Divaina - මේ තරම් නරක විදිහට දැරියන් කෙළසන්නේ ඇයි?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N4 handලෝකයේ සෑම රටක්ම පාහේ ව්‍යභිචාරය(Incest) පිළිබඳව සිදුකරන වැරදි අපරාධ තම තමන්ගේ නීතිරීති සහ දණ්ඩනීති සංග‍්‍රහවල දක්වා ඇත. එහෙත් මෙම වරද පිළිබඳව වඩාත් පුළුල් අරුත්වලින් ද ව්‍යභිචාරය නිර්වචනය කළ අවස්ථාත් ඇත. බොහෝ නිර්වචනවල එය ජීව විද්‍යාත්මක සබඳතාවක් ලෙසටත් විග‍්‍රහකොට තිබේ. (Biological Realationship) මෙම ජීව විද්‍යාත්මක සබඳතාවලදී තහනම් ක‍්‍රියාවල (සංසර්ගය) යෙදීම බරපතළ වැරැද්දක් ලෙසට ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත.
 
 ඇතැම් අපරාධ විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන්නේ පවුලේ කවර හෝ සාමාජිකයන් අතින් වුව දැරියකට/දරුවකුට සිදුවන ඕනෑම ආකාරයක ලිංගික හිංසන ක‍්‍රියාවක් ව්‍යභිචාරයක් (Incest) ලෙසට අරුත් නිර්ණය කළ හැකි වගය.
 
 ඇතැම් විට මෙම ක‍්‍රියාවලට දරුවන් යොමු කරන්නේ මෙම දරුවන්ගේම ලේ උරුම පියා විය හැකිය. ඇතැම් විට බාප්පලා, රැකවරණ මවුපියන්, කුලවද්දාගත් මවුපියන්, අම්මාගේ පේ‍්‍රමවන්තයන්, මවුපියන්ගේ වෙනත් හිතවතුන් ආදිය ද විය හැකිය. ඇතැම් විට සීයලා ද මාමලා ද පවුලේ වෙනත් සමීපතම ඥාතීන් ද මොවුන් අතර සිටිය හැකිය. බොහෝ අපරාධ විද්‍යඥයන් පෙන්වා දෙන්නේ ව්‍යභිචාරිකයා සහ ඔහුට ගොදුරු වන දරුවන් අතර වයස් පරාසය ඉතා විශාල බවයි.
 
 ආසියාතිකයේ බොහෝ රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද වඩාත්ම අසන්නට ලැබෙන හා වාර්තාවන ව්‍යභිචාරය ලෙසට නම් කෙරෙන්නේ පියා සහ දුව අතර සිදුවන ලිංගික හැසිරීම්ය. මෙහිදී පියා ව්‍යභිචාරිකයා වන අතර දියණිය එහි ගොදුර බවට පත්වෙයි.
 
N4 rape බොහෝ අපරාධ විද්‍යඥායන් ව්‍යභිචාරී පවුල්වල ස්වභාවයන් පිළිබඳ කරුණු අනාරවණය කරගෙන තිබේ. මෙබඳු පවුල්වල දරුවන් අත්විඳින්නේ රහසිගත පවුල් පරිසරයකි. (Secretive home environment) මේ ආකාර වූ නිවෙස්වල ළමුන්ට සාමාන්‍යයෙන් මිතුරන් ආශ‍්‍රය කිරීමට ඉඩකඩක් නොලැබේ. එසේම මේ දරුවන්ට අසල්වාසී දරුවන් සමඟින් සබඳතා පැවැත්වීමටත් අසල්වැසියන් සමඟින් මිතුරුදම් පවත්වාගැනීමටත් ඉඩකඩ නොලැබෙයි. ඔවුන්ට මිතුරන් සමඟින් ගමන් බිමන් යෑමට අල්ලාප සල්ලාපයෙහි යෙදීමට ඉඩකඩක් ද නැත. පවුලේ සාමාජිකයන් අතර ඉතා කිට්ටු බැඳීමක් ඇති බව ඔවුන් පිටස්තරයන්ට පෙන්වීමට නිතර නිතරම උත්සාහ ගනී.
 
 මෙබඳු පවුල්වල පියා දැවැන්ත බල අධිකාරියක් තම පවුල තුළ පවත්වාගෙන යයි. බියගැන්වීම නිරතුරුවම දරුවන් පාලනය කිරීම පිණිස ඔවුන් උපයෝගී කරගන්නා උපක‍්‍රමය බවට පත්වෙයි. බොහෝ විටක බාහිරව මෙසේ වුව ද පවුල් අභ්‍යන්තරය අර්බුද වලින් ගහණ වූ එකකි. විරැුකියාව, මත්පැන් පානයට යොමුවීම, දෙමවුපියන් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුව සිටීම, අධ්‍යාත්මිකව නොමේරු මට්ටමක සිටීම, වැඩිහිටියකුගේ වගකීම් අවබෝධ කර
 
 නොගැනීම මෙන්ම දෙමාපියන් අධික ¥ගී පවුල්වලින් ඉස්මතුවීම ද කැපී පෙනේ.
 
 බරපතළ විසංවිධානයක් සහිත පවුල්වල වෙසෙන දරුවන් ද ව්‍යභිචාරයට වඩාත්
 
 ගොදුරු වන්නට ඉඩකඩ තිබේ. බොහෝ විට මෙබඳු පවුල්වල මව පවුල අත්හැර
 
 ගොසින්ය. නැතහොත් පවුල සමඟ සබඳතා නොපවත්වයි.
 
 බොහෝ විට මෙම පවුල්වල දැරියන් ව්‍යභිචාරි පියාට ගොදුරු වන්නේ මව වෙනුවට ආදේශකයක් ලෙසටය. පවුලේ සියලූම කටයුතු ‘මවක’ මෙන් ඉටුකරලා ඇය තම පියාගේ ලිංගික සහවාසයන් වලටත්  ගොදුරු වීමට ඇති ඉඩකඩ ද බහුලය.
 
 David Finkelhor, Linda Meyer Williams නම් සමාජ විද්‍යා පර්යේෂකයන් නිව්හැම්ප්ෂයර් විශ්වවිද්‍යාලයේ අමුතුම තාලයේ පර්යේෂණයක් දියත් කළහ. තම දියණියන් තම නිවස තුළම කෙළෙසා දැමූ ව්‍යභිචාරි පියවරුන් පිළිබඳව වූ මෙම පර්යේෂණයෙන් බරපතළ අනාවරණය කිරීම් සිදුකරනු ලැබිණි.
 
 මෙබඳු පියවරුන් 118 දෙනකු පිළිබඳව ඔවුහු අවධානය යොමුකරනු ලැබූහ. ඉන් පළමු කාණ්ඩය වූ පියවරුන් තම දියණියන් පිළිබඳවත් ඔවුන් සමඟින් ලිංගික හැසිරීමකට යොමුවීම පිළිබඳවත් කල්පනා කරමින් සිටියහ. තමන්ගේම ලෙයින් බිහිවූ දියණියගේ ශරීරය, සමේ පැහැයට සහ ඇගේ හැඩරුවට ඉතා ආශාවෙන් කල්ගත කළහ. ඇතැම් පියවරුන් ප‍්‍රකාශ කළේ තම දියණියගේ සිරුරින් එන සුගන්ධයටත් ඔවුන් ප‍්‍රියකළ බවය.
 
 මුල් කාලයේ සිටම මේ දියණියන් ගැන රාගාශාවෙන් කල්ගත කළ අය : (Early Sexvalizers)  මේ පියවරුන් අතර තවත් කාණ්ඩයක් විය. මෙබන්දන් තම දියණිය පිළිබඳව රාගසිත් ඇතිකරගෙන තිබුණේ ඇය බිළිඳියකව සිටියදීය. මෙබඳු එක් පියකු ප‍්‍රකාශ කර තිබුණේ තමන්ගේ සිඟිති දියණියගේ පාදයේ තුවාලයකට ප‍්‍රතිකාර කරද්දී තමන්ගේ දියණිය පිළිබඳව රාගසිතක් ඇති වූ බවය. මෙබන්දන් මේ ආශාව සපුරාගෙන තිබුණේ තම දැරිය යාන්තම් අවුරුදු දහය දොළහ ආසන්න වන විටය.
 
 තවත් ව්‍යභිචාරී පියවරුන් 33% ක ප‍්‍රමාණයක් ප‍්‍රකාශ කළේ ඔවුන්ට තම දියණියන් පිළිබඳව ලිංගික ආශාවක් ඇතිවූයේ මෙම දැරියන් වැඩිවියට පත්වූවාට පසුව බවය. (Adolescent) මෙම දැරියන් කුඩා කල සිටම ඔවුන් කෙරෙහි මෙම රාගාධික පියවරුන් ඇල්ම බැල්ම හෙළා හුන් අතර දැරිය වැඩිවියට පත් වූවාට පසුව මෙම දැරියව තමන් සන්තක කරගත්හ.
 
 තවත් වර්ගීකරණයකට අනුව කිසියම් අහම්බයක් නිසා තම දියණිය සමඟින්
 
 ලිංගිකව එක්වූ පියවරුන් ද දැකගත හැකිය. එක් මෙබඳු පියකු ප‍්‍රකාශ කළේ තමන් සහ තමන්ගේ සත් හැවිරිදි දියණිය නාන තටාකයක ස්නානය කරමින් සිටියදී දියණියගේ අතක් තමන්ගේ ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශයේ වැදීමෙන් පසුව මහත් ආශාවක් හටගත් බවත් ඒ සැණින්ම ඇති වූ ආශාව මතම ඇයව තමන්ගේ ආශාවන්ට ගොදුරු කරගත් බවය. තවත් පියකු ප‍්‍රකාශ කළේ ”මම මගේම දුවට කරදර කළේ එයා ගැන එක පාරටම හිතුන ලොකු ආශාවකට.” බොහෝ විට මේ ආකාර පියවරුන් තමන්ගේ යටි හිත හරහා එක්වරම ඉස්මතු වන ලිංගික සහවාශාව(Impulse) සමනය කර ගන්නට මෙම දැරියන්ව අවියක් ලෙසට භාවිත කොට තිබේ.
 
 චිත්තවේගීය වශයෙන් මේ දියණියන් වෙතින් යැපෙන පියවරුන් අතරින් ද ව්‍යභිචාරය ඉස්මතුව තිබේ. ව්‍යභිචාරී පියවරුන්ගෙන් 10% ක් මෙම ප‍්‍රවර්ගයට අයත් බව ඉහත පර්යේෂකයන් පෙන්වා දෙති. තනිකම, පාලූව, හුදෙකලාව සහ මානසික ආතතිය මෙබඳු පියවරුන්ට බරපතළ ජීවන ගැටලූ ලෙසට ඉස්මතුව තිබිණි. තමන්ගේ දියණිය තමන්ට වඩාත් සමීපස්ථ, මානසික සහනය ගෙනදෙන තැනැත්තියක් ලෙස ඔවුහු කල්පනා කරති. එහෙත් අවසානයේ පියාගේම ලිංගික ගොදුරක් බවට පත්වීමට ද ඇයට සිදුවෙයි. එහෙත් මේ කතාවල මූලය අනෙකාගෙන් මානසිකව යැපීම හෙවත් පරායත්තතාව පදනම්ව පවතී. ඇතැම් පියවරුන් ප‍්‍රකාශ කළේ තමාගේ දියණිය තමන්ගේ හොඳම යහළුවා බවට පත්වීම මේ ඛේදවාචකයට මුල වූ බවය.
 
 තම පවුලේ සාමාජිකයන් අතර පවත්නා වූ වෛරී සබඳතා සමනයකර ගන්නට (Angry Retaliators) තම දියණියව ලිංගික ගොදුරක් කර ගනිති. ඉහත පර්යේෂකයන් ප‍්‍රකාශ කරන්නේ ව්‍යභිචාරී පියවරුන්ගෙන් 10% ක් නියෝජනය කරන්නේ මේ ආකාර පියවරුන් බවය. ඔවුන් තම දියණියට මේ හිරිහැරය කරන්නේ තම බිරිඳ, නැන්දම්මා තමන්ට කළ නොමනාකම්වලට පළිගැනීමක් ලෙසටය. දියණියට හිරිහැර කිරීම හරහා බරපතළ මානසික පීඩාවක් එකී උදවියට ලබාදීම අරමුණු කොටගෙනය.
 
 අවුරුදු 13 ක දැරියක් ලිංගික හිංසනයකට ලක්කළ පියකු උසාවියේදී මෙලෙස ප‍්‍රකාශ කළේය. ”මගේ දුව මගේ නෝනාගේ ඇස්දෙක වගේ එයාගේ ජීවිතය තමයි දුව...ඒ වුණාට මගේ නෝනා මගේ ඇස් ඉස්සරහම තව මිනිහෙක් එක්කලා අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියා. මිනිහා සල්ලිකාරයෙක් මේක ආරංචි වුණ දවසෙම මම හිතාගත්තා මේ ගෑනිගෙන් පළිගන්නවාමයි කියලා. මේකට පහසුම ක‍්‍රමය මගේ දුව කියලා මට හිතුනා. මම ඒ දේ කළා. දැන් නෝනා ලොකු මානසික පීඩාවක ඇති. මට ඒක ලොකු සතුටක්.”
 David  සහ Linda ගේ පර්යේෂණ වාර්තාවට අනුව මෙම ව්‍යභිචාරී පියවරුන් 33% ක්ම මෙම ව්‍යභිචාරී ක‍්‍රියාව සිදුකරන විට මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිත කොට තිබේ. මොවුන්ගෙන් 9% ක් ප‍්‍රකාශ කළේ මෙම බියකරු චර්යාවට මත්පැන් සහ මත්ද්‍රව්‍යවල පෙළඹීමක් තිබූ බවය.
 
 ඉහත පර්යේෂණයේ දත්ත දායකයන් වූ පියවරුන්ගෙන් 43% ක් ම ප‍්‍රකාශ කළේ තමන් මේ ව්‍යභිචාරී චර්යාවට ගොදුරුවන්නට මුල් හේතුව වූයේ තම විවාහක බිරිඳගේ චර්යාව හා ඇගේ දුර්ගුණ බවය.
 
 එහෙත් පර්යේෂකයන් අනාවරණය කරන්නේ මෙම ව්‍යභිචාරී චර්යාවට එකම හේතුව වූයේ බිරිඳ පමණක්ම නොවන බවය. ඔවුන් පෙළුෑ නොයෙක් කායික, මානසික අවශ්‍යතා පෙළඹවීම් හා නොගැළපීම් ඒ අතර තිබූ බවය.
 
 තවත් සුවිශේෂී කාරණාවක් ඔවුන් අනාවරණය කර තිබිණි. ඒ මෙබඳු පියවරුන්ගෙන් 90% ක්ම තමන්ගේ කුඩා අවදියේදී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවය. ඔවුන්ගෙන් හරි අඩක්ම තමන්ගේ පියවරුන් කායික අපයෝජනයන්ට ලක්කර තිබිණි. ඔවුන්ට නිසි ආකාරයට ලිංගිකත්ව සමාජානුයෝජනයක් (Sexual Socialisation) ලැබී නොතිබීම තවත් සුවිශේෂී කරුණක් විය.
 
 ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
 සමාජවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු කථිකාචාර්ය
 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles