Divaina - පිළිකා වර්ග 24ක් තිබෙනවා: එවා සුවකරන්නේ කොහොමද?

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

weda1ප‍්‍රශ්නය - පිළිකා වර්ග කීයක් තියෙනවාද? පිළිකාවක පූර්ව ලක්‍ෂණ මොනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - පිළිකා වර්ග 24ක් තියෙනවා. අපේ පාරම්පරික මතයට සහ දැනුමට අනුව පිළිකාවක් හටගන්නේ ශරීරයේ වාත, පිත, කප යන ප‍්‍රවේග තුන කිපීම නිසයි. මෙසේ තියෙන අතර මේ ප‍්‍රවේග තුනෙන් එකක් වැඩිපුර තියෙනවා. කෙනකුගේ ජීර්ණ ශක්තිය (ආහාර දිරවීමේ හැකියාව* හෙවත් ආහාර ජීර්ණයට බලපාන එන්සයිම ප‍්‍රමාණය පහත වැටුණාම ශරීරය තුළ විෂ එකතු වීමට පටන් ගන්නවා. එසේ එකතුවන තැන පිළිකාවක් හට ගැනීමට අවශ්‍ය වාතාවරණය බිහිවෙනවා. පිළිකාවක තිබෙන්නේ සැබෑ ශක්තියක් හෙවත් අහිතකර ශක්තියක්. එයට අප කියනවා භැට්එසඩැ ඛසෙැ ැබැරටහ කියලා. මේ අහිතකර ශක්තිය සමාන වන්නේ ශරීරයේ තැන්පත්ව තිබෙන එහෙමත් නැත්නම් ශරීරය වාසස්ථානය කරගත් ක්‍ෂුද්‍ර ජීව ශක්තියකටයි. පාදයේ දෙවැනි ඇඟිල්ල දිගේ වේදනාවක් ඇති කරමින් ඉහළට ගමන් කරන්නේ ඒ අහිතකර ශක්තිය අවදිවන අවස්ථාවේදී ස්නායු පද්ධතියට කරන බලපෑමයි.
 
 ප‍්‍රශ්නය - නවීන විද්‍යාව අනුවත් මෙය සත්‍යයක් විය හැකිද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - නවීන විද්‍යාව මගින් මෙය කොහොම අර්ථකථනය කරනවද කියල කියන්න බැහැ. මෙය පාරම්පරික අත්දැකීමක්. දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ආයුර්වේදය වගේම පර්යේෂණ මත නොව පර්යේෂණාත්මක අත්දැකීමක්. වෙද පරම්පරා දහයක් ඒ ගැන සොයා බලල තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - එතකොට ඒ සඳහා ඖෂධ පිළියෙල කිරීමේ පදනම කුමක්ද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දේශීය වෛද්‍ය ක‍්‍රමයේ පීතෘවරයා තමයි ලංකාවේ රාවණ රජතුමා. ඔහු සඳහන් කරලා තිබෙනවා ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් ගත හැකි ගහ කොළ 5999 ක් මේ මහ පොළොව මත හැදෙනවා කියලා. ඔහු එහෙම කියන්නේ ඔහුට පෙර පරම්පරාව අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ ගහකොළවලින් හදන ඖෂධ රෝගීන්ට දීලා පර්යේෂණාත්මක අත්දැකීම් මත පදනම් වූ විද්‍යාවක්. ඒ අත්දැකීම් එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. මෙයට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ අපේ පැරැුන්නකුගේ පාදයේ ඇඟිල්ලක් ක්‍ෂණිකව හිරිවැටෙනවා කියලා හිතන්න. ක්‍ෂණිකව වේදනාවක් ඇවිත් නැතිව යනවා කියලා හිතන්න. ඒ අතර ඔහුට පිළිකාවකුත් හැදෙනවා. ඔහු මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියන සැකය සහිතව ඒ බව වෛද්‍යවරයාට කියනවා. ඊළඟට තමන් වෙත එන පිළිකා රෝගීන්ගෙන් වෛද්‍යවරයා අහනවා පාදයේ ඇඟිල්ලක් හිරිවැටෙන ලක්‍ෂණයක් තිබුණද කියලා. ඔව් කියන අය ගැන සැලකිල්ලට අරන් බෙහෙත් දෙනවා. ඒක තමයි අත්දැකීම කියන්නේ. ඊළඟට වෛද්‍යවරයා තම ශිෂ්‍යයන්ට මේ අත්දැකීම විස්තර කරනවා. එය තමයි පරම්පරාවෙන් පරම්පරාවට දැනුම යන ක‍්‍රමය. මෙහෙම පරම්පරා අතින් අතට යන දැනුම පරම්පරා දහයක් විතර යන විට නිර්ණායකයක් හෝ සම්මතයක් බවට පත් වෙනවා. ඒ වනවිට එයට අත්දැකීම් ලබලා තිබෙනවා. පිළිකාවට ඖෂධ පිළියෙල කරන විට ගන්නේ ඒ පාම්පරික පර්යේෂණාත්මක අත්දැකීම් පිළිබඳ දැනුමයි. උදාහරණයක් හැටියට පිළිකාවට අත්දුටු ගුණ දෙන මහා හරි තෛලය මම හදන්නෙත් ඒ විදියටයි.
 
 ප‍්‍රශ්නය - තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හටගන්නා පිළිකාමය වර්ධනයන් ගැන පැහැදිලි කරන්න.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - තයිරොයිඞ් ග‍්‍රන්ථියේ හට ගන්නා පිළිකාමය තත්ත්වයන් ගැන සාකච්ඡුා කිරීමේදී මුලින්ම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒවා එකින් එක විස්තර කරන්නම්.
 
 තයිරොයිඞ් පිළිකා මාරාන්තිකද?
 
 තයිරොයිඞ් පිළිකා වර්ධනය වන්නේ ඉතා සෙමින්. එය රෝගියාට වැලඳෙන්නේ ඉතාම රහසින්.
 
 කොයි පිළිකාවක තත්ත්වයත් ඒකයි. වැලඳී ඇති බව හරි හැටි දැනග්නනා විට පිළිකාව දුරදිග ගිහින් ඉවරයි. ඡු්චසකක්රහ ක්‍්රජසබදප් හෙවත් පීටිකා පිළිකා ලෙස හැඳින්වෙන තයිරොයිඞ් පිළිකා වර්ගය තයිරොයිඞ් ග‍්‍රන්ථියෙන් නොනැවතී වසා ගැටිති ඔස්සේ ගෙල ප‍්‍රදේශයට පැතිර යනවා. ත්‍දකකසජමක්ර ක්‍්රජසබදප් නමැති තයිරොයිඞ් පිළිකා වර්ග එහෙම පැතිර යන්නේ නැතිව තයිරොයිඞ් ග‍්‍රන්ථියට පමණක් සීමා වෙනවා. මේ දෙකටම නිසි පරිදි ප‍්‍රතිකාර කර රෝගියා බේරාගත හැකියි. ඕනෑම රෝගයක් නොසලකා හැරියොත් එය මරණය දක්වා වර්ධනය වෙනවා. සිද්ධාදිසුව තෛලය වැනි තෙල් වර්ග, කසාය වර්ග යනාදිය මගින් දේශීය වෛද්‍ය විද්‍යාවට පුළුවන් මේ පිළිකා සුවකරන්න. බෙල්ලේ වේදනාවට සුවය දෙන්නේ මහා හරි තෛලය.
 
 ලබන සතියේ පියයුරු පිළිකා පිළිබ`ද සම්පූර්ණ විස්තර
 
  2. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ පිළිකා වර්ග දෙකක් තිබෙන බව ඉහත සඳහන් පිළිතුරේ සඳහන් වෙනවා. මේ දෙකෙන් වඩා භයානක කොයි පිළිකා වර්ගයද?
 
 ත්‍දකකසජමක්ර ක්‍්රජසබදප් පිළිකාව පළමුවැනි වර්ගයට වඩා භයානකයි.
 
 3. වායු ගෙඩියක් පිළිකාවක් බවට පත්විය හැකිද?
 
 වායු ගෙඩියක් කියන්නේ අහිංසක අර්බුදයක :ඔමපදර* ප‍්‍රතිඵලයක්. එහෙත් ඒ අහිංසක අර්බුදය සමහර විට මාරාන්තික විය හැකියි. තයිරොයිඞ් අර්බුදය බොහෝ විට හට ගන්නේ ගැටිති වශයෙන්. ඒත් සමහර තයිරොයිඞ් පිළිකා හැදුනාම තයිරොයිඞ් ග‍්‍රන්ථිය ඉතා විශාල වශයෙන් ඉදිමෙනවා.
 
 4. වායු ගෙඩියක් හට ගන්නේ කොහොමද?
 
 ප‍්‍රධානම හේතුව තමයි අයඩින් ඌණතාව. ලූණු මගින් අවශ්‍ය තරම් අයඩින් ශරීරගත නොවීමෙන් වායු ගෙඩි හටගන්නවා. මේ නිසයි මනුෂ්‍යයන් පරිභෝජනය කරන ලූණුවලට අයඩින් මිශ‍්‍ර කළ යුතු බව නීතියෙන්ම නියම කර තිබෙන්නේ. ඒ අතර තයිරොයිඞ් ග‍්‍රන්ථිය පමණ ඉක්මවා අයඩින් නිෂ්පාදනය කරන විටත් වායු ගෙඩි හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - වායු ගෙඩියක් තුළ හෝ තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රයේ හැදෙන පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ඉතා ඉක්මනින් වර්ධනය වන ගෙඩියක් වැනි දෙයක් ගෙලෙහි හට ගැනීම, ගෙල ඉදිමීම, ගෙල ඉදිරිපසින් පටන් ගෙන කන් දෙක දක්වා පැතිර යන වේදනාවක් හට ගැනීම, උගුර බැරැුන්ඩි වීම සහ එම තත්ත්වය දිගටම පැවතීම, ආහාර ගිලීමට අපහසු වීම, හුස්ම ගැනීමට බැරිවීම, සෙම්ප‍්‍රතිශ්‍යා ත්ත්වයක් නැතිව නොනවතින කැස්සක් හට ගැනීම තමයි ප‍්‍රධාන රෝග ලක්‍ෂණ.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles