Divaina - හරක් ගේන්න වැවට ගිය මහත්තයා ගෙදර ආවේ මිනී පෙට්ටියෙන් - බිරිඳ හැඬූ කඳුළින් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N5 boyසූරියවැව ප‍්‍රදේශයෙන් ඇසුණු අභිරහස් මරණය
 
 කවදා කොහේ කොතනකදි ඇති වුවත් නරක මිතුරු ඇසුර තුළින් සිදුවන්නේ නරකක්ම මිස හොඳක් නොවන බව වර්තමානයේ මෙන්ම ඉතිහාසයේද සාක්ෂි ඕනෑ තරම් දැකිය හැකිය. ඒ කියමන තව තවත් සනාථ කරන පුවතක් පසුගිය 02 වන දින අපට වාර්තා වූයේ සූරියවැව මහගල්වැව ප‍්‍රදේශයෙනි.
 
 පසුගිය 02 වැනි දින රාත‍්‍රි 7.38 ට පමණ සූරියවැව පොලිස් ස්ථානයේ දුරකථනය එකදිගට නාද වන්නට විය. එදින රාජකාරි භාරව සිටි පොලිස් නිලධාරීයා දුරකථනය අතට ගෙන ඊට ප‍්‍රතිචාර දැක්වූ අතර දුරකථන ඇමතුමෙන් කියවුණේ මීගහජඳුර මහගල්වැව වැව් ඉස්මත්තේ වෙඩි වැදුණු පුද්ගලයෙකු වැටී සිටින බවටයි. පොලිසියට ලද දුරකථන ඇමතුමට වහා ක‍්‍රියාත්මක වූ සූරියවැව පොලිස් ස්ථානාධිපති කේ. කේ. රංගජීව මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සුනිල් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මහගල්වැව බලා පිටත් වූයේ තවත් එක් අපරාධයක සුළමුල සොයන්නටය. මේ වන විට වේලාව රාත‍්‍රි 7.50ට පමණ වී තිබුණි. සූරියවැව පොලිස් ස්ථානයේ සිට අපරාධය සිදු වූ බව කියන ස්ථානය වූ මහගල්වැව වැව් ඉස්මත්තට යෑමට පොලිසියට විනාඩි 30 කට ආසන්න කාලයක් ගතවීය. පොලිසිය අපරාධය සිදු වූ බව කියන ස්ථානයට යන විටත් වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා හම්බන්තෙට මහ රෝහලට රැුගෙන
 
 ගොස් තිබුණි. පොලිසිය එම ස්ථානයට යන විට එම ස්ථානයේ තිබුණේ ලේ පැල්ලම් කිහිපයක් හා වෙඩි වැදුණු පුද්ගලයා පැළඳගෙන ආ පාවහන් යුගලත් පමණි. ගමේ විශාල පිරිසක්ද ඒ වන විටත් වැව් පිටියට එක්ව සිටියේ සිදුව ඇති අපරාධය පිළිබඳව දැක බලා ගන්නටය.
 
 අපරාධය සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් අවට පරිසරය පිළිබඳව දැඩි පරීක්ෂාවක යෙදුණු අතර පැමිණ සිටි පිරිස් කෙරෙහිද පොලිස් උකුසු ඇස් යොමු කර සිටියේ අපරාධකරු අසලක හෝ රැුඳී ඇතිද යන්න පිළිබඳ වූ සැකය නිසාය. මූලික පොලිස් පරීක්ෂණ වලදී ඝාතකයන් පිළිබඳව පොලිසියට කරුණු රැුසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් හා හම්බන්තොට මහෙස්ත‍්‍රාත් වරයා දැනුවත් කළ සූරියවැව පොලිස් නිලධාරීන් සිය විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ රාත‍්‍රිම අපරාධය වූ ස්ථානයට තංගල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරින් (ිදජද* හා පොලිස් නිල සුනඛයන්ද ගෙන්වමිනි.
 
 වෙඩි වැදීමෙන් මියගොස් තිබුණේ සූරියවැව, මහගල්වැව, මහසෙන්පුර, අංක 326/01, ලිපිනයේ පදිංචි යටියන විදානආරච්චිගේ ප‍්‍රදීප් සුරංග නමැති 30 හැවිරිදි දෙදරු පියෙකි.
 
 සුරංග ප‍්‍රදේශයේ තවත් කිහිප දෙනකු
 
 සමගින් නරක මිතුරු ඇසුරකට හසුව තිබුණේ දෛවයේ සරදමකට මෙනි. බිරිඳ දෙමාපියන් ඇතුළු සියලූ දෙනා නරක මිතුරු ඇසුර පිළිබඳව හා එහි ඇති ආදීනව පිළිබඳව සුරංගට කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට වුවත් සුරංග ඒවා ඒ තරම් කනකට ගත්තේ නැත. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් සුරංග මේ සියලූ නරක මිතුරු ඇසුර නවතා දමා සිය බිරිඳගේ පියාගෙන් ලැබුණු කිරි ගවයින් ටික හදාගෙන නරක මිතුරු ඇසුරින්ද ඉවත්ව ගෙවී
 
 ගියේ මාස පහ හයක් පමණි..
 
 මියගිය සුරංගගේ බිරිඳ වන එස්. ෂර්මිලා මහත්මිය මෙලෙස පැවසුවාය.
 
 මමයි මහත්තයි මහගල්වැව පඩිකෙම්ගල පන්සල ළඟ තියෙන කැලෑව අසල චූටි පැලක් අටවගෙන ජීවත් වුණේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අවුරුදු 04යි. අනිත් දරුවා අවුරුදු 05යි. අපි එක වේලක් හරි කාලා බොහොම සතුටින් හිටියා. මහත්තයා කාලයක් තිස්සේ ගමේම තවත් කිහිප දෙනකු සමග නරක මිතුරු ඇසුරක් පවත්වාගෙන
 
 ගියා. ඒ නිසාම මහත්තයා විවිධ නරක වැඩ වලටත් යොමු වුණා. කොහොම හරි අපි මහත්තයට කියලා කියලා ඒ නරක ඇසුරෙන් මහත්තයා මුදා ගත්තා. පස්සේ අපේ තාත්තා මගේ මහත්තයට කිරි හරක් ටිකක් දුන්නා මේ හරක් ටික බලාගෙන ඒකෙන් ජීවත් වෙන්න කියලා. ඉතින් මහත්තයා දැන් මාස පහ හයක විතර ඉඳලා නරක යාළුවන්ගෙන් ඈත්ව හරක් ටිකත් බලාගෙන ජීවත් වුණා. නමුත් මහත්තයට මේ සමාජයේ හොඳ කෙනෙක් විදියට ඉන්න ඒ අය ඉඩ දුන්නේ නෑ. පසුගිය 25 වැනිදා අපේ ගෙවල් ළඟ පන්සලේ හාමුදුරුවෝ තවත් කීප දෙනෙක් එක්ක නිධන් හාරන්න සැරසෙනවා කියලා අපේ මහත්තයා සූරියවැව ස්ථානාධිපති තුමාට කෝල් කරලා තිබුණා. නමුත් කොහොම හරි පන්සලේ හාමුදුරුවෝ පොලිසියට පැමිණිල්ලක් දමලා අපේ මහත්තයා හාමුදුරුවන්ට මරණ තර්ජනය කළා කියලා. ඊට පස්සේ පොලිසියෙන් මගේ මහත්තයයි තව කෙනෙකුයි අල්ලගෙන
 
 ගිහින් පසුගිය 28 වෙනි දින උසාවියට දැම්මා. එහිදී මහත්තයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළා. කොහොම හරි උසාවිත් ගිහින් ඇවිත් මහත්තයා බොහොම කල කිරීමෙන් වගේ ගෙදරට වෙලා හරක් ටිකත් බලාගෙන හිටියා. මෙහෙම ඉන්නකොට පසුගිය 02 දින දවල් මහත්තයාගේ පෝන් එකට කෝල් එකක් ආවා තෝ අද හරක් ගෙනියන්න වැවට එන්න එපා. ඒ ආවොත් තෝ මරණවා කිව්වා. මන් මහත්තයාට කිව්වා අද නම් කොහේවත් යන්න එපා කියලා. කෝල් කළ අය අපි හොඳට දන්න අය. ඒ වෙලාවේ ඒ අය හොඳටම බීලා වෙරි මතෙන් වගේ තමයි කෝල් කළෙත්. ඒත් මහත්තයා කිව්වා ඔය කෝල් කරලා මරනවා කිව්වට ඒ අය එහෙම කරන්නේ නෑ. උන් මගෙත් එකක යාළුවෝ විදියට දැන් කාලෙක ඉඳන් ඉන්නේ කියලා මහත්තයා කිව්වා. කොහේම හරි හවස 4.30ට විතර වගේ මහත්තයා තවත් එක්කෙනෙකුත් එක්ක මහගල්වැව වැවේ ඉන්න හරක් ටික ගේන්න ගියා. ඒ යන කොට ගියපු බයික් එකේ හුලං බැහැලා. ඉතින් බයික් එක ගෙදරකට දමලා දෙන්නත් එක්ක පයින් ගිහින්. ඒ යනකොට වෙනදා වැව් බන්ට් එකේ ඉන්න හරක් ටික වැව් බන්ට් එකේ හිටියේ නෑ. කවුරු හරි හරක් ටික කැලේට එළවලා. ඉතින් මහත්තයයි යාළුවයි වැවේ පැති දෙකකින් කැලය පැත්තට ගිහින් තියෙනවා. කොහොම හරි ? වෙනකම්ම මහත්තයා ගෙදර ආවේ නැති නිසා මම මල්ලි කෙනෙකුට කිව්වා අයියා හරක් ගේන්න ගිහින් තවම ආවේ නෑ.
 
 ගිහින් බලන්න කියලා. ඒ ගිය අය දැකලා තිබුණා මහත්තයා වැව් ඉස්මත්තේ බිම ලේ විලක් මැද වැටී ඉන්නවා. මන් දුවලා එතනට ගියා. ඒ ගිහින් මම මහත්තයා නැගිට්ටවන්න බැළුවා. නමුත් බැරි වුණා. පස්සේ මහත්තයා අපි හම්බන්තොට ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. ඒ යනකොටත් මහත්තයා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මහත්තයා මරන්න ආපු අය හරක් ටික කැලේට දක්කලා මහත්තයා කැලේට එනකම් රැුකලා ඉඳලා. තවම සැකකරුවන් අල්ලලා නැහැ. අපිට දැන් ලොකු සැකයක් තියෙනවා මහත්තයා මැරුවා වගේ තව කීදෙනෙක් මුන් මරාවිද කියලා. මන් ඉල්ලන්නේ මහත්තයා මරපු උන්ව අල්ලලා නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලයි. අපිට දැන් ගමේ ඉන්නත් බයයි. මහත්තයා මැරුවා වගේ මමයි මගේ දරු පැටවු දෙන්නත් මරා දමාවි කියලා මට බයයි යැයි ඇය පැවසුවාය.
 
 62 හැවිරිදි ඩබ්ලිව්. පී. පේමසීලී මහත්මිය.
 
 මියගියේ මගේ නංගිගේ පුතා. පුතා නංගිගේ වුණාට මේ දරුවා පුංචි කාලේ ඉඳලම හදා ගත්තේ මම. මේ දරුවා මගේ බඩෙන් වැදුවේ නැති ටික විතරයි. මේ මැරෙන වයසක් නෙමෙයි මේ දරුවගේ. මොන වරදක් කළාටද මේ දරුවා මරලා දැම්මේ. මගේ මරනෙට පවා කර තියන්න හිටිය දරුවා අද මටත් කලින් අපේ කරින් යනවා කොහොම දරාගන්න. පහුගිය දවසේ දරුවට කොල් කරලා තර්ජනය කළාම මන් කිව්වා පුතේ ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දමන්න කියලා. ඒත් පුතා කිව්වා ඔය කිව්වට උන් මන් මරන්නේ නෑ කියා. ඒත් මන් දිගින් දිගටම කිව්වා පුතේ ගිහින් පොලිසියට පැමිණිල්ලක් දමන්න කියලා. එතකොට පුතා කිව්වා අද බෑ. හෙට උදේට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දමන්නම් කිව්වා. එහෙම කියලා හරක් ගේන්න ගිය පුතා ගෙදර ආවේ මිනී පෙට්ටියකින්. මේ විදියට මිනිස්සු මරන්නේ කොහොමද දෙයියනේ. පුතාගේ ඝාතනයට සැක කරුවන් පිළිබඳව අපි පොලිසියට කියලා තියෙන්නේ. අපි කියන්නේ අපේ පුතා මරපු උන්ට නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලයි.
 
 මියගිය සුරංගගේ දේහය හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර 03 වන දින හම්බන්තොට මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ. ඒ. නාලක සංජීව ජයසූරිය මහතා රෝහලට හා අපරාධය වූ ස්ථානයට ගොස් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්විණි. පසුව දේහය මාතර මහ රෝහලට රැුගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරිණි.
 
 මියගිය සුරංගගේ දේහය 03 වන දින රාත‍්‍රි සුරංගගේ බිරිඳගේ මහ ගෙදරට රැුගෙනවිත් දේහය එහි තැන්පත් කර තිබුණේ සුරංගට හරි හමන් ගෙයක් දොරක් නොමැති වූ නිසාවෙනි. සුරංග ජීවත් වූයේ යන්තම් අටවාගෙන තිබූ කටු මැටි පැලකය.
 
 සුරංගගේ ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු සූරියවැව පොලිසිය විසින් මෙහෙයවන අතර මේ වන විට ඝාතකයන් සම්බන්ධයෙන් වූ සියලූ තොරුතුරු අනාවරණය කර ගැනීමටද පොලිසිය සමත් වී තිබේ. මියගිය සුරංගගේ හරකෙක් මීට මාස කිහිපයකට පෙර නැති වී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද යම් මත ගැටුමක් ඇතිව තිබී ඇති අතර ප‍්‍රදේශයේ සිදු වූ බව කියන ගංජා ජාවාරමක් සම්බන්ධයෙන්ද සුරංග පොලිසියට ඔත්තුවක් ලබා දීම හේතුවෙන්ද පිරිසක් සුරංග සමග අමනාපෙන් සිට ඇති බවටද මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. සිද්ධියට අදාළ බවට සැකකරන ඝාතකයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් දියත් කර තිබේ. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලිලවංශ, සහකාර පොලිස් අධිකාරී රත්නවීර අඩස්සූරිය, සූරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. කේ. රංගජීව යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
 
 සටහන හා සේයා රූ -  මත්තල දිලීප් එන්. ජයසේකර
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles