Divaina - ඉන්දියානු පුංචි තිරය කළඹන පෙරළිකාරිය එක්තා කපූර්..... ක්‍ෂේත‍්‍රයට හඳුන්වාදුන් තරු... ප‍්‍රවීනා.. ඉෂිතා, ශිවන්‍යා, රමන් බල්හා, රිතික්... ශගුන්....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

ekta555


සිහින පාරාදීසයක, සිහින පාට කරන, සිහින තාරකා බිහි කරන අය බොලිවුඞ්වල අඩුවක් නැතිව අපිට දකින්න ලැබෙනවා. සිනමාපටවල වගේම පුංචි තිරයේත්, සිහින සිතුවම් කරන්නන් අතර අපි අද කතා කරන කෙනාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. එක්තා කපූර්.
 
 නම කියපු පමණින් බොහෝ දෙනා හඳුනන එක්තා ටෙලිවිෂනයේ රැුජණිය වශයෙනුයි බොහෝ දෙනා හඳුන්වන්නේ. කාලයක් ඔයාලා ආදරෙන් නරඹපු සහ අදටත් නරඹන මහ ගෙදර, ප‍්‍රවීනා, පේ‍්‍රම දඩයම, පේ‍්‍රමායුධ, මේ ආදරයයි. ආදරෙයි මං ආදරෙයි, ජෝදා අක්බර්, චන්ද්‍ර නන්දනී, සදහටම ඔබ මගේ වැනි ටෙලි නාට්‍ය සියල්ලම නිෂ්පාදනය කළේ එක්තා තමයි. එයාගෙ ටෙලිනාට්‍යවල තියෙන සුවිශේෂත්වය වෙනත් කිසිම කෙනකුගේ දකින්න නැහැ කියල තමයි විචාරකයින් ස`දහන් කරන්නේ. ටෙලි නාට්‍ය වගේම තමයි එක්තාගේ කතාවත් හරිම රසවත් එකක්.
 
ekta222එක්තා ඉපදෙන්නේ 1975 ජුනි මස 07 වැනිදා. ඒ කියන්නෙ දැන් ඇයට වයස අවුරුදු 44ක්. පැරණි බොලිවුඩයේ ජනප‍්‍රිය තරු යුවලක් වූ ජිතේන්ද්‍ර සහ ශෝබා කපූර්ට දාව පවුලේ වැඩිමහල් සහෝදරිය විදිහට ඉපදෙන එක්තා ජනප‍්‍රිය නළු තුෂාර් කපූර්ගේ එකම සහෝදරිය යි. මුම්බායේ ස්කොටිෂ් පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ එක්තා ක්‍ෂේත‍්‍රයට පිවිසෙන්නේ වයස අවුරුදු 15දී. මේ තරම් ලාබාල වයසකදී කලාවට පිවිසි තැනැත්තියක් වශයෙන් ද එක්තා ඉතිහාසගත වනවා. වෙළෙ`ද දැන්වීම් සහ චිත‍්‍රපට නිර්මාණකරුවකු වූ කයිලාෂ් සුරේන්ද්‍රනාත් යටතේ නිෂ්පාදන සහායිකාවක් ලෙස සිය කලා ජීවිතය ආරම්භ කරන එක්තා සිනමාවට පිවිසෙන්නේ 2001 වර්ෂයේ දී. yo Kii, Main Jhuth Nahin Bolta, KucchTo Hai, Krishna Cottage, Kyaa
Kool Hai Hum, Shootout at Lokhandwala, Mission Istanbul,
Love Sex aur Dhokha, Once Upon a Time in Mumbaai, Shor
in the City. Half Girlfriend එක්තා විසින් සිනමාවට දායාද කළ නිර්මාණ අතර කැපී පෙනෙනවා.
 
 2012 වසරේදී තමන්ගේ නිෂ්පාදන ආයතන වන බලාජී ටෙලි ෆිල්ම්ස් ඔස්සේ Institute of Creative Excellence නමින් මාධ්‍ය පාසලක් ආරම්භ කරන එක්තා ක්‍ෂේත‍්‍රයට පැමිණීමට බොහෝ දෙනෙක්ට අවස්ථාව සලසා දෙනවා. එක්තා ගොඩක් ජනප‍්‍රිය මෙගා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් විදිහටයි. රූපවාහිනී ආයතන බොහොමයක් එක්තාගේ ටෙලි නාට්‍යවලට තමන්ගේ නාලිකාවේ සුවිශේෂී ඉඩක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට ටෙලි නාට්‍ය 130කට වඩා නිෂ්පාදනය කර තිබෙන එක්තා වර්තමානයේ රූපවාහිනී නාලිකාවන්හි විකාශයවන වැඩිම ටෙලි නාට්‍ය ප‍්‍රමාණයක හිමිකාරිය ද වනවා. ඒ අතර, Kasautii Zindagii Kay-2, Yeh Hai Mohabbatein, Kumkum Bhagya, Kundali Bhagya, Daayan, Kavach (season 2), Bepanah Pyaar මේ වෙනකොටත් පේ‍්‍රක්‍ෂකයින් අතර වැඩි ජනප‍්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා.
 
 තමන් නිර්මාණය කරන ටෙලි නාට්‍යවලට විශාල මුදලක් වියදම් කරන එක්තා නිරන්තරයෙන් උත්සාහ දරන්නේ පේ‍්‍රක්‍ෂකයින්ට අලූත් අත්දැකීමක් සහ නැවුම් වෙනසක් ලබා දෙන්න. හො`දම කාරණය තමයි ඒ හැම නිර්මාණයක්ම පේ‍්‍රක්‍ෂකයින් ආදරයෙන් වැළ`ද ගැනීම. කිසිම දවසක එක්තාගේ ටෙලි නාට්‍යයක් පෝලිමේ බලා ඉ`දලා නැහැ. නොයෙක් අවස්ථාවල එක්තා අලූත් නිර්මාණයක් කරන බවට ආරංචියක් ලැබුණු සැණින් නාලිකා සිය නාලිකාවේ විකාශය වන වෙනත් නාට්‍යයක් නවතා හෝ ඒ වෙනුවෙන් කාලය වෙන් කරනවා. බොහෝ විට වසරකට වැඩි කාලයක් එකදිගට විකාශනය වන මෙම නාට්‍ය කොටස් 1000, 2000 පසු කරන්නට සමත් වන්නේ පේ‍්‍රක්‍ෂකයින්ගේ ආදරයත් එක්කමයි. ඉන්දියානු ටෙලි නාට්‍ය නළු නිළියන් මග බලා සිටින්නේ එක්තාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. මොකද එයින් ඔවුන්ට වැඩි ජනප‍්‍රියත්වයක් පමණක් නොවෙයි, විශාල මුදලක් පවා හිමිවන නිසා. හැබැයි ඒ අවස්ථාව ලැබෙන්නේ බොහොම ටික දෙනකුට විතරයි.
 
 එක්තා ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දුන් තරු වර්තමානයේ බොහෝ ඉහළ තැන්වල වගේම පේ‍්‍රක්‍ෂක ආදරයේ උපරිමය දක්වා පැමිණ සිටිනවා. ඔවුන් අතර ස්මිත‍්‍රි ඉරානි (තුල්සි), ස්වේතා තිවාරි (ප‍්‍රවීනා), ඌර්වෂී දෝලෝකියා (කොමෝලිකා), දිව්‍යංකා ත‍්‍රිපති (ඉෂිතා), මෞනි රෝයි (ශිවන්‍යා), ආදා ඛාන් (ශේෂා*, හිතේඡ් තේඡ්වාන් (කරන්*, රොනිත් රෝයි (මිහිර් බලාජි*, කරන් පටෙල් (රමන් බල්හා*, අනීතා හසනන්දානී (ශගුන්*, අර්ජුන් බිඡ්ලානි (රිතික්*, රාධිකා මදාන් (ශිවානි*, ශක්ති අරෝරා (රන්වීර්* වැනි තරු බොලිවුඞ් ආකාශයේ තවමත් දීප්තිමත්ව බැබලෙනවා.
 
 කලා ලෝකයේ එක්තාගේ හො`දම යහළුවන් වන්නේ අනීතා හසනන්දානි, දිව්‍යංකා, හීනා ඛාන් වැනි සුපිරි තරු තමයි. සෑම වර්ෂයකම තමන්ගේ උපන් දිනය මහා ඉහළින් සමරන එක්තා සුපිරි තරු සෑම කෙනෙක්ටම ආරාධනා කරන්න අමතක කරන්නෙත් නැහැ. ඉන්දියාවේ සිටින ධෛර්යවන්තම ගැහැනිය වගේම වසරේ ව්‍යාපාරික කාන්තාව, බලවත්ම කාන්තාව යන කිරුළු දරා සිටින එක්තා ත්‍යාගශීලී කාන්තාවක් කියලයි බොහෝ දෙනා කියන්නේ. සුරතල් සතුන්ට වැඩි කැමැත්තක් දක්වන එක්තා නිරන්තරයෙන් උත්සාහ දරන්නේ අසරණ සතුන්ට පිහිට වෙන්න යි. 2019 කියන්නේ එක්තාට වාසනාවන්ත වර්ෂයක්. ඒ තමයි එක්තා මවක් වීම. හැබැයි එක්තා තවමත් අවිවාහකයි. ඇය පිරිමි දරුවෙක් හදා ගත්තේ වෙනත් මවකගේ කුසින්. නමුත් ඇය දරුවාට පණ මෙන් ආදරය කරන බව තමයි ඇගේ මව ශෝබා පවසන්නේ.
 
 අම්මාගෙන් ලැබෙන සහයෝගය එක්තාව තව තවත් දිරිමත් කරනවා. කිසිම කෙනෙක් එක්තා සමඟ මුහුණට මුහුණ සටනට නොඑන්නේ ඇයට මුහුණ දෙන්න තියෙන බිය නිසා. ඉන්දියාවේ විකාශනය වන ටෙලිනාට්‍යයන්හි ජනප‍්‍රියත්වය මනින්නේ ඔවුන් සිදු කරන රේටින්ග් පරීක්‍ෂණයකින්. එහිදී හැම සතියකම එක්තා ගේ ටෙලි නාට්‍ය පළමු ටෙලි නාට්‍ය 05 අතරට එන්න සමත් වෙනවා. මේ දවස්වල එක්තාගේ සුපර් හිට් එක තමයි කසූතී සින්දගී කී 2 එහෙමත් නැතිනම් ප‍්‍රවීනා 02. එය මේ වෙනකොට ඉන්දියාවේ විකාශනය වන්නේ විශාල ආන්දෝලනයක් ඇති කරමින්.
 
 නිරන්තරයෙන් අලූත් අත්හදා බැලීම් කරන්න කැමති එක්තා බය නැතිව අවදානමක් ගන්න සූදානම් කාන්තාවක්. සුපර් නැචුරල් ෂෝ වලට බය වෙලා හිටපු ඉන්දියානු ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු වුණේ එක්තා නාගීන් නාට්‍ය මාලාව විකාශනය කරන්න පටන් ගත්තට පස්සෙයි. ඉන් අනතුරුව බොහෝ නාට්‍ය බිහි වුණත් ඒ එකක්වත් එක්තා ගේ නාට්‍ය තරම් සාර්ථක වුණේ නැහැ කියලයි විචාරකයින් පවසන්නේ.
 
 විලාසිතා කරන්න වැඩි කැමැත්තක් දක්වන එක්තා කොයි තරම් වයසට ගියත් තරුණ විදිහට ඉන්න තමයි උත්සාහ කරන්නේ. ටෙලි නාට්‍ය සම්මාන උළෙල වලදී වගේම චිත‍්‍රපට සම්මාන උළෙල වලදීත් එක්තාගේ චිත‍්‍රපට ටෙලි නාට්‍ය අනිවාර්යෙන්ම සම්මානයට පාත‍්‍ර වනවා. කවදාවත් ඉවර වෙන්නෙ නැති යථාර්ථයෙන් තොර නිර්මාණ කරනවයි කියලා සමහරු එක්තාට චෝදනා කළත් පේ‍්‍රක්‍ෂකයින් හැමදාමත් ඉන්නේ එක්තා එක්ක. පේ‍්‍රක්‍ෂකයින් ඉල්ලන දේ ඇය හරියටම දන්නවා. තමන් එක්ක වැඩ කරන පිරිස නිවැරදිව මෙහෙයවන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. අද විතරක් නෙවෙයි. හෙටත් එක්තා තමයි ඉන්දියානු පුංචි තිරයේ පෙරළිකාර රැජණ. ඒ තැන ගන්න තවත් කාලයක් යනකන් කිසිවෙක් බිහිවෙන එකක් නැහැ.
 
  අමිල නුවන් මධුසංඛ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles