Divaina - අවුරුදු දහයක් පුරා පිරිමි දරුවකු ඉපදුනේ නැති ගමක්... පෝලන්තයේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 poland


 පුන්‍යා චාන්දනී ද සිල්වා
 
 
පිරිමි දරුවා කියන්නේ පවුලට ආඩම්බරයක්, අභිමානයක් වගේම පරම්පරාව රැගෙන යන ප‍්‍රධාන පුරුකක්. යම් තැනකින් මේ ජාලය බිඳ වැටුනොත් පරම්පරාවේ පැවැත්ම ගැටලූවක්. ඒ නිසාම පෙරදිග සමාජයේ පිරිමි දරුවන් වෙනුවෙන් වැදගත් තැනක් ලැබුනා. නමුත් බටහිර ජන සමාජයේ මේ අන්දමින් වඩාත් සුවිශේෂීත්වයකින් පිරිමි දරුවන් ගැන කථා බහ නොකිරීම සමග ඔවුන් වඩාත් වැදගත් තැනක් දුන්නේ ජාන විද්‍යාවටයි. අඔු සැමියන් ලෙසින් එක් වීමෙන් පසුව නිදහස් වෙන ක්‍රොමසෝමයන්ගේ රටාව අනුව දරුවෙකුගේ ලිංගිකත්වය තීරණය වෙන බැව් විද්‍යාත්මකව පිළිගැනීමයි. මවගෙන් නිදහස් වෙන ‘‘එක්ස් ’’ ක්‍රොමසෝමයක් සමග පියාගෙන් නිදහස් වෙන ‘‘එක්ස්’’ ක්‍රොමසෝමයක සම්බන්ධයෙන් ගැහැනු දරුවෙක්ද, මවගෙන් නිදහස් වෙන ‘‘එක්ස්’’ ක්‍රොමසෝමය සමග පියාගෙන් නිදහස් වෙන ‘‘වයි’’ ක්‍රොමසෝමය සමග ගොඩනැගෙන සම්බන්ධතාවයෙන් පිරිමි දරුවෙකු බිහි වෙන බව මේ සංසිද්ධියේ විද්‍යාත්මක තත්ත්වයයි.
 
 පෝලන්තයේ පිහිටි Miejsce Odrzanskie, නමැති කුඩා ගම්මානයේ සමස්ත ජනගහනය 272 ක් වැනි ඉතාම සුළු සංඛ්‍යාවකි. ගෙවුන වසර දහයක කාලයක් පුරා මෙම ප‍්‍රදේශයෙන් නව ජන්ම දරුවන් 272 ක් බැව් වාර්තා වේ. නමුත් මෙහි ඇති අපූර්වත්වය නම් එසේ උපත ලද සියලූම දරුවන් ගැහැනු දරුවන් වීමයි.
 
 මේ සිදුවීම මාධ්‍යයට නිරාවරණය වීමත් සමග පෝලන්තයේ මෙම ගම්මානයේ පිරිමි දරුවන්ට උපත ලැබීමට ඉඩ කඩක් නොමැති වීම ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. ‘‘රාජ්මන්ඞ් ෆ‍්‍රෂ්කෝ ’’ සඳහන් කරන්නේ මේ ගැන අපේ රටේ නාරි සහ ප‍්‍රසව වෛද්‍ය විශේෂඥයන් පවා අවධානය දක්වා තිබෙනවා. ඔවුන් සඳහන් කරන විදිහට නම් පිරිමි දරුවෙකු ලැබීමට නම් කාන්තාවක විසින් කැල්සියම් බහුල ආහාර වැඩි වශයෙන් ලබා ගැනීම ඉතාම වැදගත් බවයි. එහෙම නැත්නම් පෝලන්ත කඳුකර වැසියන්ගේ විශ්වාසයට අනුව පිරිමි දරුවෙකු අවශ්‍ය නම් අඹු සැමියන් විදිහට එක් වෙන විට යහන යට පොරවක් තබා ගත්තොත් සමහර විට විසඳුමක් ලැබේවි...යැයි සඳහන් කරයි. හැබැයි මටත් ඉන්නේ ගැහැනු දරුවන් දෙදෙනෙක්....
 
 නගරාධිපතිවරයා සිනාසෙමින් පවසන ලදී.
 
 ගැබ් ගත් කාන්තාවකට පිරිමි හෝ ගැහැනු දරුවෙක් ලැබීමේ සම්භාව්‍යතාව එකම කාසියක දෙපැත්ත වගෙයි. හරියටම 50% ක 50% සම්භාව්‍යතාවක් තිබෙනවා. ඉදිරියේදී නාරි සහ ප‍්‍රසව වෛද්‍යවරුන් සමග සම්බන්ධ වී vitro fertilization (IVF) තාක්ෂණය මගින් කාන්තාවන් ගැබ් ගැන්වීමටත් ඒ අනුව පිරිමි දරු උපතක් වෙනුවෙන් වූ හඳුනා ගැනීම සිදු කිරීමටත් කටයුතු සැලසුම් කර තිබේ. අපි දැන් අලූත් අදහසක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම්...මීළඟ පිරිමි දරු උපතක් සිදු කරන අම්මාට වටිනා තෑග්ගක් දෙනවා. අපි ඒ තෑග්ග කුමක්ද කියන්නේ නැහැ. හැබැයි මේ තෑග්ග හරියට එක්සත් රාජධාණියේ වීසා ලැබීම වගෙයි... ඒ වගේම අපි ඕක් ගහක් පැළ කරලා ඒ පැළයත් මේ උපත ලබන පිරිමි දරුවාගේ නමින් නම් කරන්නත් සැලසුම් කළා...ඔහු පෝලන්තයේ TVN24 මාධ්‍ය ජාලය වෙත සඳහන් කර තිබේ.
 
 දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අපේ රටේ ගම්මානවල ජනගහනය ඉතාම ශීඝ‍්‍රයෙන් පහත බැස්සා. එදා 1200 ක් හිටපු පළාතේ අද ඉන්නේ 672 ක්. ඒ වගේම 1989 කොමිනියුස්ට්වාදය බිඳ වැටීම, 2004 වසරේ යුරෝපා සංගමයට බැඳීම වැනි හේතු නිසා අපේ රටේ ජනගහනය විගමනයට පටන් ගත්තා. මිලියන දෙකක් පමණ පිරිසක් යුරෝපයේ වෙනත් රටවල දැන් ජීවත් වෙනවා...
 
 නගරාධිපතිවරයා තව දුරටත් සඳහන් කර තිබේ.
 
 කෘෂිකාර්මික ජීවන රටාවක් ගෙවන Miejsce Odrzanskie, ගම්මානයේ වැසියන්ට ඇති බරපතළ ගැටලූව වන්නේ අනාගතයේදි ඔවුන්ගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් පිරිමි ශ‍්‍රම දායකත්වය ලබා ගන්නේ කෙසේද යන්නයි.
 
 බොහෝ ගැහැනු දරුවන් හා තරුණියන් ඔවුන්ගේ දෙමව්පියන් සමග තිරිඟු බිම්වල වැඩ කටයුතුවල නිරත වෙති. ඔවුන්ගේ සමාජ ජීවිතයේ කේන්ද්‍රස්ථානය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවයි. කෝපි සැල්, අවන්හල්, සිල්ලර වෙළෙඳසල් නොමැති Miejsce Odrzanskie, ගම්මානයේ ගැහැනු දරුවන් ස්වෙච්ඡා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු වෙත සම්බන්ධව සිටිති. මෙම හමුදාවේ ළාබාල ‘‘මාෂා ’’ දැරියගේ වයස අවුරුදු දෙකකි. ඇයට වැඩිහිටි දරුරියන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබේ.
 
 පියරුස්කා නමැති තරුණිය මෙම හමුදාවේ වසර හතරක කාලයක් බළකායේ අධීක්ෂිකාව ලෙසින් කටයුතු කළ අතර දැන් ඇය විශ්වවිද්‍යාලයේ මුල් ළමා විය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටින්නීය.
 
 ‘‘අපේ කණ්ඩායමේ පිරිමි ළමයි නැහැ...ඒ වුණත් අපි මීට වසර හයකට පමණ පෙරාතුව ආරම්භ කළ අපේ ගිනි නිවන හමුදාව දැන් ශක්තිමත්. පෝලන්තයේ ප‍්‍රධාන තරග කීපයක්ම ජයගත්තා. තමන් ලබා ඇති පදක්කම් දුසිම්
 
 ගණනක් ප‍්‍රදර්ශනය කරමින් ඇය පවසා සිටී.
 
 Miejsce Odrzanskie, ගම්මානයේ තරුණ වෘත්තීය ගිනි නිවන භටයෙකු වන ‘‘ ටොමාස් ගොලාස් ’’ සඳහන් කරන්නේ ගැහැනු ළමයි කණ්ඩායමක් ඇවිත් ඔවුන් ගිනි නිවන තරගයක් සඳහා පුහුණු කරන්නැයි මගෙන් ඉල්ලා සිටියා. මම කැමැති වුණා. සේ දැරියන් ඉතාම උනන්දුවෙන් ඒ වෙනුවෙන් කැප වුණා. දිනපතා පාසලෙන් පසුව ඔවුන් පුහුණු කටයුතු වෙනුවෙන් සම්බන්ධ වුණේ බොහොම කැමැත්තෙන්. සෑම තරගයකටම මාස දෙකකට පෙර පටන් මේ ගැහැනු දැරියන් පුහුණු කටයුතුවලට සම්බන්ධ වෙනවා.
 
 වසර තුනක කාලයක් ගිනි නිවන හමුදාවේ ස්වෙච්ඡා ගිනි නිවන භටයෙකු ලෙසින් කටයුතු කරන ‘‘මල්විනා කික්ලර්’’ සඳහන් කරන්නේ අපට පිරිමි ළමයි කණ්ඩායමට නැහැ කියලා කිසිම ගැටලූවක් නැහැ. ඔවුන් හරිම ඝෝෂාකාරියි...දැන් අපට අවශ්‍ය සාමය සහ නිහඬතාවයි..
 
 ඇය එසේ කිව්වත් පිරිමි දරුවන් නැති පැවැත්මක් ගැන හිතන්න නම් අපහසුයි. ඒත් පිරිමි දරුවන්ට උපතට අවසර නැත්තේ ඇයි...? මේ ගැන ඉදිරියේදී විමසිය යුතු තත්ත්වයක් නිසා බොහෝ දෙනාගේ අවධානය යොමු වෙනු ඇති.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles