Divaina - කැලණිය අතහැර... දායකයා සෙවීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na7 2බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදී වෙසක් පුන් පොහෝ දින බුදුන් වහන්සේ පන්සීයයක් රහතන් වහන්සේ් පිරිවරා කැලණියට වැඩම කළහ. මේ ගමන අනෙකුත් ලංකා ගමන් අවස්ථා දෙකට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ පළමු වතාවට මේ ලංකා භූමිය ස්පර්ශ කිරීම නිසාය. අනෙක් අවස්ථා දෙකේදීම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප‍්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහි දී උන්වහන්සේ කායිකව ලංකා භූමි ස්පර්ශය සිදුකිරීමයි. මෙම ගමනේදී කැලණි නදියෙන් ජලස්නානය කර ඇත. පූජාවලිය සඳහන් කරන අන්දමට ජලස්නානය කරන අවස්ථාවේදී උන්වහන්සේ කැලණි ගඟ අසබඩ ශ‍්‍රී පාද ලාංඡුනයක් පිහිටුවා තිබේ. දුටුගැමුණු රාජ්‍ය සමයේදී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ වැඩසිටි බව මහාවංශයේ 32 පරිච්ෙඡ්දයේ සඳහන් ය. මෙයින් හෙළිවන කරුණ නම් මේ කාලයේදී කැලණි විහාරය ප‍්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් ලෙස පැවති බවයි. ඉන්පසුව කනිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයේ උපෝෂථාගාරයක් ඉදිකළ බව මහාවංශයේ 36 වන පරිච්ෙඡ්දයක සඳහන් කර ඇත.
 
 ඇත්තෙන්ම පෘතුගීසි සමය කැලණි විහාරයට දුර්භාග්‍ය උදා කළ සමයක් ලෙසට හඳුන්වා දිය හැකිය. එය සැබවින්ම භීම සමයකි. 1557 ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල ලෙස කතෝලික භක්තිකයකු වීමෙන් අනතුරුව 1555 දී විහාර භූමිය ප‍්‍රැන්සිස්කන් පූජක සභාවට පවරා දෙන ලද අතර 1557 දි දියෝගෝ ද මෙලෝ කැලණි විහාරය බිඳ හෙළා ගිනිබත් කර විහාරය සතු භූමිය වෙනත් ආගමිකයින්ට පවරා භූමිය තුළ බුදුදහම ඇදහීම ද තහනම් කරන ලදී. ලන්දේසි යුගයේ මුල්භාගයේදී මේ තත්ත්වය එලෙසම පැවතිනි. 1692 දී ලන්දේසීන් කැලණි විහාරයේ ආගමික කටයුතු කිරීම නැවත තහනම් කරන ලදී. මේ බාධා ප‍්‍රතික්ෂේප කරමින් මහා සඟරුවන කැලණි විහාරයට පැමිණ ආගමික වතාවත් සිදුකර ඇත. මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමක් ලෙස කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා කැලණි විහාරයට පැමිණ ආගමික කටයුතු සිදුකර ඇත. සිංහල රජු සතුටු කිරීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැලණි චෛත්‍යය ප‍්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදී.
 
 කැලණි විහාරයට මහඟු සේවයක් කළ හෙලේනා විජයවර්ධන මැතිනිය මුලින්ම මේ විහාරය වන්දනාවට පැමිණෙන්නේ 1888 වසරේ එක පොහොය දිනකදීය. ඒ වනවිට මේ බොදු පුදබිමට අත්ව තිබෙන ඉරණම දුටු ඇගේ හද කම්පනය වෙයි. එදා පටන්ම ඇය කැලණි විහාරය නගා සිටුවීමට අප කැප වූවාය. 1927 ජනවාරි 23 වැනි දින විජයවර්ධන මැතිනිය විසින් සිය ධන පරිත්‍යාගයෙන් නව විහාර මන්දිරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර 1946 දෙසැම්බර් 28 වන දින එය නිමාකොට විවෘත කරන ලදී. පෘතුගීසීන් අතින් විනාශයට පත් කැලණිය විහාරයේ බිතු සිතුවම් වෙනුවට අලූතින් සෝලියස් මෙන්ඩිස් කලාකරුවා අතින් නිම වූ බිතු සිතුවම්වලින් විහාරය යථා තත්ත්වයට පත්කොට අලංකාර කිරීමට හැකිවිය. එතුමිය එදා මෙලෙස මැදිහත් නොවූවා නම් කැලණි විහාරයේ බිතුසිතුවම් හා ශ‍්‍රී විභූතිය හා ගෞරවය මැකී යන්නට ඉඩ තිබිණ. විජයවර්ධන මැතිනියගේ අනුග‍්‍රාහකත්වයෙන් කැලණි විහාරයේ දුරුතු පෙරහැර ආරම්භ කොට 1927 දී ප‍්‍රථම පෙරහැර වීථි සංචාරය කළ අවස්ථාවේදී කැලණි විහාරයේ ප‍්‍රථම බස්නායක නිලමේ වූයේ ඇගේ පුත් දොන් වෝල්ටර්ය. ඉන්පසු එතුමියගේ මුණුපුරා වන උපාලි විජයවර්ධන මහතාය. වර්තමානයේ එතුමියගේ මී මුණුපුරන් වන ධම්මික ආටිගල කැලණියේ ප‍්‍රධාන බස්නායක තනතුර හොබවයි. මේ කළ මහඟු මෙහෙය නිසාම හෙලේනා විජයවර්ධන මැතිනිය මෙලොවින් සමු ගෙන කල්ගත වූවත් අදත් ”කැලණියේ විශාකාව” ලෙස ප‍්‍රචලිතය.
 
na7 1දශක ගණනාවකට පෙර කැලණිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් 1956 මහා මැතිවරණයේදී ශ‍්‍රී.ල.නි.ප.ය ඇතුළු මහජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණය උදෙසා විශාල වශයෙන් මූල්‍යමය දායකත්වය සැපයූ තෙරනමකි. බණ්ඩාරනායක අගමැතිතුමා ද සමීපව ඇසුරු කළ උන්වහන්සේ එකල රටපුරා ප‍්‍රසිද්ධව සිටියේ ආණ්ඩුවේ මහ බලවතුන් අතරින් එක් අයකු වශයෙනි. මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණට සහයෝගය දැක්වුවද උන්වහන්සේ උග‍්‍ර දක්ෂිණාංශිකයකු වූහ. ජයග‍්‍රහණයෙන් පසුව රොස්මිඞ්හි අගමැතිතුමාගේ නිවාසයේදී අභිනව කැබිනට් මණ්ඩලය තෝරා ගනිද්දී එහි කටයුතුවලට මූලිකත්වය ගත්තකු බවට බුද්ධරක්ඛිත හිමි ප‍්‍රකට විය. විශේෂයෙන්ම ඒ හිමියන්ගේ පෞද්ගලික හිතවතියක් වූ ප‍්‍රමුඛ කෝටිපතිනියක් වූ මීරිගම මන්ත‍්‍රිනී විමලා විජේවර්ධන මහත්මියට සෞඛ්‍ය අමාත්‍ය පදවිය ලබා දීමට අගමැතිවරයා පොළඹවන ලද්දේද බුද්ධරක්ඛිත හිමියන් විසිනි. එහෙත් අවසානයේ මේ බලකාමී බවෙන් මත්වීමේ විපාකය කවරක්ද? 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධව පැවැත්වූ දීර්ඝ නඩු විභාගයකින් පසුව තල්¥වේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන යන තුන්දෙනා එල්ලූම් ගහට නියම වීමය.
 
 පාර්ලිමේන්තුවේ කැලණිය ආසනය මුලින්ම නියෝජනය කරන ලද්දේ ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මහතාය. 1943 දී ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් ජයතිලක මහතාට දිල්ලිය බලා යෑමට සිදු වූ නිසා කැලණිය අසුන හිස් විය. කලක පටන් තිබුණු තමාගේ ආශාවක් ඉටුකරගත් ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා වහා කැලණිය ආසන අපේක්ෂක ධුරය තමා සතු කර ගත්තේය. 1943 අපේ‍්‍රල් අතුරු මැතිවරණයට කැලණි අසුනට තරග කළ ජේ.ආර්. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරීපත් විය. පසුව 1947 අගෝස්තු මාසයේදී පැවැත්වුණු මැතිවරණයේදී ඞී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් දියත් කළ ඡුන්ද සටනින් එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය. අභිනව රජයේ මුදල් ඇමැතිවරයා වූයේ ද හෙතෙමය. එයින් වසර 49කට පසුව ජයවර්ධන හිටපු ජනපතිගේ අභාවය සිදුවිය. 1996 නොවැම්බර් 4 දින රාජ්‍ය ගෞරව සහිතව ඒ මහතාගේ ආදාහන කටයුතු කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී සිදුකිරීමට සියලූ විධි විධාන යොදා තිබිණි. එහෙත් ඔහුගේ ඥාතියෙකුට ජේ.ආර්.ගේ පුද්ගලික දින පොත හමුවිය. එය ඉතා පරීක්ෂාවෙන් කියවාගෙන යනවිට ජේ.ආර්. විසින් ඉංග‍්‍රීසි බසින් ලියා තිබූ විශේෂ සටහනක් සොයා ගැනීමට හැකි විය. මහා භාරකාරතුමා වෙත ලියා තිබූ අන්තිම කැමැත්ත එහි සඳහන්ව තිබූ අතර ”මාගේ මරණය සිදු වී පැය 24 ක් ඇතුළත කැලණි ගං ඉවුරේ කැලණි රජමහා විහාර දර්ශන පථයේ දවාලන්න” යනුවෙන් එහි සඳහන්ව තිබිණි. ජේ.ආර්. ජයවර්ධන යනු හෙලේනා විජයවර්ධනගේ මුණුපුරෙකි. ලංකාවේ ප‍්‍රථම විධායක ජනපතිවරයා හා කැලණි විහාරය අතර තිබූ විශේෂිත සම්බන්ධය ඔහුගේ අන්තිම කැමැත්තෙන්ම හෙළිවිය.
 
 මේ අතීතය සිහි කරන්නට සිත් වූයේ කැලණියේ විශාකාවගේ මී මුණුපුරා වන වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැලණිය දායක සභාවේ සභාපතිකමින් ඉවත් කර දැමීමට එම රජමහා විහාරයේ දායක සභාවේ ඇති බහුතරය තීරණය කර ඇති සමයකය. මේ සම්බන්ධව එජාපය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් විය. ”කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්ව සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණි. කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී na7 3තිබෙන චෝදනාවල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම් දීම කලින්ම සිදුකර තිබිණි. කුමන පසුබිමක් යටතේ වුවද පසුගිය 01 වැනිදා පැවති දායක සභා රැුස්වීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැති අතර ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නොමැත.”
 
 කෙසේ නමුත් පසුගිය ජුලි මාසයේදී යහපාලන ආණ්ඩුවේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැලණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව හරහා ද කැලණි විහාරයට බරපතල අවමානයක් සිදුවිය. මේ වීඩියෝව පිළිබඳව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජුලි 31 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස තමන් ඒ වීඩියෝවේ සඳහන් කරුණු ප‍්‍රතික්‍ෂේප කරන අතර, රාජ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කරන බවයි. එහෙත් දැන් අපට සිතෙන්නේ රන්ජන්ගේ ප‍්‍රහාරය ද දායක සභාවේ සභාපතිකම නැතිවීමට දායක වන්නට ඇති බවය. මෙය සහතික කරන්නට බැරිය. නමුත් මීට සති කිහිපයකට පෙර එල්ල කරනු රන්ජන්ගේ ප‍්‍රහාරය වෙන අයෙකුගේ උවමනාවක්ද?
 
 කැලණිය දුරුතු මහා පෙරහැර මෙවර සංවිධානය නොවුණේ කවර හේතුව නිසාද? නිසි රාජ්‍ය අනුග‍්‍රහය නොලැබුණු නිසාය. දායක සභාවේ සභාපති කුමක් සිදු කළේද? රජයේ සහයක් නොලැබුණු නිසා දායක සභාව සෙසු දේවාල පෙරහැරයන් පමණක් පවත්වා, මහ පෙරහැර අවලංගු කර දැමීය. දුරුතු පොහෝ දිනය සිංහල බෞද්ධයන් වශයෙන් අපට වැදගත් වන්නේ උතුම් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනය සිදු වූ පොහොය දිනය නිසාවෙනි. නමුත් මෙවර දුරුත්තේ කැලණිය බැබලූණේ නැත. ”කැලණියේ විශාකාව” ආරම්භ කළ පෙරහැරට අකුල් හෙළුවේ කවරකුද?
 
 වත්මන් කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ සංඝරක්ඛිත හිමියෝ පසුගිය කාලය පුරාම යහපාලන ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය විවේචනය කළ නිසාම අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුව උන් වහන්සේ කෙරෙහි උරණව සිටි බව රහසක් නම් නොවේ. පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ආශීර්වාද ලබා ගැනීම සඳහා කැලණි විහාරයට ගිය අවස්ථාවේදී විහාරාධිපති හිමියන් පැවසුවේ කුමක්ද?
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ‍්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බවත් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගෙන් තමන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාව මග නො හැර ගෙන මෙම බලවේගය වටා එක්වන ලෙසත් ය. මේ ප‍්‍රකාශ සතියකට පෙර ඉවත් කර දැමුණු දායක සභා සභාපතිවරයා සතුටු කරන්නක් නම් නොවේ. එදා මෙදාතුර කැලණි විහාරයට මෙරට දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි තීරක බලයක් තිබුණු බව අමතක කළ නොහැකිය. ඒ ගැටුම යළි උත්සන්නව තිබේද?
 
 එදා වල්පොල රාහුල හිමියෝ 1946 දී භික්ෂු දේශපාලනය හෙවත් මහජන සේවය සාධාරණීකරණය කරමින් ”භික්ෂුවගේ උරුමය” නමින් පොතක් ලියා පළ කළහ. එය ආරම්භ වන්නේ මෙසේය. ”බුද්ධාගමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර පාද මුලදී සුමේධ තාපසයෝ තමන් අතට පත් නිවන් සසර සේ පිය සතුන් සඳහා විඳුනා සසර දුක් නිවන් සේ ගෙන ලෝකයට සේවය කරන්නට අධිෂ්ඨාන කර ගත්හ. සැබෑ බෞද්ධයකුට තමාගේ නිවන් සැපය පවා අනුන් සඳහා අත් හැරීමට ශක්තිය තිබිය යුතුය.” එනිසාම රටේ ජාතියේ යහපත වෙනුවෙන් නිදහස්ව අදහස් ප‍්‍රකාශ කිරීමට භික්ෂුවට ඇති බලයට කිසිවකුට බාධා කළ නොහැක. විනය පිටකයෙහි අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්ති, ලෙසින් මහණෙනි රජවරුන්ගේ අණ පිළිපැදීම අනුමත කරමි යනුවෙන් දැක්වේ. නමුත් රජුට දායක සභාව පාලනය කළ නොහැකිය.
 
 චතුර පමුණුව

na7 4


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles