Divaina - මෙරට ඉතිහාසයේ විශාලතම බොරු බුද්ධි වාර්තාව සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය වැනසුණාලූ!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

බොරු බුද්ධි වාර්තා ගැන ඔබ අසා තිබේද? මේ එවැනි බොරු වාර්තාවකි.
 
  prabhaඑහෙත් ජනතාවට මේ බව හෙළිවූයේ නැත. මෙකී බොරු බුද්ධි වාර්තාව සකස් වූයේ 2016 පෙබරවාරි මස බව වාර්තා විය.
 
 එහි අරමුණ වූයේ 2002 පෙබරවාරි 21 සහ 22 යන දෙදින තුළ අත්සන් කෙරුණු ඊනියා සටන්විරාම ගිවිසුම ඇගයීමට ලක්කිරීමයි. මේ සඳහා ආරක්‍ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යැයි හඳුන්වාගත් පිරිසක් අපූරු වාර්තාවක් සකස් කරනු ලැබීය.
 
 මේ වාර්තාව සටන්විරාම ගිවිසුමෙන් වසර 14 කට පසු සකස්වීමෙන් එහි බොරුව සනාථ වේ.
 
 මෙම විස්මයජනක වාර්තාවේ තේමාව වූයේ සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය වැනසුණු බව ජනතාවට හුවා දැක්වීමයි.
 
 මෙකී වාර්තාව පිළිගන්වා ඇත්තේ යහපාලන රජයේ අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ සහ ජනපති මෛත‍්‍රිපාල සිරිසේන වෙතය.
 
 මෙවන් වාර්තාවක් පිළිගැන්වූ බවට ප‍්‍රචාරය කළේ අරලියගහ මැඳුරට සම්බන්ධ අතවැසියෙකි.
 
 සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය වැනසුණ බවට දැක්වෙන මේ බුද්ධි වාර්තාව සකස් කිරීමට වසර 14 ක් ගතවූයේ මන්දැයි එම බුද්ධි නිලධාරීහු හෙළිකළේ නැත.
 
 N5 meeting2002 දී ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිසා ඉන්දියාව සහ ඇමරිකාව විසින් සැපයූ ඔත්තු නිසා සියලූ කොටි බෝට්ටු විනාශ කිරීමට හැකිවූ බව ති‍්‍රවිධ හමුදාවේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සකස් කළ එම වාර්තාවේ දක්වා තිබූ බවට ප‍්‍රකාශ විය. මෙම සටන් විරාම ගිවිසුම නිසා මුහුදු කොටි බෝට්ටු 12 ක් මහ සයුරේදීම විනාශ කිරීමට හැකිවූ බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබූ බවට ප‍්‍රචාරය විය.
 
 එහෙත් මේ වාර්තාව ජනතාවගේ දැනගැනීම සඳහා ප‍්‍රකාශයට පත්වූයේ නැත. සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය විනාශ වූ බවට සඳහන් මේ වාර්තාව මෙරට හමුදා ඉතිහාසයේ විශාලතම බොරුව ලෙස හැඳින්විය හැකිය.
 
 2002 දී අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ ඊනියා සටන් විරාම ගිවිසුම ප‍්‍රභාකරන් සමග අත්සන් කළේ හිටපු ජනපතිනිය සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන්ට පෙන්නුම් කිරීමකින් තොරවය.
 
 එසේම එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ආරක්‍ෂාව ගැන නොදන්නා තැනැත්තා නාවික හමුදාපතිව සිටි දයා සඳගිරි අමතා කොටින්ට පුහුණුවීම සඳහා නැගෙනහිර මුහුදු කලාපයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. මේ ඉල්ලීම නාවික හමුදාපතිවරයා එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කළේය. එම ආරක්‍ෂක ලේකම් අද තානාපතියෙකි. ඔහුගේ බෑනා ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකි.
 
 2002 සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය ශක්තිමත් වූ අතර කිසිදු ලෙසකින් විනාශ වූයේ නැත. ආරක්‍ෂක නිලධාරීන් සකස් කළ එම වාර්තාවෙන් ජනපති සහ අගමැති රැවටීමකට ලක්කළ බව පැහැදිලිය.
 
 මෙකී බොරු වාර්තාවේ තවදුරටත් දක්වා තිබුණේ කළු කොටි මුහුදු බළකාය විනාශ කිරීම ඇරඹුණේ 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බවයි.
 
 එහෙත් විනාශ වූ බව කියන කළු කොටි බලකාය 2004 ජූලි 5 දා යාපනයේ නෙල්ලි අඩිහිදී සිය සමරුව පවත්වනු ලැබීය.
 
 1987 ජුනි 30 දා ආරම්භ වූ කළු කොටි ප‍්‍රහාර 2007 ජුනි 30 දා තෙක් බරපතළ ලෙසින් කි‍්‍රයාත්මක විය. මෙහිදී අනාවරණය වූයේ එදා අගමැතිවරයා අත්සන් කළ සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි බළකාය වැනසුණු බවට ජනතාව අතර මතයක් ඇති කිරීමට මෙකී බොරු වාර්තාව ඉදිරිපත් වූ බවක්ය.
 
 මේ සම්බන්ධයෙන් 2008 නොවැම්බර් මස කොටි සංවිධානය පැවසුවේ 1987 සිට 2009 නොවැම්බර් 20 දක්වා කාලය තුළ කළු කොටි 378 ක් මරාගෙන මැරෙන ප‍්‍රහාර වලට සම්බන්ධ වූ බවයි.
 
 මේ පසුබිම මැද එම බුද්ධි වාර්තාව අභියෝගයට ලක්වූයේ නැත.
 
 කොටි සංවිධානය සටන් විරාම ගිවිසුම් කාලය තුළ ශක්තිමත් වූ බව ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන් පවා තහවුරු කරද්දී ජනතාව රැුවටීම උදෙසා මෙවැනි බොරු වාර්තා සකස්වූ බව හෙළිවිය.
 
 සටන් විරාම ගිවිසුම තුළ ඝාතන රැසක් සිදුවිය. දෙහිවල ත‍්‍රස්ත මර්දන ඒකකයේ ප‍්‍රධානි තාබෲ පවා ඝාතනය වූයේ සටන් විරාම සමයේදීය.
 
 මේ කාලය තුළ ප‍්‍රභාකරන්ගේ ඉල්ලීම මත ත‍්‍රස්ත මර්දන පනත පවා අත්හිටුවනු ලැබීය.
 
 එවන් පසුබිමක් යටතේ සටන් විරාමය තුළ කළු කොටි බළකාය වැනසුණේ නැත. ඒ වෙනුවට කළු කොටි බළකාය ශක්තිමත් විය.
 
 මේ නිසා මෙවන් බොරු වාර්තා සකස් වූයේ දේශපාලන අරමුණු මතය.
 
 ඊනියා සටන් විරාමය තුළ කළු කොටි අවිආයුධ ගෙන්වා ගනිමින් කටයුතු කරද්දී එම කළු කොටි වැනසුණු බවට බොරු බුද්ධි වාර්තා ප‍්‍රකාශයට පත් කළේ එම සටන් විරාම ගිවිසුමට සුදුහුණු ගෑමටය.
 
 එසේම සටන් විරාම ගිවිසුමේ මුල් පිටපත පවා අතුරුදන්වී ඇත. එය අතුරුදන්වී ඇත. එහෙත් ඊට වගකිවයුතු පාර්ශව නිහඬවී තිබේ.
 
 ජනතාව රැවටිය හැක්කේ එක් වතාවක් පමණකි. හැම විටම ජනතාව රැවටිය නොහැකිය යැයි ඇමරිකානු හිටපු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් වරක් පවසා තිබුණි.
 
 මෙලෙස සටන්විරාම ගිවිසුම තුළ කළු කොටි වැනසුණ බව පැවසීමද එවැනි රැවටීමකි. මින් හෙළිවන්නේ මෙරට දේශපාලන ප්‍රෝඩාවයි.
 
 කීර්ති වර්ණකුලසූරිය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles