Divaina - 88 - 89 මැරෙන්න ගඟට දාපු කිහිප දෙනෙක් මම බේරලා තියෙනවා... පේරාදෙණිය පාලම යට රාසික් තම්බි කියන කතාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

- මම බේරගත්ත අයගෙන් අදටත් මාව බලන්න එන්නේ එක්කෙනයි
 
 - අපේ පවුලේ අය සමහර අවස්ථාවල නිදාගන්නේ ගෙ`ග් වැල්ලේ
 
 - සමහර අය ගට දාලා තිබුණෙම මරලා
 
peras555

 

”ගඟට වැටුණු දාහක් දෙදාහක් මං ගොඩට ගෙනැත් තියෙනවා... මැරෙන්න නොදී ඉස්පිරිතාලෙටත් ගෙහුං දාලා තියෙනවා. ඒ අතරින් එක්කෙනායි අදටත් මාව බලන්න එන්නේ.. අනිත් කවුරුවත්ම ආපහු ආවේ නෑ. රාසික් තම්බි අද කියන්නේය.
 
 මොහොමඞ් අලී රාසික් ෆරීඞ් දැන් වයස අවුරුදු පනහ ඉක්මවූ මැදිවියේ අයෙකි. අයියලා තුන්දෙනෙක් අක්කලා තුන්දෙනෙක් මල්ලියෙක් නංගියෙක් එක්ක රාසික් තම්බි එදා ජීවත් වුණෙත් කොළඹ නුවර පාරේ පේරාදෙණියේ පාලම යටය. හැටනවයේ පෙබරවාරි තිස්එක් වැනිදා නුවර රෝහලේදී මෙලොව එළිය දුටු රාසික් තම්බි ගේ මව ෆාතිමා ලෙබ්බේය. පියා ඇම්. එස්. ඞීන්ය.
 
 ” තාත්තා අපිව බලාගත්තේ බොහොම ආදරෙන්.. එයාට ඕනෑ කළේ අපි හැමෝම හොඳින් සතුටින් ඉන්නවා බලන්න. පැණිදෙණියේ දෙමළ මහා විද්‍යාලයට මාව දාලා හොඳින් ඉගෙන ගන්න කියලා කිව්වා මට මතකයි. ඒත් මට ඉස්කෝලේ ගමන එපා වුණා. තුන වසරෙදි මං ඉස්කෝලේ ගමන නතර කළා. තාත්තා ඇති තරම් බැන්නා. ගැහුවා. ආයෙත් ඉස්කෝලේ යවන්නමයි බැලූවේ.. අපෝ මට නම් බෑ කියලාම කිව්වා. ..” රාසික් තම්බි කියයි.
 
 දරුවන් නවයක් පාලම යට කුඩා නිවසේ තබා බලා ගැනීම ඞීන්ට මහමෙර හිසමත තබා ගෙන සිටිනවා වැනි විය. මන්ද ගෙදර සිට මහවැලි ගඟට තිබුණේ මීටර් සියයටත් වඩා අඩු දුරක් නිසාය. කොල්ලෝ කෙල්ලෝ n1 2සියල්ලෝ මිටින් හල කුරුල්ලන් රෑනක් පරිද්දෙන් මහවැලියට ඇදෙන්නේ කෙළිදෙලෙන් දුව පනින්නටය. එහෙත් ඞීන් මහත්තයා දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුය. එබැවින් දරුමල්ලෝ ගෙයිම රඳවා ගෙන බලා ගන්නට අණ කළේ සිය බිරිඳටය.
 
 ” ඉස්සර පුරුද්දටම අම්මා අදටත් මට ගඟට යද්දි කෑ ගහනවා .. මොනවා හරි වුණොත් ඔය කවුරුවත් නෑ.. දරුවෝ තුන්දෙනායි ගෑනියි අසරණ වෙනවා කියලා කෑ ගහනවා. ඒත් මොකද්දෝ පෙර පුරුද්දකට මාව ඇදෙන්නෙම ගඟට. රෑට කවුරු හරි කෙදිරිගෑවත් මට හිතෙන්නේ කවුරු හරි ගිලෙන්න යනවා කියලා..”
 
 තම දරුවන් කොතරම් දෑතේ ගුලි කොට තබා ගන්නට අරඇද්දත් ඇඟිලි අතර හුන් පුංචි ඉඩකින් රිංගා යන්නට හපනා වූයේ රාසික් තම්බිය. මුළුතැන්ගෙයි දොර පියන ඇර තිබූ සැනින් මහවැලි ගඟට දිව ගිය රාසික් තම්බි , ඇතිපදං වැල්ලේ නැටුවේය. හීනියට ගලා ගිය වතුර පාරත් , සැඩව රළුව ගලා ආ වතුර පාරත් ඔහුගේ මිතුරන් වූහ. වැලි කැටයක් ගානේ ගල්කුලක් ගානේත් රාසික් තම්බි දුව පැන්නේය. වතුර වැඩිවන විට සුළි සෑදෙන අයුරුත් , ගුහාපරිද්දෙන් ඇති ගල් හුල් අතර ඇති දෙබොක්කාවක් වැනි අවදානම් තැනුත් රාසික තම්බිට අතිශය හුරු පුරුදු තැන්වීය. ඉස්කෝල ගමනට තිත තැබී මොහොතේ සිටම සිය ජීවිතය වූයේ පාලම යට මහවැලි ගංතෙර ය. යළිත් රාසික් කතාව පටන් ගනියි.
 
 ” එතකොට මට අවුරුදු අටක් විතර ඇති. මමයි චූටියයි අතුල ඩොරිස් ,සනා , ටෝයි, ගාමිණි බණ්ඩා , උක්කුං , මෝගන්, අපි හැමෝම දවසම ගත කලේ ගෙඟ්...වැල්ලේ.. වතුරේ . සෙල්ලම් කළේ ගල් අස්සේ. මේ ගෙඟ් පාලම ළඟින් එහාට මෙහාට ලොකු ඉඩකඩක් ගැන අපි හොදාකාරවම දන්නවා. එදා ඉදන් මේ ගෙඟ් පුංචි වෙනසක් වුණත් අපිට දැනෙනවා. ඒ කාලේ වන්දනා නඩ ඇවිත් මේ ගම්පළ පාරට හැරෙන තැන තියෙන ලොරිස්ටෑන්ඞ් එක ළඟින් පහලට බැහැලා නාන්න යනවා. කවුරුවත් ගෙඟ් තරම දන්නේ නැහැ..ඉතින්
 
 ගිලෙනවා ..කෑ ගහනවා. අපි ගිහින් ඇදගෙන එනවා. කොහොමහරි ජීවිතේ බේරගන්න පුළුවන් වුණාම අපට හරි පුදුමයි .ඒ කාලේ මේක විනෝදයක් වගේ . සතියකට දෙන්නෙක්වත් ගහගෙන යනවා. අපි දුවනවා ඇදගෙන එනවා.
 
 වෙලාවකට බත්පත උස්සගෙන වැල්ලට යනවා. සමහරදාට ?ටත් අපි නිදා ගන්නේ ගෙඟ් වැල්ලේ. වතුර වැඩි වෙන්නේ නැහැ කියන විශ්වාසය හොඳටම තිබුණා. ඇත්තම කියනවා නම් අපට නොකියා ගඟ වෙනස් වුණේ නෑ. ..”
 
 සොබාදහමේ දායාදයන් සමග ගැටෙන ඕනෑම අයෙක් සොබාදහම විසින්ම ආරක්ෂා කරන බව අපි අසා ඇත්තෙමු. මෙයද එවැන්නකි. රාසික් තම්බිගේ කුඩා කල හැත්තෑව අසූව දශකයේ මහවැලි ගඟ සුන්දරය. මහාවැල්ලක් ඇති ගඟ මහවැලි ගඟ වූ පරිද්දෙන්ම පේරාදෙණිය ගන්නෝරුව දක්වා වූ කොටසේ වැල්ල වෙරළක් සේ දිසිව තිබිණි. රාසික් යළි මතකය අවදි කරමින් :, කීවේ මෙසේය.
 
n1 3 ” මට වයස අවුරුදු දහතුනක් විතර වෙද්දි තාත්තා මාව මස්සිනාගේ ගැරේජ් එකේ වැඩ පුරුදු වෙන්න ඇරියා. ඒකත් හරිම විනෝදයි. බයිසිකල් හදන්න තමයි මම ඉගෙන ගත්තේ. මොටර් බයිසිකල් එකක් මං මුලින්ම පැද්දේ අසූදෙකේ අවුරුද්දේ අපේ‍්‍රල්. සී නයින්ටියක් සර්විස් කරන්න දාලා තිබුණා. ඒක පදින්න ලැබුණා කියන්නේ එදා මට ලෝකය ම ලැබුණා වගේ. ආයේ මොනවද පැණිදෙණිය පැත්තට ගන්නෝරුව පැත්තට ගියා ආවා. පුදුම සතුටක් දැනුණ දවසක් ඒක. එදා ඉදන් බයිසිකල් හදන්න උපරිම මහන්සි වෙලා ඉගෙන ගත්තා. දැන් ඉතින් මොනවද බයිසිකල් කියන්නේ ඇගේ කොටසක් වගේ. තරුණ කාලේ ? නෑ දවල් නෑ.. බයිසිකල් පැද්දා. අතපය කඩා ගත්තා. ඇඟ ගන්න දෙයක් නැහැ., පතුරු ගැහිලා තිබුණා. අම්මා තාත්තා බනිනවා කෙළවරක් නැහැ.
 
 ගැරේජ් එකේ වැඩ කරන කාලෙත් වන්දනා නඩ ඇවිත් නාන්න ගිහින් , ගහගෙන යද්දි කෑ ගහනවා. වැඩ සේරම දාලා දුවනවා. ඉතින් අර ඉස්සර වගේම ඇදගෙන එනවා. වතුරේ ගහගෙන යන කෙනෙක් ගෙඟන් ගොඩට ඇදගෙන එන එකට කියන්නේ ඇදගෙන එනවා කියලා. කවුරු ගෙඟ්් ගියත් මිනිස්සු කෑ ගැහුවේ ” තම්බි ... ඇදගෙන එන්ට වරෝ ...” කියලා. ඉතින් දුවනවා. දුවලා දුවලා ගඟට පැනලා පීනලා තමයි ඇදගෙන එන්නේ. කොලූ කාලේ නම් ගාණක් නැහැ. දැන්නම් ටිකක් මහන්සියි. හයියට තවත් කවුරුහරි ඉන්නවා නම් හොඳයි කියලා දැන් හිතෙනවා. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් වැල්ල නෑ.. ගඟ සැරයි.., ගල්වළවල් වැහිලා. ගඟට බහින එක පහසු නැහැ.”
 
 අසූව දශකයේ අවසානය වනවිට රාසික් තම්බි අලූත් අත්දැකීම් ලබන්නට පටන් ගන්නේ රටපුරා පැතිර ගිය භීෂණ සමය සමගය. වන්දනාවට පැමිණි උදවිය ගෙඟ් ගසා යන විට හෝ විශ්වවිද්‍යාල පෙම්වතුන් හෝ සෙසු පෙම්වතුන් ගඟට පනින අවස්ථාවල, ගඟට පැන ඒ උදවිය බේරා ගත් රාසික් තම්බි ගඟට වැටුණු මිනිසුන් බේරා
 
 ගැනීම පසෙක තබා , ගඟට වීසි කරන මිනිසුන් බේරා ගැනීමට පටන් ගත්තේ මේ කාලේදීය. එය අරුම අපූරු කතාවකි.
 
n1 4 ” අවුරුදු විස්සක තරුණයෙක් වුණාට මට ඒ හැටි ලොකු අවබෝධයක් තිබුණේ නෑ ඒ කාලේ. මම පුරුද්දට හැමදාම උදේ හය හයහමාර වන විට , ගඟට යනවා. එදත් උදේ ගියා ගඟට. යද්දි කපපු මිනියක් ගහගෙන ඇවිත් මාරගහ ළඟ රැුදිලා තිබුණා. මට අමුත්තක් දැනුණා. මං පුරුදු විදිහටම ඇදලා උඩට දැම්මා. හිස ිසුබූ ගාලා තැඹිලි පාට සරමක් වගේ ඇදලා හිටපු නිසා හාමුදුරුවෝ නමක් බව තේරුණා. එදා ඉඳලා හැමදාම ගෙඟ් උඩහ ඉදන් කපපු මිනී ගහගෙන එනවා. ඒ කාලේ මේවා බලන්න අපි හරි කැමතියි. අපට දැණුනේ මහා අමුතු විනෝදයක්. මොකද බරක්පතලක් ඒ කාලේ තේරුණේ නැහැ. මම කරන වැඬේ උණ ගහක් කපලා ගෙනැත් පාලම යට වතුර යන තැන රුකුල්ලනවා. මෙන්න වැඩක් මිනී දහයක් පහළොවක් ඇවිත් රැුදෙනවා. සමහර වෙලාවට දෙන්නා දෙන්නාත් ගහගෙන එනවා. අත්දෙක එකට ගැට ගහලා.. මරලා. ඒවා උණ ගහ දෙපැත්තේ
 
 රැුඳෙනවා. මං උඩට ඇවිත් ඒවා රැුදෙන විදිහ බලාගෙන ඉන්නවා. ?ට උණ ගහ ගැහුවාම උදේට මහගොඩාක් හිරවෙලා. උදේ හත විතර වෙද්දි පාලම දිගට මිනිස්සු රැුදිලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. මුලදි නම් මිනිස්සු පිරිලා ඉන්න වෙලාවට මං උණ ගහ ඇදලා දාලා එනවා. පස්සේ පස්සේ රැුඳෙන මිනී ගොඩට ගෙනැත් දැම්මා. කවුරුහරි කාගේ හරි පුතෙක්නේ කියලා. හැබැයි කවදාවත් පොලිසියෙන් ඇවිත් මට මොනවත් කියලා නැහැ.
 
 දවසක් රෑ ඝෝශාවක් වගේ ඇහුණා. මං පහළ ඉඳන් ගහකට මුවා වෙලා බලා ගෙන හිටියා. පාලමේ කෙළවර වැටේ බෝලේ උඩට ඔළුව තියලා ගහනවා පෙනුණා. ඊට පස්සේ පාලමෙන් පහළට තල්ලූ කළා. තවත් දවසක එහාට මෙහාට කපනවා පෙනුණා. පාලමෙන් බිමට දාන්න කලින් වාහන පෝලිමක් ආවා. ඒ නිසාද කොහෙද වැටට හේත්තු කරලා යන්න ගියා. දැන් කෙඳිරි ගානවා ඇහෙනවා. මට බලා ඉන්නම බැහැ.. මං හෙමින් උඩට ගිහින් බලද්දි මනුස්සයෙක් ඉන්නවා ලේ පෙරාගෙන. මං උස්සගෙන  ගිහින් ඉස්පිරිතාලෙට දැම්මා.
 
 තවත් දවසක පාන්දර බලද්දි තුන් හතරදෙනෙක්, ගැටගහලා පාලමෙන් බිමට දාලා වතුරට නැතුව කෙළවරට වැටිලා රැඳිලා. එළිය වැටෙන්න කලින් මං ලිහලා උස්සලා ගිහින් දැම්මා. ඒ කවුරුත් මැරුණෙ නැහැ.
 
 පාලම උඩ ඉඳන් දාන සමහර අයගේ ඔළුව නැහැ. නැත්නම් කදේ බාග යයි. එක්කෝ අත් නැහැ. නැත්නම් කකුල් නැහැ. ඔහොම ඒවත් තියෙනවා. මට හිතට බයක් සැකක් වගේ දෙයක් නම් දැනිලාම නැහැ. මොළය ඇතුළේ තියෙන හැම දේම නැතුව ඔළුවෙ කටුව විතරක් තිබිලා ඇගේ මුකුත් තුවාලයක් නැතුව හිටපු අයත් ඉඳලා තියෙනවා.
 
 එක්දහස් නවසිය අනූනමයේ නොවැම්බර් විසිහතරෙන් පස්සේ තමයි ගඟ වෙනස් වුණේ. පහළ වැලි ගොඩ දාන්න පටන් ගත්තා .වැලි හාරන්න හාරන්න ගෙඟ් වැල්ල වෙනස් වුණා. කොත්මලේ බන්ට් එක හදලා වතුර පාලනය කළා. ඉතින් වෙනදා වගේ නැතුව ගඟ වෙනස් වෙන්න පටන් ගත්තා. වතුර අරිනවා නවත්තලා තියලා වතුර අරිනවා ඉතින් බිම ඛාදනය වෙනවා. ගඟක් ඛාදනය වන විදිහ ඔය කොයිකවුරුත් ලොකු ලොකු උදවිය හොයලා බලන්නේ නැහැ. ඉස්සර මේ හරියේ විතරක් නෙවෙයි මහවැලියේ හැම තැනම ලස්සනයි. ඒ ලස්සන නැති වුණේ මේ රටේ මිනිස්සු නිසා. ඒ කාලේ ගඟ දිහා බලාගෙන හිටියත් බඩ පිරෙනවා....”
 
 රාසික් තම්බි යනු අභය දානය දුන් සහ දෙන මිනිසෙකි. පින් රැුස්කර  ගැනීමේ පරමාර්ථයක් සිත් කොණකවත් නැතිය. ඔහු මා සමග කතා කරන මොහොතේ පවා ගඟ දෙසින් මිනිසුන්ගේ කලබලකාරි හඬක් ඇසුණහොත් අවධානය ඒ දෙස යොමු කළේ තමන් ජීවත් වන්නේ තවත් මිනිසකුගේ ජීවිතය බේරා දීමේ පරම සිතිවිල්ල හදේ ඇති බව ට ඉඟි කරමිනි. මේසා සුවිශේෂි චරිතයක් වන රාසික් තම්බි කිසි දින කළ උපකාරයට ප‍්‍රතිඋපකාර අපේක්ෂා නොකළ අයෙකි. දහස් ගණනකගේ ජීවිත බේරා යැව්වද , ඔහු ගේ වගතුග සොයා බලන්නට අදද පැමිණෙන්නේ එකම එක තරුණයෙක් පමණි. එය එසේ යැයි ඔහු කිසිවිට කනස්සලූ නොවෙයි. පසුතැවිල ද නොවෙයි. ඒ ඔහුගේ හැටිය. ඒවග රාසික් තම්බිගේ වචනවල ගැබ්ව තිබේ..
 
 ”දවසක් අවුරුදු දහසයක විතර කොල්ලෙක් ගඟට පැනලා. දැන් ගහගෙන යනවා. මං බෙල්ලෙන්ම ඇදගෙන ආවා. මේ පොඩි කොල්ලන්ට හිතට එන ආවේගෙට පනිනවානේ. ඒත් ගොඩට දාලා මං මොනවත් නොකියා ඇරියා. ඒ දරුවා මහියංගණය පැත්තේ. ඇයි පැන්නේ , බේරාගත්ත එක හොඳයි ඔය මොනවත් කතාවක් අපි අතර ඇති වෙලා නැහැ. නමුත් අදටත් මාව බලන්න එනවා. ඇවිත් වැඳලා යනවා. මං ඉතින් පිටට තට්ටුවකුත් දාලා සැලූට් එකක් දාලා යනවා.
 
 තව කෑගල්ල දිහා අවුරුදු පනහක විතර කෙනෙක් පැනලා මං බේරුවා. මනුස්සයා මට රුපියල් පන්සියක් දුන්නා. බනින්න බැරි කමට මං නිහඬව හිටියා. මං කිව්වා මේක සල්ලි ගන්න හිතලා කරපු වැඩක් නෙවෙයි තවත් කාලයක් ජීවත් කරන්න කරපු දෙයක් කියලා. තවත් දවසක් කොල්ලෝ පස්දෙනෙක් විතර ගඟ අයිනේ බොනවා. මං දැන ගත්තා තව ටිකක් වෙලා යනකොට වැඬේ හරි කියලා . ඒත් කියන්නත් බෑනේ රණ්ඩුවට එනවානේ. මං ගැරේජ් එකේ වැඩ. ඕං ටිකකින් කෑ ගැහුවා මං දිව්වා. බලද්දි පස්දෙනාම ගහගෙන යනවා. ඇදලා ඇදලා කොහොමහරි ගොඩ දැම්මා. පැයක් දෙකක් ගියාට පස්සේ මට බොන්න කතා කළා. මං බැහැ කිව්වා. ඒ පාර සිගරැුට් පැකට් එකක් තියලා ගියා. මිනිස්සු ගැන නම් පුදුම හිතෙනවා.
 
 දොස්තර මහත්තුරු , නීතිඥ මහත්තුරු වගේ හොඳ වැදගත් මහත්තුරුත් අර මල්වත්තේ කෙළවරින් ගඟට පනිනවා. හිතන් ඉන්නවා ඇති මැරුණා තමයි කියලා. මං ඉතින් ඇදගෙන එනවා. වෙලාවකට ටයි කෝට් සපත්තුත් දාගෙනත් කට්ටිය ගඟට පනිනවා. මට හිතෙන්නේ ජීවිතේ එපා වෙනකොට වැදගත් නොවැදගත් ජාති භේද ආගම් භේද නැතුව ඇති. මමත් ගොඩට ගෙනැත් තියෙන තරමක් සිංහල මිනිස්සු . දෙමළ මුස්ලිම් අයත් ඇති. ගහගෙන යනකොට ජාතිය ආගම හොයන්නේ නැනේ. ඉක්මණට ඇදගෙන එන්න තමයි බලන්නේ..
 
 ආමි එකෙන් පැනලා ආපු කෙනෙක් දවසක් ගඟට පැනලා. ගහගෙන යනවා දැන් වතුරේ . මං පැනලා ඇල්ලූවා. උඩට ඇදගෙන ඇවිත් දැම්මා . මේ යකා මට බැන බැන ගියා. තවත් දවසක මේ මෑත හිරෙන් පැන්න එකෙක් ගඟට පැනලා. ඒ මනුස්සයාත් අර කණුවල වැදි වැදි වතුරේ ගහගෙන යනවා. මං ගහගෙන යන්න දුන්නේ නැහැ. බේරාගත්තා. පස්සේ මූව ආයේ අරං ගිහින් හිරේ දාලා. මට පස්සේ ආරංචි වුණා මට බනිනවා තර්ජනය කරනවා කියලා. එළියට ආව දවසක ඕකාව මරනවා කියලා. මං ඉතින් කළේ මැරෙන්න යන කෙනෙක් ගේ ජීවිතය බේරපු එක. ඔහේ ඕනෑ දෙයක් කියාපු දෙන් කියලා මං හිටියා.
 
 මේ මෑත දවසක දැන් සතියකට විතර උඩදි වයස අවුරුදු පනස් නවයක විතර අම්මා කෙනෙක් පැන්නා පාලම උඩ ඉදන් පහළට. හවස පහමාරට විතර ඇති. මං පැනලා බේර ගත්තා . ඒ අම්මාට තුවාලයක් වත් නැහැ. මාව සීරිලා තුවාලත් වුණා. මොකද දැන් පාලම යට පැත්තකම මානා හැදිලා. එහාට වෙන්න වතුර වැඩියි. මිනිස්සු එක එක ජරාව දාලා. ඉස්සර වගේ නැහැ.
 
 ඉස්සර නම් සමහර දවස් වල ගොඩදාලා ඉස්පිරිතාලෙට ගෙනිච්චාම මාව කටඋත්තර ගන්න ගෙන්න ගන්නවා. පස්සේ පස්සේ , දොස්තරලා කියලා මාව කරදරේ දාන්න එපා කියලා. කොහොමහරි පොලිසියෙන් ඇවිත් දැන් මගෙන් කටඋත්තර ලියාගෙන යනවා. මාව ගෙන්නාගන්නේ නැහැ. කොරනේ මහත්තයා , මෝචරියේ මහත්තයා, ඉස්පිරිතාලෙ කට්ටිය පොලිසිය මාව දන්නවා. වෙලාවකට ඔය පාලම ළඟ ඉන්න පොලිසියේ මහත්තයා කෑ ගහනවා තම්බි දුවන්ට... ආං කවුද ගඟට වැටිලා කියලා. ඉතින් මං දුවනවා. ...”
 
 රාසික් තම්බි විවාහ වී ඇත්තේ අනූපහේ දීය. කැලියල්පිටියේ සුමිත‍්‍රා විවාහ කර ගත් පසු මහගෙදර අසලම කුඩා මඩුවක් වැනි නිවසක් තනා ගඟ ළඟම පදිංචි වූ ඔහු සුපුරුදු ජීවිකාව පවත්වා ගෙන ගියේය. දියණියන් දෙදෙනකු සහ පුතක් රටට දායාද කළ රාසික් තම්බි සිය පියා මෙන් දරුවන්ට ඉගැන්නුවේය. ඔහුගේ පුත් නිසාම් දැන් වයස අවුරුදු දහහතක තරුණයෙකි. පියා මෙන් වරක් දෙවරක් ගෙඟ් ගසා ගෙන යන උදවිය බේරා ගෙන ඇති මුත් රාසික් තම්බි ඒ ගැන තරමක කුහුලකින් සිටී.
 
 ” මං කැමැති මගේ පුතා මා එක්ක ඇවිත් මේ වැඬේ ඉගෙන ගන්නවා නම් . මොකද මං මැරුණ දවසක මේ ගඟට වැටෙන අය බේරා ගන්න කවුරු හරි ඉන්න එපායෑ.. ඒත් ප‍්‍රශ්නේ දැන් ගඟ ඉස්සර වගේ නෙවෙයි. මේ හිටි හැටියේ දරුණු වෙනවා. අනික අපි වගේ අපේ දරුවෝ වැල්ලෙම නැටුවේ නැහැ. ඉතින් ඒ දරුවො මේ ගෙඟ් ගල්කුළු වළවල් තියෙන සමහර තැන් දන්නේ නැහැ. ගඟට බැහැපු වෙලාවට අනතුරක් වෙන්න එක තප්පරයත් ඇති. ඒ නිසා මගේ හිතට බයයි. පුතාට අනතුරක් වුණොත් මම ජීවත් වෙලා වැඩක් නැහැ. අනික මට ජීවිතේ කියා දුන්න මේ ගඟ නිසා මට මේ ලෝකේ දරුණුම පීඩාව ලැබුණොත් මං මේ ගෙවපු ජීවිතේ තේරුමක් නැහැ. මොකද මං ගඟට ආදරෙයි.. මේ ගහ කොළට වැල්ලට ආදරෙයි. මං වගේම පොඞ්ඩ පොඞ්ඩ ලොකු වෙලා මහා විශාල ගස් අතු හැදුණ විදිහ මං දන්නවා. මං දැක්කා. ඉතින් ඒ කාටවත් මට එරෙහි වෙන්නවත් බැහැ.
 
 මං දාහක් දෙදාහක් ගොඩ දාලා බේරලා වගේම මැරිලා යනවා දැකලා තියෙනවා. ඒත් කවදාවත් ඒ කිසි දෙයක් මගේ හිතේ රැුඳිලා නැහැ. නමුත් එක දවසක් අවුරුදු අටක විතර දරුවෙක් තාත්තා එක්ක ගඟ හරහා රේල්පාරේ ඉස්කෝලේ යද්දි ගඟට වැටිලා. මේ තාත්තා කෑ ගහලා කිව්වේ නෑ. ඒත් මිනිස්සු කෑ ගහන සද්දෙට මං ගියා. ඒ දරුවාට පෙනි පෙනී මගේ පිටිපස්සෙන් උස මහත මනුස්සයෙක් ආවා ඒ මනුස්සයත් ගිලූණා. එයා අල්ලන්න හැරෙන පමාවට අර පොඩි දරුවා ගහගෙන ගියා. හෙව්වා හම්බ වුණේ නෑ. අර මනුස්සයා උඩට ගෙනාවා. දවස් තුනකට පස්සේ අර පොඩි එකා ගොඩට ගහලා තිබුණා. ඒක මට දරා ගන්න බැරි තරම් දුකක් වේදනාවක්. මෙච්චර කට්ටිය ගොඩදාපු මට මතක් වෙන්නෙම අර පුංචි දරුවව විතරයි . මැරිලා ගොඩගහලා හිටපු හැටි මට දැනුත් මැවිලා පේනවා. කරන්න දෙයක් නැහැ. ඒක මගෙත් වෙලාව.
 
 මේ තරම් කාලයක් පුරාම ජීවිතේ බේරුණා කියලා ඇහුවාම පපුවට දැනෙන සැහැල්ලූව මට කියන්න තේරෙන්නේ නැහැ. මගේ දරුවෝ නෝනා එක්ක මං ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක්. මට ඉන්න හරි හමං ගෙයක් නැහැ. ඒ කියලා මොනවා කරන්නද..දේශපාලකයෝ කවුරුවත් මේ පැත්තේ අපි ගැන බලන්නේ නැහැ. මේ පේරාදෙණිය ටවුම කීවතාවක් ඇල්ල ඇවිත් යට වුණාද?. ඒ හැම වෙලාවෙම අපි තමයි දුවලා ගියේ. මිනිසුන්ගේ දුක බලන්න දේශපාලකයො එන්නේ ඡුන්දයක් ළංවුණාම විතරයි. රතිඤ්ඤා පත්තුවෙන සද්දේ ඇහෙද්දි අපි දන්නවා කවුරුහරි ලොක්කෙක් ඇවිත් යනවා කියලා. එච්චරයි. අපි මොනවත් ඉල්ලූවා කියලා අපට ලැබෙන්නේ නෑ. ගහගෙන යන මනුස්සයෙක් ගොඩදාලා ජීවත් වෙනවා දැක්කාම ලැබෙන සතුට නම් අපට ඇති තරම් තියෙනවා. ....”
 
 රාසික් තම්බි කියා සිටියේ ඇත්තකි. ඔහු සමග දරුවන් බිරිඳ වෙසෙන නිවස කිසිදු පහසුකමක් නැති මඩුවක් වැනි වූවකි. මේසා විශාල සේවයක් සලසන මිනිසකුට ඔහුගේ උදව්වෙන් ජීවිතය බේරා ගත් වැදගත් යැයි කියන ධනවතකුට වුවද නැවත උදව්වක් කිරීමේ සිතක් පහළ නොවීම පිළිබඳ පුදුමය අපට ඇත. රාසික් තම්බි උදේ සිට රෑ වන තුරු වෙහෙස වී තමන්ගේ එදා වේල යහමින් සොයා ගන්නේය. හිසට නිවනක් ඇති වහලයක් යට සැනසුමේ ජීවත් වීමට පමණක් ඉඩක් සැලසීමට කවරකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය සංසාරයට පුරාවටම කරගන්නා ලබන මහඟු පින්කමක් වනු ඇත. ජීවත්වන කෙටි කාලය තුළ සෑම මිනිසකුම ලැබිය හැකි උපරිම සතුට, සැනසීමෙන් වහලක් යට විසීම පමණකි. රාසික් තම්බි වෙනුවෙන් කවරකුට හෝ එවන් සිතක් පහළ වේවා.
 
 සමන්තී වීරසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles