Divaina - නැන්දම්මා... තානායම්පල්ලාගේ සටහන....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

taanayam333

 

අමාලි උළුවස්ස ළ`ගටම ඇවිත් උදේ වැඩට යන්න පිටත්වෙන සංජයට හාදුවකින් සමුදුන්නා. ඒ එක්කම ඔෆිස් වෑන් එක ඇවිත් ගේට්ටුව ළ`ග නතර කළා.
 
 සංජයත් එකතු කරගත්ත වෑන් එක ඈතින් ඈතට ඇදිලා යන දිහාව අමාලි සංවේදී දෑසින් බලාගෙන හිටියා.
 
 සංජය වැඩ කළේ ගෙදර ඉ`දලා හැතැක්ම විස්සක් විතර ඈතින් තියෙන රජයේ ප‍්‍රාදේශීය කාර්යාලයක සංවර්ධන නිලධාරියෙක් විදියට.
 
 තානායම් පිළිගැනීමේ නිලධාරිණියක් වුණු අමාලිට මීට අවුරුදු දෙකකට විතර කලියෙන් සංජය මුණ ගැහුණෙ අමාලි සේවය කළ තානායමේදිමයි. සංජය එදා ජීවිතයෙ මුල් වරට අමාලි සේවය කරන තානායමට ආවෙ සංජයලාගෙ කාර්යාලයෙන් සංවිධානය කරලා තිබුණු ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගි වෙන්නයි.
 
 සතියේ දින පහක් මුළුල්ලේ අමාලි සේවය කරන තානායමේ පැවැත්වුණු ඒ නේවාසික වැඩමුළුවට සහභාගි වුණු තරුණ නිලධාරීන් තිස් දෙනා අතරින් සංජයගෙ ඇස් දෙක විතරක් අමාලිට විශේෂ වුණේ කොහොමද කියන්න අදටත් ඇය දන්නෙ නෑ.
 
 දිවා කාලයේ තානායමේ ප‍්‍රධාන ශාලාවේ පැවැත්වෙන වැඩමුළුවෙ දේශන ක‍්‍රියාකාරකම්වලින් පස්සෙ සවස් යාමයේ පැවැත්වෙන සුහද සාකච්ඡුා අතරේ මිතුරුසගයන්ගෙන් හෙමිහිට ඈත් වෙලා සංජය
 
 පිළිගැනීමේ කවුන්ටරේ ළ`ගට ඇවිත් අමාලිත් එක්ක චුට්ටක් කතාවට වැටෙන්නෙ හවස හයට අමාලි ඇගේ දෛනික සේවා මුරය අවසන් කරලා ඇය තානායමෙන් පිටත්වෙන්නට කලියෙනුයි.
 
 ඒ වන විට වසර හතරක් පිළිගැනීමේ නිළධාරිණියක් හැටියට කටයුතු කරලා තිබුණු අමාලිට තානායමේදි මුණ ගැහුණු නානාප‍්‍රකාර තරුණ විධායක නිලධාරීන් සංඛ්‍යාව අනන්තයි. අප‍්‍රමාණයි.
 
 ඒ අය අතරින් දුරකථනයෙන් අමාලිට විවාහ යෝජනා ඉදිරිපත් කරපු ප‍්‍රමාණයත් අති විශාලයි.
 
 ඒකට හේතුව සාම්ප‍්‍රදායික පිළිගැනීමේ නිලධාරිණියකට වඩා අමාලි ළ`ග තිබුණු ගැමිකමට සමීප සංවර ඇවතුම් පැවතුම් නිසා වෙන්න ඇති.
 
 ඒ අතරින් සංජය එක්ක ගොඩ නැගුණු ඒ සුවිශේෂී මිතුදම ආදරයක් බවට පරිවර්තනය වෙලා ඒ ආදරය විවාහයකින් තහවුරු කරගන්න තරමට අමාලි වාසනාවන්ත වුණා.
 
 අමාලි සංජයලාගෙ ගෙදර පදිංචියට ඇවිත් අදට හරියටම සති තුනයි.
 
 විවාහයෙන් පස්සෙ සංජයලාගෙ මහගෙදර ගත කරන අලූත් ජීවිතේට අමාලි තවමත් හරියට හැඩ ගැහිලා නෑ.
 
 සංජයගෙ අම්මා පාසල් ගුරුවරියක්.
 
 හො`ද වෙලාවට සංජයලාගෙ වෙඩින් එක ඉවර වුණා විතරයි සතියක් යන්නත් කලින් ඉස්කෝල නිවාඩුව පටන් ගත්තා.
 
 අලූත් ලේලිව කැන්දාගෙන ආව හැටියෙම නැන්දම්මාට ගෙදර ඉන්න ලැබුණු එක දෙන්නාගෙම හිතට ලොකු සහනයක් වුණා.
 
 ‘‘...එන්න දුව... මේ කොළ කැ`ද වීදුරුව බොන්න...’’
 
 සංජයගෙ අම්මා උලූවස්ස ළ`ගට ඇවිත් අමාලිට අ`ඩ ගැහුවා.
 
 වයස පනස් හතරක් වුණත් තවමත් තරුණ පෙනුම මැකිලා නොගියපු සංජයලාගෙ අම්මා බොහොම තැන්පත් ගතිගුණ තියෙන සිරියාවන්ත කාන්තාවක් නිසාම ඇගෙන් අම්මා කියන ප‍්‍රතිරූපය මිසක් නැන්දම්මා කියන සාම්ප‍්‍රදායික චරිතය අමාලිට චුට්ටක්වත් පෙනුණෙ නැහැ.
 
 ‘‘...දන්නවද අමා දුව... මම ඔයා එක්ක මේ වගේ හිටියට.... මට නම් අපේ නැන්දම්මා කවදාවත්ම තේ එකක්වත් හදලා මෙන්න දුවේ කියලා අතට දීලා නෑ...’’
 
 සංජයලාගෙ අම්මා එක සැරේ කීව කතාවෙන් කොළකැ`ද වීදුරුවත් අතේ තියාගෙන අමාලි ගල් පිළිමයක් වගේ ඇය දිහාව බලාගෙන හිටියා.
 
 ‘‘.... ඇයි දුව මේ බයවෙලා...’’
 
 සංජයගෙ අම්මා යාලූවෙක් වගේ අමාලිගෙ උරහිසට හෙමිහිට එකක් ගැහුවා.
 
 ඒත් අමාලිට තමන් මෙතනදි ප‍්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරුව ඒ ඉරියව්වෙන්ම අම්මා දිහාව බලාගෙන හිටියා.
 
 ‘‘...ඇත්තමයි දුව මං කීවෙ.... ඒ කාලෙ දැන් වගේ නෙමෙයි... උඩරට විතරක් නෙමෙයි ලංකාවෙ කොයි පළාතෙත් ආවාහ විවාහ සමාජ වටපිටාව මීට වඩා චුට්ටක් විතර වෙනස්...’’
 
 වෘත්තියෙන් ගුරුවරියක් හින්දාද කොහෙද සංජයලාගෙ අම්මා බොහොම පිළිවෙළක් ඇතිව කතා කරන මාතෘකාවට ප‍්‍රවිශ්ඨ වෙන හැටි උසස් බාලිකා විදුහලක ඉගෙන ගත් අමාලි හො`ද හැටි බලාගෙන හිටියා.
 
 ‘‘...නැන්දා ලේලි ගැටුමක් ගැන සමාජ කතා බහේ විතරක් නෙමෙයි දුව... ප‍්‍රායෝගිකවත් විවිධ සිදුවීම් ඒ කාලෙ බහුලව පැතිරිලා තිබුණු නිසාද කොහෙද විවාහ වුණ අලූත හැම කෙල්ලක්ම තමුන්ගෙ මහත්තයගෙ අම්මා ඒ කියන්නෙ නැන්දම්මා දිහාව බැලූවෙ ටිකක් සැක සහිත විදියටයි...’’
 
 සංජයගෙ අම්මා බොහොම තැන්පත් විදියට කතාව කරගෙන යනවා.
 
 ‘‘.... ඊට දෙවෙනි නෑ දුවේ ඒ කාලෙ නැන්දම්මලත්... එයත් ලේලි දිහාව බැලූවෙ මේ ඇවිත් ඉන්නේ තමුන්ගෙ පුතා ඒ අම්මට මෙතෙක් කල් දක්වපු ආදරේ මෙතැන් පටන් අත්පත් කරගන්න අලූතින් ආපු මාර ¥තිකාවක් දිහාව බලන විදියටයි... මං මේ කියන්නෙ එදා සමස්තය නෙමෙයි දුව... ඒ කාලෙ බහුතරය එහෙමයි...’’
 
 සංජයලාගෙ අම්මා කියන දේ හො`දින් ශ‍්‍රවණය කරගෙන ඉන්න අමාලි ඒ අදහස් අනුමත කරලා ඔලූව හොලවනවා මිසක් අම්මාගෙ දැහැන බිෙ`ද්විය කියන බයට උගුරෙන් කිසිම සද්දයක් පිට කළේ නැහැ.
 
 ‘‘...මගේ නැන්දම්මා ඒ කියන්නෙ සංජයගෙ අත්තම්මා සංජයගෙ තාත්තාට තිබුණෙ අසීමිත ආදරයක් දුවේ... ඒක තේරුම් ගත්ත හින්දාම මං ඒ නැන්දම්මා එක්ක අවුල් හදාගත්තෙ නෑ...
 
 මට මතක තියෙන චූටි උදාහරණයක් කියන්නද?...
 
 ඔන්න ඒ දවස්වල මගේ අතින් කෑම බීම ඔක්කොම පිළියෙල කරලා සංජයලාගෙ තාත්තාට තමයි මම ඉස්සරවෙලාම බත්පි`ගාන බෙදන්නෙ...
 
 ඉතින් මමත් බත් චුට්ටක් බෙදාගෙන තාත්තා ළ`ගින්ම ඉ`දගත්තාම මගේ නැන්දම්මා යනවා ආයෙමත් කුස්සියට... ගිහින් මම උයලා රෑට කෑමට ඉතිරි කරලා තියපු මාලූ කෑලි වලින් තවත් දෙක තුනක්ම අම්මත් ගෙනැත් බෙදනවා සංජයගෙ පි`ගානට...
 
 එහෙම බෙදන ගමන් මං දිහාවත් හැරිලා බලනවා මිසක් අම්මා මගේ ළ`ගටවත් එන්නෙ නෑ... ඉතින් මං බලාගෙන ඉන්නවා සංජය කෑම කන දිහාව. මමත් සංජයට ඇති පදමට මාලූ බෙදපු නිසා සංජයට ඒතරම් මාලූ කෑලි ගොඩක් කා ගන්න බෑ.
 
 ඉතින් එයා අන්තිමට ඒ මාලූ අනලා පොඩි කරලා පූසන්ට කෑමට දෙනවා.
 
 මට ඉතින් දෙලොව රත් වෙනවා. ඒ මොකද දන්නවද දුව... හට්ටියෙ ඉතිරි මාලූ ටික ගෙදර හැමෝටම රෑ කෑමට මදි නිසා...’’
 
 සංජයලාගෙ අම්මා කියාගෙන යනවා. ඒ වගේ සංකීර්ණ තත්ත්වයන් ගැන අමාලිට නම් හිතා ගන්නත් බෑ.
 
 ‘‘... ඉතින් මම රෑ කෑම මේසෙදි කරන්නේ තියෙන මාලූ කෑලි ටික ගාණට වගේ කාගෙත් පි`ගන් වලට බෙදලා ඉතිරිවෙච්ච මාලූ හොදි විතරක් පි`ගානට බෙදාගෙන කාටත් නොපෙනෙන විදියට
 පි`ගාන අනික් පැත්තට මුවා කරගෙන මාලූ නැතුව කෑම කනවා...’’
 
 සංජයලාගෙ අම්මා නැවතිල්ලේ කියාගෙන යනවා.
 
 ‘‘...ඉතින්.. මං එදා ලේලි කෙනෙක් හැටියට නැන්දම්මාගෙන් ගොඩක් දුක් ගැහැට වින්දා දුව... අන්න ඒ නිසාම මම ඒ කිසිම දුකක් ඔයාට වි`දින්න ඉඩ තියන් නෑ දුවේ...’’ අම්මාගෙ ඒ වචන වලින් අමාලිගෙ ඇස්වලට නොදැනිම ක`දුළු ආවා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles