Divaina - ඔබේ ලග්නය ධනුද? එහෙනම් මෙය කියවන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

danu1පුද පූජා කිරීමෙන් සිදුවන්නේ පිං රැස්කර ගැනීමය. මේ පිනේ සත්‍යානුභාවයෙන් මට මේ ඒරාෂ්ටක ලෙස ඇදී එන පූර්වකෘත අකුසල් බල දුරු වී මට ශාන්තියම ලැබේවා කියා සත්‍ය ක‍්‍රියාකිරීමෙන් ඒ ඇදී එන අකුසල් ඈතට තල්ලූ වී යයි. එවිට ඒ ඒරාෂ්ටකයේ බරපතළ තත්ත්වයන් දුරුවෙයි.
 
 මහත්තයෝ මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මේ ළමයා ලියනවා. ඒ ගැන ගානක්වත් නෑ. පොතක් පතක් අතින්වත් අල්ලන්නෙ නෑ. ඒ ගැන කිව්වම අපේ ඇඟට කඩා පනිනවා. මේ ළමයට මොකද වෙලා තියෙන්නෙ කියල බලන්නයි මේ ආවේ. එක් මවක් දරුවාගේ කේන්ද්‍රය මා අත තබමින් එසේ කීවාය. කේන්ද්‍රය දිගහැර බැලූවෙමි. ලග්නය ධනුය. එයින් මා කියයුතු පලාඵලයක් ඇයම පැවසූ බව මට දැනුණි.
 
 ධනු ලග්නයේ සෙනසුරු සිටී. සෙනසුරු ග‍්‍රහතාරකාවකි. මේ විශ්වය නිර්මාණය වන්නේ මේ තාරකාවන් තුළින් විශ්වය පුරා ඇදී යන විශ්ව බල ඔස්සේ ය. සෙනසුරු තාරකාවේ කිරණ ශක්තීන් ඉතා රළුය වෙහෙසකරය, පීඩාකාරීය, සිතට මෙන්ම ගතට ද ඉතා අමාරුය. ධනු
 
 ලග්න හිමියන්ට 2020 ජනවාරි 24 පසුවන තුරු මේ ගුණාංග රැගත් ශනි විශ්ව කිරණ හිසින් මනෝ වික්‍ඳ්ක්‍ඳාණයට සම්පේ‍්‍රෂණය වෙයි.
 
 මෙලෙස වෙහෙසකර පීඩාකාරී විශ්ව කිරණවලට සම්බන්ධ වන්නේ මනුෂ්‍යයාගේ පාප බලයයි. පවක විපාක ස්වභාවය ද එලෙසින් කටුකය. දුක්බරය. ලග්නයට සෙනසුරු පැමිණීමෙන් ගැඹුරු මනස හෙවත් ප‍්‍රඥාව දුර්වල වෙයි. එවිට එම පුද්ගලයා ක‍්‍රියාකරන්නේ හැඟීම්වලිනි. ළමා තරුණ මානසිකත්ව විශේෂයෙන් මේ තත්ත්වයට ගොදුරු වෙයි. එනිසා වැදගත් ම දේවලට වඩා නිස්සාර දේවල් සැපයි, සුබයි කියා සිතෙන තරමට අවබෝධතා ඥානය දුර්වල වෙයි.
 
 එසේම ළමා මනස වෙහෙසකර බවට පත්වෙයි. එය ඒ ළමයා පවා නොදනී. ඔහුට දැනෙන්නේ කම්මැලි උදාසීන ගතියි. ප‍්‍රඥාව වැඩෙන තත්ත්වයන් දුරුවී යයි. එනිසා පොත පත පාඩම් කිරීම, අනෙකුත් ඉගෙනීම්වලට ඇති කැමැත්ත දුර්වල වී යයි. පොත පත අතට ගත් විට කොහේවත් නැති නිදිමතක් ඇති වී පොත අත තබාගෙන ම නින්දට වැටෙයි. මේ විශ්ව ග‍්‍රහ තාරකාවන්ගේ කිරණ ශක්තීන්වලට මනස ලක්වීමේ ප‍්‍රතිඵලයයි. ධනු ලග්න හිමි අයට ශනි ලග්නයේ බැවින් එම තත්ත්වය දැන් පවතී. එය ලග්න ඒරාෂ්ටක තත්ත්වයයි.
 
 මෙහිදී තවත් ඇතැම් ධනු ලග්න හිමි දරුවන් වඩාත් මෙම ලග්න ඒරාෂ්ටකයේදී තදබල ලෙස මනස වෙනස් වී යන අය ද සිටී. විශේෂයෙන් මේ වර්තමානයේ ජ්‍යොතිෂඥයන්ට මෙය කදිම අත්දැකීම් ය. එක් ධනු ලග්න දරුවෙකුට වඩා ඒ ලග්න ඒරාෂ්ටකයම තියන තවත් ධනු ලග්න දරුවෙක් හිතුවක්කාර ගති සේම කේන්ති ගතිවලින් ද යුක්තව වෙනස්කම්වලින් යුක්තය. මේ දෙදෙනාටම ඇත්තේ සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයයි. සඳු ද එම ලග්නවල නැත. ඇත්තේ ලග්න ඒරාෂ්ටකමය. සඳු වෘශ්චිකයේ හෝ මකරයේ හෝ නැත.
 
 එසේ එකම ලග්න ඒරාෂ්ටක ඇති දෙදෙනකු එකෙක් එක්තරා මට්ටමක අපලයකටත් අනෙකා ඊට වැඩි මට්ටමකටත් අපල ඇතිවීමට හේතු පාදක වූයේ ඒ ඒ අයට එම ඒරාෂ්ඨකය හරහා සම්බන්ධ වන පාප ශක්තීන්ගේ ස්වභාවය අනුවය. පව තරමක් හෝ අනෙකාට වඩා වැඩිය. එනිසා මෙම එකම ඒරාෂ්ටකය තුළ දෙයාකාර ප‍්‍රතිඵලයක් සැකසේ. මේ ලග්න ඒරාෂ්ටකයයි. මෙය පෙර භවයේ මනසින් කරන ලද අකුසල්වල ප‍්‍රතිඵලයි.
 
 එනිසා ප‍්‍රබුද්ධ මනසක් බිහිවීම ඒරාෂ්ටකවල දී ඇනහිටී. තමන්ට අයහපත පිණිස- පාඩුවීම පිණිස - අවැඩ සිදුවීම පිණිස තීරණ - හැඟීම් - ක‍්‍රියාකාරකම් සිදුවෙයි. ඒ හැඟීම් - ක‍්‍රියාකාරකම් - තීරණ තමන්ට දැනෙන්නේ ඉතාම සුබ දේවල් හැටියටයි. එය පාප විපාකයකි. එයට යම් අය විරුද්ධවීම ඔහුට පෙනෙන්නේ සතුරුකම් ලෙසය. ඒ ඒරාෂ්ටකවල සැබෑ ස්වභාවයයි. විශේෂයෙන් අවබෝධතා ඥානය දුර්වල වී යෑම මතක ශක්තිය දුර්වල වීම වඩාත් සංකීර්ණ වෙයි.
 
 යම් අන්දමකට උසස් පෙළ, සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්ව ආදී විභාගාදියට මුහුණ දෙන ධනු ලග්න දරුවනට මේ කාල පරාසය අසුබවාදීය. විශේෂයෙන් ධනු ලග්න හිමි සඳු ග‍්‍රහයා ද ලග්න ගත දරුවන්ට වැඩි වශයෙන් අසුබ බලපායි. මේ අසුබ යනු පූර්වාකෘත අකුසල්වල ප‍්‍රතිවිපාකයි. අකුසල්ඵල විසින් ඇති කරන්නේ ජීවිතයට යම්කිසි නැවත සකසා ගත නොහැකි පරිදි වරදක් සිදුවීමය ඒවා වරදවල් ලෙස දැනෙන්නේ ද ඒරාෂ්ඨක අවසන් වූ පසුය.
 
 විශේෂයෙන් දරුවන්ට එනම් පාසල් යන දරුවන්ට මෙසේ ඒරාෂ්ඨක ඇති වූ විට දෙමාපියන්ට ඔවුන් තුළින් යම් වෙනසක් පෙනේ. ඒ ඔවුන් අධ්‍යාපනයට දක්වන උදාසීනතා තුළිනි. අදක්‍ෂතා තුළිනි. වෙනදා පාසලෙන් වැඩිම ලකුණු ගත් දරුවා ඒරාෂ්ටකවලදී ලකුණු මට්ටම පහළට වැටෙන්නේ අවබෝධතා ඥානය දුර්වල වන බැවිනි.
 
 මෙහි මුලිින් සඳහන් කළ පරිදි මෙසේ වන්නේ මේ ශනිගේ විශ්ව කිරණ සමඟ මිශ‍්‍ර වන පෙර පාප බලනිසා මනෝ වික්‍ඳ්ක්‍ඳාණයට දැඩි වෙහෙසකර බවක් ඇතිවන නිසාය. බොහෝ දෙමාපියන් මෙබඳු අවස්ථාවල මේ බවක් නොදැන බැණ වැදීම්, දඬුවම් කිරීම්, පොත පත පාඩම් කිරීම්වලට නීතිරීති අණ පනත් පැවරීමෙන් සිදුවන්නේ එම දරුවා තව තවත් ඒරාෂ්ටක පීඩාවට ලක්වීමය. මෙසේ වූ ඒරාෂ්ටක ග‍්‍රහ කිරණවලින් මහා වෙහෙසකට පීඩාවට පත් වූ ඒ මනස ඒ තුළින් තව තවත් පීඩාවට පත්වීමය.
 
 එනිසා පළමුවෙන් කළ යුත්තේ දරුවාට සම්පේ‍්‍රෂණය වන මේ සෙනසුරු කිරණ විසන්ධිකර දැමීමය. එනම් එය ශරීරයට මනසට ඇදී ඒම වළකාලීමය. ඒ සඳහා පැරණි කාලවල වඩාත් භාවිතා කළේ යන්ත‍්‍ර පැළඳවීමය. යන්ත‍්‍රයක මන්ත‍්‍ර හෝ පිරිත නිසි වාර ගණනම ජීවම් කිරීමෙන් එය ප‍්‍රබලතම කිරණ විහිදුවන දෙයක් බවට පත් වේ. එය පැළඳීමෙන් සිදුවන්නේ එකී කිරණයට අර ග‍්‍රහ කිරණය ආපසු හැරවීමය.
 
 පුරාණ සෘෂිවරුන් ඒ ඒ ග‍්‍රහ කිරණවලට අදාළව යන්ත‍්‍ර හඳුන්වා තිබේ. මේ අතර සෙනසුරු ග‍්‍රහයාගේ බලය ආපසු හරවන බලවත් යන්ත‍්‍ර කිහිපයක් ම මන්ත‍්‍ර ශාස්ත‍්‍රියේ දක්වා තිබේ. ශනි මෘතුංජය - විෂ්ණු ආඝෝරය වැනි යන්ත‍්‍ර දැක්විය හැක. විශේෂයෙන් ම මේ වර්තමානයෙහි නම් එවැනි යන්ත‍්‍ර ඒ ආකාරයටම සකස් වේ දැයි සැක සහිතය. දලූ පලතුරු ගෙඩියට වස විස ගසා කෘතිමව ඉදවා විකුණන සමාජයක මේවා ගැන ද සිතාගත යුත්තේ ඒ ආකාරයටම වීම
 
 අභාග්‍යයකි.
 
 මේ සඳහා සුවිශේෂි තැනක් බුදුගුණ යන්ත‍්‍රවලට පුරාණයේ හිමි වී තිබුණු බව පෙනේ. එයට හේතුවක් තිබේ. බුදුන් වහන්සේ සියලූ විශ්ව බලයන් දමනය කළ මහානුභාව ශක්තීන් උපදවාගත් ශාස්තෘන් වහන්සේ බැවිනි. එබැවින් රතන සූත‍්‍රය වැනි සූත‍්‍ර පිරිත මහා තෙදබල සහිතය. මහා අභිසම්භිධාන - දසදිසා වැනි පිරිත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒවා නොවුණත් ඒවායේද මහ බලයක් තිබේ.
 
 මෙවැනි යන්ත‍්‍ර කර පැළඳීමෙන් මෙවැනි ඒරාෂ්ටක අපල වළක්වා ගත හැක. හැබැයි ඒත් එක් දෙයක් කිව යුතුය. මේ බුදුගුණ පිරිත් යන්ත‍්‍ර බලවත් ලෙස සැකසෙන්නේ එය පිරිත් කරන පුද්ගලයාගේ ධර්මානුකූල බව මතය. එම පුද්ගලයා පංචශීලයත් නැති, බොරු කියන, පරුෂ වචන කියන කේලම් කියන, හිස් වචන කියන, වැරදි කාමය කරන මත්පැන් බොන කෙනෙක් නම් ඔහු සකසන බුදුගුණ යන්ත‍්‍ර බලවත් නැත.
 
 සෙනසුරු ඒරාෂ්ටක ලෙස ඇදී එන ඝෝර කටුක බලගතු විශ්වකිරණ ධාරා පෙර පාප රැුගෙන ශරීරයට සම්පේ‍්‍රෂණය වීම වළක්වාලීමට එම යන්ත‍්‍රයට ශක්තිය නැත. එසේ වීමෙන් සිදුවන්නේ අයහපතකි. මෛත‍්‍රී භාවනාවේ යෙදෙන, ශීලය රකින, බුදුගුණ මනසින් දරන යමෙක් විසින් මේ බුදුගුණ යන්ත‍්‍ර පිරිත් කොට පළඳවන ලද්දේ ද, එම ඒරාෂ්ටක මුදාහරින පෙර පව්බල සහිත විශ්ව කිරණ ඒ ශරීරයට ඇතුළුවීමට නොහැකිව විසි වී යයි. යම් අකුණු සන්නායකයකින් අකුණ වීසිකර දමන්නාක් මෙනි.
 
 විවිධ පුද පූජා කිරීමෙන් සිදුවන්නේ පිං රැුස්කර
 
 ගැනීමය. මේ පිනේ සත්‍යානුභාවයෙන් මට මේ ඒරාෂ්ටක ලෙස ඇදී එන පූර්වකෘත අකුසල් බල දුරු වී මට ශාන්තියම ලැබේවා කියා සත්‍ය ක‍්‍රියාකිරීමෙන් ඒ ඇදී එන අකුසල් ඈතට තල්ලූ වී යයි. එවිට ඒ ඒරාෂ්ටකයේ බරපතළ තත්ත්වයන් දුරුවෙයි.
 
 විශේෂයෙන් එවැනි යන්ත‍්‍ර කර පැළඳ යම් කෙනෙක් එසේ පිංකම් කර සත්‍ය ක‍්‍රියා කරන්නේ නම් ඔහුට ඒරාෂ්ටක තත්ත්වයන් මුළුමනින් බිඳ දැමිය හැකිය.මේ අන්දමින් ඒරාෂ්ටක සහිත ධනු ලග්න හිමි අය කටයුතු කළ යුතුය. වැඩිහිටි අයට ද තමන් කරන කියන කටයුතුවලට අවහිර බාධා මතුවීම මානසික කරදර සේම ලෙඩදුක් ද නැති ප‍්‍රශ්න ඇතිවීම් ද, අනතුරු ආදිය ද වශයෙන් එකක් දෙකක් හෝ ඇති වෙමින් ජීවිතයට ප‍්‍රශ්න මතුවිය හැක.
 
 ජ්‍යොතිෂවේදී
 අගලවත්තේ බී. හේරත්
 (දීප ව්‍යාප්ත කල්‍යාණ මිත‍්‍ර සංසදයේ ගරු භාණ්ඩාගාරික)
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles