ සමයේ ආරක්‍ෂක ලේකම් වූයේ ඔස්ටින් ප‍්‍රනාන්දුයි. මෙහිදී අධි ආරක්‍ෂක කලාප අහෝසි කළ යුතු යැයි කොටි සංවිධානය රජයෙන් ඉල්ලා තිබුණි.
 
 මේ හැර මුහුදු කොටි සංවිධානය වෙනම නාවික ඒකකයක් ලෙස පිළිගන්නා ලෙස රජයෙන් ඉල්ලා ඇත.
 
 එහෙත් රජය එම ඉල්ලීමට එක`ග වූයේ නැත. මෙලෙස ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යෑමට රජය ඉන්දීය විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහාය පැතීම ගැන හමුදාව තුළින් එරෙහි වීමක් නොවුණි.
 
 මෙය පුදුමයක් නොවේ. හමුදාපතිව සිටි ලයනල් බලගල්ල සහ නෝර්වේ හිතවාදී මිලින්ද මොරගොඩ නාගර්කෝවිල් හමුදා කඳවුර වෙත ගොස් එහි ප‍්‍රධානියාව සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න අමතමින් කොටි පරාජය කිරීමට නොහැකි බව පැවසීම තුළින් එදා හමුදා බලධාරීන්ගේ තත්ත්වය සනාථ වේ.
 
 මේ පසුබිම මැද 2003 මැයි 7 දා රජය ප‍්‍රකාශයක් කරමින් උතුරේ හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයන බව හෙළි කළේය.
 
 අවතැන් වූ සිවිල් ජනතාවට පදිංචිවීමට ඉඩදීම සඳහා මෙලෙස කඳවුරු වෙනත් තැන්වල පිහිටුවීමට රජය තීරණය කළහ. එම තීරණයේ යටි අරමුණ තුළින් කොටින්ට වාසිසහගත තත්ත්වයක් උදාවිය.
 
 මෙහිදී නැ`ගුණ බරපතළ ප‍්‍රශ්නය නම් උතුරේ ආරක්‍ෂක හමුදා කඳවුරු පිළිබඳ කටයුතු කිරීම ඉන්දියානුවන්ට පැවරීමයි.
 
 මේ වන විට ඊනියා සටන් විරාම ගිවිසුම ක‍්‍රියාත්මක වී තිබුණි. ත‍්‍රස්ත මර්දන පනතද අත්හිටුවනු ලැබීය. මේ තත්ත්වය මැද උතුරේ සිදුවන්නේ කුමක්දැයි මෙරට ජනතාව දැන සිටියේ නැත.
 
 ඊට මූලික හේතුව වූයේ රජයේ වන්දිභට්ට පිරිස් සටන් විරාම ගිවිසුම අගය කිරීමයි.
 
  මේ අතර වයිස් අද්මිරාල් ජේකබ් මෙරටට ගෙන්වා තිබුණේ උතුරු නැගෙනහිර මුහුදු ගමන් මාර්ග වෙනත් ප‍්‍රදේශ හරහා යොමුකිරීම ගැන අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමටයි.
 
 මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ කොටි සංවිධානයයි.
 
 එහෙත් ලූතිනන් ජනරාල් සතිෂ් නම්බියාර්ගේ සහ වයිස් අද්මිරාල් ජේකබ්ගේ වාර්තා එදා පැවැති රජය ප‍්‍රකාශයට පත්කළේ නැත.
 
 යුද හමුදා බලධාරීන්ද හමුදා කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමේ යෝජනාවට විරුද්ධ නොවූයේ ඔවුන් එම ධුරවලින් මාරුකෙරෙනු ඇති බවට වාර්තා වීමෙනි.
 
 මෙලෙස හමුදා කඳවුරු ඉවත් කිරීම කොටි සංවිධානයේ උපක‍්‍රමය විය. එම ඉවත් කිරීම තුළින් උතුරුකරයේ ආරක්‍ෂාව බිඳවැටුණි. ඒ බව සනාථ වූයේ කොටි මයිලඩි වරායේ සිට පලාලි ගුවන් අංගනයට මෝටාර් ප‍්‍රහාර එල්ල කිරීමයි.
 
කීර්ති වර්ණකුලසූරිය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles