Divaina - ජ්‍යොතිෂ්‍යය පචයක්ද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n8 1- ජ්‍යොතිෂයේ ගණිතමය සහ විද්‍යාත්මක විවරණය - 10 වන කොටස
 
 - මිනිසා රංචු වශයෙන් ජීවත්වීමට පටන්ගෙන කොපමණ කලක් ගත වී ඇද්දැයි තවම හරියට නිශ්චය කරගෙන නැත. මිනිසා දඩයම් යුගය, එෙඬ්ර යුගය පසුකොට කෘෂිකාර්මික යුගයට පැමිණි පසු කාලගුණයෙහි වැදගත්කම වඩාත්ම තේරුම් ගත්තේ එය තදින්ම කෘෂිකර්මයට බලපාන හෙයිනි.
 
 සූර්යයා මත පදනම් වූ වර්ෂාපතනය, බෝග සිටුවීමේදී චන්‍ද්‍රකලාවේ ඇති වැදගත්කම හා පූර්ණ චන්‍ද්‍රයා ඇති දිනවල වර්ෂාවක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ගැන ඔවුන් දැන සිටියේ අත්දැකීමෙනි. කෘෂිකාර්මික ජන ජීවිතය හේතුවෙන් බෝග නිපදවීම, ගබඩා කිරීම, කිරි හා මස් සඳහා සතුන් ඇති කිරීම ආදී කරුණු නිසා මිනිසාට අවුරුද්දේ ගත හැකි විවේක කාලයක් ද ඇති විය. රංචු ගැසීම නිසා මොවුන් අතරින් නොයකුත් සංස්කෘතික අංගයන් ජන ජීවිතයට එකතු විය.
 
 මේ අතර තවත් කණ්ඩායමක් යාගහෝම ඇදහිලි කෙරේ සමාජය යොමු කොට ඉන් ලාභ ප‍්‍රයෝජන
 
 ගන්නට පෙළැඹිණ. තවත් සමහරක් මින් ලද අත්දැකීම් තම මනස තුළ ගළපමින් නව නිර්මාණ ඇති කරන්නට උත්සාහ කළහ. කෘෂිකර්මයට, දඩයමට අවශ්‍ය ආම්පන්න බිහිකිරීමට හා ඒවා වැඩිදියුණු කිරීමට මොවුන් දායක වූහ. ඔවුන්ට සමාජය තුළ වැඩි
 
 පිළිගැනීමක් ඇති විය. මේ නිසා ප‍්‍රඥාව දියුණු කිරීම කෙරේ යොමු වූ තවත් කොට්ඨාසයක් ඇති විය. අද මෙන් හිතන්නට බොහෝ දේවල් නැති ඒ යුගයේ එක් අරමුණක් කෙරේ සිත මෙහෙයවමින් අරමුණ ජය ගැනීමට මෙම ප‍්‍රඥාවන්තයන්ට හැකි විය.
 
 මනුෂ්‍ය ශරීරය ගැන මනසින් පූර්ණ අධ්‍යයනයක් කොට එයට සෑදෙන
 
 රෝගාබාධ හා ඒවා වැළැක්වීමේ, සුව කිරීමේ මාර්ගය හා ඒවා සුව කිරීම ඔස්සේ කටයුතු කොට ආයුර්වේදය ලොවට බිහිකළ තවත් කොට්ඨාසයක් මේ අතර සිටියේය.
 
 කෘෂිකාර්මික ජන ජීවිතය නිසා ජීවත් වීමට එක් ප‍්‍රදේශයක් තෝරාගත් අතර ස්ථිර වාසස්ථාන සාදා
 
 ගැනීමට මිනිසා පුරුදු විය. මෙහිදී නිවසට හිරු එළිය වැටෙන ආකාරය, සුළං හමන දිශාවන්, දොර කවුළු සංඛ්‍යාවන් ආදිය සම්බන්ධයෙන් තවත් ප‍්‍රඥාවන්ත කොටසකගේ සිත යොමු විය. වාස්තුවේදය මේ අයුරින් වර්ධනය විය. මේවාට අවශ්‍ය ගණිතමය සම්බන්ධතා, වෘත්තයක අරය හා පරිධිය අතර ඇති සම්බන්ධතාවය පෙන්වන ඔඔ හි අගය, අංකයක වර්ගමූලය සෙවීම, සෘජුකෝණී ත‍්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය භාවිත කොට ඉතා නිවැරැුදිව 900 සෙවීම ආදී
 
 ගණිතමය කරුණු ඉන්දියානු ප‍්‍රාඥයන් විසින් ඉතා ඈත අතීතයේ සොයාගෙන ඇත. බටහිර විiාවෙන් මේවා සොයා ගත්තේ ඉතා මෑත අතීතයේ දීය. උතුරු ඉන්දියාවේ වසර 3000 කට පමණ පෙර විසූ බුද්ධායන නමැති සෘෂිවරයා මේවා සුල්බ සූත‍්‍ර නමින් පුස්කොළ පොත්වල ලියා ඇත. මේවා ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයට පමණක් ලියා ඇති අතර ඒවායේ සාධනයන් පෙන්වා දී නැත. මේවා බටහිරයන් සාධනය කර ඔප්පු කොට ඒවා තමන්ගේ නමින් ප‍්‍රසිද්ධියට පත් කළහ.
 
 සුල්බ සූත‍්‍රයෙහි සඳහන් සෘජුකෝණී ත‍්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය මෙසේ සංස්කෘත භාෂාවෙන් ලියා ඇත. මෙය දැන් පයිතගරස් ප‍්‍රමේය ලෙස හැඳින්වේ.
 
 ‘දීර්ඝාස්යාක්‍ෂණයා රජ්ජහ් පාර්ස්වමානී ත්රියදම් මානී
 
 චායත්ප‍්‍රදග් කුරුතාස්තාදුභායන් කරෝති.’’
 
 අරුත
 
 සෘජුකෝණී ත‍්‍රිකෝණයක දීර්ඝ පාදය ඔස්සේ යවන ලද කඹයකින් සෑදෙන සමචතුරස‍්‍රයක ප‍්‍රදේශය එමෙන්ම අනෙක් පාද මත හැදෙන සමචතුරස‍්‍ර ප‍්‍රදේශවල එකතුවට සමාන වේ.
 
 බුද්ධකාලයේ ඉන්දියාවට පැමිණි පයිතගරස් මෙම ගණිතකර්ම උගත් අතර බුදුන් වහන්සේ වෙත පැමිණ ලෝකයේ හැඩය ගැන විචාළේය. ඒ යුගයේ බටහිර මතය වී තිබුණේ ලෝකය පැතලි තැටියක් යන්නය. පාත‍්‍රයක් අතට ගත් බුදුන් වහන්සේ ලෝකයේ හැඩය මෙය යැයි
 
 පයිතගරස්ට වටහා දුන්හ. ඉන්දීය ඉතිහාසයේ මේ බැව් පැහැදිලිව සඳහන් වේ.
 
 මෙලෙසම චිත‍්‍ර කර්මය, සංගීතය, ලෝහ විiාව ආදී මිනිස් ජීවිතයට අවශ්‍ය වන සියලූම විiාවන් ලෝකයට ප‍්‍රඥාවන්තයන් මගින් බිහි විය. එම ප‍්‍රාඥයින් සෘෂිවරුන් හො මුනිවරුන් වශයෙන් හඳුන්වනු ලැබීය.
 
 කෘෂිකර්මය සඳහා අවශ්‍ය වූ කාලගුණික අධ්‍යයනයන් කිරීමට යොමු වූ ප‍්‍රාඥායින් සමහර කාලවලදී සූර්යයා උතුරු පැත්තට බරවත් තවත් සමහර කාලවල දකුණු පැත්තට බරවත් ගමන් කරන බව තේරුම් ගත්හ. සූර්යයා මෙසේ උතුරටත් දකුණටත් දෝලනය වන ආවර්තයක් වසරක් ලෙස හැඳින් වූ අතර වසරක කාලය තුළ චන්‍ද්‍රයා දොළොස් වතාවක් තමාගේ ස්වභාවය වෙනස් කරන අයුරු ද එම වෙනස්කම් බෝගවලට හානිදායක හා මිත‍්‍රශීලී කෘමීන්ගේ ජීවන චක‍්‍රයට බලපාන අයුරු ද සූර්යයාගේ උතුරු - දකුණු දෝලනය ශාකයන් හි ප‍්‍රරෝහණය, කොළ හට ගැනීම, මල්
 
 හටගැනීම, පල හට ගැනීම ආදිය කෙරේ කෙතරම් සම්බන්ධතාවක් දක්වන්නේ දැයි, මොවුන් සොයා ගත්හ. බීජවලට හානිදායක කෘමීන්ගේ ජීවන චක‍්‍රයේ ක‍්‍රියාශීලීත්වය අඩුවන දිනයන් හා වේලාවන් බලා බීජ වැපිරීම, වර්ෂාව ගැන කාලගුණික අධ්‍යයනය මගින් අස්වනු නෙළීම ආදී වේලාවන් (අද කියන ලෙසින් නැකත්* එදා සාදාදුන් අතර මේවා පිළිපදින අයගේ අස්වනු නොපිළිපදින අයගේ අස්වනු වලට වඩා වැඩිවිය. මේ හේතුවෙන් මෙම ප‍්‍රාඥයන්ට එම සමාජයේ විශේෂ තැනක් හිමිවිය.
 
 හිරු සඳු ද්විත්වයට අමතරව තාරකාවලින් වෙනස් වූ ඇසට පෙනෙන තවත් ග‍්‍රහලෝක අහසේ ඇති බැව් හඳුනාගත් අතර ඒවායේ වෙනස්වීම් ද පරිසරයට හා ශාක ප‍්‍රජාවට යම් බලපෑමක් ඇති කරන බව වටහා ගැනීමට ද මේවා ඇසුරු කරගත් විට වඩා සූක්‍ෂම කාල රටාවක් පිළියෙළ කර ගත හැකි බව ද මෙම ප‍්‍රාඥයන්ට පසක් විය. සූර්යයාගේ කාල රටාව වසරක් වුවද සෙනසුරුගේ කාල රටාව වසර තිහක් බව වටහා ගත යුතුය.
 
 කෘෂිකර්මය සඳහා ඉතාම නිවැරදිව භාවිත කළ මෙම ශාස්ත‍්‍රය මිනිසුන් සඳහා ද යොදාගත හැකි දැයි ඊළඟට පර්යේෂණ කරන්නට විය. කෘෂිකාර්මික බීජ තමනට රිසි සේ ගැළපෙන කාලය තුළ ප‍්‍රරෝහණය කර ගත හැකි වුවද, මිනිසුන්ගේ උපත සිදුවන්නේ අහඹු ලෙස වීම නිසා, එම උපත සිදු වූ කාල රාමුව අනුව මිනිසුන්ගේ චරිත ලක්‍ෂණ හා අනාගත ජීවන චක‍්‍රය කෙසේ වේ දැයි පරීක්‍ෂා කිරීමට මෙම ක‍්‍රමවේදය භාවිත කළ හැකි බව මෙම පර්යේෂණයන්ගෙන් සනාථ විය. ඇසට පෙනෙන අනෙකුත් ග‍්‍රහයන් ද උපයෝගී කර ගෙන සාදාගන්නා ඉතා සංකීර්ණ කාල රාමු තුළින් පලාපල කිව හැකි ජ්‍යොතිෂයට ආරම්භක පදනම වැටුණේ මේ අයුරිනි.
 
 පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහු සිටින ස්ථානයෙන් ස්ථානයට කාල රාමු විවිධාකාර වන නිසා මෙම ශාස්ත‍්‍රය තුළින් පුද්ගලයකුගේ අනන්‍යතාවය තවත් පුද්ගලයකු කෙරෙන් අතිශය වෙනස් විය.
 
 බෝග සඳහා කාලය කෙතරම් වැදගත් වන්නේ දැයි මා ඉහත පෙන්වා දුන් කරුණු වලින් විiාත්මකව හා තර්කානුකූලව ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමි. එලෙසම ශාක ප‍්‍රජාවගේ හැසිරීමට පිහිටි ස්ථානය ද කෙතරම් වටින්නේ දැයි ඔබට මෙසේ තහවුරු කරගත හැක. ලංකාවේ වයඹ දකුණ බස්නාහිර ආදී ප‍්‍රදේශවල පොල්ගස හොඳින් වැවෙතත් යාපනය ප‍්‍රදේශයේ එසේ නොවේ. එමෙන්ම යාපනය ප‍්‍රදේශයේ වැවෙන තල්ගස රටේ අනෙකුත් ප‍්‍රදේශවල එසේ දක්නට නැත. විවිධ රටවල් වශයෙන් බැලූවහොත් එංගලන්තයේ කිසිසේත් පොල් ගසක් වැවිය නොහැක. (රසායනාගාර තත්ත්ව යටතේ එංගලන්තයේ උද්භිද උiානයක එක ගසක් වවා ඇත.* මෙලෙසම ජීවියකුගේ කාල රාමුව හා ස්ථානය යන හේතු දෙක මත ජීවන රටාව වෙනස් වේ. පැරණි ප‍්‍රාඥයෝ මේ සියල්ල එකතු කොට ශාස්ත‍්‍රය ගොඩනැඟූහ.
 
 අප රටේ පුරාණ වාරි ව්‍යාපෘති එක් රජකෙනකු යටතේ පටන්ගෙන නිම කිරීමට නොහැකි වුවත් ඒ රජුගෙන් අවසන් වූ තැන සිට ඊළඟ රජතුමා පටන් ගත්තේය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට දිගටම ගිය හෙයින් අද අප රටට අවුරුදු දහස් ගණනක් පැරණි එහෙත් ඉතා ශක්තිමත් එමෙන්ම මුළු ලෝකයම පුදුමයට පත් කරවන වාරි ව්‍යාපෘති දක්නට ඇත. එහෙත් මෑතක බිහි වූ රජයන් තමන්ගේ ප‍්‍රතිපත්ති වසර පහෙන් පහට හෝ හයෙන් හයට වෙනස් කිරීම නිසා නිදහසින් වසර හැත්තෑ දෙකකට පසුව අප ඉන්නේ නිදහස ලැබූ දා තිබුණු තත්ත්වයටත් වඩා පිටුපසිනි. එක් අයෙක් අද ලක්‍ෂ 5 කට වඩා ණය වී ඇත. පුරාණ ශාස්ත‍්‍රයත්, පුරාණ වාරිකර්මාන්තය මෙන් පරපුරෙන් පරපුරට දියුණුවෙමින් පැමිණීම නිසා එය අද සිටින අයට වටහා ගැනීමට අපහසු තරමේ ශාස්ත‍්‍රයක් වී ඇත. ඉන්ද්‍රීය ගෝචරව හා ප‍්‍රඥා ගෝචරව ගොඩනැංවූ මෙම ශාස්ත‍්‍රය දෙස අද සිටින බොහොමයක් දෙනා බලන්නේ ඉන්ද්‍රීය ගෝචර ලෙස පමණි.
 
 සෘෂිවරුන්ගෙන් පසු මෙම ශාස්ත‍්‍රය බ‍්‍රාහ්මණයන් අතට පත් විය. ලාභ අපේක්‍ෂාවෙන් තොරව පර්යේෂණ කරමින් ඉදිරියට ගෙනා මෙම ශාස්ත‍්‍රය බ‍්‍රාහ්මණයන් තමන්ගේ සුඛ විහරණයට යොදා ගත්තේය. මෙය මහා බ‍්‍රාහ්මයා විසින් බ‍්‍රාහ්මණයන්ට දුන් ත්‍යාගයක් හා වරමක් ලෙස හඳුන්වමින් ඒවාට වැරදි අර්ථකථන දෙමින් ගෝලයන් වෙත ගුරුමුෂ්ටි තබා ගනිමින් ඉදිරියට රැුගෙන ඒම නිසා ශාස්ත‍්‍රය යම් පරිහානියට පත්විමත් සිදුවිය. එහෙත් එපමණින් හෝ ශාස්ත‍්‍රය ඉදිරියට ගෙන ඒම ගැන ඔවුන්ට ප‍්‍රණාමය පුද කළ යුතුය. විවිධ ආක‍්‍රමණ නිසා ශාස්ත‍්‍රය දන්නා අය මරා දැමීමත් පුස්කොළ පොත් ගිනි තැබීමත් හේතුවෙන් පැරැුණි ශාස්ත‍්‍රය තවත් කොටසක් විනාශ විය. ඊට හොඳහම උදාහරණය නාලන්දා පුස්තකාලයයි. මෙහිදී පුරා මාස හයක කාලයක් අතිවිශාල ප‍්‍රමාණයක් ජ්‍යොතිෂ සහ ආයුර්වේද පොත පත ගිනිබත් විය.
 
 ලබන සතියේ - කරුණු දහයක් ඉදිරිපත් කරමින් ජ්‍යොතිෂය මිථ්‍යාවකැයි හඬ නඟන භෞතිකවාදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු
 
 චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles