Divaina - තයිරොයිඞ් පිළිකාව සහ වකුගඩු පිළිකාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

weda1 1ප‍්‍රශ්නය - තයිරොයිඞ් පිළිකාව මාරාන්තිකද යන කාරණය ද ඇතුළුව ඒ ආශ‍්‍රිත තොරතුරු රාශියක් ගැන

පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡුා කළා. අප සාකච්ඡුාව අවසන් කළේ වායු ගෙඩියක් තුළ හෝ ආශ‍්‍රිතව හටගන්නා පිළිකාවක රෝග ලක්‍ෂණ ගැනයි.

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මෙහිදී සාකච්ඡුා කළ යුතු වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි තයිරොයිඞ් පිළිකාවක් ශරීරයට බලපාන්නේ කොයි විදියට ද කියන එක. ආහාර ජීර්ණය, හෘද ස්පන්දන වේගය, හෘදයේ උෂ්ණත්වය පවත්වාගෙන යෑම යන කාරණාවලට බලපාන හෝමෝන වර්ග නිෂ්පාදනය කරන්නේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගිනි. තයිරොයිඞ් පිළිකාවක් හටගත්තාම තයිරොයිඞ් ග‍්‍රන්ථිය තුළ අසාමාන්‍ය ෙසෙල වර්ධනයක් හට ගන්නවා. එවිට ගෙල ප‍්‍රදේශයේ සහ තයිරොයිඞ් ග‍්‍රන්ථිය මත අර්බුද හටගන්නවා. ඒ සමඟම හෝමෝන නිෂ්පාදන ක‍්‍රියාවලිය වෙනස් වෙනවා.

ප‍්‍රශ්නය - තයිරොයිඞ් පිළිකාව සුවපත් කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - වැඩි හරියක් සුව කළ හැකියි. සෙසු ඒවා කළමනාකරණය කරගෙන ජීවත්විය හැකියි. සිද්ධාධි සුව තෛලය නමැති ඖෂධීය තෙල් වර්ගය පිළිකාව පවතින ප‍්‍රදේශවල ආලේප කිරීම සහ සුදුසු කසාය වර්ග පානයෙන් සුවය මෙන්ම කළමනාකරණය යන ඉලක්ක දෙකට ළඟා විය හැකියි. නිසි පරිදි ප‍්‍රතිකාර කළොත් තයිරොයිඞ් පිළිකාවලින් 97% ක් ම සුවපත් කරගන්නට පුළුවන්. දේශීය වේවා, ආයුර්වේද වේවා, බටහිර වේවා, අවශ්‍ය වන්නේ නිසි ප‍්‍රතිකාරයයි.

ප‍්‍රශ්නය - තයිරොයිඞ් පිළිකාවක් ශරීරයේ වෙනත් තැන්වලට ගමන් කිරීමට කොතරම් කලක් ගතවෙනවද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - තයිරොයිඞ් පිළිකාවක් ශරීරයේ වෙනත් තැන් විශේෂයෙන්ම පපුව හා ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ගමන් කරන්නේ වසා ගැටිති හරහා බව ඔබ දන්නවා. තයිරොයිඞ් පිළිකාව පැතිරෙන සෙසු කොටස් ලෙස පෙණහලූ, අක්මාව සහ අස්ථිත් හඳුනාගෙන තිබෙන බවත් ඔබ දන්නවා. එම පිළිකාව පැතිර යෑමට නිශ්චිත කාලයක් කියන්න බැහැ. සමහර විට දින 60 ක පමණ කාලයක් තුළත් එය පැතිර යෑම සිදුවිය හැකියි.

ප‍්‍රශ්නය - පිළිකා රෝගය පිළිබඳව පසුගිය සතියේදී මේ තීරය ඔස්සේ සාකච්ඡා කෙරුණ කරුණු වලින් පසු පාඨකයන් කිහිපදෙනෙක් අපෙන් ඉල්ලා සිටියා තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හටගන්නා පිළිකාමය වර්ධනයන් ගැන පැහැදිලි කරන ලෙස.

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හට ගන්නා පිළිකාමය තත්ත්වයන් ගැන සාකච්ඡුා කිරීමේදී මුලින්ම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒවා එකින් එක විස්තර කරන්නම්.

weda1 21. තයිරොයිඞ් පිළිකා මාරාන්තිකද?

තයිරොයිඞ් පිළිකා වර්ධනය වන්නේ ඉතා සෙමින්. එය රෝගියාට වැළඳෙන්නේ ඉතාම රහසින්.

කොයි පිළිකාවක තත්ත්වයත් ඒකයි. වැළඳී ඇති බව හරි හැටි දැනගන්නා විට පිළිකාව දුරදිග ගිහින් ඉවරයි. Papද්‍යllary Carcද්‍යnoma හෙවත් පීටිකා පිළිකා ලෙස හැඳින්වෙන තයිරොයිඞ් පිළිකා වර්ගය තයිරොයිඞ් ග‍්‍රන්ථියෙන් නොනැවතී වසා ගැටිති ඔස්සේ ගෙල ප‍්‍රදේශයට පැතිර යනවා. Follද්‍යcular Carcද්‍යnoma නමැති තයිරොයිඞ් පිළිකා වර්ග එහෙම පැතිර යන්නේ නැතිව තයිරොයිඞ් ග‍්‍රන්ථියට පමණක් සීමා වෙනවා. මේ දෙකටම නිසි පරිදි ප‍්‍රතිකාර කර

රෝගියා බේරාගත හැකියි. ඕනෑම රෝගයක් නොසලකා හැරියොත් එය මරණය දක්වා වර්ධනය වෙනවා. සිද්ධාදිසුව තෛලය වැනි තෙල් වර්ග, කසාය වර්ග යනාදිය මඟින් දේශීය වෛද්‍ය විද්‍යාවට පුළුවන් මේ පිළිකා සුව කරන්න. බෙල්ලේ වේදනාවට සුවය දෙන්නේ මහා හරි තෛලය.

2. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ පිළිකා වර්ග දෙකක් තිබෙන බව ඉහත සඳහන් පිළිතුරේ සඳහන් වෙනවා. මේ දෙකෙන් වඩා භයානක කොයි පිළිකා වර්ගයද?

Follද්‍යcular Carcද්‍යnoma පිළිකාව පළමුවැනි වර්ගයට වඩා භයානකයි.

3. වායු ගෙඩියක් පිළිකාවක් බවට පත්විය හැකිද?

වායු ගෙඩියක් කියන්නේ අහිංසක අර්බුදයක (Tumor )ප‍්‍රතිඵලයක්. එහෙත් ඒ අහිංසක අර්බුදය සමහර විට මාරාන්තික විය හැකියි. තයිරොයිඞ් අර්බුදය බොහෝ විට හට ගන්නේ ගැටිති වශයෙන්. ඒත් සමහර තයිරොයිඞ් පිළිකා හැදුනාම තයිරොයිඞ් ග‍්‍රන්ථිය ඉතා විශාල වශයෙන් ඉදිමෙනවා.

4. වායු ගෙඩියක් හට ගන්නේ කොහොමද?

ප‍්‍රධානම හේතුව තමයි අයඩින් ඌණතාව. ලූණු මගින් අවශ්‍ය තරම් අයඩින් ශරීරගත නොවීමෙන් වායු ගෙඩි හටගන්නවා. මේ නිසයි මනුෂ්‍යයන් පරිභෝජනය කරන ලූණුවලට අයඩින් මිශ‍්‍ර කළ යුතු බව නීතියෙන්ම නියම කර තිබෙන්නේ. ඒ අතර තයිරොයිඞ් ග‍්‍රන්ථිය පමණ ඉක්මවා අයඩින් නිෂ්පාදනය කරන විටත් වායු ගෙඩි හට ගන්නවා.

ප‍්‍රශ්නය - වායු ගෙඩියක් තුළ හෝ තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රයේ හැදෙන පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ඉතා ඉක්මනින් වර්ධනය වන ගෙඩියක් වැනි දෙයක් ගෙලෙහි හට ගැනීම, ගෙල ඉදිමීම, ගෙල ඉදිරිපසින් පටන් ගෙන කන් දෙක දක්වා පැතිර යන වේදනාවක් හට ගැනීම, උගුර බැරැන්ඩි වීම සහ එම තත්ත්වය දිගටම පැවතීම, ආහාර ගිලීමට අපහසු වීම, හුස්ම ගැනීමට බැරිවීම, සෙම්ප‍්‍රතිශ්‍යා තත්ත්වයක් නැතිව නොනවතින කැස්සක් හට ගැනීම තමයි ප‍්‍රධාන රෝග ලක්‍ෂණ.

ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අපේ පාඨකයන් කිහිපදෙනෙක් අසා තිබුණා වකුගඩුවලට පිළිකාව වැළෙඳනවාද කියලා. මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ශරීරයේ ඕනෑම තැනක පිළිකා හටගැනීමට පුළුවන්. වකුගඩුවල හැදෙන පිළිකා හඳුන්වන්නේ Renal Cancer හෙවත් වෘක්ක පිළිකා කියලයි. වකුගඩුවේ ෙසෙල පිළිකාකාරී (Cancerous) තත්ත්වයකට පත්වෙලා පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගෙන අර්බුදයක් හෙවත් ඔමපදර එකක් වෙනවා. වකුගඩු පිළිකාවක් නිතරම හටගන්නේ රුධිරය සහ මුත‍්‍රා පෙරීම් කටයුතු සිදුකරන සියුම් නාලිකාවල අග කොටස්වලයි. මේ වර්ගයේ පිළිකා හඳුන්වනු ලබන්නේ Renal Cell Carcද්‍යnoma කියන නමින්.

ප‍්‍රශ්නය - පිළිකාවක් කියන්නේ ෙසෙල වර්ධනයක්. ඒ කියන්නේ මාංශමය වර්ධනයක්. මෙවැන්නක් වකුගඩුවක් මත හටගත්තාම ඇතිවන හානිය කුමක්ද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ශරීරයේ හටගන්නා ෙසෙලමය වර්ධනයන් පිළිකාමය සහ පිළිකා නොවන යනාදී වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් වකුගඩු මත වැඩි වශයෙන් හටගන්නේ දියර පිරුණු කුඩා මල්ලක් හෝ බුබුලක් වැනි කෝෂ්ඨයක් හැටියටයි. මේවා හානිකර දේවල් නොවෙයි. එහෙත් පිළිකාව එහෙම නොවෙයි. එය ඉතා හානිකරයි. වකුගඩු පිළිකාවක් හඳුනාගැනීම සඳහා CT, MRද්‍ය හෝ ULTRA SOUND වැනි පරීක්‍ෂණ ක‍්‍රම වැදගත් වෙනවා. වකුගඩුව මත තහවුරු වූ අර්බුදයක් තිබෙනවා නම් එනම් ස්ථාවර මාංශමය වර්ධනයක් තිබෙනවා නම්, එසේම එය දියර පිරුණු කුඩා මල්ලක් හෝ දිය බුබුළක් නොවන වර්ධනයක් නම් සැලකිලිමත් විය යුතුයි. විකිරණ ශිල්පීන්ට පුළුවන් මෙවැනි පිළිකා ලෙහෙසියෙන්ම හඳුනාගන්න.

ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාවක් ශරීරයේ වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යනවාද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - වකුගඩු පිළිකාවක් පහසුවෙන්ම පැතිර යන කොටස් කිහිපයක් ශරීරයේ තිබෙනවා. අස්ථි, අක්මාව, පෙණහලූ, මොළය සහ වකුගඩුවලින් ඈත තිබෙන වසා ගැටිති තමයි මෙසේ පිළිකාව පැතිරෙන ප‍්‍රදේශ.

ප‍්‍රශ්නය - වකුගඩු පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - අධික මහන්සිය, ශරීරයේ බර අඩුවීම, නිරන්තරයෙන් හට ගන්නා කොන්දේ වේදනාව, කොන්දේ පහළ කොටසේ ඇතිවන ගෙඩියක් හෝ මාංශමය වර්ධනයක්. මුත‍්‍රා සමඟ රුධිරය පහවීම, රක්ත හීනතාව සහ සිරුරෙහි රතු රුධිරාණු අඩුවීම, නිතර නිතර උණ හටගැනීම තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. මේ ලක්‍ෂණවලින් කිහිපයක්ම සෙසු පිළිකාවන්ටත් පොදුයි.

ප‍්‍රශ්නය - වකුගඩුවල හටගන්නා පිළිකා නොවන කෝෂ්ඨ ගැන ඔබ සඳහන් කළා. ඒවායින් හානියක් වෙන්නේ නැද්ද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - හානියක් නොවනවා නොවෙයි. මෙවැනි සමහර කෝෂ්ඨ මගින් වකුගඩු ක‍්‍රියාකාරීත්වය අඩාල වනවා.

ප‍්‍රශ්නය - මෙය වේදනාකාරීද?

වෛද්‍ය වික‍්‍රමාරච්චි - සමහර වකුගඩු කෝෂ්ඨවලට ප‍්‍රතිකාර කළ යුතු නැහැ. ඒ වගේම ඒවා වේදනාකාරීත් නැහැ. සමහර වකුගඩු කෝෂ්ඨ ක‍්‍රමයෙන් විශාල වී වේදනාව ඇති කරන මට්ටමට එනවා. එවිට ඒවා ආසාදනය වී රෝගියාට උණ ගැනී, උදරයේ උඩ කොටස වේදනා ගෙන දෙන්නට පටන් ගන්නවා.

ප‍්‍රශ්නය - වකුගඩු පිළිකා මගින් රෝගියා මියයනවද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මුල් අවධියේදි වකුගඩු පිළිකාව මාරාන්තික නැහැ. එහෙත් පිළිකාව මුහුකුරා ගොස් තිබුණොත් තත්ත්වය නරක අතට හැරෙනවා. හුඟක් වෙලාවට වකුගඩු පිළිකාවක් හඳුනාගැනීමට ලැබෙන්නේ එය මුහුකුරා ගිහින් සමහර විට සිරුරේ ඇතැම් ප‍්‍රදේශවලට පැතිර ගියාටත් පසුවයි. අන්න එතැනදී ප‍්‍රශ්නයක් හටගන්නවා.

ප‍්‍රශ්නය - වකුගඩු රෝග හටගන්නේ කවර වයස් සීමාවල පසුවන අයටද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - සාමාන්‍යයෙන් වකුගඩු පිළිකා හටගන්නේ වයස අවුරුදු 64 ඉක්ම වූ අයටයි. අවුරුදු 45 ට අඩු අයට මෙය හට ගැනීම ඉතාම දුර්ලභයි.

(ලබන සතියේ වකුගඩු පිළිකාව සුවකර ගැනීමට කළ යුතු දේ)

වෛද්‍ය - චාන්දනී වික‍්‍රමාරච්චි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles