Divaina - විවාහයේදී කුජ ශනි දෝෂයට බියවන්න එපා !

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n6 1අඹු - සැමි දෙදෙනකුගේ එකතුවකින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිදැයි නිශ්චය කිරීමේදී පාරම්පරිකව භාවිත වන පොරොන්දම් පරීක්‍ෂාවේ ද වැදගත්කමක් පවතී. මෙහිදී වඩාත් වැදගත් වන්නේ කේන්ද්‍ර සටහනේ ග‍්‍රහ රාශීන්ගේ පිහිටීමය. කුජ නොහොත් අඟහරු, ශනි නොහොත් සෙනසුරු සහ රාහු යන තිදෙනා කේන්ද්‍රයේ පිහිටි අයුරු විශේෂයෙන් සලකා බැලීම වටී.
 
 කේන්ද්‍ර සටහනේ කුජ ග‍්‍රහයා ස්ථානගතව සිටින විට එතැනදී බොහෝ විට විපත්වලට භාජන විය හැකිය. ජන්ම උපන් නවාංශක බෙදීම් අනුව දෙර්කාණය බලය මත 22 වැනි දෙර්කාණය අධිපති ග‍්‍රහයා කුජ ග‍්‍රහයා වී නම් හදිසි මාරක විපත් ගෙනදීමට පුළුවනි. කේන්ද්‍ර සටහනේ 08 වැන්න කුජ නම් හදිසි මාරක අනතුරු
 
 ගෙනදෙයි. කුජ සමඟ ශනි ද සංයෝගව සිටි විට දුක් විඳීම් තුළින් මරණය ළඟාවෙයි. මෙය ක‍්‍රියාත්මක වන්නේ කුජ මහ දශා අතුරු දශා, විදශාවලය.
 
 කුජ ග‍්‍රහයා විවාහ, අධ්‍යාපන, ආගමික කටයුතු අවුල්කර සතුරුකම් පා ක‍්‍රියා කරන්නේ 02, 07, 08 යන ස්ථානවල සිටීමෙන් භෞම දෝෂය ඇතිවන නිසාය. එසේම කුජ 01 - 04 - 12 යන ස්ථානවලට ද බලපායි. නමුත් ග‍්‍රහ සංයෝග සහ දෘෂ්ටි රාශි අයිතිය අනුව මේ තත්ත්වය වෙනස් වෙයි.
 
 ඉහත සුළු විස්තරයට අනුව ස්ත‍්‍රී හෝ පුරුෂ හෝ කේන්ද්‍රයක 01 - 02 - 04 - 07 - 08 - 12 යන ස්ථානයක කුජ (අඟහරු) සිටි විට විවාහයට භෞම දෝෂය ඇතිවෙයි. මෙය භංගවීමට නම් (නැතිවීමට) අනෙක් කේන්ද්‍රයේ කුජ - රවි - ශනි - රාහු - කේතු යන ග‍්‍රහයෙක් කුජ සිටින ස්ථානයේ සිටීම උචිතය. එසේ නොමැති නම් කුජ දෝෂයෙන් විවාහය කඩාකප්පල්වීම අකාලයේ මියයෑම, අඹු-සැමි දෙදෙනා වෙන්වීම, දික්කසාද වීම වැනි අප‍්‍රසන්න දේවල් සිදුවෙයි.
 
 විවාහයට පොරොන්දම් පරීක්‍ෂාවේදී කුජ හා සෙනසුරු එකට සිටීම, (සංයෝගවීම) කුජගේ දෘෂ්ටිය ශනිටත්, ශනිගේ දෘෂ්ටිය කුජටත් වැටීම, කුජ හා රාහු එකට සිටීම, කුජගෙන් හෝ ශනිගෙන් 07 වැන්නේ රාහු සිටීමත් නිසා දෝෂය ඇතිවෙයි. මෙම දෝෂවලින් කවර දෝෂයක් හෝ එක් කේන්ද්‍ර සටහනක තිබෙන විට අනෙක් කේන්ද්‍රයේ සටහනේ මෙයින් කවරෙක හෝ තිබීම නිසා දෝෂය භංග වෙයි. එසේ නොතිබුණහොත් මාරක විපත් පවා ගෙනදීමට පුළුවනි. කුජ හෝ ශනි හෝ පරිවර්තනය වී සිටීමෙන් දෝෂය භංග වෙයි. එසේම කුජ සිටි ස්ථානයට දෝෂය ඇතිවනවිට අනෙක් කේන්ද්‍රයේ සෙනසුරු සිටී නම් දෝෂය නැතිවේ. ගුරු - සිකුරු දෙදෙනා බලවත්ව ලග්නයෙන් හෝ කුජගෙන් 07 වැන්නේ සිටීම ද දෝෂය භංග කරයි. කේන්ද්‍ර දෙකේම කුජ එකම රාශියේ සිටීමෙන් දෝෂය නැතිවෙයි. මෙය ශුභදායක පිහිටීමකි. ස්ත‍්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක 01 - 02 - 04 - 07 - 08 - 12 යන තැනක කුජ ග‍්‍රහයා ස්වක්‍ෂේත‍්‍ර බලයෙන් සිටි විට අනෙක් කේන්ද්‍රයේ ද කුමන හෝ භාවයක කුජ ස්වක්‍ෂේත‍්‍ර වී නම් දෝෂය නැතිවෙයි. කුජ ග‍්‍රහයාට ගුරුගේ දැකීම ලැබීමෙන් ද දෝෂය නැතිවෙයි. රාහු කේතු 02 (දෙදෙනා) 01 - 02 - 04 - 07 - 08 - 12 යන ස්ථානයක සිටීමෙන් ද කුජ දෝෂය නැතිවෙයි.
 
 කුජ දෝෂය භංගවන තවත් ක‍්‍රම රාශියක් ඇත. චර රාශිවලදී එනම් මේෂ, කටක, තුලා, මකර රාශිවලදී කුජ දෝෂය සිදු නොවේ. කටක - සිංහ - කුම්භ යන රාශිවලදී ද කුජ දෝෂය ඇති නොවේ. කුජ ග‍්‍රහයා කේන්ද්‍ර සටහනේ 02 වැන්නේ සිටි විට එම රාශිය මිථුන හෝ කන්‍යා වී නම් කුජ දෝෂය ඇතිවෙන්නේ නැත. කේන්ද්‍ර සටහනේ කුජ ග‍්‍රහයා 07 වැන්නේ සිටි විට එය මකර හෝ කටක රාශිය වී නම් දෝෂය භංග වෙයි. කුජ ග‍්‍රහයා 08 වැන්නේ සිටින විට එම රාශිය ධනු හෝ මීන වී නම් දෝෂය සිදු නොවේ. සෙනසුරු කේන්ද්‍ර සටහනේ 04 - 06 - 08 - 12 තැනක සිටීමෙන් ද කුජ දෝෂය නැතිවෙයි. කටක - සිංහ ලග්නවලින් උපන් අයට කුජ දෝෂය ඇති නොවේ.
 
 ශනි (සෙනසුරු) 07 වැන්නේ සිටින කේන්ද්‍රයකට කුජ (අඟහරු) 07 සිටීම ඉතා අශුභඵල ගෙනදෙයි. මේ අනුව කුජ 07 සිටින අයකුට ශනි 07 සිටින අයකු නොගැළපීමෙන් ලිංගික ජීවිතය තෘප්තිමත් නොවේ. කුජ 07 සිටින අයකුට ශනි 07 සිටින අයකු ගැළපෙන්නේ කේන්ද්‍ර 02 කින් එකක ශනි හෝ කුජ සමඟ ගුරු සිටී නම් පමණි. 07 වැන්න අධිපති ග‍්‍රහයා 08 වැන්නේත්, 08 අධිපති ග‍්‍රහයා 07 වැන්නේත් සිටීම හා පාප ග‍්‍රහයන් ගේ දෘෂ්ටියට ලක්වීම විවාහයට සුදුසු නොවේ. 07 වැන්නේ පාප ග‍්‍රහයන් සිටිද්දී හත අධිපතියා 06 - 08 - 12 වැනි ස්ථානයක සිටීම ද ඉතා නරකයි. හත්වැන්න නොහොත් විවාහ ස්ථානය පාප ග‍්‍රහයන්ට පෙනීම හෝ 07 වැන්නේ පාප ග‍්‍රහයන් බලවත්ව සිටීම ද විවාහයට නොගැළපෙයි.
 
 කේන්ද්‍ර සටහනේ කුජ ග‍්‍රහයා 06 වැන්නේත්, රාහු 07 ද සෙනසුරු 08 ද පිහිටීම විවාහ ජීවිතය අවුල් කරවයි. කුජ ග‍්‍රහයාට චතුරශ‍්‍රම කුජ 04 - 07 - 08 ස්ථානයක සඳු - සිකුරු දෙන්නා සිටීම විවාහය අසාර්ථක බවට පත්කරන අතර එවැනි කේන්ද්‍රයකට එවැනි ග‍්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍රයක් ගැළපීමෙන් විවාහය සාර්ථක වෙයි.
 
 කුජ ග‍්‍රහයා 01 - 02 - 04 - 07 - 08 - 12 යන භාවයක සිටීමෙන් කුජ දෝෂය (භෞම දෝෂය) ඇතිවන වග කලින් සඳහන් කළ පරිදි, අනෙක් කේන්ද්‍රයේ කුජ යට කී 06 තැනින් එක් තැනක සිටීම නිසා කුජ දෝෂයෙන් ගැලවෙයි. මෙකී භාවයක සිටින අඟහරු එම ස්ථානයේ අධිපති ග‍්‍රහයා සමඟ සංයෝග වී (කුජ සිටින නවාංශකයේ පිටුපසින් හෝ ඉදිරිපසින් නවාංශක 04 ක් ඇතුළත) සිටී නම් දෝෂයක් ඇති නොවේ. එක් කේන්ද්‍රයක කුජ දෝෂය ඇති වූ විට අනෙක් කේන්ද්‍රයේ ශනි ග‍්‍රහයා 01 - 02 - 04 - 07 - 08 - 12 භාවයක සිටීමෙන් දෝෂය භංග වෙයි. රාහු - කේතු දෙදෙනා 01 - 02 - 04 - 07 - 08 - 12 භාවවල සිටීමෙන් ද භෞම දෝෂය භංගවෙයි.
 
 මේ අනුව බලන විට කුජ හෝ ශනි ග‍්‍රහයන් අශුභව සිටි තරමටම විවාහයට නොගැළපෙන බව එක හෙළාම නිශ්චය කිරීම සුදුසු නැත. කුජ දෝෂය භංගවන ක‍්‍රම රාශියක් ඉහතින් දක්වා තිබීම නිසා පොරොන්දම් පරීක්‍ෂාවේදී කුජ 01 - 02 - 04 - 07 - 08 - 12 යන තැනක සිටීමෙන් කුජ දෝෂය ඇති නොවන වග පැහැදිලිය.
 
 කුජ - ශනි සංයෝගය හෝ කුජ දෝෂය - ශනි දෝෂය හෝ භෞම දෝෂ තත්ත්වයට අදාළ වන්නේ නැත. තවත් දෝෂ විවාහයට බලපානු ලබයි. කුජ - සඳු යෝගය, රවි - සිකුරු යෝගය, ශනි චන්ද්‍ර යෝගය, කුජ - රාහු යෝගය, රවි - ශනි යෝගය, කුජ - ශනි යෝගය ආදී වශයෙන් විවාහයට බාධක ගෙනදෙන යෝග කිහිපයකි. මේවා භංගකරන ක‍්‍රම බොහොමයක් ජ්‍යොතිර් විද්‍යාවේ සඳහන් වෙයි.
 
 මේ අනුව බලන විට කුජ - ශනි - රාහු - භෞම දෝෂ වලට බිය වී විවාහ නොවී සිටීම නුසුදුසුය. මින් බලවත් විවාහ පාර්ශ්වකරුවන්ට අගතියක් සිදුවෙයි. භෞම දෝෂය තුරන්වන ක‍්‍රම හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්ය.
 
 මීරිගම ජ්‍යොතිර්වේදී කලාභූෂණ ආර්. ඇම්. ටී. බී. රත්නායක


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles