Divaina - තුංඩු ගන්න පාන්දරින් ඇවිත් වාට්ටුවේ බංකු උඩ නිදාගන්න ඕන නෑ රෝගීන්ට නතරවන්නට හෝටලයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na6 1- කරාපිටියේ සුවසෙවණ මධ්‍යස්ථානය

- කැලිෆෝනියාවේ ප‍්‍රධාන සංඝනායක කහද අමරබුද්ධි හිමියන් කැලිෆෝනියාවේ බුද්ධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ය. උන්වහන්සේගේ ගුරුදේවයන්වහන්සේ වන මාබොටුවන පියරතන නාහිමියන් ගිලන්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටින බව අමරබුද්ධි හිමියන්ට දැන ගන්නට ලැබුණි. ඒ අනුව අමරබුද්ධි හිමියන් ඇමරිකාවේ සිට මෙරටට වැඩම කරනු ලැබුවේ ගිලන්ව සිටින තම ගුරුදේවයන් වහන්සේට ඇප උපස්ථාන කිරීම සඳහාය.

අමරබුද්ධි හිමියන් ඇමරිකාවේ සිට මෙරටට වැඩම කළ දිනම නාහිමියන් වැඩසිටි කරාපිටිය රෝහල වෙත ගොස් උන්වහන්සේට උවටැන් කිරීම සඳහා එහි නතර වූහ. නාහිමියන් වැඩසිටි වාට්ටුව පිහිටා තිබුණේ සිව්මහල්

ගොඩනැගිල්ලක ඉහළම මාලයේය. අලූයම එක දෙක පමණ වනවිට අමරබුද්ධි හිමියන්ට දැඩි රස්නයක් දැනෙන්නට වූහ. නිවි සැනසිල්ලේ හුස්ම පොදක් ගැනීම සඳහා උන්වහන්සේ විදුලි සෝපානයෙන් පහළට වැඩම කළහ. සෝපානයෙන් බැස අමරබුද්ධි හිමියන් පිටතට ගමන් කරන්නට වූහ. සීතල සුළං රැුල්ලක් හමායන්නට විය. ඊට පසුදින පැවැත්වෙන සායනය සඳහා පැමිණි රෝගීන් කිහිප දෙනෙකු රෝහලේ කොරිඩෝවේ වැතිරී සිටින අයුරු අමරබුද්ධි හිමියන්ට දැක ගන්නට ලැබුණි.

na6 3මේ රෝගීන් අතර සිටි තරුණ මවක් කොරිඩෝවේ බිත්තියට හේත්තු වී සිටියාය. ‘ඇයි අම්මේ මේ වෙලාවේ’ අමරබුද්ධි හිමියන් මෙම රෝගී මවගෙන් ඇසූහ. ඇඹිලිපිටියේ ඉඳලා සායනයට ආවේ. බස් නැති නිසා කලින් දින ඇවිත් රෝහලේ කොරිඩෝවේ ඉඳලා පසුදින පැවත්වෙන සායනයට සහභාගි වෙනවා. මෙකි මව කියන්නට වූවාය. මේ වගේ දුරබැහැර සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් නවාතැන් පොළක් ඉදිකරදීමට ඇත්නම් කෙතරම් අගේදැයි කියා අමරබුද්ධි හිමියන්ට සිතුණි.

කරාපිටිය රෝහල වූ කලී දකුණු පළාතේ ජනතාවගේ ප‍්‍රතිකාර භුමියයි... දකුණේ වැසියන් පමණක් නොව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට රෝගීන් ප‍්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙති. නවාතැන්

ගැනීමට හරිහමන් ස්ථානයක් නොමැතිකමින් රෝහලේ පැවැත්වෙන විවිධ සායන සඳහා සහභාගිවීමට දුරබැහැර පළාත්වල සිටි පැමිණෙන අහිංසක රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙති. රෝගීන් වැඩිදෙනකු සායන සඳහා සහභාගිවීමට රෝහලට පැමිණෙන්නේ සායන පැවැත්වෙන දිනයට පෙරදිනයේ දීය. එසේ පැමිණෙන අහිංසක රෝගීන් රෝහලේ කොරිඩෝව මත වැතිරී නොයෙකුත් දුක්ගැහැටවලට ලක්ව සිටිති.

රෝහල ආසන්නයෙන් මෙවැනි රෝගීන් සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අදහස අමරබුද්ධි හිමියන්ගේ සිත තුළ පැළපැදියම් වෙමින් පැවතුණි. මේ අතරතුරේ අමරබුද්ධි හිමියන්ගේ හිතවත් හිමිනමක් වන කොට්ටව ගුණසිරි හිමියන් අමරබුද්ධි හිමියන්ට එක් දිනක් කථා කළහ. හාමුදුරුවනේ මට උදව්වක් කරන්න කොට්ටව ගුණසිරි හිමියන් ඉල්ලා සිටියහ. ඹබ වහන්සේ මා වැඩවසන විහාරස්ථානය භාරගන්න කොට්ටව ගුණසිරි හිමියන් ඉල්ලා සිටියහ. මුලදී මෙකී විහාරස්ථානය භාරගැනීමට අමරබුද්ධි හිමියන් කැමති වූයේ නැත. එහෙත් මාබොටුවන නාහිමියන්ගේ ඉල්ලීම මත අමරබුද්ධි හිමියන් එම විහාරස්ථානය භාරගනු ලැබීය. අමරබුද්ධි හිමියන් විහාරස්ථානය භාරගෙන මාසයකට පමණ පසු කොට්ටව ගුණසිරි හිමියන් අපවත් වූහ.

කාලයක් තිස්සේ තම සිත තුළ පැළපැදියම් වෙමින් තිබූ අදහස ක‍්‍රියාත්මක කිරීමට මෙය හොඳ අවස්ථාවක් බව අමරබුද්ධි හිමියන්ට වැටහුණි. කරාපිටිය ශික්ෂණ රෝහලට ආසන්නයේ මෙම විහාරස්ථානය පිහිටා තිබුණි. දුරබැහැර ප‍්‍රදේශවල සිට කරාපිටිය රෝහලට පැමිණෙන රෝගීන්ට පිහිටවීම සඳහා මෙකී විහාරස්ථ භුමියේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අමරබුද්ධි හිමියන් කටයුතු කළහ. ඒ සඳහා උන්වහන්සේට උදව් පදව් කරනු ලැබුවේ අමරබුද්ධි හිමියන් වැඩවසන ඇමරිකාවේ බුද්ධි විහාරස්ථානයේ දායිකාවක් වන වියට්නාම ජාතික වෛද්‍යවරියකි. ඇය කෝටි දෙකක් පමණ වැයකොට අංග සම්පූර්ණ

ගොඩනැගිල්ලක් ඉදිකරදෙනු ලැබීය. ”මාබොටුවන පියරතන නාහිමි - සුවසෙවන මධ්‍යස්ථානය” වශයෙන් මෙය නම්කොට ඇත.

na6 2මේ සඳහා රුපියල් කෝටි හතරහමාරක පමණ මුදලක් වැයකොට ඇති අතර සියලූ පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථානයකි. මෙහි නතර වන රෝගීන්ට තුන් වේලටම ආහාර  නොමිලේ සැපයෙන අතර සියලූ පහසුකම් රෝගීන් වෙනුවෙන් නොමිලේ ලබා දෙති.

මේ සුවසෙවන මධ්‍යස්ථානය වෙත පැමිණෙන සියලූ රෝගීන් වෙනුවෙන් සෑම දෙයක්ම නොමිලේ සපයනවා. එක කාමරයක ඇඳන් දෙකක් තියෙනවා.

රෝගියා සහ භාරකරුවා වෙනුවෙන් ඇඳ ඇතිරිලි කොට්ට, මෙට්ට හැම දෙයක්ම දෙනවා. වස විසෙන් තොර එළවළු වලින් සමන්විත පෝෂ්‍යදායි ආහාරවලින් යුතු කෑම වේලක් තුන් වේලටම දෙනවා. ඊට අමතරව තේ උණුවතුර ලබා දෙනවා. රෝගීන්ගේ බෙහෙත් බඩු තියා ගන්න ශීතකරණයක් තියෙනවා. සැම

රෝගියෙකුටම පිරිත් බණ ශ‍්‍රවණය කරන්න ඒ අයගේ කැමැත්ත අනුව ගුවන්විදුලි යන්ත‍්‍රයක් සපයනවා. දන්තාලේපයක් හා බුරුසුවක් සපයනවා. මෙහි රෝගීන්ට අවශ්‍ය හැම පහසුකමක් තියෙනවා යැයි අමරබුද්ධි හිමියන් කීහ.

කාමර 14 කින් සමන්විත මෙම සුව සෙවන මධ්‍යස්ථානය සියලූ පහසුකම්වලින් සමන්විතය. එක කාමරයක් තුළ සේවා කටයුතු සඳහා සේවකයින් තිදෙනෙකු සිටින අතර,

ආගමික කටයුතු සඳහා විහාර මන්දිරයක් ද ඉදිකර ඇත. රෝගී අවශ්‍යතා පරිදි

රෝගීන්ට මාස ගණනාවක් වුවත් මෙහි සේවාව නොමිලේ ලබා ගත හැක. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අමරබුද්ධි හිමියන් විසින් මෙකී සුව සේවන මධ්‍යස්ථානය පවත්වාගෙන යති. බුද්ධ පුත‍්‍රයකු විසින් සිදුකරන මේ උතුම් කාර්ය අගය කළ යුතුය.

ඒ විතරක් නොව හදවත් රෝග සඳහා පරීක්ෂණ සහ ප‍්‍රතිකාර, පිළිකා සඳහා විකිරණ ප‍්‍රතිකාර, වකුගඩු රෝග සඳහා ප‍්‍රතිකාර

ගැනීමේදී රෝහලේ නේවාසිකව නොසිට, අදාළ දින කිහිපය සඳහා රෝහල වෙත පැමිණීමට රෝගීන්ට සිදුවේ. ඇතැම් විට එය දින කිහිපයක් හෝ සති කිහිපයක් විය හැක. එවැනි විටෙක රෝගීන්ට නවාතැන් සහ ආහාර පාන සඳහා අති විශාල මුදලක් වැයවේ. දුර බැහැර, ආර්ථික අපහසුතා ඇති රෝගීන් මේ නිසා මහත් අපහසුතාවකට ලක්වේ. සාමාන්‍යයෙන් හදවත් සැත්කම්, වකුගඩු සැත්කම් කළ රෝගීන් රෝහලෙන් පිට වූ පසු, අවම වශයෙන් මාස දෙකක්වත් වෛද්‍ය උපදෙස් ගනිමින් ඉතා පිරිසිදු වටපිටාවක සිය අවදානම් කාල සීමාව ගත කළ යුතුය. මෙවැනි රෝගීන්ට කරාපිටිය අවට එවැනි නවාතැන් සඳහා දිනකට රු. 2000 - 3000/= වැනි විශාල මුදලක් වැය කළ යුතුය. එලෙස මාස කිහිපයක් ගත කිරීම ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට අපහසු ආර්ථික කටයුත්තකි.

මෙවැනි රෝගීන් ඉලක්ක කරගෙන, ජාති ආගම් මෙන්ම දුප්පත් පොහොසත්කම් නොසලකා, ”මාබොටුවන පියරතන නාහිමි - සුවසෙවන මධ්‍යස්ථානය” සිය සේවාව නොමිලේම සපයනු ලැබේ.

හෘද හා වකුගඩු රෝගීන්ට වෙනම කාමර පහසුමක් හා වැසිකිළි පහසුකම් වෙන්කරලා තියෙනවා. හෘද රෝගීන් සැත්කම කළාට පසු මාසයක් දෙකක් විතර රෝහල ආසන්නයේ සිටින ලෙස වෛද්‍යවරුන් කියනවා. ඒ අයට සායනවලට ඒමට සිදු වෙනවා. එවැනි රෝගීන්ට මේ තුළින් විශාල සේවාවක් සිදුවෙනවා. ඇත්තටම දැන් මෙකී ස්ථානය පවතින්නේ විහාරස්ථානයක් වගේ නෙවෙයි. නමුත් පන්සලක් තියෙනවා. හෙට අනිද්දා බෝධීන් වහන්සේ නමක් මෙහි රෝපණය කරනවා විහාරය තියෙනවා චෛත්‍ය වහන්සේ

ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. එකම දෙය තමයි දායකයින්ගෙන් දානය ගන්න බලාපොරොත්තු වන්නේ නැහැ. විහාරස්ථානයක පහසුකම් ද මෙහි තියෙනවා.

කිසිම ජාති බේදයක් ආගම් බේදයක් අපි සලකන්නේ නැහැ. මුලින්ම මෙහි ලියාපදිංචිවෙලා තියෙන්නේ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ඉඳලා ආපු මුස්ලිම් පවුලක්. බෞද්ධ ක‍්‍රිස්තියානි මුස්ලිම් අය බොහෝ පිරිසක් මෙහි පහසුකම් ලබලා තියෙනවා. අප රෝගියෙක් වශයෙන් පමණයි බලන්නේ. මෙම ආයතනයේ කළමනාකරුවකු ඇතුළු තිදෙනෙක් ඉන්නවා. රෝගීන්ට උවටැන් කරන්න සේවකයින් දෙදෙනකු ඉන්නවා, ඒ අයට අපි සතුටු විය හැකි වැටුපක් ගෙවනවා.

ඇත්තටම මේ කරන වැඩෙන් මා ලොකු තෘප්තියක් ලබනවා කරාපිටිය අවට මේ වගේ ස්ථාන 10ක් තිබුණත් මදි. ඒ නිසා දානපතියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ස්ථාන ආරම්භ කරන්න කියලා ඉදිරියේ දී අංග විකල දරුවන් මෙම ස්ථානයට රැගෙනවිත් ඒ අයට කෑමබීමවලින් සංග‍්‍රහකොට සතුටු කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි කහද අමරබුද්ධි හිමියන් කීහ.

ලලිත් චාමින්ද
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles