Divaina - යුද අපරාධ සිදුකළ ඇමෙරිකානු තානාපතිනිය - ජනපතිවරයෙක් සහ සෙනෙවියෙක් දෙදෙනා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

naa4 1හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන ලේඛනගත කර ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා බරපතල සහ විශ්වසනීයයි - කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය
 
 මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් සාක්කිකාරිය, පැමිණිලිකාරිය සහ විනිසුරුවරිය ලෙස කි‍්‍රයාකරමින් හමුදාපතිට එරෙහි චෝදනා විශ්වාස කළ හැකි බව පවසා ඇත. එසේ නම් ඇමරිකානු සිවිල් යුද්ධය මෙහෙයවූ ඒබ‍්‍රහම් ලින්කන් සහ ඔහුගේ සෙන්පතියා වූ යුලියිස් ග‍්‍රාන්ට් යුද අපරාධකරුවන් නොවන බව ඇය කියන්නේද?
 
 ලින්කන් යුද අපරාධකරුවෙක් යන තේමාව යටතේ ඇමරිකානු ඉතිහාසඥයන් මෙලෙස තොරතුරු හෙළිකර ඇත.
 
 1. ලින්කන්ගේ සිවිල් යුද්ධය නිසා ඇමරිකානුවන් 620000 කට දිවි අහිමි විය. ඊට දකුණේ 50000 ක් සිවිල් වැසියන් ද අයත්ය.
 
 2. ඔහු කොංග‍්‍රසයේ අනුමැතියකින් තොරව හබයාස් කෝප්ස් ආඥාව තහනම් කළේය.
 
 3. යුද අපරාධ සිදුකිරීම ගැන යුද්ධාධිකරණයේ වරදකරුවකු වූ හමුදා නිලධාරියෙක්ට උසස්වීමක් දුන්නේය.
 
 4. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු අත්අඩංගුවට ගැනීමට ඔහු වරෙන්තුවක්ද ප‍්‍රකාශ කරනු ලැබීය.
 
 5. කොංග‍්‍රසයේ අනුමැතියකින් තොරව ලින්කන් දකුණු ප‍්‍රදේශය ආක‍්‍රමණය කළේය.
 
 6. ලින්කන්ගේ හමුදා ජෙනරාල්වරු ළමුන් හා කාන්තාවන් සිටි නගර ගිනිබත් කළහ
 
 7. සිවිල් වැසියන් 50000 ක් ඝාතනය වීම ගැන ලින්කන් වගකිවයුතුයි
 
 එහෙත් ඇමරිකානු රජය ඒබ‍්‍රහම් ලින්කන් යුද අපරාධකරුවකු ලෙස නම්කර තිබේද?
 
 දකුණේ කැරලිකරුවන්ට එරෙහිව යුද වැදීමට ඔහු තෝරාගන්නේ සුලියිස් ග‍්‍රාන්ට් සෙනවියායි. ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දකුණේ නිවාස සහ වෙනත් ස්ථාන ගිනිබත් කරනු ලැබීය.
 
 මෙලෙස යුද අපරාධ විශාල ලෙස සිදුකිරීම
 
 ගැන ඇමරිකාවේ 42 වැනි රාජ්‍ය ලේකම් රොබට් ලැන්සින් පැවසුවේ ලින්කන් එදා යුද්ධය දියත් නොකළේ නම් ඇමරිකාව යනුවෙන් රටක් නැති බවයි.
 
 මේ පසුබිම මැද ඒබ‍්‍රහම් ලින්කන්ව සහ සුලිසිස් ග‍්‍රාන්ට් සෙනවියාව ඇමරිකානුවන් හඳුන්වන්නේ ඇමරිකානු විරුවන් ලෙසිනි.
 
 එහෙත් මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෝලිට්ස් සිතන්නේ ශ‍්‍රී ලංකාවේ සිටින්නේ ඇමරිකානු ඉතිහාසය නොදන්නා පිරිසක් බවයි.
 
 ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමුවේ ඇමරිකාවයි.
 
 උතුරු වියට්නාමයේ හැනෝයි නුවරට බෝම්බ දැමීමද වියට්නාමයට ඒජන්ට් ඔරේන්ජ් විෂ වායු ඉසීමට කි‍්‍රයාකළේද ඇමරිකාවයි. දෙවැනි ලෝක යුද්ධය සමයේ ජර්මනියේ ඩෙ‍්‍රස්ටන් නගරයට බෝම්බ දමා නාසි ජර්මානු භටයන් සහ සිවිල් වැසියන් ඝාතනය කෙරුණි.
 
 සර්බියාවට ගුවන් ප‍්‍රහාර එල්ල විය. බෙල්ගේ‍්‍ර්ඞ් රූපවාහිනි මධ්‍යස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමෙන් මාධ්‍යවේදීන් මරුමුවට පත්විය. ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට ප‍්‍රහාර එල්ල කිරීමෙන් කාන්තාවන් ළමුන් සහ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගියහ.ඇමරිකාව විසින්  ඇප්ගනිස්ථානය තුළ සිදුකළ යුද අපරාධ ගැන අන්තර්ජාතික අධිකරණය පරීක්‍ෂණ ආරම්භ කිරීමට උත්සාහ කරන අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ ඊට එරෙහි විය.
 
 මේ හැර කොංගෝ නායක පැට්රිස් ලූමුම්බා ඇමරිකානු සී අයි ඒ සැලසුම මත ඝාතනය විය.
 
 මෙයට අමතරව දකුණු වියට්නාමය පාලනය කළ ඩින් සියට් සොහොයුරන් සී අයි ඒ සැලසුම මත ඝාතනය කෙරුණි.
 
 මේ යුද අපරාධ නොවේද? තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් ශ‍්‍රී ලංකාවට ඇඟිල්ල දික්කිරීමට පෙර ඒබ‍්‍රහම් ලින්කන්ගේ සිට වත්මන් ජනපති ට‍්‍රම්ප් දක්වා සිදුකළ යුද අපරාධ ගැන සිහිපත් කළ යුතුයි.
 
 මාධ්‍ය පාර්ශ්ව හවායි ඇමරිකානු හමුදා මූලස්ථානය වෙත ගෙනයාමේ සංචාර දියත් කිරීමෙන් ඇමරිකාවේ මේ මිනීමරු අතීතය වසන් කළ හැකිද?
 
 ඇමරිකානු ඉතිහාස ග‍්‍රන්ථවල දැක්වෙන්නේ සිවිල් යුද්ධ සමයේ බිහිසුණු අපරාධ සිදුවී ඇති බවයි.
 
 එහෙත් මෙරට දේශපාලකයන් මේ ඇමරිකානු යුද අපරාධ ගැන ඇගෙන් ප‍්‍රශ්න නොකරන්නේ මන්ද?
 
 එසේම සිවිල් යුද්ධයේදී උතුරේ 360000 ක්ද, දකුණේ 260000 ක්ද අතුරුදන්වී ඇත.
 
 මේ අතුරුදන්වූවන් ගැන සෙවීමට ඒබ‍්‍රහම් ලින්කන් අතුරුදන්වූවන්ගේ කාර්යාංශ පිහිටුවා නැත.
 
 මෙහිදී මානුෂීය නීතිය උල්ලංඝනිය වීම් සිදුනොවුනේද?
 
 මේ පසුබිම මැද ඇමරිකානු තානාපතිනිය තම රටේ ඉතිහාසය වසන් කරමින් ශ‍්‍රී ලංකාවට චෝදනා කර ඇත. වරක් එක් ඇමරිකානු ඉතිහාසඥයකු පැවසුවේ සුලියිස් ග‍්‍රාන්ට් සෙනෙවියා බිහිසුණු ඝාතකයෙක් බවයි.
 
 එහෙත් මේ සැබෑ යථාර්ථය වසන් කර ඇත.
 
 ග්ලෝබල් රිසර්ච් සංවිධානය පැවසුවේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය තුළ යුද අපරාධ සිදුකළත් එම සිදුවීම්වලට මුක්තිය හිමිවූ බවය.
 
 ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ වෝර්ඩන් ප‍්‍රදේශයේ යුද අපරාධ සිදුකළ බව ඇෆ්ගන් රජයට වාර්තාවී ඊට අදාළ තොරතුරු ඉල්ලා සිටියත් ඇමරිකානු හමුදාව එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
 එහෙත් ඇමරිකානු තානාපතිනිය ඇඟිල්ල දික්කර ඇත්තේ ශවේන්ද්‍ර සිල්වාටය.
 
 කීර්ති වර්ණකුලසූරිය


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles