Divaina - ධනවතකු වන්න හරිම පාර මෙන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

na5 1ජීවිතයේ මූලික අවශ්‍යතා හතරකි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාසයක් හා ලෙඩට බෙහෙත් යන මේ අවශ්‍යතා හතර ගිහි ජීවිතයක් ගත කරන සෑම කෙනෙකුටම උවමනා කෙරේ. තවත් අවශ්‍යතා තිබිය හැකි නමුත් මේ පොදු අවශ්‍යතා සපුරා ගැනීමට නම් ප‍්‍රමාණවත් ආදායමක් තිබිය යුතුමය.
 
 මිල මුදලින්, යාන වාහනවලින්, ඉඩ කඩම්වලින් හා ලස්සන නිවසකින් සමන්විත ජීවිතයක් ගත කරන්නට නොපතන කෙනෙකු නොමැති තරම්ය. මේවා ලබා
 
 ගැනීමට දිවා රෑ නොබලා උත්සාහ කරන දහසකුත් දෙනා අතරින් මේ පැතුම් ඉටු කරගන්නට සමත් වන්නේ අතලොස්සකි.
 
 සවි ශක්තිය ඇති වයසේදී ධනයක් සපයා නොගත් හා යමක් ඉතිරි කර නොගෙන මහලූ වූ කෙනෙකු ‘‘මාළුවෙකු අල්වාගත නොහැකිව අසරණව බලා සිටින වයස් ගත වූ කොස්වා ලිහිණියෙකුට සමාන’’ යැයි බුදුන් වදාළ ධර්මයේද සඳහන් වේ.
 
 ජ්‍යොතිෂය යනු ජීවිතය සැලසුම් කර ගත හැකි මාර්ගයකි. ධනවත් වීම සඳහා ද ජ්‍යොතිෂයෙන් ලැබිය හැකි පිටුවහල මෙතෙකැයි කිව නොහැක. මෙම ලිපියෙන් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන්නේ ආර්ථිකය සවිමත් කරගැනීමට බලපාන ජ්‍යොතිෂ කරුණු පිළිබඳවය. එය නිකම්ම ධනාත්මක චින්තනයක් නොවේ. ජ්‍යොතිර් විiාව මත පදනම් වූ උපදේශනයකි. මේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට ආර්ථික අංශයේ සාර්ථකත්වයක් ලැබෙනු නිසැකය. එය අපගේ ද ප‍්‍රාර්ථනාවයි.
 
 ඔබේ හඳහනේ ඔබට හිමි ධනය ගැනද සඳහන්ව තිබේ. ‘‘හඳහන’’ යනු ‘සඳහන’’ යන වචනයෙන් බිඳී ආ වදනකි. සඳහන් වන්නේ කර්මානුරූප උරුමයයි. එහෙත් අපි හඳහන ගැන විමසීමට පෙර ධනවතුන්ගේ ලෝකය දෙස බලමු.
 
 හැට, හැත්තෑව දශකවලදී මෙරට ජනනායකයින් වූ බොහෝ දෙනෙකු උපතින්ම ධනවතුන් වූහ. මේ පිළිබඳව ඔබට සොයා බැලිය හැකිය. යහමින් ගේ දොර ඉඩම් හා වාහන ඔවුන් සතුව තිබිණ. එහෙත් මිය යනවිට ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල සැලකිය යුතු මුදලක් නොතිබිණි. මේ බොහෝ දෙනෙකු සතුව තිබුණේ නිශ්චල ධනය පමණි. මේ පළමු කොටසයි.
 
 තවත් සමහර අය සතුව බැංකු ගිණුම්වල විශාල මුදලක් තැන්පත් කර තිබුණේය. ඔවුන්ට නිශ්චල දේපළක් නොතිබූ අතර සැපවත් ගෘහ ජීවිතයක් ද නොතිබිණි. මෙවැනි අය ජනනායකයින් වූයේ නැත. බඩ පිරෙන්නට ආහාර ගත්තේද නැත. ගිණුම්වල ඒ මුදල් තිබියදීම මිය ගියහ. ඒ දෙවන කොටසයි.
 
 තවත් අයෙකු ධනවත් වූයේ බිරිඳගෙන් ලැබුණු දායාදයෙනි. නැතහොත් තමන්ට සුළු ආදායමක් පමණක් තිබූ අතර සමාජයේ කැපී පෙනීමට වියදම් කළ හැකි වූයේ ධනවත් බිරිඳක් ලැබූ හෙයිනි. මෙවැන්නක් මෙන්ම තවත් කෙනෙකු සම`ග හවුලේ ව්‍යාපාර කරන ලද අය තුන්වන කොටසට ඇතුළත් වේ.
 
 හතරවන කොටස ආයෝජකයින් වේ. ඔවුහු දුෂ්කර ලෙස ජීවිතය අරඹා ඉතිරි කර ගත් මුදල් නැවත නැවත ව්‍යාපාරවලට ආයෝජනය කරන ලදුව ටිකෙන් ටික ආර්ථික සමෘද්ධිය ලබාගත් අයයි. ව්‍යාපාරිකයන් වන ඔවුහු මිය යන්නේ විශාල ධනවතුන් ලෙස බව පෙනේ. ‘‘චුල්ල සෙට්ඨි ජාතකය’’ විස්තර කරන්නේ මෙවැනි පුද්ගලයකු පිළිබඳවය.
 
 ධනය ගැන කතා කරන විට අවසන් කොටස  ගැනෙන්නේ රැුකියාවක් කර වැටුප් ලබන කොටසටය. මේ අය බොහෝ විට යම් විශේෂ දැනුමක් ඇති වෘත්තිකයෝ වෙති. සෑහෙන වැටුපක් ලබන ඔවුහු නිතරම වැටුප ප‍්‍රමාණවත් නැති බව කියනු දක්නට ලැබේ. එහෙත් ලැබෙන වැටුප සියල්ල වැය කරමින් සැමදා එකම මට්ටමකින් ජීවත් වෙයි.
 
 ධනය අතින් සාර්ථක වන විට ඒ බව ජීවිතය තුළ දැකිය හැකි අංශ පහක් ඉහත දක්වන ලදී.
 
 තැන්පත් ධනය
 
 නිශ්චල දේපළවලින් ලබන ධනය
 
 ආයෝජනවලින් ලබන (ලාභ) ධනය
 
 බිරිඳගෙන් ලැබෙන දායාද/හවුල් ව්‍යාපාර
 
 රැකියාවෙන් ලැබෙන වැටුප ආදායම වශයෙනි.
 
 එහෙත් මේ අංශ පහම සාර්ථකත්වයට පත් කරගත් කෙනෙකු දැකීම දුර්ලභය. බොහෝ දෙනෙකු සාර්ථක වන්නේ එකක් හෝ දෙකකින් පමණි.
 
 ලබන සතියට
 
 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles