Divaina - නිල තෙරැපීමෙන් ස්නායු රෝග පවා සුව කළ හැකියි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

weda6 2ප‍්‍රශ්නය - නිල තෙරුපුම් මගින් රෝග සුව කරන ආකාරය ගැන අප පසුගිය සතියේ කතා කළා. මෙය ඉපැරණි ක‍්‍රමවේදයක් බව ඔබ කිව්වා. ඒ අනුව ඉපැරණි ආයුර්වේද ග‍්‍රන්ථවලත් මේ ගැන සඳහන් වෙනවාද?
 
 වෛද්‍ය ජයන්ත බණ්ඩාර - මෙයට වසර දහස් ගණනකට පෙර සුසෘත නමැති ආයුර්වේද වෛද්‍යවරයා සුසෘත සාහිත්‍ය යනුවෙන් ආයුර්වේද ග‍්‍රන්ථයක් රචනා කළා. මනුෂ්‍ය ශරීරය පුරා නිල 107 ක් තිබෙන බව එහි සඳහන් වෙනවා. ඒ වගේම චෝල අධිරාජ්‍යය පැවැති ප‍්‍රදේශවල තිබෙන වෛද්‍ය ග‍්‍රන්ථවලට අනුව ශරීරයේ තිබෙන නිල ගණන 108 කි. ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ තිබෙනවා කරලාම් සම්ප‍්‍රදාය කියලා වෛද්‍ය ක‍්‍රමයක්. මේ ක‍්‍රමයට අනුව ශරීරය පුරා මර්මස්ථාන හෙවත් නිල 365 ක් තිබෙනවා. ශරීරයේ ශක්ති ප‍්‍රභව මධ්‍යස්ථාන වන ‘චක‍්‍ර’ සහ නිල අතර සම්බන්ධයක් මනුෂ්‍ය ශරීරයේ ඉදිරිපස සහ පසුපස නිල 22 ක් ම තිබෙනවා. එයින් 22 ක්ම තිබෙන්නේ ඉනෙන් පහළ. තව 22 ක් තිබෙනවා අත්වල. තවත් 12 ක් තිබෙනවා උදරය සහ පපුව යන තැන්වල. තව නිල 22 ක් ගෙල සහ ඉඟටිය අතර තිබෙනවා. ගෙල සහ හිස අතර 37 ක් තිබෙනවා. (මේ ගණන හදා ඇත්තේ නිල 108 ක් තිබෙන බව සැලකිල්ල ගෙනයි.
 
 ප‍්‍රශ්නය - නිල තෙරපුම මගින් ප‍්‍රතිකාර කළ හැකි රෝග මොනවාද?
 
 වෛද්‍ය ජයන්ත බණ්ඩාර - සන්ධි සහ මාංශපේෂිවල වේදනාව, චලනය කිරීමට බැරි සන්ධි, ශ්වසන රෝග, ආහාර ජීරණ පද්ධතියේ රෝග, ස්නායු පද්ධතියේ රෝග ඉරුවාරදය, කාංසාව සහ විශාදය, අධික මහන්සිය යන රෝගවලට මෙයින් ප‍්‍රතිකාර කරන්න පුළුවන්.

weda5 2
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles