Divaina - රැජනට ගිය නුවර මැද ‘වලව්ව’.... ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

- ඇන්ටන් චෙකොෆ් කුවින්ස් හෝටලයේ නවාතැන්ගත් අයෙක්...
- ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ  මැතිණිය මිලට අරගෙන
- ඉපැරණි දූල්ලෑව වලව්ව දැයි නිශ්චිත නොවන මතයක්...

මහනුවර නගN1 road and buildingරයට පා තබන විට මේ අපේ අවසන් රාජධානිය වග හිතට කාවද්දන ප‍්‍රබලතම සාධකය මහනුවර ක්වීන්ස් හෝටල් ගොඩනැගිල්ලය. දළදා වීදිය ඔස්සේ ඉහළට වැව දෙසට යන විට වම්පසින්ද , මහයියාව දෙස සිට පැමිණ ඞී. එස් සේනානායක වීදිය දිගේ පැමිණෙන විට දළදා මැඳුර අභිමුවේදීද ඇස ගැටෙන ප‍්‍රතාපවත් කිරිසුදු තෙමහල් ගොඩනැගිල්ල රාජ තේජස් විදහා පාන්නේය. මේ ගොඩනැගිල්ල ඉපැරණි වලව්වක් වන දූල්ලෑව වලව්වම බවට ජන මතයයි.

නමුත්, මෙය වලව්වක් නොව වලව් ත‍්‍රිත්වයක එකතුවක් බව මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්, ගවේෂණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යය විද්‍යා මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක විරාජ් නිරංජන් බාලසූරිය මහතා කියා සිටී. අද මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ ක්වීන්ස් හෝටලයය. මෙය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අනුමැතිය ලබමින් බි‍්‍රතාන්‍ය මහරැුජිණට ගෞරවයක් වනු පිණිස යොදා ඇති නමකි. යුරෝපා රටවල් අතර තෝරා ගත් ගොඩනැගිලි කිහිපයක පමණක් ඇති හෝටල් සඳහා ක්වීන්ස් හෝටලය යන නාමය ලබා දීමට එවකට සිටම ඉංග‍්‍රීසි ආණ්ඩුව කටයුතු කර ඇත. අද වන විට ක්වීන්ස් හෝටලයේ භාරකාරත්වය ඇත්තේ සභාපති සංජීව් ගාඞ්නර් මහතාටය. උපසභාපති සාමාන්‍යාධිකාරි රංජන් පීරිස් මහතා ක්වීන්ස් හෝටලයේ ඉදිරි පැවැත්ම උදෙසා කටයුතු කරන්නේය.

N1 buildingක්වීන්ස් හෝටලය අද පවතින තත්ත්වය තෙක් පැමිණි ගමන් මග වසර දෙසියද ඉක්මවා ඇත. මේ සම්බන්ධයෙන් අතීත පුවත් ජනවහරේ අපූරුවට පෙළගස්සවා ඇත.

අද ඞී. එස් සේනානායක වීදිය සහ දළදා වීදිය ඉහළ කෙලවර යනු එදා හෙට්ටි වීදියේ මුල් කොටසය. හෙට්ටිවීදිය දෙපස වලව් හතරක් හෙවත් අදිකාරම් නිල නිවාස හතරක් තිබී ඇත. ඒ රත්වත්තේ වලව්ව, ඇරැපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව, සහ දූල්ලෑව වලව්වයි.

එක්දහස් අටසිය දහතුනෙන් පසුකාලයේ ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව මෙරටට පැමිණි දකුණු ඉන්දීය පාලකයන්ට මෙහි සිටි නිලමඬුල්ල හෝ සේවක මඬුල්ල පිළිබඳ පැහැදිලි විශ්වාසයකින් සිට නැත. එබැවින්ම රාජ මාළිගය පරිශ‍්‍රයට යාබදව සිය නිල නිවාස සියල්ල තනවා එහි විසීමට පියවර ගෙන ඇති බවක් අතීත පොත පත සහ පුරාවිද්‍යා සාක්ෂි අනුව පෙනීයයි.

දූල්ලෑව වලව්වේ ඉදිකිරීම් හි කිසිවක් මේවන විට ඉතිරිව නැති බව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමේ විරාජ් බාලසූරිය මහතා කියා සිටී. නමුත් දූල්ලෑව වලව්ව ඉදිකළ බව කියන නිර්මාණ කාර්මික ශිල්පියාම දළදා මැදුරේ පත්තිරිප්පුව ද කිරිමුහුද නම් වූ වැව ද නිර්මාණය කළ බව කියැවේ. එසේ නම් ඔහු දේවේන්ද්‍ර මූලාචාර්යයවරයාය.

ඔහු සෑම පසළොස්වක පොහෝ දිනකම කිරිමුහුද මැදින් පැමිණ දළදා වඳින්නට යන බවට ජනවහරේ මතයක් පවතී. ඔහු අතෙහි රියන් ලෑල්ල නමැති පත්තිරිප්පුව නිර්මාණය කිරීමට භාවිත කළ මිනුම් කෝදුව ඇති බව පැරැුන්නෝ දැක ඇති බව කියති. දිගු රැුවුලක් සහිත ඔහු සුදෝ සුදු ඇඳුමකින් සැරසී, හිස ජටාවකින් ආවර්ණය කොට ඇති බවටත් දුටුබව අතීත මිනිසුන් පවසා තිබේ. කාලවර්ණ සහිත මෙම පුද්ගලයාගේ භූතාත්මය පිළිබඳව එකල මිනිසුන් දැඩි සේ විශ්වාස කළ බවද කියැවේ. එවන් කරුණු කාරණා සමග පුරාවිද්‍යා ගවේෂණයෙන් දූල්ලෑව වලව්වේ ඉතිහාස ක‍්‍රිස්තුවර්ෂ 1810 -1812 තරම් ඈත බවට අනුමාන කර ගෙන ඇතිමුත් තිරසාර සාක්ෂි හමුව නැති බව කියයි. දූල්ලෑව වලව්ව දෙමහල් ගොඩනැගිල්ලක්ද තෙමහල් ගොඩනැගිල්ලක්ද යන්න නිශ්චය කර ගැනීමට සාධක නැත. නමුත් රජුට ඉතා සමීප ප‍්‍රභූ නිලධාරියකු වන දූල්ලෑවේ අදිකාරම් ගේ නිවස බැවින්ම එහි මැද මිදුල්, නඩු අසන තැන්, වරදකරුවන්ට දඬුවම් දෙන තැන්, අදිකාරම්ගේ පවුලේ උදවියට වෙන් වූ කාමර, භෝජනාගාර මුළුතැන්ගේ එම සේවකයන් සඳහා වන කාමර තිබූ බවට තොරතුරු ඇත.

N1 homeඑක්දහස් අටසිය පහළොව මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුමෙන් කන්ද උඩරට යටත් විජිතයක් බවට පත් කළ පසුව දූල්ලෑව වලව්ව සහ ඒ අවට සෙසු වලව් තමන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට බි‍්‍රතාන්‍ය ජාතිකයන් කටයුතු කර ඇත.

මුලදීම දූල්ලෑව වලව්ව ආණ්ඩුකාර මන්දිරය ලෙස පාවිච්චි කර ඇති බව කියැවේ. ඒ 1818 දීය. දෙවැනුව 1858 දී මැලේ නම්වූ රයිෆල් රෙජිමේන්තුවේ නිල නිවාසය බවට පත් කොට ඇත. එම නිල නිවාසයට අයත් ව තිබුණේ වර්තමානයේ රැුජන හෝටලයේ අද තිබෙන භෝජනාගාරයේ කොටසකි.

අනතුරුව 1873 වන විට ඉංග‍්‍රීසි ජාතික පියාෂෝ මැතිනිය විසින් මෙම ගොඩනැගිල්ල මිලදී ගෙන ඇත. ඇය එවකට කාලතුවක්කු රෙජිමේන්තුවේ හිටපු උසස් හමුදා නිලධාරියෙකුගේ බිරිඳ බවද සඳහන්ය. අද වන විට අනිවත්තේ පිහිටා ඇති පියාෂෝ ගාඞ්න්ස් යනු ද මෙම පියාෂෝ මැතිනිය විසූ නිවස හා ඒ අවට කොටස බවද කියැවේ.

මේ වනවිට විවිධ අවස්ථාවන්හිදි දුල්ලෑව වලව්ව හි කොටස් ඉවත් කිරීමටද යළි නැවත අලූතින් කොටස් ඈඳා පියාෂෝ කොටේජ් ලෙස නාමයක් ද ලබා දී ඇත. මේ සියලූ තොරතුරු ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ සහ රොබට් නොක්ස් නමැති ඉංග‍්‍රීසි ජාතික ශ‍්‍රී ලංකාවේ එළිමහන් සිරකරුවකු වූ තැනැත්තෙකුගේ අත්දැකීම් අනුවත් ජෝන් ඬේව් වැනි ඒජන්තවරුන්ගේ දින පොත් ආශ‍්‍රිතවත් සොයා ගත හැකි විණි. බි‍්‍රතාන්‍ය ජාතික අනන්‍යතාව තදබල ලෙස සංකේතවත් කරමින් අතීතයේ මෙහි විසූ බි‍්‍රතාන්‍ය බයිනෙත්තු හමුදාවේ නිලධාරීන් පැළඳි තොප්පිය

ගොඩනැගිල්ල ඉහළ සදලූතලයේ වහලයේ ඉදිකරන්නට කටයුතු කොට තිබේ. ඉන් ගම්‍ය වන්නේ මෙය හුදෙක්ම බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලද්දක් බවය.

මානව වංශ ජනශ‍්‍රැති පර්යේෂක වරයකු හා ගවේෂකයකු වූ විරාජ් නිරංජන් බාලසූරිය මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් හා තොරතුරු ඔහුගේ වචනයෙන්ම අසමු.

N1Man”රජුගේ මලබාර් ඥාතීන් ගෙනැවිත් නතර කිරීම සඳහා දූල්ලෑව වලව්ව තවදුරටත් විශාල ලෙස ඉදිකළ බවක් අතීත සටහන්වල දැක්වෙනවා. ඒ විතරක් නෙවෙයි, මලබාර් හමුදාවේ නේවාසිකාගාරය ලෙසත් පසුව රෝහලක් ලෙසත් භාවිත කළ බව කියනවා. අද අප දකින රැුජිණ හෝටලය අතීතයේ මේසා විශාල ගොඩනැගිල්ලක් නෙවෙයි. පහත මාලයේ භෝජනාගාරය හා ඊට යාබද කාමරය පමණක් තිබූ බවත් පසුකාලීනව අසල තිබූ සෙසු වලව් එක්කොට මේ සුවිසාල මන්දිරය තැනූ බවටත් කරුණු කියැවෙනවා. දළදා විදියෙන් ත‍්‍රිකුණාමල වීදිය දෙසට එකල පැවැතියේ පැවිලියන් හෝටලය සහ ඊට අයත් නවාතැන් පළක් පමණක් බවද ඇතැම් තැන්හි සඳහන් වෙනවා. වසර 1873 දී පියාෂෝ මැතිණිය බිම් ප‍්‍රමාණයෙන් රූට් දෙකයි පර්චස් අටහමාරක් මිලදී ගෙන තිබෙනවා.

පියාෂෝ බ්ලොක් යනුවෙන් භෝජනාගාරයක් කාමර පහක් පමණ ලෙස තිබී ඉන් අනතුරුව ඇය විසින් විසිරී තිබූ ගොඩනැගිලි ඒකාබද්ධ කොට නිරිත සහ ඊසාන දිසාවන්ට පියාපත් විසිරදමා ඇති කුරුල්ලකුගේ ආකාරයක් දර්ශනය වන තෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර තිබෙනවා. එක්දහස් අටසිය අනූ පහේදි සිය අග‍්‍රගන්‍ය හෝටලය විකුණා දමන්නට ඇය කල්පනා කර තිබෙනවා. මහනුවර පෞද්ගලික හෝටල් සමාගම ඒක මිලදී ගෙන තිබෙනවා. හිරු ආවරණය කිරීම සඳහා පියස්සක් සහිත පදික වේදිකාවක් තැනීමට මෙම සමාගම මුලින්ම අත ගසා තිබෙනවා. නගර සභාවෙන් ඉල්ලීමක් කළ වෙලාවේ වසරකට රුපියල් විස්සක බදු මුදලක් ගෙවා පදික වේදිකාව ඉදිකර ගන්නා ලෙස හෝටලයට නගරසභාව දැනුම් දී තිබෙනවා. වැව අද්දරින් දළදා වීදිය ඉහළ කෙලවර පදික වේදිකාව ඉදිකර ඇත්තේ, එක්දහස් නවසි අනූ එකේ පෙබරවාරියේ. මේ වන විට විදේශීය ආකර්ෂණයත් ලැබී තිබූ බව සඳහන්. එබැවින්ම ත‍්‍රිකුණාමල වීදිය දෙසට තිබූ මොල්ලිගොඩ වලව්වත් මෙම ගොඩනැගිල්ලට ඈඳා ගෙන තවදුරටත් වැඩි දියුණු කරන්න කටයුතු යොදා තිබුණා. ටෝනි බ්ලෙයාර් සහ පිලිප්ස් යන සුදු ජාතිකයන්ගේ පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල වැඩිදියුණු වූ බවත් කියැවෙනවා. රැුජිණ හෝටලයේ ඊසාන පියාපත ලෙස අදටත් හැඳින්වෙන මෙම කොටස ගොඩනැගිල්ලට අමුතු සුන්දරත්වයක් එක්කර තිබුණා. එක්දහස් නවසිය එකොළහේදී කාසල් හා දළදා වීදිය කොනක පිහිටි හිස් භූමියේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. මෙහි කාමර ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව මදි බව දැනීම නිසායි එසේ ඉදිකර තිබෙන්නේ. රුපියල් හාරසිය පනහක මුදලකින් ඉදිකර ඇති මෙම

ගොඩනැගිල්ල මුල් කාලයේ මිලර්ස් ලෙස මුලින් හැඳින්නුවත් පසුව එහි ලංකා බැංකුව ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට අක්කරයක් සහ පර්චස් හයක භූමියක් රැුජිණ හෝටලයට අයිති වී තිබෙනවා.

රැජිණ හෝටලයේ වාස්තු විද්‍යාව කන්ද උඩරට සම්ප‍්‍රදාය තුළ රැුඳෙන බව වෙනමම හඳුනා ගත හැකියි. කන්ද උඩරට තිබූ පස වර්ෂාපතනය භූමියේ පිහිටීම පාෂාණ සහ ඉඩකඩ මේ සියල්ලක්ම එකිනෙකට සම්බන්ධ වන සේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. සාමාන්‍යයෙන් ටැම්පිට ඉදිකිරීම්, ඔසවා ඉදි කිරීම්, දැව භාවිතාව, වරිච්චි බිත්ති, කෝණාකාර පියැසි කඳුරටට ආවේණිකයි. අවුරුද්ද පුරාම ඇද හැලෙන මහා වැස්ස ගැන මෙය ඉදිකළ වාස්තු විද්‍යාඥයා කල්පනා කර තිබෙනවා. ඒ නිසායි දළ බෑවුම් සහිත පියසි නිර්මාණය කර තිබෙන්නේ. වහලය උඩට වැටෙන වතුර ඉක්මනින්ම පොළවට වැටෙන්න සලසා තිබෙන්නේ මේ සුවිසල් ගොඩනැගිල්ලේ බිත්ති පොලව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් වෙන්නත් පුළුවන්. උඩරට වහලයක් ලෙස සිව් පලයේ සහ අටපලයේ කෝණාකාර වහල, රවුම් උළු ඒවා සිංහල උළු, යොදා සෙවිලි කර තිබෙනවා. පොළවේ තෙතමනය අධික නිසා ගොඩනැගිල්ල ඔසවා නිර්මාණය කරන්න ඇති. බි‍්‍රතාන්‍ය ගෘහනිර්මාණ ශිල්පයට ඉතා කිට්ටු ලෙස මෙම නිර්මාණය සිදු කර තිබුණත් සුවිශේෂිම වන්නේ වීථි දෙකක් ආවරණය වන පරිදි ත‍්‍රිකෝණාකාර ලෙස ඉදිකර තිබීමයි. ප‍්‍රධාන දොරටුව කිරි මුහුද දෙසට වන ලෙස සකසා තිබීමෙන් අමුතු ගුප්ත සහ පෙරකී මෙම බිමහි මුල් ඉදිකිරීම් කළ අයට ගෞරව දැක්වීමක් වැනි හැඟීමක්ද ඇති කරනවා.

rujina1

බි‍්‍රතාන්‍ය ජාතිකයෝ තම දේවස්ථානවල ඉදිකිරීම් වලදි ප‍්‍රතාපවත් බවට මුල්තැනක් දෙනවා. ඔවුන් හිතනවා ඒ තුළින් අභිමානය විදහා දක්වන්න. දැවැන්ත කුලූනු විශාල ආරුක්කු ගණකම් බිත්ති, විශාල දොර ජනෙල් බෑවුම් වැඩි කෝණාකාර වහල බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාව තුළ ප‍්‍රකටයි. ඒ විතරක් නෙවෙයි බි‍්‍රතාන්‍ය වාස්තු විද්‍යාඥයෝ වාතාශ‍්‍රය සනීපාරක්ෂාව සුව පහසුව කියන කාරණාවලට මූලිකත්වය ලබා දෙනවා. මෙම මහා සුවිසල් මැඳුරේ තැනින් තැන තිබෙන වා කවුළු මැද කවුළු මැද මිදුල් පොළවට අතුරා ඇති ලී විශේෂ අනුව ඒ බව ඉතා හොඳින් පැහැදිලියි. උණුසුම් කාලයේදි ඇතුළත සිහිල්ව තබා ගැනීමටත් සීතල කාලයට උණුසුම රඳවා

ගැනීමටත් හැකි පරිදි මෙම ගොඩනැගිල්ල තනවා ඇති බව බොහොම පැහැදිලියි. අද වුවත් මෙම ගොඩනැගිල්ල තුළ ඇත්තේ අමුතු සිහිල් බවක්.

මේ විශාල ගොඩනැගිල්ල එහි පදනමට හානි නොවන ලෙස පොළව තුළට ගිල්වන ලද යකඩ බාල්ක ආකෘතියක් සෑම බිත්තියකටම පහළින් සමබර කර තිබෙනු දක්නා ලැබුණා. බිත්ති අභ්‍යන්තරය විද බැලිය නොහැකි වුවත්, දළදා මාළිගයට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ඇතිවූ කම්පනයෙන් කුලූනක බදාමයක් ගැලවී ගියා. අපි වහා මේ ගැන සොයා බලා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ගැන අවධානය යොමුකළා. ගල් ගඩොල් සහ විශේෂිත බදාමයක් භාවිත කරමින් පදම් කළ මැටි මිනිරන් සහ ලාටු විශේෂයක් භාවිත කර තිබෙන බවද එහිදී දක්නට ලැබුණා. බිත්තියක් සෙන්ටිමීටර් පනහක් පමණ ගණකම්. ඇතැම් තැන්වල ඊටත් වඩා පුළුල්. බිත්ති බැඳීමේදී සිදුරු පිහිටන සේ ගල් අල්ලා තිබෙනවා. ඊට ප‍්‍රධානතම හේතුව ප‍්‍රසාරණයට සහ සංකෝචනයට ඔරොත්තු දීමයි.

බිත්තිවල කල් පැවැත්ම උදෙසා හුණු බදාමය මෙන්ම දහයියා මුහුදුබෙල්ලන්ගේ කටු ලාටු විශේෂ කොහුබත් බිත්ති කපරාරුවට ගල් ගඩොල් බන්ධනකාරකයක් ලෙසත් පාවිච්චි කර තිබෙනවා. බන්ධනකාරකයක් කියන්නේ එකිනෙක බැඳී පවතින සහ ඒ සඳහා උදව් වන දේයි. බෝම්බ ප‍්‍රහාරයේදි වුවත් පීඩනයකට ලක් නොවුණේ, පීඩනයට ඔරොත්තු දෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණ නිසයි. දැන් අද වනවිට මෙම ගොඩනැගිල්ල තරු තුනක හෝටලයක් ලෙස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයෙන් ප‍්‍රමෝදිතව නුවර නගරයේ යෙහෙන් වැජඹෙනවා. ..”

ඇන්ටන් චෙකොෆ් පැමිණීම

මේ ප‍්‍රතාපතවත් ගොඩනැගිල්ල මහනුවර නගරයේ වැජඹෙන්නේ වත්මන් රැුජිණ හෝටල් කාර්යය මණ්ඩලයේ අප‍්‍රතිහත වෙහෙස මතයි. එහි කළමනාකරු රංජන් පීරිස් මහතා අතීත මතක අවදි කළේ මෙපරිද්දෙනි.

”අපේ පැරණි බිල් පොත්වල සඳහන් වෙනවා මේ රැුජිණ හෝටලයට පැමිණි ප‍්‍රභූ පිරිස් පිළිබඳ සාක්ෂි. ඒ අතර 1890 දි ඇන්ටන් චෙකොෆ් ලංකාවට පැමිණ තිබෙන අතර මහනුවරට ආ මොහොතේ

රැුජිණ හොටලයේ නවාතැන් ගෙන තිබෙනවා. නොවැම්බර් විසිතුන විසිහතර ඔහු නවාතැන් ගෙන තිබෙන බව එහි සඳහන්. එවකට ඔහු ප‍්‍රසිද්ධ නොවූ පුද්ගලයකු වෙන්නට ඇති. නමුත් ඔහු ගැන පර්යේෂණ කරන ඇතැම් ගත්කතුවරු මේ පිළිබඳව සොයා එනවා. අපිත් වැඩි අවධානයක් යොමු කළේ ඉන් පසුවයි.

එංගලන්තයේ සිට පැමිණි ආදිපාදවරු, එලිසබත් මහරැජිණ, වගේම අදටත් ජාත්‍යන්තරයෙන් ලංකාවට පැමිණෙන ප‍්‍රභූවරු මහනුවරට පැමිණි විට, දිවා ආහාරය හෝ රාත‍්‍රි ආහාරය ලබා ගන්නේ රැජිණ හෝටලයෙන්. මෙහි තිබෙන ඓතිහාසික බව අදටත් ආරක්ෂා වෙලා තිබෙන්නේ, ඉපැරණි බඩුමුට්ටු එදා තිබුණු ලී අත්වැටවල් සහිත තරප්පු පෙළ, ඇතුළු ගොඩනැගිල්ලේ උළුවහු දොරජනෙල් වල නිර්මාණාත්මක බව නිසායි. ඉංග‍්‍රීසි පාලන කාලේ මෙම ගොඩනැගිල්ලේ කාමර එකසිය තිහක් පමණ තිබිලා තියෙනවා. සිරිමාවෝ මැතිනිය අගමැතිනිය විදිහට කටයුතු කළ සමයේ

ගොඩනැගිල්ල රජයට පවරාගෙන තිබෙනවා. සමහර කාමර වලට බද්ධ කළ වැසිකිළි තිබිලා නැහැ. රාත‍්‍රියට අවශ්‍යතාවක් වුණොත් පාවිච්චි කරන්න පොටි දීලා තියෙනවා. පරණ පොටි අපි රැුජිණ හෝටල් කෞතුකාගාරයේ දැන් තැන්පත් කරලා තිබෙනවා. මොකද මේ ඵෙතිහාසික බව අතිශය වැදගත්.

රැුජිණ හෝටල් ගොඩනැගිල්ල වසර 1938 සිට 1940 දක්වා සී බී ලවුන්ඩන් බෑන්ඞ් නමැත්තකු යටතේ තිබූ බවට සාධක තිබෙනවා. එතැන් සිට මේ දක්වා පාලනය කළ අය වුණේ, මේජර් ජේ. ඩබ්ලිව් ඕල්ඞ්ෆීල්ඞ්, ඒ. ඩබ්. වරබටන් ග්‍රෙ, ඒ. ඞී. ඉල්ඞ්, ඩබ්. ආර්. හැන්කොක්, ඩබ්. ආර්. සී. පාවුල්, ඞී. එච්. ජයවික‍්‍රම, ටී. බී. පානබොක්කේ, එන්. එස්. ඕ. මෙන්ඩිස්, ලොයිඞ් වෙත්තසිංහ, ඞී. එස්. ගුණසේකර, නිමලසිරි ද සිල්වා, ලෙස්ටර් ද කුරේ, ඞී. යූ. ද සිල්වා, සී. සන්කරකුමාරන්, කිත්සිරි වනිගසේකර, එස්. එන්. පීරිස්, නිහාල් රත්වත්තේ යන අයයි. දෙදහස් පහ වසරේදි වත්මන් සභාපති සංජීව් ගාඞ්නර් මහතා භාරගත්තා.

මෙම ගොඩනැගිල්ලේ කාමර පිහිටලා තියෙන්නේ, එකිනෙක ළං ළංව. ඇත්තෙන්ම ඇතුළේ සියලූම ඉදිකිරීම් චිත‍්‍රයක් වගේ. මෙහි ඇතැම් විදුලි ලාම්පු අලූත්වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් අලූතින් ඉගෙන ගත යුතු අවස්ථා තිබෙනවා. ලාම්පු කනප්පු දොර ජනෙල් අගුලූ මේ සියල්ලක්ම වටිනාකමින් වැඩියි. ඒ සියල්ල බි‍්‍රතාන්‍යයෙන් මෙරටට ගෙන්වා ඇති බව කියන්න පුළුවන්. මේ ආකාරයෙන්ම ඉදිරියටත් ගොඩනැගිල්ල පවත්වාගෙන යමින් ඉතිහාසය ආරක්ෂා කිරීමට අපි කැපවෙනවා...”

ඉතිහාසය ආරක්ෂා කර ගැනීමට යමකු කැප වන්නේ නම්, එය රටටත් ජාතියටත් සිදුකරන අනුපමේය සේවයකි. දූල්ලෑව වලව්ව ලෙස ප‍්‍රකටව තිබූ මුත් විවිධ අවස්ථාවන්හිදි විවිධ වෙනස්කම්වලට බඳුන්වෙමින් අදටත් මහනුවර නගරය වසා වැජඹෙන රැුජිණ හෝටල්

ගොඩනැගිල්ල බි‍්‍රතාන්‍ය ජාතිකයන් අපට දායාද කළ මහඟු දායාදයක් බව අමතක නොකළ යුතුය.

ඡායාරූප - දර්ශන මුහන්දිරම්

විශේෂ ස්තුතිය - මහනුවර නගර සභාවේ ලෝක උරුම කමිටුව

සමන්තී වීරසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles