Divaina - මළ දරුවන් සමග ජීවත්වූ අපූරු මිනිසෙක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 mala


 පුන්‍යා චාන්දනී ද සිල්වා
 
2009 වසරේ රුසියාවේ එක්තරා පළාතක සොහොන් හාරන බවට නිතරම පැමිණිලි ලැබෙන්නට විය. රුසියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Valery Gribakin විසින් මේ ගැන වැඩි අවධානයක් යොමු කළත් සොහොන් හාරන්නන් ගැන කිසිම හෝඩුවාවක් දැන ගැනීමට ලැබුණේ නැත.
 
 2011 වසරේ Domodedovo ගුවන්තොටුපොළට එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් පසුව Nizhny Novgorod ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් සොහොන් හෑරීම ගැන පැමිණිලි දිනෙන් දිනම වැඩි වෙන ප‍්‍රවණතාවයක් ඇති විය. මේ ගැන හැම දෙනාගේම වැඩි අවධානයක් යොමු වූයෙන් බොහෝ දෙනෙක් මෙම සොහොන් භුමි කලාපයේ රැකවල් ලා සිටියහ. එක් දිනක් රැකවල් කර සිටි පුද්ගලයෙක් දුටුවේ මියගිය පුද්ගලයෙකුගේ සොහොනේ එල්ලා තිබෙන ඡායාරූපයේ සායම් ආලේප කරන පුද්ගලයෙකුගේ ඡායාරූපයකි. මේ ගැන පොලීසියට දන්වන ලදුව වහාම කි‍්‍රයාත්මක වී මේ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත් විය. ඔහු ‘ඇනටොලි මොස්ක්වින්’ නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක් වූයේය.
 
 පොලීසිය එතැනින් නැවතුනේ නැත. වහාම ඔහු වෙසෙන නිවස පරීක්ෂා කරන ලදී. මේ වෙන විට අවිවාහක මොස්ක්වින් සිය දෙමව්පියන් සමග නගරයේ කුඩා කාමරයක පදිංචිව සිටියේය. එම පරිශ‍්‍රය පරීක්ෂා කිරීමේදී ජීවමාන ගැහැණු දරුවන්ගේ ප‍්‍රමාණයෙන්ම වූ බෝනික්කන් කීප දෙනෙක් දැක ගත හැකි විය. මේ බෝනික්කන් විවිධ අන්දමින් ඇඳුම් ආයිත්තම් අන්දවා හැඩ ගන්වා තිබුණි. සමහර බෝනික්කන්ගේ දණහිස මොස්ක්වින් යාන්තමින් හෝ ස්පර්ශ කළ විට මෙම පෙට්ටියෙන් සංගීත නාදයක් නිකුත් විය. මමිකරනය කරණ ලද ඇතැම් බෝනික්කන්ට ඔවුන් මිහිදන් කරන විට අන්දවන ලද ඇඳුම්වලින්ම යුක්ත විය. මේ බෝනික්කන් අතර සිටි එක් මමිකරණය කරන ලද සිරුරක ඇය මියයන විට රෝහලෙන් අතේ සලකුණු කරන ලද අංකයත් ඒ අන්දමින්ම සටහන් වී තිබුනි.ඒ අතරම බෝනික්කන් සමග ඒවා නිපදවන ආකාරය ගැන අත්පොත්, ප‍්‍රදේශීය සුසානභුමි සිතියම් ඒ මේ අත විසිරී තිබුණි.
 
 mala2වැඩිදුර ප‍්‍රශ්න කරන විට මොස්ක්වින් කියා සිටියේ ඔහු ගැහැණු ළමයින්ට ඉතා කැමැත්තක් දැක් වූ නිසාම ගරාජයේ බෝනික්කන් කීප දෙනෙක් තබා ගෙන සිටි අතර තමන්ගේ මානසික හුදෙකලාව මග හරවා ගැනීමට මේ අන්දමින් සොහොන් හාරා මියගිය ගැහැණු දරුවන්ගේ සිරුරු ගෙනැවිත් මමිකරණය කළ බවයි. වතාවක් මොස්ක්වින් විසින් දරුකමට දරුවෙක් හදා වඩා ගැනීමට රුසියානු අධිකරණයෙන් ඉල්ලා සිටියත් ඔහුගේ ආර්ථික ශක්තිය දරුවෙක් හදා වඩා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බැව් සඳහන් කරමින් අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත.
 
 මේ නිසා මියගිය මළ සිරුරු තමාගේ කාමරයට ගෙනැවිත් ඒවා ලූණු සහ බේකිං පවුඩර් දමා කල් තබා ගැනීමට ඔහු යොමු විය. ඔහු මේ මමිකරණය කරන ලද බෝනික්කන්ගේ උපන්දිනයන්ද මහත් උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. ඔහුගේ මනෝලෝකයේ මේ බෝනික්කන් ජීවත්වුණේ ඔහුටම දාව උපන් දරුවන් මෙන්ය.
 
 මොස්ක්වින්ගේ මව්පියන් කියා සිටින්නේ තම පුතු මේ අන්දමින් ඉතා විසිතුරු ලෙස ආයිත්තම් කරනුයේ මළ සිරුරු බව ඔවුන් කිසිසේත්ම නොසිතූ බවයි. එහෙත් අසල වූ සොහොන වෙත ගමන්ගත් පා සටහන් නිශ්චිතවම මොස්ක්වින්ගේ බැව් සනාථ වූ කල්හි පොලීසියට තවත් සාක්ෂි උවමනා වූයේ නැත. මේ අන්දමින් සරසන ලද බෝනික්කන් 29 දෙනෙක් හඳුනා ගැනීමට හැකි විය. මේ නිසා රුසියානු මාධ්‍යයන් ඔහු හඳුන්වන ලද්දේ 'The Lord of the Mummies' යන නමින්ය. මොස්ක්විනගේ අසල්වැසියන්ද කියා සිටියේ ”මොස්ක්වින් මේ විදිහට මළසිරුරු ගෙනෙන බව අපි දැන සිටියේ නැහැ. අපි දන්නේ ඔහු ඉතිහාසය හදාරන උගත් පුදගලයෙක් බවයි. භාෂා 13 ක් හැසිරවීමට හැකියාව ඇති ඔහුගේ දෙමව්පියන්ද ඉතාම වැදගත් විදිහිට කිසිම කෙනෙකුට හිරිහැරයක් නොමැතිව ජීවත්වුන අය නිසා අපිට කිසිම සැකයක් ඇති වුණේ නැහැ. ඒත් විටින් විට මේ නිවස ප‍්‍රදේශයෙන් අමුතු ආකාරයේ ගන්ධයන් නම් අපිට දැනුනා. ඒත් ඒවා සුළඟටම පාවී ගියා මිසක අපි ඒ ගැන නැවත නැවත විමසිලිමත් වුණේ නැහැ..”
 
 සොහොන් හෑරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මොස්ක්වින් භින්නොන්මාදය නම් මානසික රෝග තත්වයෙන් පෙලෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ විය. බන්ධනාගාරගත කරන ලද ඔහු වෙනුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් අතර 2018 වසරේ පටන් මොස්ක්වින්ට නිවසේ සිට ප‍්‍රතිකාර ලැබීමට අවස්ථාව ලැබී තිබෙනවා.
 allthatsinteresting.com ඇසුරිනි
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles