Divaina - කාගෙද මුද්ද...? තානායම්පල්ලාගේ සටහන....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


taana333
 
 තමාගේ එකම කෙළි පොඞ්ඩගේ වැඩිවිය පැමිණීමේ උත්සවය ජයටම පැවැත්වූ වේටර් ජයසිරි ගේ සිතේ ඒ මිහිරියාව රැු`දී තිබුණේ පසුදාට හිරු උදාවන තෙක් පමණයි.
 
 තමා සේවය කරනා තානායමේ ප‍්‍රධානියා ඇතුළු පිරිස තම දරුවාගේ උත්සවයට නිවසට පැමිණ හො`දින් කෑම බීමෙන් සප්පායම් වී උත්සවය වෙනුවෙන් සංගීතය සැපයූ ඞී.ජේ. සංගීතයට පාද තබමින් තම ගෙයි සාලයේ එක පොකුරට නටා ගයා විනෝද වූ අයුරු හීිනයක් නොවේදැයි ජයසිරිට සිතුණා.
 
 ‘‘...දරුවා නාවන වැඬේට උදව් වෙච්ච රෙදි නැන්දත් දීපු සන්තෝසම් මුදල මදිය කියලා තව පන්සීයක් වත් ඉල්ලූවා... අල්ලපු ගෙදර සුමන ඇන්ටිත් ඉස්සරහ පිට ඉල්ලූවෙ... මට මාර සවුත්තුව... මම ටෙන්ට් කාරයට දෙන්න තිබිච්චි හතෙන් එකක්ම දුන්නා නෝ්න්ඩිය වැහෙන්නත් එක්ක...’’
 
 ජයසිරිගේ බිරිය තෙපලූ ඒ වදන් වලින් තම කේන්තිය අසූහාරදාහට නැංගද ඒ බවක් යටපත් කරගෙන ජයසිරි මුනිවත රැුක්කේ ගෙදර තිබෙන මුව හමට තලන්නාක් බ`දුව මේ මහා අලාභයේ සියලූ දෝමනස්සයන් සිය
 
 බිරියගේ කරමතින් ම යැවීමෙන් ඇති පලක් නොවනා නිසාය.
 
 ‘‘....දාහක් ....? එයැයි මාර ගෑනියෙක් නේ...පොරොන්දු වුණේ නම් හරියට සත
 
 පහක් වත් එපා වගෙයි... අවුලක් නෑ...’’
 
 වේටර් ජයසිරි තම බිරියට කීවේ සිතේ නලියන කළකිරීම දැඩිව පාලනය කර ගෙනය.
 
 ජයසිරි තම දරුවාගේ කොටහලූ මංගල්‍යය වෙනුවෙන් මෙතරම් මුදලක් ලෝස් නැතිව වියදම කළේ තම
 
 බිරි`දගේ ඉතාලියේ සේවය කරන වැඩිමල් සොයුරා බිග් ගර්ල් පාටියට වියදම් කරගන්න රුපියල් ලක්‍ෂයක් වෙනමම බිරියගේ එකවුන්ට් එකට දමනවා යැයි අල්ලේ ඇ`ද කියූ කියමන තරයේ විශ්වාස කළ නිසා ය.
 
 ‘‘...තම බිරියගේ අතට ලැබෙනා මුදල විශ්වාස කරගෙන ජයසිරි අත දිග ඇරලා ණයට අරගෙන ලෝස් නැතුව එයාලාගෙ දුවගෙ කොටහලූ මගුලට වියදම් කළේ් ඒ වගේ මස්සිනාලා ලොවෙත් හමුවෙන්නේ පෙර සසරෙ පිනකටය කියලා තම යාලූ හිතවතුන්ටත් වර්ණනා කරමිනුයි.
 
 ඒත් උත්සවය ළං ළං වෙදිදි ලොකු මස්සිනාගෙන් ලැබෙනවය කියූ මුදල් තියා දුරකථන අංකයට ඇමතුම් ගන්නත් බැරිවුණු තැන ජයසිරිත් ඉතින් තල්ලූ වුණේ සාම්ප‍්‍රදායික සැමියෙක් වගේ ගෙදර ආරවුල් හදා ගැනීමයි.
 
 මුලදි මුලදි තම බිරියට ඇනුම්පද විතරක් එල්ල කළ ජයසිරි අන්තිමේදි බිරියගේ මූණටම දොස් කීවා.
 
 ‘‘...තමුසෙලාගේ අය්යා මහ බොරු කාරයෙක් අයිසේ... වැඩක් නෑ කියලා... තමුසෙලගෙ පරම්පරාවම එකයි
 
 බලාගෙන යනකොට...’’
 
 ජයසිරි හදවතේ දාහක් දේ හිර
 
 කරගෙන කීවා.
 
 ‘‘...ලොකු අය්යට තවත් ඇනුම් පද කියන්න එපා ජයේ... මම පොඩි අය්යට කියලා තව පණහක් වත් කොහෙන් හරි පොලියට වත් හොයලා දෙන්නම්...’’
 
 ජයසිරි ගේ බිරිය ඇගේ දුරකථනය අතට ගත්තා.
 
 පොළියට නම් මටත් ගන්න තිබුණා... ඒත් කවුද ගෙවන්නෙ... ’’
 
 ‘‘...ඔයා ඉන්න... ඒක අය්යලා බලා ගනීවි...’’
 
 බිරිය ස්ථාවර හ`ඩින් කීවා.
 
 ‘‘....සිම්පල් කේස් එකක් නේ නංගි... සල්ලි පොළියට දෙන තැන් මේ පැත්තේ ඔය හිටු කියලා තියෙන්නේ....’’
 
 පැය දෙකක් යන්නටත් මත්තෙන් තම යතුරු පැදියෙන්් නිවසට ළ`ගාවූ ජයසිරි ගේ බිරියගේ මද්දුම අය්යා තම නැගණිය දිරි ගන්වමින් කීවා.
 
 ‘‘...අය්යත් යමු බයික් එකෙන් මා එක්ක...’’
 
 ජයසිරි පසුපස අසුනේ හි`දුවා ගත් මද්දුම මස්සිනා කිලෝ මීටර් හත අටක් දුර ගෙවා ක`දු පල්ලම් බැහැලා එක්තරා ගුරු පාරක තිබූ නිවසක් ඉදිරියේ යතුරුපැදිය නතර කළා.
 
 ‘‘... මේ තමයි අය්යෙ පොලී ගෙදර... මං ඉල්ලූවොත් ෂුවර්ම තමයි... යං ඇතුළට...’’
 
 ජයසිරිගේ මද්දුම මස්සිනා පෙරමුණ ගත්තා.
 
 ‘‘....කොහොමද ..... විජේ අයියා ශාන්ති අක්කා එහෙම ගෙදර නැතෙයි...?’’
 
 මද්දු මස්සිනා පොලී මුදලාලිගෙන් විමසන පැනය ට වඩා මුදලාලිගේ අවධානය යොමුව තිබෙන්නේ මස්සිනා සමග නිවසට පැමිණ සිටිනා ජයසිරි කවුදැයි දැන ගන්නා සැකයෙන් යුතු කාරණාව වෙතටයි.
 
 ‘‘....මට අ`දුන්වලා දෙන්නත් බැරි උනානේ විජේ අය්යේ මේ මගේ නංගිගෙ මහත්තයා.... මගේ මස්සිනා... අහවල් තානායමේ බාර් කීපර්..’’
 
 මස්සිනා තමා ගැන පොලී මුදලාලිට ඇත්තම කීවේ ඇයිදැයි ජයසිරිගේ සිතට උපන්නේ කුකුසකි.
 
 ‘‘...ඉතින් විජේ අය්යේ අපි මේ තකහනියක් ආවේ... මස්සිනාට රුපියල් පණස් දාහක අතමාරුවක් දෙන්න වෙලා.. ඉතින් මම ලබන මාසෙ අග අනිවාර්යෙන් ගෙවලා දානවා මගේ හැට දාහෙ සීට්ටුව ආව ගමන්...’’
 
 මද්දු මස්සිනා ගේ කතාව දිහාව ජයසිරි ඇස් ලොකු කරන් බලා හිටියේ මිනිස්සු නිර්භයව මේ අයුරින් බේගල් දෙසන්නේ කෙසේද කියාය.
 
 ‘‘...බය වෙන්න එපා...ෂුවර් එකටම බඩු ලබන මාසේ පොලියත් එක්කම සෙට්ල්....’’
 
 මස්සිනා කෙලින්ම මාතෘකාවට බැස්සා.
 
 ‘‘.... හපෝ... කථා කරන්න එපා මල්ලී.... මේ ටිකේ අතේ සත පහ නැතුව ලොස්ට් වෙලයි ඉන්නේ...’’
 
 පොලී මුදලාලි කිසිදු ගරුසරුවක් නැතිව පළමු වටයෙන්ම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළා.
 
 එම පිළිතුරෙන් ජයසිරි දැඩිව කම්පාවී ගියත් මස්සිනා ඒ පිළිතුරෙන් එතරම් සලිත වූ බවක් පෙනෙන්නට නැහැ.
 
 ‘‘...එහෙම නෙමෙයි මුදලාලි... මං ඉතින් මෙහෙට නෑවිල්ලා කොහේ යන්නද?...’’
 
 තම බිරියගේ අවශ්‍යතාවයට ඇගේ සහෝදරයා පින්සෙන්ඩු වුණ ආකාරය ජයසිරිට ඇත්තටම පුදුමයි.
 
 ඒ වගේම මුදල් හමුවේ ඇති එකා ඉදිරියේ නැති එකා මේ තරම් බැගෑපත් විය යුතුද?කියලත් ජයසිරිට හිතුණා.
 
 ‘‘...කමක් නෑ එහෙනම්... මේ මූණ බලාගෙන ආපහු හරවලා යවන්නත් බැරි නිසා පොඩි උදව්වක් කරන්නම්.....හැබැයි ඉතින් දන්නවානේ ඇපේට මොකක්ම හරි නැතුවත් බෑ....’’
 
 එහෙම කියමින් පොලී මුදලාලි සාලයේ දොරටුවකින් ගෙතුළට නොපෙනී ගියා.
 
 ‘‘...මෙන්න මල්ලි මුද්ද... ඔර්ජිනල් කැරට් විසි දෙක... පවුම් එකහමාරට වැඩියි... මල්ලිම මේක කැමති තැනකට උගස් කරලා මට මේ දැන් රිසිට් එක ගෙනැත් දෙන්න....’’
 
 ගනුදෙනුව හරිම සරලය. මුදල් පොලියට ගැනීම මේතරම්ම සිම්පල් දැයි සිතෙන තරමට ඉතා ඉක්මන්ය. ජයසිරි දැඩි විමතියකට පත් වූවා.
 
 මස්සිනා පොලී මුදලාලි මිතුරාට අනේක වාරයක් තුති පුදා ඔහු ගේ නිවසින් පිටවුණා.
 
 එහෙනම් අය්යෙ ඔන්න මම මගේ ඩියුටිය කළා. දැන් අය්යට තියෙන්නෙ විශ්වාස වන්ත තැනකට මේ මුද්ද උගස් කරලා නංගිට සල්ලි ටික අතටම දෙන එකයි.
 
 ජයසිරි ජීවිතයේ පළමු වතාවට රන් භාණ්ඩයක් රැගෙන පුද්ගලික උකස් මධ්‍යස්ථානයකට ගොඩවුණා.
 
 ‘‘...ම්හු.... කොහෙන්ද මේ මුද්ද ඔයාට...?..’’
 
 ඒ ප‍්‍රකාශයෙන් ජයසිරි අන්ද මන්ද වුණා.
 
 ‘‘... මේක අපිට උගසට ගන්න බෑ... හේතුව මේ මුද්ද ඇතුලේ රජ මහ විහාරෙක නමක් කොටලා තියෙනවා... පහුගියදාකත් අපට උපදෙස් දුන්නා විහාරස්ථානවලට අයිති රත‍්‍රන් බඩු උගස් ගන්න එපාය කියලා...’’
 
 උගස් මධ්‍යසථානයේ තරුණිය සිර මැදිරියකටත් වඩා ළ`ග ළ`ගින් පොලූ පිහිටි උකස් කුටියේ සිට තෙපලූවා.
 
 ජයසිරි ගේ සර්වාංගය කිළිපොළා ගියා.
 
 ‘‘...තැංකියු මිස්...කෝ දෙන්න මුද්ද...’’
 
 ජයසිරි මුද්දත් මිට මොළවාගෙන ගැහෙන හදින් ආපහු හැරුණා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන
 

 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles