Divaina - 1955 වප් මගුලේදී ජපන් ක‍්‍රමයට ගොයම් පැළ හිටවූ හැටි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

n33 3- මූලිකත්වය ගත් ධර්මසේනට දැන් වයස අවුරුදු 92යි
 
 - අතීතයේ සමාජය වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ බොහෝ පිරිස් අද මියගොස්ය. තවත් අය වයෝවෘද්ධව තමන් කළ සේවය අනුස්මරණය කරමින් සිටී. බොහෝ විට ඔවුන් කළ අතිමහත් සේවාවෙන් ඵල ප‍්‍රයෝජන ගන්නේ වර්තමාන පරපුරයි. නමුත් ප‍්‍රයෝජන ගන්නා අය තමන් මේ ඵල ප‍්‍රයෝජන ගන්නා දෙය වෙනුවෙන් කැප වූයේ කවුදැයි නොදනී.
 
 වැලිමඩ, ඌව පරණගම ආදී ප‍්‍රදේශවල කඳුකර භූ විෂමතාවය හේතුවෙන් වී වගා කරන්නේ හෙල්මළු ක‍්‍රමයටය. මෙම ප‍්‍රදේශවල වර්ෂයේ එක් කන්නයක් පමණ වී වගා කරන අතර තවත් කන්න දෙකක් බොහෝ විට අර්තාපල් හා උඩරට එළවළු වර්ග වගා කරති. මීට අඩ සිය වසකට පෙර මෙම ප‍්‍රදේශවල හෙල්මළු ක‍්‍රමයට වී වගාව සිදු කළේ අක‍්‍රමවත් ආකාරයටය. බොහෝ විට වී වැපිරීම සිදු වූ අතර ගොවීන්ට මෙමගින් සාර්ථක අස්වැන්නක් නොලැබිණ. මේ බව වටහා ගෙන ප‍්‍රදේශයට 1955 වර්ෂයේදී සුවිසල් වප් මඟුලක් පවත්වා ජපන් ක‍්‍රමයට හෙවත් නෙර ක‍්‍රමයට ලියදිවල ගොයම් පැළ සිටුවීමේ ක‍්‍රමය හඳුන්වා දුන් මිනිසා මේ වන විට 92 වන වියේ පසුවෙති. ඌව පරණගම ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසිද්ධ වැවිලිකරුවකු වන එම්.පී. ධර්මසේන ද සිල්වා මහතා එම ක‍්‍රමවේදය හඳුන්වා දුන් පුද්ගලයායි. වයෝවෘද්ධ වුවත් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ඒ මහතා මෙසේ අප සමග සිය අතීත අත්දැකීම් පැවසිය.
 
 ‘මම තේ වතු වගාව කරන අතර තුරම කුඹුරුවල වී හා එළවළු වගාවෙත් ඒ කාලයේ නිරත වුණා. ඒ කාලේ අපේ
 
 ගම්මානවල වී වගාව කළේ වැපිරීමෙන්. ඒකෙන් මෙහේ වගා කරන හෙල්මළු ක‍්‍රමයට ඒ තරම් අස්වැන්නක් ලැබුණේ නැහැ. මොකද එහෙම වගා කරන කොට වී වගාවේ වල් නාශනය ආදිය කිරීමට ගොවින්ට මහත් වෙහෙසක් ගන්න සිද්ධ වුණා. මේ කාලයේ ජපන් ක‍්‍රමය හෙවත් නෙර ක‍්‍රමයට ගොයම් පැළ සිටුවීමේ ක‍්‍රමය සු`එ වශයෙන් ප‍්‍රචලිතව තිබුණත් මේ පිළිබඳව ගොවීන්ටත් ඒ හැටි දැනුමක් තිබුණේ නැහැ. ඔහේ වී ඉහලා ලැබුණු අස්වැන්නක් ගත්තා. ඊට පස්සේ මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන කතා කළා. ඊට පස්සේ ප‍්‍රදේශයේ ගොවින් සේරම දැනුවත් කළා. ඌව පරණගම නහකඩියේ ප‍්‍රදේශයේ තියෙන මගේ කුඹුරු තමයි මේ සඳහා යොදා ගත්තේ. ඊට පස්සේ ගොවීන් ගෙන්වලා වී ඉසීමේ ක‍්‍රමය වෙනුවට ගොයම් පැළ ලියද්දේ සිටුවීමේ ක‍්‍රමය හඳුන්වලා දුන්නා. ගොයම් පැළ තවානයකින් ගලවලා පේළියට සිටුවීමයි මෙහිදී සිදු කළේ. මම මගේ වියදමින් මේ ක‍්‍රමය ගොවින්ට හඳුන්වා දෙන්න ලොකු වප් මඟුලක් එදා සංවිධානය කළා. මේ අවස්ථාවට එවකට සිටි ඌව පරණගම මන්ත‍්‍රී බඹරපාන මහත්තයා වගේම ඌව දිසාපතිව සිටි ජයනෙත්ති මහතාත් ආවා. පස්සේ මේ ක‍්‍රමය අපේ ප‍්‍රදේශ පුරා පැතිර ගියා. දැන් කවුරුත් සාර්ථක වී අස්වැන්නක් ගන්නවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා.
 
 ධර්මසේන මහතා 1960 පමණ ගම්සභා මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ජයග‍්‍රහණය කර එහි සභාපති ධුරයට පත්වූ අයෙකි. මේ පිළිබඳව ඒ මහතා කියා සිටියේ ඒ කාලේ කිසිම වැටුපක්, ගමන් වියදමක්, අපට ලැබුණේ නැහැ. ගරු නම්බු නාමයක් විතරයි. අපේ අතින් වියදම් කරගෙන තමයි ජනතාවට සේවය කළේ කියාය.
 
 මේ වන විට තම දිවියේ සැඳෑසමය සතුටින් ගත කරන ඒ මහතා එදා වප් මඟුල සිදු කරමින් ප‍්‍රදේශයේ සිදු කළ කෘෂිකාර්මික පරිවර්තනය ගැන ඉතා සතුටින් මෙනෙහි කරති.
 
 n33 4බොරලන්ද සමන්ත කුමාර

n33 5


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles