Divaina - ලග්න හතකට සුබ ඵල දෙමින් අඟහරු කන්‍යාවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n4 1ග‍්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක අඟහරු ග‍්‍රහයා එලඹෙන 2019 සැප්තැම්බර් මස 25 වන බදාදා පෙ.ව 06.33 ට මෙතෙක් ගමන් ගත් සිය මිතුරු රාශියක් වූ සිංහ රාශියෙන් මිදී සිය සතුරු රාශියක් වූ බුධට අයත් කන්‍යා රාශියට පිවිසෙනු ඇත.
 
 මෙම ග‍්‍රහ ලොව බලවතාගේ කන්‍යා රාශි ගත ග‍්‍රහ චලිතයන් මත සලකා බැලීමේදී පොදු වශයෙන් මේෂ, මිථුන, මකර, කන්‍යා, සිංහ යන ලග්නවලට යම් පමණක සුබ ඵල ද, වෘෂභ, කටක, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන ලග්නවලට තරමක් අසුබ ඵල ද උදා වනු ඇත.
 
 අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ වසංගත රෝගයක් පැතිර යා හැකි අතර එය බොහෝ විට ඇස් හා උණ රෝගයක් විය හැකිය. රිය අනතුරු, මංකොල්ල බහුලව සිදුවන කාලයක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන ආයතන හා එම ක්ෂේත‍්‍රයන් තුළ නොසන්සුන්තා බහුලව ඇතිවේ. නව දේශපාලන ව්‍යාපාර බිහිවනු ඇත. එසේම මෙම කාලය රටට අලූත් ආරංචි ලැබෙන කාලසීමාවක් වනු ඇත. විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක්, ව්‍යවස්ථාමය කතිකාවක් රට තුළ ඇති වන අතර දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකි. දැඩි දේශපාලන අර්බුද ඇති වන කාලයකි. ජනතාව අතර ද සාමකාමී බව ගිලිහී යන කාලයකි. උද්ඝෝෂණ, උපවාස බහුල වනු ඇත. දේශපාලන අස්ථාවරත්වය රට තුළ උදාවනු ඇත. විපක්ෂ කොටස් බලවත් වනු ඇත. පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් බවක් දක්නට ලැබෙනු ඇත. සාගරය ආශ‍්‍රිත කැළඹීම් ඇති වේ. රට තුළ දේශගුණ විපර්යාස හා නායයෑම් හා ගංවතුර තත්ත්වයන් ද ඇති වීමේ අවස්ථාවන් උදා වීමට හේතු වනු ඇත. මහජනතාව අතර නොසන්සුන්තා ඇතිවන කාලයකි.
 
 මේෂ ලග්නය - තනතුරු ලාභ හා උසස්වීම්
 
 ඔබට මෙම කාලය මිශ‍්‍ර ඵලදායක වෙයි. තනතුරු ලාභ හා උසස් වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩකිරීමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමි වීමට හැකිය. ආගම දහමට සිත යොමුවේ. ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එලඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට යහපත් අවස්ථා උදා නොවේ. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. හදිසි ධන ලාබ හිමියි. ඒත් නඩු හබවලට නම් යන්න එපා පාඩු වෙන්න පුඵවන්. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා.
 
 වෘෂභ ලග්නය - මිතුරු සබඳතා
 
 ඈත පළාත්වලට යෑමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණ ධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයින්ට සුබ වෙයි. නව මිතුරු සබඳතා ගොඩ නැගේ. මෙම කාලය මිල මුදල් ලැබෙන ශුභ කාලයකි. බලාපොරොත්තු ඉටුවෙයි. නමුත් ගමන් බිමන් අධික වීමට ඉඩ ඇත. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. ඒ වගේම
 
 රැකියා ස්ථානයෙන් මාරුවක් නම් හිමි වීමට ඉඩ තියනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලට ද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයින්ට සුභවෙයි. නව මිතුරු සබඳතා  ගොඩනැගේ.
 
 මිථුන ලග්නය -මංගල යෝජනා
 
 උසස් අයගේ ආධාර උපකාර හා විදේශ රැුකියා බලාපොරොත්තු ඉටු වෙයි. මංගල යෝජනා ස්ථිර වන අතර පෙම්වතුන්ට ශුභදායක වනු ඇත. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. මුදල් ලැබීම් අතින් අයහපත්ය. රැුකියාවේ උසස් වීම් වගේම හවුල් ව්‍යාපාර අරම්භ කිරීම, අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ
 
 ගමන්වලට ද එක්විය හැකිය. යම් පමණක හදිසි ධන ලාබ හිමියි. පවුල් ජීවිතය සාමාන්‍ය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමට ද හැකිය. සුළු සුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.
 
 කටක ලග්නය- මානසික අසහනය දුරුවෙයි
 
 ඉඩකඩම් මිලදී ගැනීම නිවාස ඉදිකිරීම මෙන්ම යාන වාහන කටයුතුවලදී විවිධාකාරයේ නොසිතන අවාසි උදා වනු ඇත. ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. අදාළ නොවන කටයුතු නිසා රැුකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත. එම නිසා ආදායම් තත්ත්වය පහළ යෑමට හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියනවා. අසනීපවලින් සුවය ලැබෙනු ඇත. විවාහ බාධා ඇති වූ අවිවාහක අයට මංගල යෝජනා සාර්ථක වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
 
 සිංහ ලග්නය -
 
 ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත
 
 ඔබට මිශ‍්‍ර ඵලදායී වනු ඇත. අසනීප පීඩා කරදර ආදියෙන් යම් සහනයක් හා සුවයක් ලැබෙනු ඇත. ආදායම් මාර්ග සරු වන අතර, වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් ලැබෙයි. ව්‍යාපාර හා දේපල ලාභ ඇතිවීමට ඉඩ ඇත. නව මිතුරන් ඇසුරට ලැබෙයි. ප‍්‍රීති උත්සවවලට සහභාගීවීමට අවස්ථා උදා වනු ඇත. විදේශ ගමන් සාර්ථක වේ. සිත් සතුටට කරුණු යෙදෙයි. අවිවාහක අයට මංගල අවස්ථා යෙදේ. මේ කාලය බිරිඳ හා සැමියාට අශුභදායී වීමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලට ද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා. රාජකාරි නිසා නිවසින් ඈත් වීමට හේතු වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කෙරේ.
 
 කන්‍යා - ප‍්‍රසිද්ධිය හා කීර්තිය
 
 සතුරන්ගෙන් ජය ලබන කාලයකි. යහපත් මිනිසුන්ගේ ඇසුරට පත් විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කල එළිය අඩුවීමට ද හැකියාව පවති. ස්ථීර නිවෙස්වලින් ඈත් වී තාවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනු ඇත. දේපල බෙදීම් වැනි කටයුතුවල ගැටලූ මතු වනු ඇත. තමාට ලැබෙන දේපල පවා නැති විය හැකිය. ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හිමියි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා. ඒ වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. හවුල් ව්‍යාපාරවලින් ආදායම් ද හිමිය.
 
 තුලා - සතුරු කරදරයකින් ජය
 
 ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. ආරක්ෂිත සේවාවල අයට සුභදායක වේ. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනයට සුභදායක වේ. සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත‍්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇතිවිය හැකියි.
 
 වෘශ්චික - මානසික පීඩා හා ගැටලූ
 
 ඔබට මධ්‍යම ඵල උදාවනු ඇත. කෙසේ වෙතත් දැනට ලග්න එ්රාශ්ටකයක් ගත කරමින් සිටින නිසා මේ කාලය තුළ ජීවිතයේ ආගමික පැත්ත සංවර්ධනය වනවා ඇත. ඔබගේ පියාට අසුබයි. උසස් අධ්‍යාපනයට ඉතාම හොඳයි. වන්දනා ගමන් මෙන්ම ගමන් බිමන් නම් අධික වේවි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය පහළ යනු ඇත. ඒ වගේම රැුකියා ස්ථානයෙන් ප‍්‍රශ්න ද ඇති වීමට ඉඩ තියනවා. විවිධාකාරයේ ගිවිසුම්වලට එලඹීමේ අවස්ථාව ද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. ඒවා පිළිබඳ කල්පනාකාරි විය යුතුය. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ නොලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.
 
 ධනු - මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැතිවිය හැකිය
 
 මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැති විය හැකිය. ඥාතීන් සමග මතබේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම් ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වය ද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය සුභය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.
 
 මකර - දරු ඵල
 
 මේ කාලය මිශ‍්‍රඵල දායක වේ. අධ්‍යාපනයට සම්බන්ධ අයට මාධ්‍යයට සම්බන්ධ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණ කටයුතු සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැුකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස් වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැුකියාවේ පාඩු සිදු විය හැකිය.
 
 කුම්භ - උසස් අධ්‍යාපන අවස්ථා
 
 ඔබට මෙම කාලය මිශ‍්‍රඵලදායක වෙයි. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණ හිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේ දොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැප කිරීම් කළ යුතු වෙයි. ඔබට මෙම කාලය මිශ‍්‍ර ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැුකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණ හිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේ දොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැුකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.
 
 මීන - ලොතරැුයි වාසනා
 
 යම් යම් මානසික පීඩා හා ගැටලූ ඇතිවීමට ඉඩ ඇත. වෙහෙසකාරී හා තරගකාරී ලෙස එදිනෙදා කටයුතුවල යෙදීමට සිදුවේ. මුදල් අතේ නොරැුඳේ. වැය පක්ෂය ඉතාම ඉහළ යනු ඇත. රැුකියා මාරු හා රැුකියා ගැටලූ ඇතිවීමට ඉඩ ඇත. ව්‍යාපාර කටයුතුවලට එතරම් සුභ නැත. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැත. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.
 
 සැ. යු.
 
 ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.
 
 
 ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,
 පුවත්පත් ලේඛක,බණ්ඩාරගම,
 සම්පත් එස්. කල්පගේ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles