Divaina - විවාහ ජීවිතයේ සතුට සැපත ඔබෙන් ඈත්වෙලාද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

n7 1විවාහය මූලික වශයෙන් ලිංගික ජීවිතය, බාහිර පෙනුම ශාරීරික ශක්තිය ආදී පුද්ගල බද්ධ සාධක මෙන්ම අධ්‍යාපනික හා සමාජ මට්ටම් ආදී බාහිර සාධක මත සංයෝග වුවද එය වඩාත් ගැඹුරු වූ සමාජමය අගයන් ඇති අධ්‍යාත්මික සම්බන්ධතාවකින් යුත් බැඳීමක් ලෙස අර්ථ දැක්විය හැක. අඹුසැමි දෙදෙනාගේ කායික හා මානසික ව්‍යුහයන් මනා ලෙස සංයෝජනය වේ නම් විවාහය වඩාත් ඵලදායී වේ. මේ අනුව යුගදිවිය සාමයෙන් හා සමාදානයෙන් මෙන්ම සතුටින් සොම්නසින් ගත කිරීමට කවුරුත් කැමැත්තක් දක්වයි. එහෙත් සෑම දෙනාටම තමන් බලාපොරොත්තුවූ ආකාරයට යුග දිවිය සුන්දර සාමකාමී එකක් වන්නේ නැත. වැඩි කාලයක් යෑමට පෙර තමාටම එපාවේ. නැතහොත් කලකිරීමෙන් ජීවත් වේ.

ජීවිතය අභියෝගවලින් ගහනය. තමන් අපේක්ෂා කරන ආකාරයෙන් කටයුතු සිදු නොවන සෑම විටම අප අත්දකින්නේ ප‍්‍රශ්නයක් හෝ ගැටලූවක් තමා හමුවේ පවතින බවය. සෑම මිනිසකු සතුවම මාහැඟි වස්තුවක් ඇත. එය නම් මනසයි. මිනිසාට අවශ්‍යව ඇත්තේ ව්‍යාකූල බවින් තොර මනසකි. මනස නිතරම සමබරව පැවැතිය යුතුය. මානසික සමබරතාවය යනු චිත්ත වේගීය, ප‍්‍රජානතික හා සමාජීය වශයෙන් පුද්ගල මනසේ පැවැතිය යුතු සමබරතාවයකි. මිනිසාගේ මානසික සමබරතාවය ගිලිහී යන්නේ තම පෞද්ගලික ජීවිත සැළසුම අවිධිමත් ලෙස සැලසී ඇති නිසාය. සංකීර්ණ ජීවන රටාවක් මත ගොඩනැඟුනු විවිධ උවමනාවන් (උවමනාවන් යනු අවශ්‍යතාවන් නොව ආශාවන්ය.* නිසා විවිධ වූ සාමාජීය ගැටලූ නිර්මාණය වී ඇත.

යුගදිවියේ සතුට සැපත රඳා පවතිනුයේ සඳු, සිකුරු වැනි සෞමය ග‍්‍රහයන් බලවත්වීමෙනි. මෙම ග‍්‍රහයන් සතුරු නීච රාශි වී ඇති නම් යුගදිවිය තුළ තමන් බලාපොරොත්තු වන සතුට සැපත ඒ ආකාරයෙන්ම නොලැබෙනු ඇත. මෙම ග‍්‍රහයන්ගේ ප‍්‍රබල බව පුරුෂයනට වඩා කාන්තාවන්ට අයහපත් ලෙස බලපානු ඇත.

සඳු, සිකුරු දෙදනා නීච භාවයට පත්වීමෙන් කාන්තා ලාලිත්‍ය සෞම්‍යභාවය ඇයගෙන් ගිලිහී යන අතර ලිංගික ජීවිතය කෙරේ ඇති ප‍්‍රතිචාර අඩු කෙරේ. විවාහය හා

ලිංගිකත්වය යන සංසිද්ධීන් එකිනෙකට බැඳුණු විශ්ව බලවේගයකි. එය හුදෙක් ප‍්‍රාථමික ලිංගික ක‍්‍රියාවලියකට සීමා වූ හුදු ඉන්ද්‍රීය පිනවීමක් පමණක් නොව අධ්‍යාත්මික බැඳීමක්ද වේ. ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ ආවේගයන් හා ආකර්ෂණය සුවිශේෂී බැඳීම හෙවත් ආදරය මූලික බලවේග වශයෙන් ක‍්‍රියාත්මක වේ. ආදරය නිර්මාණ ශක්තිය රඳා පවතින්නේ ආවේගයන් පාලනය කර ගැනීමට සමගාමීව ගොඩනැෙඟන මානසික සම්බන්ධතාවය මතයි.

මෙහිදී එකිනෙකා ලිංගික ජීවිතයට දක්වන ප‍්‍රතිචාරය මත එක් අයකුට එහි උපරිම තෘප්තිය විඳ ගැනීමට නොහැකිවීම තුළ ලිංගික ජීවිතය අසාර්ථක වනු ඇත. විවාහ ජීවිතයට ලිංගික ජීවිතය ඉතා වැදගත් වන අතර මෙවන් තත්ත්වයක් ඇතිවූ කල යුගදිවියේ නොයෙක් ආකාරයේ අවුල් වියවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය.

සඳු නීච වී සිටියදී බ‍්‍රහස්පති හත්වැන්නේ වුවහොත් ඇය ලිංගික ජීවිතය කෙරේ ප‍්‍රියමනාප බවක් දක්වන්නේ විවාහවී වසර කිහිපයක් පමණි. එමෙන්ම බ‍්‍රහස්පතිගේ දෘෂ්ටිය 7 වැන්නට යොමුවීම තුළ ද මේ සඳහා ඇති ප‍්‍රියතාවය අඩුවිය හැක.

කාන්තාවකගේ හෝ පුරුෂයකුගේ 7 වැන්නේ බ‍්‍රහස්පති ග‍්‍රහයා සෙනසුරු හෝ කේතු සමග සංයෝග වුවහොත් ලිිංගික ජීවිතයට ඇති ආශාව උනන්දුව අඩු කෙරේ. බ‍්‍රහස්පති 7 වැන්නේ සිටීමෙන් ලිංගික ශක්තිය හෝ බෙලහීනතාවයක් ඇති නොකරන අතර ඔවුනට ඒ පිළිබඳ එක්තරා විදියක කලකිරීමක් ඇතිවනු ඇත.

ශනි නිරාශාව කෙරේ වැඩි නැඹුරුවක් ඇති ග‍්‍රහයකු බැවින් හත්වැන්නේ ප‍්‍රධාන නිවේදන කාර්යය වශයෙන් සැලකෙන විවාහය කෙරේ ධනාත්මක බලපෑමක් ඇති නොකරයි. ශනි හත්වැනි භාවයේ පාපී ග‍්‍රහයන් සමග සංකේත හෝ දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වූ විට විවාහ සතුට සැනසීම පහව යයි.

පුරුෂ කේන්ද්‍රයක ශනි 7 වැන්නේ පාප පීඩිත වූ විට චරිත ශුද්ධියකින් යුත් භාර්යාවක් නොලැබෙන අතර නිතර නිතර ඒ පිළිබඳ කන්සල්ලෙන් පසුවීමට සිදුවන අතර එපමණක් නොව භාර්යාවගේ මලානික හා නිශ්චල ස්වභාවය මත පුරුෂ සිත් කලකිරීමට පත්වේ. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්ති විඳීීමේ අවස්ථාව ද ඉතා විරලය.

විවාහ ජීවිතයේ සමගියට බාධාවන එක් හේතුවක් නම් අඹුසැමියන්ගේ කවරකු හෝ වෙනත් අයකු සමඟ අනියම් සබඳතා ඇතිකර ගැනීමයි. රාහු 7 වැන්න වූ ස්ත‍්‍රීන් බොහෝ විට වෙනත් පුරුෂයින් හා අනියම් සම්බන්ධකම් පැවැත්වීමට පෙළෙඹෙනු ඇත. කුජ ධනු හා සමග 7 වැන්නේ සම්බන්ධ වූ කාන්තාව කුඩා අවධියේ සිටම පේ‍්‍රම සම්බන්ධතා කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවේ.

රාහු විසින් ඇතිකරන අවිනිශ්චිත මානසික තත්ත්වය තුළ යුග දිවියේ සබඳතා බිදී ගොස් අඹුසැමි දෙදෙනා අතර යුග දිවිය කෙරෙහි ප‍්‍රබල කලකිරීමක් හා එපාවීමක් හට ගනී. මෙම තත්ත්වය තුළ වෙනත් පාපී ග‍්‍රහයකුගේ බලපෑමක් ඇති වුවහොත් පීඩනය උග‍්‍රවේ. මේ අතර කේතු 7 වැන්නේ නියෝජනය වූ විට ලිංගික බෙලහීනතාවය උදාසීනත්වය හා විකෘති කාමාශාවන් ඇතිවීමෙන් විවාහයේ යහපැවැත්ම කෙරේ බාධා පමුණුවයි.

මේ අතර කොතරම් ධනය බලය තිබුණත් යුග දිවියේ ප‍්‍රීතිමත් බව නැතිකර දමන ඒ වෙනුවට කටුක භාවය ඇති කරන ග‍්‍රහ පිහිටීම්ද වේ. යුග දිවියට එළඹීමෙන් අනතුරුව තම පාර්ශවකරුගේ ක‍්‍රියා කලාපය නිසා ජිවිතය කටුකභාවයෙන් පිරී පවතින බැව් අසන්නට ලැබේ. මෙසේ විවාහයෙන් පසු විවාහ සහකාරිය හෝ සහකරු සෙනෙහස ආදරය ලෙන්්ගතුභාවය නොහඳුනන අයෙක් වූ විට එතැන ජීවිතයේ කටුකභාවය අත්දකින්නට සිදුවේ. අටවැන්න කටුක රාශිය වී එහි සෙනසුරු තැන්පත්වීම විවාහයේ කටුක බව ඇති කෙරේ. අටවැන්නේ කේතු පිහිටීම ද මෙවැනි තත්ත්වයක් ඇතිකිරීමට හේතු විය හැක.

ආදරය ලිංගිකත්වය පමණක් නොව විවාහ ජීවිතය හා බැඳුණු බොහෝ සාධක කේන්ද්‍ර පරීක්‍ෂාව තුළින් විවරණය කළ හැක. යෝජිත විවාහයක් මෙන්ම පේ‍්‍රම සබඳතා මත සිදු කෙරෙන විවාහයක් වුවද අවසානයේ කේන්ද්‍ර ගැලපීම මත සිදු කෙරෙන අවස්ථා බොහෝ විට දක්නට ලැබේ. ජන්ම කෙන්ද්‍ර සටහනෙහි අශුභ ග‍්‍රහ පිහිටීම සහ ග‍්‍රහ සංයෝග ආදිය ඉතා ප‍්‍රබලව යෙදී ඇත්නම් පීඩාකාරී මානසිකත්වයෙන් වුවද විවාහයක් ප‍්‍රතික්ෂේප කරන්නා වූ අවස්ථා අප කොතෙකුත් අත්දැක තිබේ. විවාහය ජීවිතයේ සුවිශේ්ෂී සන්ධිස්ථානයක් බැවින් ඒ තූළ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ දායකත්වය මැනවින් නිරූපණය වීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.

ජ්‍යෝතිෂවේදී තුෂාරා වික‍්‍රමසිංහ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles