Divaina - මරණය ගැන ඔබ සිතන විදිය වැරදියි! - වෛද්‍ය විද්‍යාව හා දේව හාස්කම්-සත්‍ය සහ මිථ්‍යාව සොයා යන ගමන 2

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

N8 orangeපසුගිය සතියෙන්.....
 
 කුඩා දරුවකු කිසිදා දේව රූපයක් හෝ යක්ෂ රූපයක් නොදැක්කමුත් ඒ සම්බන්ධව පවසන කතා වලට ස්වාභාවික ආශක්ත වෙති. මෙය අපගේ මනස කුඩා අවධියේ පටන්ම අනෙකා කෙරෙහි සුපිරි විශ්වාසයක්  ගොඩනැගීමට පවතින පරිණාමීය බලපෑම නිසා සිදුවන්නක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙය Theory of mind ලෙස විද්‍යාඥයෝ හඳුන්වා දෙති.
 
 මරණය සම්බන්ධවද කුඩා දරුවන් කෙරෙහි පවතින්නේ මේ ආකාරයේ අවබෝධයකි. කුඩා දරුවන් කෙරෙහි දෙවියන් කෙරෙහි විශ්වාසයත් බලහත්කාරයෙන් ඇති කර යුතු නැත. එය ඔවුන් වෙතින් ස්වාභාවිකවම ඇති වන්නකි. තමා වටා පවතින ලෝකය සුපිරි බලයක් සහිත දෙවියන් විසින් නිර්මාණය කළ බවට ඔවුන් තුළ විශ්වාසයක් ස්වාභාවිකවම ඇතිව පවතී. මෙහිදී ආගම හා දෙවියන් යනුවෙන් අදහස් වනුයේ ක‍්‍රිස්තියානි ආගම පමණක් නොවේ. කුඩා දරුවන්ගේ මනසේ පැලපදියම් වන්නේ ස්වාභාවික ආගමක් පිළිබඳ මතයක් (Natural Religion) පමණි. අපගේ මනසේ ඇතිවන දෙවියන් පිළිබඳ අවස්ථාව පුරවනු ලබන්නේ කුඩා දරුවන් බිහිවන සමාජ සංස්කෘතික පරිසරය මගිනි. බටහිර රටක උපන් දරුවෙකු ක‍්‍රිස්තියානි ආගම විශ්වාස කරන අතර බෞද්ධ රටක උපන් දරුවෙකු කතරගම හෝ සමන් දෙවියන් හෝ විශ්වාස කරන ලෙසිනි.
 
 කුඩා අවධියේදී අප තුළ ඇතිවන ආගමික මතවාදයන් වැඩිහිටි අවධියේදි වැඩි වර්ධනය වෙයි. ඇතැම් පර්යේෂකයන් පවසන පරිදි ආගමික මතවාදයන් පරිණාමය තුළින් ඇති නොවූයේ නම් අප තවමත් ගත කරනුයේ පාෂාණ යුගයේ බව පැවසිය හැකිය. ආගමික විශ්වාසයන් සම්බන්ධව ලොව ප‍්‍රථම වන්දනීය පූජස්ථානය හමුවනුයේ තුර්කියේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ කඳු මුදුනකිනි. එය Gobekli Tepe ලෙස හඳුන්වයි. එම භූමියේ පවතින ඔ හැඩැති විශාල පර්වත මත සත්ත්ව රූප ඇඳ ඇත. කාල වකවානුකූලව මෙම භූමිය වර්ෂ එකොළොස් දහස් පන්සීයකට වඩා පැරණි අතර කෘෂි කර්මාන්තයක් පවා නොතිබුණු එම යුගයේ මානව ශිෂ්ටාචාරය ආගමික මතවාදයන්ට නතුව තිබූ බව ඉන් පැහැදිලි වේ. මේ අන්දමට නොදියුණු මට්මටක පැවති ආගමික මතවාදයන් ක‍්‍රමානුකූලව මානව පරිණාමය සමග වඩා දියුණු මට්ටමකට පැමිණ තිබේ. ජන
 
 ගෝත‍්‍රයේ සංඛ්‍යාව වැඩිවෙත්ම මිනිසා අතර වූ අනෝන්‍ය සුහදතාව බිඳ වැටුණු අතර තමාට උදව් උපකාර කිරීම සඳහා අනෙකෙක් කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය විය.
 
 ලොව පුරා විවිධ ආගම් පවතින අතර
 
 ආගමික පරිණාමයේ ප‍්‍රතිඵලයක් ලෙස එකිනෙකට වෙනස් දර්ශනයන් විය. ඇතැම් ආගම් සියවස් ගණනාවක් පැවති අතර තවත් සමහර ආගම් වසර විසි පහක් වැනි කෙටි කලකින් අභාවයට පත්විය. ශුද්ධ වූ මැතෙව් ලේඛනයේ සඳහන් වන පරිදි බොහෝ දෙනෙකු කැඳවනු නමුත් තෝරා ගනු ලබන්නේ ඉන් කීප දෙනෙකු පමණක් ලෙසින් බොහෝ ආගම් බිහිවන නමුත් අවසානයේ ඉතිරි වනුයේ අනෙකාට වඩා වෙනස් සාර්ථකත්වයක් පවතින දර්ශනයන් පමණි. ආගමක් සමග සමාජයේ ඇතිවන පරිණාමීය වෙනස ඉතා ප‍්‍රබල වන අතර එය එම සමාජය තුළ සංස්කෘතික විප්ලවයක්ද ඇති කරයි. සහයෝගය, විශ්වාසය, දානය ආදී ගුණාංග සමාජය තුළ පැතිර යයි. මේ නිසා සමාජීය පරිණාමය කෙරෙහි සුබවාදී දැක්මක් ආගමක් මගින් ඇතිවේ. පරිසරයේ පවතින සම්පත් හා වාසස්ථාන සඳහා වන තරගයේදී අනෝන්‍ය සුහදතාවයෙන් ක‍්‍රියා කරන සමාජීය ජන කොටස් වලට පහසු ජයග‍්‍රහණ හිමිකරගත හැකිය.
 
 දෙවියන්
 
 තමා කෙරෙහි දෙවියන් බලා සිටින බව අවබෝධ වූ මිනිසුන් වඩා ප‍්‍රබල ස්ථරයන් වෙත පා තබනු ඇත. අප අද සමාජයේ අපාය, දිව්‍ය ලෝකය, කර්මය, ස්වර්ගය ආදිය කෙරෙහි අධි බලයක් පැමිණවුවද අතීතයේදී එවැන්නක් සිදු නොවීය. සමාජීය පරිණාමය සමග ආර්ථික වශයෙන් ඇතිවන වෙනස්කම්ද ආගම් හා අදෘෂ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය ඇති කිරීමට ඉවහල් වී ඇත. විශේෂයෙන් දෙවියන් අභිමුවට ගොස් මුදල් ඉල්ලා සිටීම මෙයට නිදසුනකි. තමන්ට වැඩි වැඩියෙන් වරප‍්‍රසාද ලබාදෙන දෙවියන් ජනප‍්‍රිය වන අතර එසේ නොවන ආගමික මතවාදයන් පරිහානියට පත්වේ. මේ වන විට අධිකරණය, පොලිසිය හා සිපිරි ගෙවල් පිරී යමින් පවතින්නේ ආගමික මතවාදයන් වලින් මිනිසා ඈත්වීම සමගය. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි ආගමික දර්ශනයන් ඔස්සේ ඉණිමගේ ඉහළට ගිය අප එම නැගි ඉණිමගට පා පහර දීමේ ඛේදාන්තය අප අත්විඳිමින් සිටිති.
 
 මිනිස් මොළය තුළ ආගම සඳහා වෙන්වූ කොටසක් නිර්මාණය වීමට පරිණාමයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස එය සිදුවීම දැන් අප දන්නා කරුණකි. ආගම හා විද්‍යාව සංසන්දන කරමින් ඇතැම් ආගම් විද්‍යාවෙන් සනාථ වන බව පැවසීම සිදුවේ.
 
 දෙවියන්ට අපගේ පැතුම් ඉටු කර දිය හැකිද
 
 මානව පරිණාමයේ ආරම්භයේ සිටම අපට කළ නොහැකි දෑ සිදුකරන බලවේග කෙරෙහි අධි විශ්වාසයක් හා අධි බලයක් අප විසින් පවරා දෙනු ලැබ ඇත. ගින්දර, සුළඟ, ජලය මෙයට නිදසුන්ය. අදාල ස්වාභාවික සිදුවීම අපිරිසිදු නොකොට පවිත‍්‍රත්වයෙන් සලකනු ලැබූයේ ඒ නිසාය. කාගේ හෝ බලපෑමකින් තොරව උපන් එම සිදුවීම මිනිසා තුළ මානසික පරිවර්තනයක්ද ඇති කරනු ලැබීය. මෙය වයස අවුරුදු හය හත පමණ කාලයේ සිටම ඇතිවන්නකි. නොබෙල් ත්‍යාගලාභී මනෝ විද්‍යාඥ ඩැනියෙල් කැනේමන් වරක් සඳහන් කළේ ස්වාභාවික පද්ධතය ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන අතර මේ නිසාම ඒවා සත්‍යයි පවසන වැරදි තොරතුරු ජනිත කරන බවයි. වළාකුළු වල මිනිස් රූප දැකීම ර්‍ණ ¥විලි වලාවන්ගෙන් දෙවියන් දැකීම මෙයට නිදසුනකි.
 
 ස්වාභාවිකව සිදුවන මෙම ක‍්‍රියාදාමය නිසා ආගමික කතාවන් වලට මිනිසා ප‍්‍රිය කරන්නේ කුස ගින්නේ සිටින මිනිසෙකු ආහාර ගිල දමන ලෙසිනි.
 
 ස්වාභාවිකව සිදුවන මෙම වැරදි පූර්වාදර්ශයන් මගහරවා ගැනීමට සාර්ථක ආගම් සමත් වේ. වන්දනාමාන කිරීමට පවතින හැකියාව අදාළ ආගම්වල අධි ස්වාභාවික විශ්වාසයන් මත ගොඩනැගී ඇත. මිනිස් පරිණාමය තුළ සෑම කලකම නව ආගම් වාදයන් බිහිවන නමුත් ඉන් ශේෂ වනුයේ අතළොස්සක් පමණි. මිථ්‍යා මත, විවිධ විශ්වාසයන්, කටකතා, පූජනීය ස්ථාන හා ආශ්චර්යමත් මැවීම් ආදිය නොමැති කල ආගමක් විනාශ වී යයි. ඇතැම් ආගම් අලූතෙන් නිර්මාණය කළ මතවාදයන් මත ගොඩනැගේ. මුහුණු සයක් ඇති දෙවියන් මෙන්ම කන්‍යාවියකට දාව උපන් ජේසුස් වහන්සේ පිළිබඳ කතන්දර ආදිය මෙයට නිදසුන් වේ. මෙවැනි විවාදාත්මක කරුණු මත ආගමක සංකීර්ණතාවයක් අවබෝධය දුෂ්කර වීම ඇති කරයි.
 
 මේ වන විට බොහෝ ආගම් මගින් උගන්වනු ලබන්නේ එම ආගම් ආරම්භයේදීම හඳුන්වා දෙනු ලැබූ ඉගැන්වීම් හෝ විශ්වාසයන් (Doctrines) නොවේ. ඇතැමුන් දෙවියන් දකින අතර ඔවුන් පවසනුයේ දෙවියන් අධි ස්වාභාවික පුද්ගලයෙකු බවයි. විද්‍යාව මගින් බොහෝ ආගමික මතවාදයන් බිඳ දමනු ලැබුවද ආගමක පැවැත්ම කෙරෙහි විද්‍යාත්මක මතවාදයන් සෘජු බලපෑමක් එල්ල නෙකරන බව විද්‍යාඥයන්ගේ අදහසයි. ඒත් ඇතැම් ආගමික විශ්වාසකරුවන් විද්‍යාවට බියවේ.
 
 විද්‍යාව මගින් ආගමක් මගින් පවසන අධි ස්වාභාවික බලයන් කෙරෙහි වන විශ්වාසයන් බිඳ දමයි. සෑම මිනිසෙකුම ආගම්වාදියෙකු නොවූවද ආගමක් ස්වාභාවික ලෙස ජනිත වනුයේ මානව සමාජයක් තුළින්ය.
 
 විද්‍යාව මැවීම්වාදය හා නිර්මාණවාදී චින්තනය පිළි නොගනී. විශ්වය කලින් කලට වෙනස් වන බවත් කොපර්නිකස්, ගැලීලියෝ හා ඩාවින් වැනි පුද්ගලයන්ගේ පරිණාමීය මතවාදයන් හරහා කාලානුරූපීව විශ්වය වෙනස් වූ බව  පිළිගැනීමට සිදුව තිබේ.
 
 ආගමික මතවාදයක් Theology ඉදිරිපත් කිරීම (මුහුණු සයක් ඇති දෙවියන් ගැන ඉගැන්වීම වැනි) විද්‍යාත්මක චින්තනයක් ඉදිරිපත් කිරීමට වඩා පහසුය. විද්‍යාත්මක මතවාදයන් අතිශය සංකීර්ණ වේ. විද්‍යාත්මක මතවාදයන් සෑම කල්හිම ඒකාකාරීවම නොපවතී.
 
 ජනප‍්‍රිය ආගමික මතවාදයන් හා විද්‍යාව සංසන්දනය කිරීම පහසු නැත. ජනප‍්‍රිය ආගම් හා විද්‍යා මතවාදය එකිනෙක පටලවා ගත යුතු නැත. ජනපි‍්‍රය ආගම් ස්වාභාවික ලෝකය ගැන පොදු හැඟීමකින් හා අවබෝධයකින් (Common Sense)  කටයුතු කර ඇත. ඇතැම් ආගම් තුළ පවතිනුයේ පෙර සඳහන් කළ පරිදි ජනප‍්‍රිය නොවූ මතවාදයන් පමණි. ඒ නිසා සෑමවිටම ආගමික මතවාදයන් මිථ්‍යාවන් යැයි අහේතු ඉදිරිපත් කිරීම නොකළ යුතුය. තමන් විසින් පහර ගසනු ලබන්නේ කුමන මතවාදයකටද යන්න ගැන පුළුල් අවබෝධයක් විද්‍යාත්මක චින්තකයන්ට තිබිය යුතුය.
 
 ආගම සහ විද්‍යාව යනු එකිනෙකට පටලවා ගැනීම
 
 ආගම සහ විද්‍යාව යනු එකිනෙකට පටලවා ගත යුතු නැති ගමන් මාර්ග දෙකකි - (Non overlapping magisteria)  මේ සම්බන්ධව 1998 වර්ෂයේදී ඇමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමිය සඳහන් කළේ අධි ස්වාභාවික බලය පිළිබඳව කිසිවක් විද්‍යාවට කිව නොහැකි බවයි. දෙවියන් සිටියද නොපැවතියද කුමන විද්‍යාව ස්වාධීන දැයි යන්න පමණක් ප‍්‍රශ්නයක් කරගත යුතු බවයි.
 
 අදාළ ඇකඩමියේ සාමාජිකයන්ගෙන් 93% දෙනකුම දෙවියන් පිළිබඳව අදහසක් විශ්වාස නොකළහ. එහෙත් ඇමෙරිකාව තුළ සාමාන්‍ය ජනගහනයෙන් 93% ක්ම දෙවියන් පිළිබඳව විශ්වාස කරති. මේ අනුව සාමාන්‍ය ජනතාව හා විද්‍යාඥයන් අතර පවතින සිතීමේ වෙනස කැපී පෙනෙන ලෙස ඉස්මතු වේ. විද්‍යාඥයන්ගෙන් අති බහුතරය කිසිදු ආගමක් විශ්වාස නොකරති. එහෙත් සාමාන්‍ය ජනතාව ආගම් විශ්වාස කිරීම සම්බන්ධව අභියෝග කිරීමටද ඔවුන් සූදානම් නැත. එහෙත් අපේ රටේ සිදුවන්නේ අනෙකකි. විභාගයක් සමත් වූ සැණින්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හෝ වෛද්‍යවරයෙකු වූ සැණින් ආගමට පයින්
 
 ගසයි.
 
 දෙවියන් යැයි කෙනෙකු සිටියද නොසිටියද ලොව පුරා බිලියන සංඛ්‍යාත කිතුනුවන්, ඉස්ලාම් භකිත්කයන්, හින්¥න් හා බෞද්ධයන් ඇතුළු විවිධ ආගමිකයන් රැසක් දෙවියන් විශ්වාස කරති. ඉස්ලාම් හා කිතුනු ආගමික දෙවියන් ලෝකය මැවූ බවට විශ්වාස කරයි. එසේ වුවත් පදාර්ථයේ පිහිටෙන් උපන් විශ්වය දෙවියන් විසින් මැවූයේ කෙසේදැයි පැවසීමට පාලනාත්මක පර්යේෂණ සිදුවිය යුතු බව හවායි සරසවියේ භෞතික විද්‍යාඥ මාහාචාර්ය වික්ටර් ස්ටෙන්ජර් නිව් සයන්ස්ටිස්ට් (New scientist march 2012) සඟරාවට පවසා තිබුණි. මෙයට අමතරව ඇතැම් ආගමික භක්තිකයන්ගේ රෝගාබාධ දේව බැල්මෙන් සුවපත් වීම සම්බන්ධවද අධ්‍යයන සිදුවිය යුතු බව ඔහු සඳහන් කරයි. මේවා සියල්ල ස්වාභාවික ලෙස පැහැදිලි කළ නොහැකි බව ඔහු පවසයි.
 
 මරණාසන්න මොහොතේ අත්දැකීම් සම්බන්ධව (Near death experiences –NDE) බොහෝ දෙනකු රැුල්ලක් මෙන් ජනමාධ්‍ය ඔස්සේ අදහස් දක්වන නමුත් මෙය විද්‍යාත්මකව සනාථ කිරීම අපහසු බව මහාචාර්ය වික්ටර්ගේ අදහසයි. ඔහු පවසන්නේ කිසිවකුට නොපවසා ශල්‍යකර්මයට භාජන කරන මරණාසන්න රෝගියාගේ ශරීරය මත හෝ ශල්‍යාගාර සේවකයන්ගේ ශරීරය පිටුපස හෝ යම් පණිවිඩයක් ලියා තබා ශල්‍යකර්මය අවසන් වීමෙන් අනතුරුව ඔහු පවසන මරණාසන්න අත්දැකීම් වලදී අදාළ පණිවිඩය පිළිබඳව කියවන්නේදැයි විමසිලිමත් විය යුතු බවයි. එහෙත් මරණාසන්න අත්දැකීම් පවසන කිසිදු රෝගියෙකු තමන් ශල්‍යකර්මයට ඉහළින් සිට ශල්‍යකර්මය බලා සිටියා යැයි පවසනවාට අමතරව රෝගියාට නොදැනෙන සේ
 
 ශල්‍යාගාරයේ තබන ලද පණිවිඩය කියවා නැත. මේ අනුව මරණාසන්න අත්දැකීම පැවසීමක් ලෙස සිදු කරනුයේ සාමාන්‍ය පුද්ගලයෙකු පවා දන්නා ශල්‍යාගාරයක විස්තර පැවසීම පමණී.
 
 මේ අන්දමටම දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව කරුණු අධ්‍යයනය කළ හැකි බවත් මෙමගින් දෙවියන් ඇත යැයි පවසන ආගම් වලට පහරදීමක් සිදු නොකරන බවත් ඔහු පවසයි. අප අදහන බොහෝ දෙවියන් සුපිරි බලයකින් සමන්විතය. එයට හේතුව කිසිදු බලයක් නැතැයි පවසන දෙවි කෙනෙකු විශ්වාස කිරීමට මිනිසුන් නොපෙළඹෙන බැවිනි. කතරගම දෙවියන් වැඳපුදා දේව භක්තිය ඇතිව ගිනි පාගන්නේ නම් දෙපා නොපිළිස්සෙන බවට මතවාදයන් පතුරුවන්නේද මේ අයුරින්මය. දේව භක්තිය ඇති පුද්ගලයාගේ දෙපා පිළිස්සෙන්නේ නම් කිසිවෙකු හෝ කතරගම දෙවියන් හෝ සීනිගම දෙවියන් වැඳපුදා ගැනීමට යන්නේ නැත. මේ නිසා ආගමක පැවැත්ම උදෙසා යම් යම් සිද්ධාන්තයන්  (Theology) තිබිය යුතුමය. බලයක් නැති ජනාධිපතිවරයෙකුට වුවද කිසිවකු සලකන්නේ නැත. මේ නිසා ඔහු ව්‍යවස්ථා වෙනස් කර ගනිමින් විධායක තත්ත්වයක් ඇති කරගනී. එම බලය අප විද්‍යාත්මකව අභියෝග කරන්නේ නැත. මක්නිසාද යත් එය ඔහුගේ පැවැත්ම වෙනුවෙන් ඇති කරගත්තක් මිස විද්‍යාත්මකව සනාථ වීම අත්‍යවශ්‍ය නොවන ලෙසිනි.
 
 මනුෂ්‍ය ආත්මයන් නොපෙනෙන බලවේග වලින් පාලනය කරනවාද?
 
 දෙවියන් විසින් ලෝකය මැවූ බවට අභියෝග කරන මහාචාර්ය වික්ටර් සඳහන් කරන්නේ දෙවියන් පෘථිවියේ මැවුම්කරුවා නම් පෘථිවිය මත ඒ සම්බන්ධ සාක්ෂි තිබිය යුතු බවයි. එහෙත් එවැන්නක් හමුවී නැත. අප වටා පවතින ජීව පද්ධතිය අතිශය සංකීර්ණ වන අතර එය ඇතැම්විට ඩාවින්ගේ පරිණාම වාදයෙන් පවා සනාථ කළ නොහැකිය. එය ස්වාභාවික වරණයකින් ඇතිවූ බව පැවසිය හැක.
 
 ඇතැම් ආගම් මනුෂ්‍ය ආත්මයන් නොපෙනෙන බලවේග වලින් පාලනය කරන බව පවසයි. එසේනම් ඒ සම්බන්ධව මොළයේ මානසික රසායනික ක‍්‍රියාවලින් වියුක්ත වූ යමක් සිදුවිය යුතුය. එහෙත් එවැන්නක්ද සොයාගෙන නැත.
 
 දෙවියන් හොඳ නරක පාලනය කරන්නේ නම් මනුෂ්‍යයාගේ හැසිරීම පාලනය කරන අධි ස්වාභාවික යමක් කෙරෙහි සාක්ෂි සොයාගත යුතුය. එවැන්නක්ද හමුවී නැත. දෙවියන් කෙරෙහි විශ්වාස කරන ඇතැම් පුද්ගලයන්ද ඉතා නරක ලෙස සමාජයේ හැසිරෙයි. ඔවුන්ගේ හැසිරීම් ආගමික භක්තියක් නැති පුද්ගලයින්ටද වඩා නරක වන අවස්ථා බොහෝය. මහාචාර්ය වික්ටර් සඳහන් කරන පරිදි මිනිසාගේ හොඳ නරක හැසිරීම දෙවියන්ගේ කැමැත්ත නොව සමාජ පරිණාමයේ ප‍්‍රතිඵලයකි.
 
 තමන් අදහන භක්තිකයන්ට දෙවියන් වහන්සේ කතා කරන්නේ නම් වසර දහස් ගණනක් තිස්සේ මිලියන සංඛ්‍යාත ආගමික භක්තිකයන් දිනපතා දෙවියන් යදිමින් ඉල්ලා සිටින දේට දෙවියන් පිළිතුරු දිය යුතුය. එහෙත් එවැන්නක්ද සිදුවී නැත. බොහෝ දෙනා තමන් දෙවියන් සමග කතා බහ කරල බවත් දෙවියන් ආශ‍්‍රය කිරීමෙන් අත්දැකීම් පවතින බවත් පවසති. එවැන්නක්ද සත්‍යවාදී බව පරීක්ෂා කළ නොහැක. එය විශාල
 
 ගැටලූවකි. දෙවියන් මැවුම්කරුවා වන්නේ නම් අභ්‍යාවකාශ හෝ භෞතික විද්‍යාව තුළින් ඒ සම්බන්ධ සාක්ෂි සොයාගත හැකි විය යුතුය. එය ආශ්චර්යයක් හෝ මැවීමක් නොවිය යුතුය. වර්තමාන අභ්‍යාවකාශ විද්‍යාවට අනුව ලොව පුරා විශ්වයන් රාශියක් පවතින අතර ඒවා පැමිණෙමින් ආපසු යමින් සිටී.
 
 මිනිසා යනු දෙවියන්ගේ විශේෂ නිමැවුමක් නම් විශ්වය උපතේ සිට මිනිසා පැවතිය යුතුය. විශ්වය මිනිසාට පමණක් ඉතා සුදුසු ලෙස සකස් වී ඇත. විශ්වය හා ජීවයේ පැවැත්ම සම්බන්ධව සලකා බැලීමේදී පෙනී යන්නේ එය දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවී නොමැති බවයි.
 
 බොහෝ අවස්ථා වලදී සත්‍ය අභිබවා මතවාදයන් :ත්‍්සඑය රමකැි දඩැර ේජඑ* ඉස්මතු වේ. මෙවැනි අවස්ථා වලදී මැජික් මෙන් සිදුවන මැවීම්වාදයන් මිනිස් සන්තානයේ
 
 ගැඹුරු පතුල සිප ගනී. අපගේ මනස විද්‍යාත්මක මතවාද හා සනාථන සාක්ෂි අභිබවා හෘද සාක්ෂියට එකඟ නොවන නමුත් මතුපිටින් පෙනෙන සිදුවීම් හා ආකල්ප වැළඳ ගන්නා අවස්ථා පවතී. මෙය අප නොදියුණු සමාජයක් වුවද ඉතා දියුණු සංවර්ධිත රාජ්‍යයක් වුවද වෙනසක් නැත. ශ්‍රී ලංකාවේ අප දෙවියන්, භූතයන්, මළගිය අවතාර, පේ‍්‍රතයන් හෝ ජ්‍යෙතිෂ්‍ය මතවාද මත විශ්වාසයේ තබනවාට වඩා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව එම මතවාදයන් පසුපස ගමන් කරන බව මහාචාර්ය වික්ටර් ස්ටෙන්ජර් මතුකර පෙන්වන්නේ එහෙයිනි.
 
 වෛද්‍ය ජී.ජී.චමල් සංජීව


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles