Divaina - දොස්තරට වඩා දෙවියන් බලවත්ද?

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na5 2මේ වනවිට අපේ රටේ විද්්‍යුත් සහ මුද්‍රිත නාලිකා බොහොමයක් තම ජනප‍්‍රිය ප‍්‍රචාරක උපක‍්‍රමය බවට පත් කරගෙන සිටින්නේ නොපෙනෙන දෙවියන්, භූතයන්, මළගිය අවතාර, ග‍්‍රහ තාරකා සහ ජ්‍යෙතිෂ්‍ය කරුණු සම්බන්ධ වැඩසටහන් මහ ඉහළින් උලූප්පා පෙන්වීමටයි. මෙවැනි කරුණු සම්බන්ධ වැඩ සටහන් වලට අති මහත් ජනප‍්‍රියත්වයක් පවතින අතර ඇතැම් විද්වතුන් කොටසක් මෙවැනි මතවාදයන් මිථ්‍යාවන් ලෙස සලකා බැහැර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
 පෘථිවියේ උපත ඇතිවී මානව පරිණාමය ජනිතවීම සමග තම අවට අවකාශයේ පවතින ඉර හඳ තාරකා මෙන්ම මළගිය පුද්ගලයන් දේවත්වයෙන් සලකමින් තමන්ට වඩා ඉහළින් පවතින අදෘෂ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසයත් මිනිසා තුළ ජනිත විය. සියවස් ගණනක් ගෙවී විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු තත්ත්වයකට පත් වුවද, කවුරුන් කෙසේ මෙම දේවවාදයන් සහ අදෘෂ්‍යමාන බලවේග, විශ්ව ශක්තිය හා ජ්‍යෙතිෂ්‍යය අභියෝගයට ලක් කළද ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ අප දෙවියන් සහ නොපෙනෙන බලවේග පිටුපස යෑම නතර කොට නැත.
 
 අද පවතින්නේ අතිශය තරගකාරී සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාවකි. මේ නිසා අඩු කාල සීමාවකින් ජයග‍්‍රාහී ඉලක්ක වෙත ළඟාවීමේ අවශ්‍යතාව අප කෙරෙහි ජනිත වී ඇත. අද ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්, දේශපාලකයන් හෝ විද්වතුන් අදාළ ජනප‍්‍රසාදයට පත්වූයේ දශක හතර පහක දැවැන්ත සාර්ථක අසාර්ථකවීම් මධ්‍යයේය. ඒ සඳහා වන මනා හික්මීමක් හා ඉවසීමක් ඔවුන් කෙරෙහි විය. එහෙත් මේ වන විට නව පරපුර අපේක්ෂා කරනුයේ එක රැයකින් සුපිරි ව්‍යාපාරිකයෙකු වීමට හෝ ජනප‍්‍රිය තරුවක් බවට පත්වීමටය. මෙය ස්වභාව ධර්මයාගේ පිහිටෙන් ඉවසීමෙන් බලා සිටිය නොහැකි කල දෙවියන් යදින්නට ගොසින් පූජා වට්ටි තබා තමා හෙට රජ කරවන ලෙස ඉල්ලා සිටියි. නැතහොත් තම විරුද්ධවාදියාගේ අතපය කැඞී යත්වායි වස් කවි කියතිx දේව භක්තියෙන් ගිනි පාගති. මේ ජන ඉල්ලූම මේ වන විට දෙවියන් හා භූතයන්ගෙන් වැඩ
 
 ගන්නා බව පවසන කූට ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරිකයන් හා ගිහි පැවිදි පිරිස් වලට කදිම නිධානයක් බවට පත් කරගෙන ඇත. මිනිසා මෙතරම්ම දෙවියන් හා භූතයන් පසුපස යන්නේ කුමන බලවේගයක් නිසාදැයි බටහිර විද්‍යාඥයෝ සොයා බැලූහ. මේ ඒ දුෂ්කර ප‍්‍රයත්නය පිළිබඳව කථාවයි.
 
 අපි සංගීතයට ඇලූම් කරන්නෙමු. පුරුදු පුහුණුවීම් වලින් එය වැඩි දියුණු කර ගත යුතුය. ඉගෙනගත යුතුය. එහෙත් කතා කිරීම හෝ ඇවිදම හෝ අප විශේෂයෙන් කුඩා කල සිට පුරුදු පුහුණු වන්නක් නොවේ. එය සහජයෙන් අප ලබන දායාදයකි. ආගම් දහම් පිළිබඳව අප කෙරෙහි පවතින නැඹුරුවද දෙවියන් සහ භූතයන් පිළිබඳ පවතින විශ්වාසයන්ද මෙවන් සහජ පරිණාමීය උරුමයක් දැයි ඩාවින්ගේ යුගයේ සිටම පැවති මතවාදයකි. බොහෝ මිනිසුන් බිහිවන්නේ ආගම් සම්බන්ධ විශ්වාසයන්ද අතැතිවය. අපගේ මානසික ක‍්‍රියාවල දියුණුව සමග සත්‍ය හෝ අසත්‍ය වේවා යම් යම් ආගම් කෙරෙහි අපගේ නැඹුරුවක් දැකිය හැකිය. මෙය පරිණාමීය අතුරු ප‍්‍රතිඵලක් ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති. අපගේ මනස තුළ දෙවියන්ගේ හැඩය සඳහා අවකාශයක් na5 1නිර්මාණය කොට ඇත. ළදරු අවධියේ සිටම අප උත්සාහ කරන්නේ මෙම හිඩැස පිරවීම සඳහාය. අප වටා පවතින සත්‍ය වස්තූන් හා සිදුවීම් කෙරෙහි අප උනන්දුවත් දක්වන අතර එම වස්තූන් කෙරෙහි බලපෑමක් ඇත කරන නියෝජිතයා :්ටැබඑ* කෙරෙහිද අප කුඩා අවධියේ සිටම උනන්දු වෙති. පොත්පත් ආදී අචල වස්තූන් මෙන්ම සතුන් මිනිසා වැනි චංචල වස්තූන් අතර වෙනස කුඩා අවධියේදීම හඳුනා ගනිති.
 
 මනස සහ දෙවියන් සාමාන්‍ය භාවිතයෙන් පැහැදිලි කරගත නොහැකි බලවේග කෙරෙහි අපගේ අති විශේෂ වූ ආකර්ෂණයක් පවතියි. මේ සම්බන්ධව ජෝර්ජියාවේ ඇට්ලන්තා නුවර එමෝරි සරසවිය තුළ පර්යේෂණයක්ද දියත් වී ඇත. කුඩා දරුවන් සම්බන්ධව සිදුකර ඇති මෙම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ ඔවුන් සාමාන්‍ය වස්තූන් මෙන්ම චංචල වස්තූන්ගේ සෙලවීම් අතර වන වෙනස හඳුනා ගැනීමට හැකි බවයි. එක් වස්තුවක් අනෙක් වස්තුව හඹා යෑමේ අතර වන වෙනසද වෙන්කර හඳුනා ගැනීමට ඔවුන් සමත්ව ඇත. තමා වටා පවතින ලෝකය ගොඩනැගී ඇති ආකාරය පිළිබඳව දැඩි සංවේදීභාවයක් කුඩා දරුවන් තුළ පවතී. දෘෂ්‍යමාන බලපෑම් පමණක් නොව අදෘෂ්‍යමානව සිදුවන බලපෑම් කෙරෙහිද ඔවුන් සංවේදී බව හෙළිවී ඇත.
 
 කුඩා ළදරු අවධියෙන් පසු එළඹෙන පාසල් හා තරුණ අවධියේදීද මේ අන්දමට පෙනෙන නොපෙනෙන බලවේග කෙරෙහි සංවේදීභාවයක් මිනිසා පෙන්වයි. අප කුඩා අවධියේදී භාවිතා කරන ගොඩනැගිලි කොටස් එකතු කිරීමේ සෙල්ලම :ඊමසකාසබට ඊකදජනි* මේ අන්දමට අප වටා පවතින ලෝකය ක‍්‍රමානුකූලව ගොඩ නැගීමට පුරුදු පුහුණු වීමක් වන අතර ආගම් පිළිබඳව නැඹුරුව වැඩි කිරීමට අත් වාරුවක් වේ.
 
 බොස්ටන් සරසවියේදී සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ස්වාභාවික වස්තූන් කෙරෙහි අපගේ කුඩා කාලයේදී විශේෂ ඇල්මක් පවතින බවයි. වඳුරන්, මිනිසුන්, ගහකොළ හා අයිස් කඳු පිළිබඳව අපගේ විශේෂ ආකර්ෂණයක්ද අප දකින වස්තූන් වලට ආහාර අනුභව කිරීමට හැකි බවත් ඇවිදීමට හැකි බවත් එම කරුණු සත්තු වත්තකදී ස්වාභාවිකව දැක ගැනීමට ලැබීමත් කුඩා ළමුන් කෙරෙහි විශේෂ උත්තේජනයක් ඇති කරයි.
 
 අප දකින ගහකොල හා සතා සිවුපාවා යම් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන බව දැනගැනීමට ලැබීමත් එම වස්තූන් කිසිදු චින්තනයකින් තොරව කටයුතු නොකරන බව අවබෝධ නොවීමත් ඉතා වැදගත්ය. මෙමගින් බාහිර පරිසරය කෙරෙහි ආකර්ෂණයක් ඔවුන් තුළ ඇතිවේ. වයස අවුරුදු දහයට අඩු දරුවන් කෙරෙහි සජීවී වස්තූන්ගේ පරිණාමීය කරුණු පිළිබඳව දැඩි උනන්දුවක් පවතී. ඒවා සාම්ප‍්‍රදායික මතවාදයන්හි නොපිහිටා නිර්මාණාත්මක ලෙස සිතීමට ඔවුහු දැඩි කැමැත්තක් දක්වති. එහෙත් මෙය වැඩිහිටියන් තුළ ඇතිකරගනු ලබන්නේ බලහත්කාරයෙන්ය. අප වටා පවතින ලෝකයේ බාහිර බලවේගයන් මගින් නිර්මාණය වූ බව සිතීමට අප වැඩි කැමැත්තක් දක්වති. මාස 12, 13 වයසේ පසුවන දරුවන් පවා තමා වටා වන වස්තූන් පිළිවෙළකට නිර්මාණය වීම පිළිබඳව අපිළිවෙළට වඩා දැඩි උනන්දුවක් දක්වති.
 
 මිනිසුන්, සතුන් දෙවියන් සහ අනෙක් දෘෂ්‍ය හා අදෘෂ්‍යමාන බලවේග කෙරෙහිද වැඩිහිටියන් මෙන්ම ආකර්ෂණයක් කුඩා දරුවන් කෙරෙහි පවතී. එවැනි කරුණු වහ වහා ග‍්‍රහණයකට ඔවුහු සමත්කම් දක්වති.
 
 ලෝකය දෙවියන් මැවූවක්ද?
 
 ආගමික මතවාදයන්ට අනුව ස්වාභාවික ලෝකය දෙවියන් විසින් අරමුණකින් තොරව මැවූවක් නොව එය දෙවියන්ගේ අධි බලය, අධි දැනුම සහ අධි ග‍්‍රහණය ආදී සියලූ කරුණු වල එකතුවකි. දෙවියන් මිනිසුන් වෙනස් වන්නේ එම නිසාමය. කුඩා දරුවන්ද අති දැනුමක් හා අදෘෂ්‍යමාන ලෙස ක‍්‍රියා කිරීමට හැකියාවක් පවතින වස්තූන් කෙරෙහි මහත්වූ ඇල්මක් දක්වති. කුඩා දරුවන් සම්බන්ධව ඔක්ස්පර්ඞ් සරසවිය තුළ සිදුකළ අධ්‍යයනයකින් මේ බව තහවුරු වී ඇත. වයස්ගතවීම සමග දරුවන්ගේ චින්තනය වෙනස්වීම කෙරෙහි සුපිරි ස්වාභාවික වස්තූන් කෙරෙහි ඔවුන්ගේ නැඹුරුවක් පවතී. තමා වටා පවතින ලෝකය සුපිරි බලයකින් ක‍්‍රියාත්මක වන බව ඔවුන්ගේ විශ්වාසයයි. අපේ ජනකතා වල දෙවියන්, බිල්ලන්, භූතයන්, දිව්‍ය ලෝක, අපාය වැනි කරුණු ඇතුළත් වූයෙන් කුඩා දරුවන් තුළ මෙවන් කරුණු පිළිබඳව ඇතිවන අධි විශ්වාසය අපේ ජනකතා කරුවා අවබෝධ කරගත් නිසාය.
 
 කුඩා දරුවකු කිසිදා දේව රූපයක් හෝ යක්ෂ රූපයක් නොදැක්කමුත් ඒ සම්බන්ධව පවසන කතා වලට ස්වාභාවික ආශක්ත වෙති. මෙය අපගේ මනස කුඩා අවධියේ පටන්ම අනෙකා කෙරෙහි සුපිරි විශ්වාසයක්
 
 ගොඩනැගීමට පවතින පරිණාමීය බලපෑම නිසා සිදුවන්නක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙය ඔයැදරහ දෙ පසබා ලෙස විද්‍යාඥයෝ හඳුන්වා දෙති.
 
 මරණය සම්බන්ධවද කුඩා දරුවන් කෙරෙහි පවතින්නේ මේ ආකාරයේ අවබෝධයකි. කුඩා දරුවන් කෙරෙහි දෙවියන් කෙරෙහි විශ්වාසයත් බලහත්කාරයෙන් ඇති කර යුතු නැත. එය ඔවුන් වෙතින් ස්වාභාවිකවම ඇති වන්නකි. තමා වටා පවතින ලෝකය සුපිරි බලයක් සහිත දෙවියන් විසින් නිර්මාණය කළ බවට ඔවුන් තුළ විශ්වාසයක් ස්වාභාවිකවම ඇතිව පවතී. මෙහිදී ආගම හා දෙවියන් යනුවෙන් අදහස් වනුයේ ක‍්‍රිස්තියානි ආගම පමණක් නොවේ. කුඩා දරුවන්ගේ මනසේ පැලපදියම් වන්නේ ස්වාභාවික ආගමක් පිළිබඳ මතයක් :භ්එමර්ක ඍැකසටසදබ* පමණි. අපගේ මනසේ ඇතිවන දෙවියන් පිළිබඳ අවස්ථාව පුරවනු ලබන්නේ කුඩා දරුවන් බිහිවන සමාජ සංස්කෘතික පරිසරය මගිනි. බටහිර රටක උපන් දරුවෙකු ක‍්‍රිස්තියානි ආගම විශ්වාස කරන අතර බෞද්ධ රටක උපන් දරුවෙකු කතරගම හෝ සමන් දෙවියන් හෝ විශ්වාස කරන ලෙසිනි.
 
 කුඩා අවධියේදී අප තුළ ඇතිවන ආගමික මතවාදයන් වැඩිහිටි අවධියේදි වැඩි වර්ධනය වෙයි. ඇතැම් පර්යේෂකයන් පවසන පරිදි ආගමික මතවාදයන් පරිණාමය තුළින් ඇති නොවූයේ නම් අප තවමත් ගත කරනුයේ පාෂාණ යුගයේ බව පැවසිය හැකිය. ආගමික විශ්වාසයන් සම්බන්ධව ලොව ප‍්‍රථම වන්දනීය පූජස්ථානය හමුවනුයේ තුර්කියේ
 
 ගිනිකොණදිග ප‍්‍රදේශයේ කඳු මුදුනකිනි. එය ඨදඉැනකස ඔැචැ ලෙස හඳුන්වයි. එම භූමියේ පවතින ඔ හැඩැති විශාල පර්වත මත සත්ත්ව රූප ඇඳ ඇත. කාල වකවානුකූලව මෙම භූමිය වර්ෂ එකොළොස් දහස් පන්සීයකට වඩා පැරණි අතර කෘෂි කර්මාන්තයක් පවා නොතිබුණු එම යුගයේ මානව ශිෂ්ටාචාරය ආගමික මතවාදයන්ට නතුව තිබූ බව ඉන් පැහැදිලි වේ. මේ අන්දමට නොදියුණු මට්මටක පැවති ආගමික මතවාදයන් ක‍්‍රමානුකූලව මානව පරිණාමය සමග වඩා දියුණු මට්ටමකට පැමිණ තිබේ. ජන ගෝත‍්‍රයේ සංඛ්‍යාව වැඩිවෙත්ම මිනිසා අතර වූ අනෝන්‍ය සුහදතාව බිඳ වැටුණු අතර තමාට උදව් උපකාර කිරීම සඳහා අනෙකෙක් කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය විය.
 
 ලබන සතියට
 
 වෛද්‍ය ජී. ජී. චමල් සංජීව


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles