Divaina - යක්ෂණිය කැයි සිතා පිස්සු ගැහැනියකට බියවූ චණ්ඩියෙක්...! සොහොන් භූමිය දෙසින් මධ්‍යම රාති‍්‍රයේ බේරාගනියෝ කියන අඳෝනාවක්‌....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

N7 runදැනට වසර කීපයකට පෙර කලවාන වේවැල්කඳුර ප‍්‍රදේශයේ සිදුවූ බිහිසුණු නායයෑමකින් නිවෙස් 04 ක වාසය කළ පවුල් හතරක පුද්ගලයන් 13 දෙනෙක් මිහිතලය මත වැළලී ජීවිතක්ෂයට පත් වූහ. මෙයින් මෘත ශරීර 10 ක් පමණ සොයා ගත් අතර තිදෙනෙක් තවමත් මිහිතලය යට සැඟ වී ගොස්ය. මේ ප‍්‍රදේශය එකම අමු සොහොනක් බවට පත් විය. සතියක් දෙකක් ගත විය. මේ වනවිට මුළු ගම් පියසම භීතියෙන් ඇළලී ගොස්ය. මේ ඛේදවාචකය සිදුවූ ප‍්‍රදේශයට යනවා තබා ඒ දෙස බලන කෙනෙක්වත් ගමේ නැත.

සතියක් දෙකක් ගත වීමත් සමගම ඒ සොහොන් භූමිය දෙසින් මධ්‍යම රාති‍්‍රයේත් අලූයම් කාලයේත් අඳෝනා හඬ බේරා ගනියෝ කියන හඬ ඇසෙන බව ඇතැම් ගැමියෝ පැවසූහ. මේ සමගම ගම්මුන්ගේ භීතිය දෙගුණ තෙගුණ විය. මිනිස් ජීවිත පණපිටින් මිහිදන් වූ ඒ ප‍්‍රදේශයේ ශේෂ වූයේ නිවෙස් දෙක තුනක් වූ අතර එක් නිවසක පුද්ගලයෝ නිවස හැර දමා ගියහ. එන්න එන්නම ප‍්‍රචලිත වූයේ නාය ගිය භූමියේ හොල්මන්, අවතාර, අමනුෂ්‍ය හඬ නිරන්තරයෙන්ම පවතින බවය. සොයා ගත් මෘත ශරීර ද අත්හැර දැමූ නිවෙස අසල වළ දමා තිබිණි. අද ද ඒ ප‍්‍රදේශය මහා මූසල ස්වරූපයක් උසුලයි. කිසිම බලාපොරොත්තුවක් නැති මොහොතක දහ දොළොස් දෙනෙක් පණ පිටින්ම වැළලී මිය ගිය බිමක හොල්මන්, අවතාර ඇති විය නොහැකිද?

මේ ගමේ බණ්ඩාර නම් හැඩි දැඩි මධ්‍ය වයසේ පුද්ගලයෙක් විය. ඔහු හවස් වනවිට කටගොන්නක් බීගෙන පම්පෝරි ගසමින් දිවි ගෙවන තනිකඩයෙකි. ගමේ පීටර් මුදලාලිගේ කඩය අසලට සවස් භාගයේ පැමිණෙන මොහු ‘‘මං ඔය හොල්මන් යක්කුන්ට බය ඇති මිනිහෙක් නොවෙයි. යකාට බය නම් මම සොහොනෙ ගෙවල් හදනවද? කියන ඕන වෙලාවක මං ඔය අමු සොහොන් පැත්තෙ ගිහිල්ලා එන්නම් කියා ලොකුකම් කියන්නට විය. මේක අසා කඬේ ළඟ සිටි තරුණ පිරිස කතාබහ කරගෙන බණ්ඩාර ළඟට ගොස් හා හොඳයි පුළුවන් නම් අද රෑ දොළහට සොහොන් පිට්ටනිය ළඟට ගිහින් වරෙන්. හැබැයි අපි දෙන ලකුණ සොහොන් ගොඬේ තබා එන්න ඕනි. පුළුවන් නම් අපි අරක්කු බෝතලයක් ඔට්ටුයි කියා තරුණයෝ ප‍්‍රකාශ කළහ.

බණ්ඩාර අභියෝගය භාර ගත්තේය. ඒ වනවිට පදමට ගසා තිබිණි. එදින හරියටම මාසේ පොහොය දිනයකි. මධ්‍යම රාති‍්‍ර 12 ට එකී මිනී පිට්ටනියට යන්නටත් තරුණයන් ඔහුට දුන් සුදු කොඩිය මිනී වළක් මත ගසා එන්නටත් ඔහු පොරොන්දු විය. කඬේ ළඟ බඩු ගන්නට පැමිණි පිරිස ද මේ අභියෝගය ගැන අන්දුන්කුන් ව අසා සිටියහ. බණ්ඩාරගේ ඥාති පුත‍්‍රයෙක් ඔහු ළඟට විත් ප‍්‍රකාශ කළේ මේ ගමන නොයන ලෙසයි. හදිසියේ යකෙක් ගැහුවොත් මොකද කරන්නෙ කියා ඔහු ප‍්‍රශ්න කළේය. එවිට අපේ අභියෝගියා පැවසුවේ ‘පලයං පැත්තකට යන්න. මට උපදෙස් දෙන්න උඹ කවුද?’’ කියාය.

බණ්ඩාර ගමට ඇතිවත් බැරි නැතිවත් බැරි අයෙකි. ගමේ මළ ගෙයක් වුණොත් වළලන තුරු ඔහු එතැනය. බුලත් විට කෑමෙන් අඳුරු වර්ණ වී ගිය දසන් ඇති ඔහු ගමේ මියගිය හැම කෙනෙකුගේම මිනී පෙට්ටි සොහොන් බිමට ගෙන යන විට පැත්තක් කර ගැසුවේය. කෙසේ වුව ද ගමේ හැම කාන්තාවක්ම බණ්ඩාරට බියෙන් සිටිති.

මධ්‍යම රාති‍්‍රය උදා වීමට ආසන්නය. තරුණ පිරිස දුන් උපදෙස් පරිදි මධ්‍යම රාති‍්‍රය ආසන්න වනවිට බණ්ඩාර කඬේ ළඟය. සොහොන් කනත්තට මීටර් දෙතුන් සියයක් දුර ඇත. එතනට පැමිණි කටකාර කොල්ලෝ කනත්තේ සොහොනක් මත සිටුවා එන්නැයි කියා ඔහු අත සුදු පැහැති කොඩිය ද තැබීය. සියල්ල සූදානම්ය. අමාවක දිනය බැවින් කෑලි කපන ඝන අන්ධකාරයයි.

බණ්ඩාර ගමන ඇරඹීය. අත ඇති විදුලි පන්දම ඉදිරියට වඩා පසුපසට ගසමින් යයි. ප‍්‍රධාන පාරේ සිට මීටර් දෙතුන් සියයක් අතුරු පාරක ගොස් සොහොන් පිට්ටනියට යායුතුය. ඔහු අතේ වක් පිහිය ද විය. බණ්ඩාර සොහොන වෙත යැවූ තරුණ පිරිස ඔහුට හොරා ප‍්‍රධාන පාර අසල සැඟවී විපරමින් සිටියෝය.

අඳුර පීරාගෙන නාය ගිය දෙසට යන බණ්ඩාරට හොර රහසේ ආපසු යන්නට සිතුණත් ලජ්ජාව නිසා ඉබි ගමනින් ඉදිරියට යයි. වෙරි ගතිය හිඳිලාය. අඳුරේම යන ඔහු කීප වරක්ම පා ගල්මුල්වල ගැටී ඇද වැටුණත් ඉදිරියට ගොස් ඇත. දැන් මොහු ගමන් කරන්නේ නායෙන් වැසී ගිය නිවාස අසලිනි. අනෙක් පස බලමින් තව මීටර් පනහක් හැටක් ඉදිරියට යන ඔහුට සොහොන් ටික පෙනෙන නොපෙනෙන මානයේය. ඉණේ සඟවා තිබූ කාලද බෝතලේ පිටින්ම කටට වක්කර ගත්තේ අමුතු හයියක් ගෙන හොල්මන් අවතාරවලට පයින් ගසන්නටය. දැන් ඔහු සිටින්නේ අත්හැර දමා ගිය පාළු නිවස ආසන්නයේය. වරින්වර වැසි පොද ද පතිත වෙයි. දෙපා වාරු නැත. හදගැස්ම වැඩියි. වෙරි ද හිඳී ඇත.

නිවසට බටහිර දෙසින් මෘත ශරීර වළ දැමූ සොහොන් පේළිය ඇත. කොඩිය ඇති අත ගැහෙයි. මිනිස් පුළුටක් නැත. යකුන්ගේ පාරාදීසයකි. මර බිය ද දැනේ. සමූහ මිනීවල දැන් දැන් අත ළඟය. කොඩිය අතට ගෙන සිටුවන්නට සැදුවා පමණි. සායක් ඇඳ ගත් කාන්තාවක් සොහොන් ටික ළඟ සිට ‘‘කවුද? කවුද?’’ කියා හඬ තැලූවාය.

බණ්ඩාර මේ හොල්මන යැයි සිතා පරුෂ වචනයෙන් බණින්නට විය. අමනුෂ්‍ය කාන්තාව ඔහු දෙසට කඩා පනින්නට සූදානම් විය. බණ්ඩාරට එලෝ පොල් පෙනිණි. මර බියට පත් මිනිසා ආපසු හැරී දුවන්නට විය. සොහොන් බිමේ තිබූ පුවක් කොටයක හැපී ඔහු බිම පතිත විය. එකත් එකටම මියගිය කාන්තාවකගේ යක්ෂා වේශය බව ඔහුට කල්පනා විය. එන පොට හරි නෑ යැයි සිතූ බණ්ඩාර ආපසු නොබලාම නිවස බලා දිව යන්නට විය. ජීවිතයේ කිසි දිනෙක තමා මේ ආකාරයට බිය වී නැති බව සිතූ ඔහු යළි මෙවන් මෝඩකම් නොකරන්නට සිතා ගත්තේය. පාදයක් ගලක හැපී ලේ ගලන බව දැනුණත් ඒ දෙස නොබලාම ගණ අඳුරේ නිවස වෙත ගොස් කීප විටක්ම ‘ඉතිපිසෝ’ ගාථාව කියා බිම දමා පැදුරේ දිගා විය. සැඟවී සිටි යහළුවන් කතා කළත් ඔහු පිළිතුරු නොදීම දිවයෑම ප‍්‍රශ්නයක් විය.

පසුවදා පිබිදුණු බණ්ඩාර බරපතළ ලෙස තුවාල වී තිබුණු පාදයට ගොඩ බෙහෙත් කර කහට වීදුරුවක් පානය කළේය. ඊයේ රාති‍්‍ර සිදු වූ සිදුවීම මතක් වන විට තවමත් සිතට බිය ගෙන දෙයි. සත්‍ය වශයෙන්ම හොල්මන් ඇතැයි එදා ඔහුට පසක් විය. ඊයේ රාති‍්‍රයේ කඩිමුඩියේ දුවන විට ඔහුගේ විදුලි පන්දම සොහොන් බිමේ වැටී ඇත. එය ඔහුගේ අත්‍යවශ්‍යම භාණ්ඩය නිසාත් දිවා කාලය එළැඹ ඇති නිසාත් කාටත් හොරා විදුලි පන්දම ගෙන ඒමට සොහොන් භූමිය වෙත ගියේය. අදහාගත නොහැකි සිදුවීමක් ඔහු ඉදිරියේ දර්ශනය විය. ඊයේ රාති‍්‍රයේ යක්ෂණියක ලෙසින් තමා බිය කළ කාන්තාව මිදුලේ ඇඳුම් වේළමින් සිටී. ඇත්තටම ඇය මිනිස් කාන්තාවකි.

පෙරදින තමා බිය වී ඇත්තේ මේ කාන්තාවටයි. හදිසියේ ගමට පැමිණි ආගන්තුක පිස්සු ගැහැනියක් ගම පුරා ඇවිද රාති‍්‍රය ගත කරන්නට තැනක් නොවූයෙන් කනත්තේ පාළුවට ගොස් තිබුණු නිවසේ එදා රාති‍්‍ර නැවතී ඇත. බරපතළ මානසික රෝගීන්ට රාති‍්‍ර නින්ද නොයයි. බණ්ඩාර අන්දුන් කුන්දුන් විය. පොළොව පලා ගෙන යන්නට සිතුණි. තමා බියට පත්ව ඇත්තේ මේ මානසික රෝගී කාන්තාවට බව දැනගත් බණ්ඩාර තමාටම සිනාසෙමින් රහස් මඟකින් නිවසට ගොස් සති කීපයක්ම පාරට ආවේ නැත. මෙවැනි අකරතැබ්බවලට මුහුණපාන පුද්ගලයන් සමාජයේ අනන්තවත් ඇත.

කලවාන - රණසිංහ ආරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles