Divaina - බුද්ධාගමනය, මහින්දාගමනය සහ විජයාගමනයේ සිට ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na8 2ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව මහත් ආන්දෝලානාත්මක ප‍්‍රශ්නයක් බවට පත්වූයේ වර්තමාන රජයේ එක්තරා ඇමැතිවරයකු ජනමාධ්‍ය මගින් සිදුකළ සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයක් නිසාය. එසේම එම ප‍්‍රකාශය කිරීම පිළිබඳව තමා මහත් සතුටට පත්වන බව පුනපුනා කියයි.
 
 එම ප‍්‍රකාශය සිංහල බෞද්ධයන්ගේ සිත්පිත් මහත් වේදනාවකට පත්කරන්නක් විය. ඉතිහාසය, පුරාවිiාව, බෞද්ධ සංස්කෘතිය අනුව විමසා බැලීමේදී බුද්ධාගමනය, මහින්දාගමනය සහ විජයාගමනය පිිළිබඳව තොරතුරු අනුව යථොක්ත අදහස සාවi වූවක් බව පැහැදිලි වේ.
 
 එම අදහස ඉදිරිපත් කළ ඇමැතිවරයාගේ පමණක් නොව මෙවන් මත දරන වෙනත් අය සිටිත් නම් ඔවුන්ගේ නිරවුල් අවබෝධය සඳහා යථොක්ත ප‍්‍රකාශයේ සාවi බව සනාථ කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.
 
 බුදුරජාණන් වහන්සේ තෙවරක් ශ‍්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශය, දීපවංශය, සමන්තපාසාදිකාව ආදි වංශ කථාවලත් සාහිත්‍ය හා ධර්ම ග‍්‍රන්ථවලත් පැහැදිලිව සඳහන් වේ. මේ අනුව ප‍්‍රථම ලංකාගමනය බුද්ධත්වයෙන් අටමසකට පසුව මහියංගනයට වැඩම කිරීමත් දෙවනවර බුද්ධත්වයෙන් පස්වන වසරේ නාගදීපයටත්, බුද්ධත්වයෙන් අටවන වසරේ කැලණියටත් වැඩම කළ බව සඳහන් වේ. එසේ වැඩම කළ අවස්ථාවන්හිදී විශාල පිරිසක් ධර්මාභිසත්‍ය කළ බවද සඳහන් වේ. එසේවූවත් ශ‍්‍රී ලංකාව බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබාගත්තේත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් ලැබුවේත් ශ‍්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රාජ්‍ය අවධියේ ක‍්‍රි.පූ.3 වන සියවසේ සිදුවූ මහින්දාගමනයයි.
 
 මහින්දාගමනය ශ‍්‍රී ලංකාව ප‍්‍රබල බෞද්ධ රටක් බවට පත්වූවා පමණක් නොව බුදුදහමත්, බෞද්ධ සංස්කෘතියත් ලංකාව පුරා ව්‍යාප්ත වීමට මහත් හේතු සාධකයක් විය. එවක ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වූයේ මුටසීව රජුගේ දෙවන පුත‍්‍රයා වූ දේවානම්පියතිස්ස රජුය.
 
 මහාභාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත‍්‍රයා වූ මිහිඳු මහරහත් වහන්සේත් දියණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණියත් ශ‍්‍රී ලංකාවට අනුපමේය සේවයක් සිදුකළ බව පැහැදිලි සත්‍යයකි. එවකට අපේ රාජ්‍ය පාලකයාවූ දේවානම්පියතිස්ස රජු බෞද්ධයකු බවට පත්වීමෙන් පසු ලක්වැසි ජනතාව තම රාජ්‍ය පාලකයා අනුගමනය කරමින් බුදුදහම පිළිගත් බව සඳහන් කළ යුතුව ඇත.
 
 ලෝකයේ කවර රටක් වූවද එම රටේ අනන්‍යතාව තහවුරු කළ හැකි කරුණු දෙකක් ඇත. එනම් පුරාවිiාත්මක සාධක හා සාහිත්‍යමය සාධකයි. පුරාවිiාත්මක සාධක නම් සෙල්ලිපි, ටැම්ලිපි, ලෙන් ලිපි ආදියෙන් හෙළිවන කරුණුයි. සාහිත්‍යමය සාධක නම් පොතපතින් හෙළිවන කරුණුයි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ මහාවංශය, දීපවංශය, සමන්තපාසාදිකා ආදි වංශ කථාවලින් හා සාහිත්‍ය ග‍්‍රන්ථයන්ගෙන් හෙළිවන කරුණුයි.
 
 වර්තමානයේ වෙසෙන ශ‍්‍රී ලාංකික බෞද්ධයකුගෙන් ශ‍්‍රී ලංකාවට බුදුසමය ගෙන ආවේ කවදාදැයි ප‍්‍රශ්න කළහොත් අනිවාර්යයෙන් දෙන පිළිතුර දේවානම්පියතිස්ස රාජ්‍ය අවධියේ බවයි. ප‍්‍රාග් මහින්ද යුගයේ දක්නට ලැබෙන සංකේත පරීක්‍ෂා කිරීමේදී ලක්වැසියා බුදුදහම පිළිබඳ අවබෝධයක් ලබා සිටි බව පැහැදිලියි.
 
na8 3 බුදුරදුන් ලංකාවට වැඩම කළ අවස්ථාවකදී සුමනසමන් දෙවිදුන්ගේ ඇරයුම පරිදි සමනල ගිරි මුදුනෙහි උන්වහන්සේගේ ශ‍්‍රී පාදය පිහිටු වූ බවත් එතැන් සිට එය බෞද්ධ ජනතාවගේ සම්මානයට පාත‍්‍රවූ බවත් වංශකථාදියෙහි සඳහන් වේ. මෙම සමන්තකූඨය පිළිබඳ කථාන්තරය පිළිගන්නේ නම් එනයින් පුරාතන ලංකාවේ බුදුරදුන් ශාස්තෘත්වයෙන් සලකන ලද ජනතාවක් වාසය කරන්නට ඇතැයි සිතාගැනීමටද එය ප‍්‍රමාණවත් වේ.
 
 මේ හැරුණුවිට ප‍්‍රාග් මහින්ද යුගයේ ඉදිවූ මහියංගන නම් ස්ථූපයක් ගැන මහාවංසයේ සඳහන් වේ. බුදුරදුන් ලංකාවට වැඩම කළ අවස්ථාවකදී සුමනසමන් දෙවිදුන් විසින් බුදුරදුන්ගෙන් ඉල්ලාගත් කේශ ධාතූන් තැන්පත්කොට පළමුවෙන් මෙම ස්ථූපය තැනවූ බවත් බුදුරදුන් පිරිනිවි පසු උන්වහන්සේගේ ග‍්‍රීවා ධාතුව සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යයකුවූ සරභූ නම් තෙරනමක විසින් ගෙනවුත් මෙම ස්ථූපයෙහි නිදන් කළ බවත් දේවානම් පියතිස්ස රජු දවස රජුගේ සොහොයුරු යුවරජකු විසින් මෙම සෑය යළි ප‍්‍රතිසංස්කරණය කළ බවත් එහිම සඳහන් වේ. මේ අනුව මෙම ස්ථූපයට පුදසත්කාර දැක්වූ ජනයා එකල ලංකාවේ විරල නොවූ බව එහිම සඳහන් වේ.
 
 මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් විසින් දඹදෙණි යුගයේදී රචිත පූජාවලියෙහි ගිරිභණ්ඩ ස්ථූප හෙවත් ගිරිහඬු සෑය නම් ස්ථූපයක් ගැන සඳහන් වේ. බුදුරදුන්ගෙන් ලබාගත් කේශධාතූන් තැන්පත් කොට තපස්සුභල්ලූක නම් වෙළෙඳ දෙබෑයන් විසින් මෙම ස්ථූපය කරවන ලද බව එහි සඳහන් වේ. පූජාවලියේ එන මෙම විස්තරය අනුව පරීක්‍ෂණ පැවැත්වූ පුරාවිiා දෙපාර්තමේන්තුව එනමින් හැඳින්වෙන ස්ථූප තුනක් සොයාගෙන ඇත.
 
 අම්බලන්තොට තානායම ඉදිරිපිට ඇති ස්ථූපය
 
 කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තරමක ඈතින් පිහිටි ගමක පිහිටා ඇති ස්ථූපය
 
 ත‍්‍රිකුණාමලයෙහි තිරියාය නම් ස්ථානයෙහි පිහිටා ඇති ස්ථූපය
 
 තපස්සු, භල්ලූක වෙළෙඳ දෙබෑයන් කේශධාතූන් තැන්පත්කොට තැනවූ තිරියායෙහි පිහිටි සෑය ඒ බව බොහෝ විචාරකයින්ගේ මතයයි. ඒ අසල තිබූ ශිලාලිපියක ත‍්‍රපුස, භලූක වෙළෙඳ දෙබෑයන් විසින් කළ ස්ථූපය බව සඳහන් වේ.
 
 මහින්දාගමනයේ ඓතිහාසික අගය විමසීමේදී මහාවංසය, දීපවංශය, සමන්තපාසාදික ආදි සෑම දේශීය මූලාශ‍්‍රයකම උන්වහන්සේගේ වැඩම වීම විස්තරාත්මකව ඉදිරිපත් වේ. මහින්දාගමනය මිථ්‍යා ප‍්‍රබන්ධයක් යයි ආචාර්ය බ්ල්ඩන් බර්ග්, කර්න්, ඒ. වී. කීත් ආදි යුරෝපීය පඬිවරුන් උත්සාහ ගෙන ඇතත් ඉන්දියාවේ සාංචි, භාරුත්, සෝනාරි යන ස්ථූපයන්හි තිබී ඉන්දීය පුරාවිiාඥයින් විසින් සොයාගත් ශිලා ලිපිවලින් එම යුරෝපීය පඬිවරුන්ගේ මත බිඳ වැටේ.
 
 ඉන්දීය පුරාවිiාඥයකු වූ ආචාර්ය කනින්හැම් ප‍්‍රකාශ කරන පරිදි එම ස්ථූපයන්ගේ (කරඬුවල* සටහන්ව ඇති කෙටිවැකි කීපයක් මෙසේය.
 
 සපුරිස මොගලි පුතය
 
 සපුරිස මඣිමය
 
 සපුරිස කාශප ගොතස හෙමවතාචරියය
 
 මෙම පළමු කෙටි වැකියෙන් කියැවෙන්නේ මොග්ගලි පුත්ත තිස්ස රහතන් වහන්සේ බව නිසැකය. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් නවරටට යැවූ ධර්ම¥තයින් තෝරා නිලකරන ලද්දේ උන්වහන්සේ විසිනැයි මහාවංශයේ සඳහන් වේ. දෙවැන්නෙන් කියවෙන්නේ මඣිමය නම් තෙරනමක් පිළිබඳවය. මහාවංසයේ සඳහන් කරන පරිදි හිමිවත් පෙදෙසෙහි ධර්ම¥ත පිරිසේ නායකයා වශයෙන් ගමන් කරන්නෝ මජ්ඣිම තෙරුන් වහන්සේය.
 
 තුන්වන වැකියෙන් සඳහන් වන්නේ හිමවතට ආචාර්ය වූ කස්සපගොත්ත නම් තෙරනමක් පිළිබඳවය. උන්වහන්සේ මජ්ඣිම තෙරුන්ගේ සහායට ගිය බව දීපවංසයේ සඳහන් වේ. ශ‍්‍රී ලංකාවට ධර්ම¥තයන් වහන්සේ නමක් හැටියට වැඩම කළේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේය.
 
 මිහින්තලයේ තිබී සොයාගත් ශිලාලේඛනයක මහින්දාගමනයේ ඓතිහාසික අගය පැහැදිලි වේ. මහිඳ තෙරහච, ඉඨික තෙරහච භද්‍රසල තෙරහ ච තුබෙ’’ යනුවෙන් මිහිඳු ඉට්ඨිය, භද්‍රසල යන තෙරුවන් සඳහා කරවූ ස්ථූපයක් පිළිබඳ සඳහන් වේ. මැකීගිය කොටසේ අනිත් නම්ද ඇතුළත් වන්නට ඇත යනු විචාරක මතයයි.
 
 රජගල හෙවත් රාක්‍ෂ හෙළ නමැති ස්ථානයේ තිබී සොයාගත් ශිලා ලේඛනයක මිහිඳු මාහිමියන් ඇතුළු ධර්ම¥තයන්ගේ නම් සඳහන් වේ. ‘‘යෙ ඉමදීප පඨමය ඉසිය අගතන මහිද තෙරහ ච ඉඨික තෙරහච උති නෙරහ ච තුබෙ’’ යනුවෙන් ඇති සටහන ලංකාවේ අක්‍ෂර විශේෂඥයන් දෙදෙනකු දෙයාකාරයට විග‍්‍රහ කෙරේ. ආචාර්ය ඉසෙඞ්. වික‍්‍රමසිංහ මහතා මෙම ලිපිය විග‍්‍රහ කරන්නේ ලංකාවට සෘද්ධියෙන් වැඩම කළ තෙරුවන්ගේ ස්ථූප බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එයට වඩා වෙනස් අදහසක් ප‍්‍රකාශ කරයි. මෙ දිවයිනට ශ‍්‍රී සමෘද්ධිය පිණිස වැඩම කළ තෙරුවරුන්ගේ ස්තූප බවයි. එම ආචාර්ය, මහාචාර්යවරුන් දෙදෙනාම මිහිදු මාහිමියන් ප‍්‍රධාන පිරිස ලංකාවට වැඩම කළ බව පිළිගැනිනි. මේ හැම කරුණකින්ම ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් බව පැහැදිලි වේ.
 
 මේ හැරුණ විට රෝහණයෙහි තිබී සොයාගත් ශිලා ලේඛනයේ සඳහන වැදගත් වේ.
 
 ‘‘මිජදිඨි බිණක අතිනගයුවරජ තම බුධසරණ ගතෙ විහරකරවයදිනෙ’’ මෙහි අදහස මිථ්‍යාදෘෂ්ටිය බිඳහල නාග නම් යුවරජ තමා බුදුසරණ ගොස් සංඝයාට විහාර කරවා දුන් බවයි. මේ කරුණු අනුව මහින්දාගමනය මිථ්‍යා ප‍්‍රබන්ධයක්ය යන යුරෝපීය උගතුන්ගේ මත බිඳ වැටේ.
 
 ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් බව විජය කුමාරයාගේ ලංකාගමනය වැදගත් සාධකයකි. විජයකුමරු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේය. සිංහල ජනවංශයේ ආදි පුරුෂයා ලෙස සැලකෙන විජයකුමරු ලාටරට සිංහ පුරයෙහි සිංහබාහු රජතුමන්ගේ වැඩිමහලූ පුත‍්‍රයා බවත් ඔහු සමග සත්සියයක් පැමිණි බවත් මහාවංශයේ සඳහන්වේ. එසේම සිංහල ජාතියේ සමාරම්භය ඔහුගෙන් සිදුවූ බවත් විජයකුමරු සමග පැමිණි පිරිස භාරතයේ භාරුකච්ච සුප්පාරකාදි ප‍්‍රදේශ පසුකොට ලංකාවට පැමිණි බවත් සඳහන් වේ. එසේම මෙම පිරිස අතර වැඩිපිරිසක් බෞද්ධයන් වූ බව විචාරක මතයයි. එසේම මෙම පිරිසට පිරිත් පැන්දී පිරිත් නූල් බැඳි බවද එය අදෘශ්‍යමාන බලවේගයකින් සිදුවූ බවද කියැවේ. මෙවන් චාරිත‍්‍රයක් භාරතයේ පැවැති එකම ආගම බුද්ධාගම බවත් මේ අනුව ප‍්‍රාග් මහින්ද යුගයේ සෘම ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් බව පැහැදිලි වේ.
 
 දුටුගැමුණු රාජ්‍ය අවදියේ සිට රාජ්‍යත්වයට පත් බොහෝ රජදරුවන් බුදුදහමේ ආභාසය ලැබූ බව පැහැදිලිවේ. දුටුගැමුණු රජතුමා ‘‘මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ ව්‍යාපෘතිය සඳහාය’’ යන මහාවංශ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් බවට ප‍්‍රබල සාධකයකි. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 24 ක් පැවැත්වූ බවද ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වේ.
 
 ශ‍්‍රී ලංකාවාසීන් අතර බෞද්ධ සංඥා නාම ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේද බුදුදහමේ ආභාසය නිසාය. සාමාන්‍ය ජනවහර පමණක් නොව රජවරුන්ද බුදුදහමට නැඹුරුව නම්ගම් වෙනස් කළ ආකාරය දක්නට ඇත.
 
 බුද්ධදාස, ධම්මපාල, සංඝතිස්ස, දාඨෝපතිස්ස, අග්ගබෝධි, කස්සප, මුගලන්, මහින්ද ආදි නම් එයට නිදසුන් කීපයකි. සද්ධාතිස්ස, උපතිස්ස, දාඨෝපතිස්ස ආදි බොහෝ ප‍්‍රබල රජවරුන් පවා අටසිල් සමාදන්ව සාමාන්‍ය මහජනයා සමග විහාර භූමියෙහි දවස් ගෙවා ඇත. පෝයදා සියලූ ව්‍යාපාර තහනම් විය. පෝය දින සතර ප‍්‍රසිද්ධ නිවාඩු දින ලෙස සැලකින.
 
 ශ‍්‍රී ලංකාව, තායිලන්තය (පැරණි සියමය* මියන්මාරය (පැරැුණි බුරුමය* ථෙරවාදී බෞද්ධ රටවල් වේ. එයින්ද ශ‍්‍රී ලංකාවට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. ලෝකයේ බොහෝ රටවල් ශ‍්‍රී ලංකාව හඳුනාගෙන ඇත්තේ සිංහල බෞද්ධ රටක් වශයෙනි. අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන්ගේ කොතමත දිස්වන චූඩාමාණික්‍ය එවක බුරුම රාජ්‍යයෙන් පරිත්‍යාග කරන ලද්දකි.
 
 පරිනිර්වාණ මඤ්චකයෙහි සැතපී සිටින බුදුරදුන් වෙත පැමිණි සක්දෙවි රදුන් අමතා ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පවරන ලද බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආධිපත්‍යයන් තුළින් කිතුනු දහම ශ‍්‍රී ලංකාවට ලැබුණු බව පැහැදිලි සත්‍යයකි. එසේම මුස්ලිම් ජාතිකයින් වෙළෙඳ ව්‍යාපාරිකයන් වශයෙන් ලංකාවට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. ඉතිහාසගත මෙම සිදුවීම් පරීක්‍ෂාකර බැලීමේදී මෙය සිංහල බෞද්ධ රටක් බව පැහැදිලි සත්‍යයකි. බෞද්ධ දර්ශනයේ සමානාත්මතාව නිසා අනෙකුත් ජාතීන්ද ආගමිකයන්ද මුල්අවදියේ සහෝදරත්වයෙන් ජීවත්වූ බව අතිශයෝක්තියක් නොවේ.
 
 මේ හැරුණුවිට මෑත යුගයේ කරුණු විමසා බැලීමේදී 1956 සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බලවේගය මුල්කොට ගෙන ජනතා ජයග‍්‍රහණයක් කළ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් ඒ නිසා ශ‍්‍රී ලංකාව එම බෞද්ධ සංස්කෘතිය අනුව සකස්විය යුතු බවත් ප‍්‍රකාශ කෙරිණ. මෙම ප‍්‍රකාශයේ වැදගත් බව පසුකාලයේ ‘දිවයින’ පුවත්පතෙහිද පෙන්වාදී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ද ‘‘සෝමාවතී චෛත්‍යයේ කොත පැළඳවීම උත්සවයකදී බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යතුමන්ගේ ප‍්‍රකාශයට සමාන ප‍්‍රකාශයක් කෙරිණි. උදාගම් සංකල්පයේ නිර්මාතෘ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා රද්දොළුගම, රන්පොකුණුගම ආදි විශාල නිවාස සංකීර්ණ නිර්මාණය කරවීමේදී එම නිවාස සංකීර්ණයන්ට ප‍්‍රවේශවන සුදුසු ස්ථානයන්හි විශාල බුද්ධ ප‍්‍රතිමා පමණක් නිර්මාණය කරවා ඇත්තේ ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නිසා නොවේද?
 
 1948 ශ‍්‍රී ලංකාව නිදහස් රටක් බවට පත්වීමෙන් පසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛතාවක් ලබාදුන්නේ බෞද්ධ රටක් නිසා නොවේද. එය අන්‍යජාතික අන්‍යආගමික ජනතාවගේ සිත්පිත් රිදවීමක් නොව යථාර්ථය පැහැදිලි කිරීමකි.
 
 ඒ. නන්දිසේන ඉන්ද්‍රසේකර
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles