Divaina - සංවාදයට එන අයත් බුදුදහම විකෘති කරනවා... බුදුන් වහන්සේ ස්ථාපිත කළ දහමට වඩා මිහිඳු හිමියන්ගේ දහම ප‍්‍රබල වූයේ කෙසේද..... සංවාදයට විවෘතයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


sanwada  
 වාරියපොළ ධම්ම ගවේශී හිමි
 
 2019 අගෝස්තු මස 4 වැනි දින කොත්මලේ කුමාර කස්සප හිමියන්ගේ ලිපියකට 2019 අගෝස්තු මස 25 වැනි දින සිසිර පෙරේරා මහතා ලියන ලද පිළිතුරු ලිපිය යන ලිපි දෙකම කියවූ මා හට මෙය සංවාදයකට විවෘත බව දක්වා තිබූ නිසා අසරණ බෞද්ධයාට පිළිසරණක් වීමට මෙම අදහස් එකතු කිරීමට හැඟීීමක් මා හට ඇති විය.
 
 මොවුන් දෙදෙනාම මෙම ලිපි දෙකම පාදක කරගෙන තිබෙන්නේ ‘‘බුදු දහම විකෘති කිරීම.." යන පදනමයි.
 
 කුමාර කස්සප හිමියන් පවසන්නේ පවතින ත‍්‍රිපිටකය නිවැරදි බවත් එය වෙනස් කිරීම සහ එය වැරදි බව දැක්වීම ‘‘දහම විකෘති කිරීමක් බවයි..
 
 සිසිර පෙරේරා මහතා දක්වන්නේ පවතින ත‍්‍රිපිටකය දෝෂ සහිත බවත් සහ සත්‍ය ත‍්‍රිපිටකය ‘‘ජෝර්ජ් ටර්නර්.. එංගලන්තයට ගෙන ගොස් ඇති බවත් සත්‍ය ත‍්‍රිපිටකය දැනට පවතින්නේ එංගලන්තයේ බවත් ය.
 
 එසේම කස්සප හිමියන් මේ දිනවල එංගලන්තයට ගොස් එම සත්‍ය යැයි සඳහන් කරන ත‍්‍රිපිටකය අධ්‍යයනය කරන බවත් දක්වා තිබේ.
 
 මොවුන් දෙදෙනාටම පාදක වන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ගැන සඳහන් කරන එම ලිපියේ එම ස්වාමින් වහන්සේ ‘‘බුදුන්වහන්සේ ලංකාවේ උපන් බව.. සඳහන් කරන බවත් දක්වන අතර මීවනපලානේ සිරිධම්මාලංකාර යන නාමයෙන් එම ස්වාමින් වහන්සේ හඳුන්වා තිබේ.
 
 කස්සප හිමියන්ගෙන් අසන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කස්සප හිමියන් ද්වේශ සහගතව ‘‘ඉතිහාසය විකෘති කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයා.. ලෙස පස්වන ප‍්‍රශ්නයට පිළිතුරු සපයමින් සඳහන් කරයි. සිසිර පෙරේරා මහතා තම ලිපිය අවසන් කිරීමට පෙර හතරවන (4) ෙඡ්දයේදී ‘‘පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ.. ලෙස භක්තියකින් එම ස්වාමින් වහන්සේ ගැන සඳහන් කරයි.
 
 එම නිසා මෙම ලිපිදෙක තුළ තම තමන්ගේ පෞද්ගලික අදහස් වලට පක්‍ෂග‍්‍රාහී භාවයක් ලබා දී ඇති බව ඉතාමත් පැහැදිලි වන අතර පාඨකයාට සත්‍ය නොව තම තමන්ගේ මතයන් ඉදිරිපත් කොට ඇති බව දැනෙන අතර අප සමබරව මෙම අදහස් විමසා බලමු.
 
 කස්සප හිමියන් ‘‘බුදුන්වහන්සේ ලංකාවේ උපත ලැබූ බවට.. සඳහන් කරුණට විරුද්ධ වී ඇති බව ඉතාමත් පැහැදිලි වන අතර සිසිර පෙරේරා මහතා එම අදහසට පක්‍ෂපාතී බවක් තිබෙන බව පැහැදිලියි.
 
 එම නිසා මෙම අදහස පිළිබඳව සමබරව බැලූවහොත් කස්සප හිමියන් විසින් මීවනපලානේ ස්වාමින් වහන්සේට ආමන්ත‍්‍රණය කොට ඇති ආකාරය ඉතාම ප‍්‍රාථමික මට්ටමක පවති. සිවුරු දරා සිටින හිමි නමකට ‘‘ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයා.. යන නාමය සිවුරු දරා සිටින අයකු විසින්ම ආමන්ත‍්‍රණය කිරීම භික්‍ෂුවකට ගැළපෙන ව්‍යවහාරික භාවිතයක් නොවිය යුතු අතර භික්‍ෂුවක් ඊට වඩා සංයමයකින් වචන භාවිත කළ යුතුය.
 
 සිසිර පෙරේරා මහතා මීවනපලානේ ස්වාමින් වහන්සේ ‘‘අරහතුන් වහන්සේ.. කෙනකු ලෙස සඳහන් කිරීම ද ගෝචර වචනයක් නොවන්නේ ය.
 
sanwada2අරහතුන් වහන්සේ කෙනකු ලෙස සිසිර පෙරේරා මහතාට එම ස්වාමින් වහන්සේ දර්ශනය වන්නේ ඔහුගේ දිට්ඨියට අනුවයි. කස්සප හිමියන් 1992 උපන් බව සඳහන් වන අතර අවු. 27 ක පමණ තරුණ භික්‍ෂුවක් නිසා අත්දැකිම් අඩු තරුණ ජවය නිසා ත‍්‍රිපිටකය කටපාඩම් කරගත් පමණින් බුදුන්ගේ දේශය පිළිබඳව නිවැරදි ගවේශනයන් නොකොට අවු. 70 පමණ වයසැති මීවනපලානේ හිමියන් ගවේශනය කොට බුදුන්ගේ දේශය පිළිබඳව දක්වන අදහස නිර්දය ලෙස විවේචනය කිරීම පිළිබඳව සදාචාරාත්මක ගැටලූවක් මතුවෙයි.
 
 මා බුදු දහමේ ‘‘නිවන.. පිළිබඳව සහ ‘‘ලංකා ඉතිහාසය.. පිළිබඳව ගවේශනාත්මකව අධ්‍යයනයක් සිදු කොට ඇති නිසා බුදුන්ගේ දේශය පිළිබඳව එම ලිපි දෙකේම අදහස් ගවේශනයකින් තීරණයක් ගන්නා ලෙස පාඨකයන්ව දැනුවත් කරන අතර මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ‘‘අරහතුන් වහන්සේ කෙනකු නොවන.. බව ඉතාමත් අවබෝධයෙන් දක්වන්නේ උන්වහන්සේ දේශනා කරන ‘‘පටිච්ච සමුප්පාදය.. බුදුන්වහන්සේ දේශනා කළ පටිච්ච සමුප්පාදය අතර වෙනසක් තිබෙන නිසාය.
 
 දහම් අවබෝධය යනු ‘‘පටිච්ච සමුප්පාදය අවබෝධයයි... මීවනපලානේ හිමියන් දක්වන පටි ූ ඉච්ච ූ සං ූ උප්පාද යන නිරුක්ති අර්ථය පද භේදයක් පමණක් වන අතර ‘‘නිරුක්ති පටිසම්භිදා ඥානය.. තුළ දක්වන අර්ථයන් නොවන්නේ ය.
 
 මීවනපලානේ හිමියන් අපවත් වූ ‘‘වහරක ස්වාමින් වහන්සේ.. ගේ නිරුක්ති කට පාඩම් කොට ඉදිරිපත් කරන අදහසක් වන අතර අරහතුන් වහන්සේගේ අදහසක් නොවන්නේය. අරහතුන් වහන්සේ ‘‘යමක් අනුමානයෙන් නොකියන අතර ප‍්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් පමණක්ම දේශනා කරන අතර මීවනපලානේ ස්වාමින් වහන්සේ ‘‘2012 ලෝක විනාශය.. පිළිබඳව දැක්වූ අදහස් විහිළුවක් බවට පත්විය. අරහතුන් වහන්සේ විහිළු අනාවැකි ප‍්‍රකාශ නොකරන්නේය.
 
 ලංකාවේ බුදුන් උපන් කථාව ද මීවනපලානේ ස්වාමින් වහන්සේ ගේ ස්වාධීන අදහසක් බව දැක්වීමට උත්සාහ කළ ද මෙය උන් වහන්සේට පෙර පුරා විද්‍යා ගවේශකයකු වන ‘‘ජයරත්න පතිආරච්චි.. මහතා විසින් ඉදිරිපත් කරන ලද අදහසක් විය. එම නිසා සිසිර පෙරේරා මහතා මීවනපලානේ ස්වාමින් වහන්සේ පිළිබඳව අන්ද භක්තියකින් අරිහතුන් වහන්සේ කෙනකු ලෙස ආමන්ත‍්‍රණය කළත් උන්වහන්සේ තුළ පවතින්නේ ‘‘වහරක ස්වාමින් වහන්සේ.. ගේ නිරුක්ති බණ සහ ජයරත්න පතිආරච්චි මහතාගේ බුදුන් උපන් දේශයේ පුරා විද්‍යාත්මක අදහස් පමණකි.
 
 කස්සප හිමියන්ගේ අදහස් වල පවතින්නේ පවතින ත‍්‍රිපිටකය නිවැරදි බවත් එයට විරුද්ධව අදහස් දැක්වීම දහම විකෘති කිරීමක් බවත්ය. එම නිසා පහත සඳහන් කරුණු පිළිබඳව සැලකිලිමත් වී ‘‘සත්‍ය බුදු දහම සහ මිත්‍යා බුද්ධාගම.. අතර ඇති වෙනස අවබෝධ කර ගැනීමට උත්සාහ වන්ත වන්න.
 
 (1) බුදුන් වහන්සේ තුන්වාරයක් ලංකාවට වැඩම කළ බව දක්වන අතර එය කිසිදු අවස්ථාවක ලිඛිතව ත‍්‍රිපිටකයන්ගෙන් එන ලද බව සඳහන් නොවේ.
 
 (2) මිහිඳු හිමියන් ලංකාවට පැමිණෙන විට ද ලිඛිත ත‍්‍රිපිටකයක් ගෙන එන ලද බව ද සඳහන් නොවේ.
 
 (3) පළමු” දෙවන” තුන්වන සංගායනාවලින් ද ත‍්‍රිපිටකය ලිඛිතව ගොඩනඟන ලද බවක් සඳහන් නොවේ.
 
 (4) බුදුන් වහන්සේත්” මිහිඳු හිමියනුත් ලංකාවට ලිඛිත ත‍්‍රිපිටකයන් රැගෙන නො ආවේ නම් මාතලේ අලූ විහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීමට සියලූම දහම් කරුණු නොවෙනස්ව ඉන්දියාවෙන් ලංකාවට රැගෙන ආවේ කවුරුන් විසින් ද?
 
 (5) මාතලේ අලූ විහාරයේ මෙය ග‍්‍රන්ථාරූඪ කරන විට ‘‘මා අසා දැනගත් පරිදි.. ලෙස ආනන්ද හිමියන් දක්වන අදහසක් තිබෙන අතර මාතලේ අලූ විහාරයේ මෙය ලිඛිතව සකස් කරන විට දී ආනන්ද හිමියන් නොසිටි නිසා ‘‘මා අසා දැනගත් පරිදි.. ලෙස සටහන් වීම නිවැරදි ද?
 
 (6) කස්සප හිමියන් ඇතුළු විභජ්ජවාදින් මෙම පවතින ත‍්‍රිපිටකය අට්ඨාන කථා වලින් ලැබී ඇති මෙහෙවර බුද්ධඝෝෂක හිමියන්ගෙන් ලැබූ බව දක්වා බුද්ධඝෝෂ හිමියන් ‘‘අනුබුදු.. කෙනකු ලෙස සඳහන් කරයි. නමුත් බුද්ධඝෝෂක හිමි අරිහතුන් වහන්සේ නමක් ද?
 
 (7) බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මෙම දහම දේශනා කළේ් නම් එම දහමේ මූලාශ‍්‍රයන් එහි ඉතිරිව තිබිය යුතුයි. මුස්ලිම් ආක‍්‍රමණ නිසා මේ සියල්ලම විනාශ වූ බව සුරංගනා කථාවක් වන අතර බුද්ධ ඝෝෂක හිමියන් ලංකාවට පැමිණෙන්නේ ‘‘සිංහලයෙන් තිබූ ත‍්‍රිපිටකය පාලියට නැඟුමට බව.. දක්වයි. එය එසේ විය හැකි ද? ඒ අනුව මුලින්ම ත‍්‍රිපිටකය සිංහල භාෂාවෙන් තිබූ බව පක්‍ෂග‍්‍රාහී භාවයකින් තොරව සිතන විට පැහැදිලි වෙයි.
 
 (8) බුද්ධඝෝෂක හිමියන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ලංකාවේ තිබූ සියළු දහම් පොත් මාස තුනක් ඇතුළත කියවා ඇතුන් 07 දෙනකුගේ උසට ලෝවාමාපාය අසල ගොඩ ගසා ගිනි තබා සත්‍ය දහම් කරුණු පමණක් ඔහු විසින් ලියා ඉතිරි කළ බව ඉතිහාසය සහ ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි. මෙවැනි පොත් ගොඩක් මාස 3 කින් කියවිය හැකි ද?
 
 (9) ඇතුන් 07 දෙනෙකු උසට ගොඩ ගැසිය හැකි පුස්කොළ පොත් ප‍්‍රමාණයක් කියවා සත්‍ය අසත්‍ය පැහැදිලි කළ හැකි ද?
 
 (10) ඇතුන් 07 දෙනකු උසට ගොඩ ගැසිය හැකි පොත් ප‍්‍රමාණයක් මාස 03 ක් ඇතුළත කියවා සත්‍ය අසත්‍ය පැහැදිලි කළ හැකි ද? ඒවා වැරදි බව දැන නිවැරදි බවට පත් කිරීමට බුද්ධ ඝෝෂක හිමියන් අරහතුන් වහන්සේ කෙනෙක් ද?
 
 (11) ධර්ම භාණ්ඩාගාරිකවූ ආනන්ද හිමියන් පළමු සංගායනාවට සම්බන්ධ නොකළේ අරහත් තත්ත්වයට පත් නොවූ නිසා ය. බුද්ධඝෝෂ හිමියන්ට මෙම හෙළ බසින් ලියා තිබූ සත්ධර්මය ගිනි ගැසීමට තිබූ සුදුසුකම කුමක් ද?
 
 (12) විදේශිකයකුට තමන්ගේ රටේ තිබෙන දහම් පරිශීලනය කොට පැවැති දහම් පොත් වැරදි බවත් ඔහු ලියූ පොත් නිවැරදි බවත් දැක්වීමේ දී ඒවා තර්කයෙන් තොරව පිළි ගැනීමට ලංකාවේ රජු එකඟ වූයේ මන්ද?
 
 (13) විසුද්ධි මාර්ගය පුස්ථකය නම් මහා පුස්ථකය රැයක් පහන් වන විට පොත් 3ක් ලියූ බව සඳහන් වේ. එවැනි පොත් 3 ක් එක් රැයකදී පුස්කොළ පොත් වල ලිවිය හැකි ද?
 
 (14) මිහිඳු හිමියන් ලංකාවට වඩින විට දේවානම් පියතිස්ස රජු පොහෝ දිනක මුවෙක් මැරිමට 40,000ක පමණ සෙනඟ රැගෙන යන විට මේ රටේ බුදු දහම පිළිබඳව කිසිවෙක් දැන නොසිටි බව දක්වයි. නමුත් බුදුන් වහන්සේ ජීවත්ව සිටි අවධියේ නිර්මාණය කළ මහියංගණය” කැලණිය” නාගදීපය වැනි චෛත්‍යය දේවානම් පියතිස්ස රජුට නොපෙනුනේ කෙසේද?
 
 (15) බුදුන් වහන්සේගෙන් බණ අසා සෝතාපන්න වූ සුමන සමන් දෙවිඳුන් අදත් වැඩ සිටින්නේ නම් මිහිඳු හිමියන් එන විට ලංකාවේ බුදු දහම අතුරුදහන් වූයේ කෙසේ ද?
 
 (16) බුදුන් වහන්සේ තුන්වතාවක් වැඩම කොට ස්ථාපිත කළ දහම අවුරුදු 250 ක් පමණ කාලයක් වත් ලංකාවේ ව්‍යාප්ත නොවී මිහිඳු හිමියන්ගේ දහම අවුරුදු 2500 ක් පැවැතීමට හේතුව කුමක් ද?
 
 (17) බුදුන්වහන්සේ ස්ථාපිත කළ දහමට වඩා මිහිඳු හිමියන්ගේ දහම ප‍්‍රබල වූයේ කෙසේ ද?
 
 (18) බුද්ධගයාව යනු අදටත් ලංකාව පුරා පවතින ‘‘හින්දු කෝවිලක.. අනුරුවක් නොවන්නේ ද?
 
 (19) ඉන්දියාවේ වරනාසි වල පස්වග තවුසන්ට ධර්ම දේශනා කළා යැයි වන්දනා මාන කරන ස්ථානය චෛත්‍යයක ඉතිරි වූ කොටසක් ලෙස ලාංකිකයින් විශ්වාස කළ ද එය සත්‍ය ලෙසම විශාල ශිව ලිංගයක් නොවන්නේ ද?
 
 (20) සංකස්සයට බුදුන් වහන්සේ තව්තිසාවේ සිට ඉනිමගින් බැස්සා යැයි විශ්වාස කරමින් පෙරළී පෙරළී ලාංකිකයින් වන්දනා මාන කරති. පෘථිවියේ සිට තව්තිසාවට ඇති දුර යොදුන් 168,000 කි. මෙය සැතපුම් වලින් ගත් විට සැතපුම් 2,688,000 කි. මෙවැනි දුරකට රත්තරනින් ඉනිමගක් සෑදිය හැකි ද?
 
 ඉනිමගින් බුදුන් වහන්සේ පඩියෙන් පඩිය වැඩියා නම් අදටත් ගමන අවසන් කළ හැකි ද?
 
 තව කරුණු බොහෝය. අඩුම තරමේ ඉහත කරුණු පිළිබඳව විමසුම් ඇසින් බලන විට කස්සප හිමියන් ඇතුළු ලාංකීය බහුතරයක්
 
 ගිහි පැවිදි බෞද්ධයන් තර්කයෙන් තොරව ඉන්දියානු බ‍්‍රාහ්මන පඬිවරුන් අපට ‘‘බුදු දහම යටපත් කිරීමට ස්ථාපිත කළ හින්දු දහම” ජෛන මහා වීරයන්ගේ අනුරුව” ජෛන මහා වීරයන්ගේ බෝ ගස” ජෛන මහා වීරයන්ගේ චෛත්‍යය අකෘති.. බුදුන් වහන්සේගේ යැයි හඳුන්වා දී ඇත.
 
 ලබන සතියට 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles