Divaina - හඳහන බලා හරියටම අනාවැකි කියන්නේ මෙහෙමයි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n6 2හඳහනක් පරීක්‍ෂා කර ගැනීම සඳහා ජ්‍යොතිෂවේදියෙක් වෙත පැමිණෙන බොහෝ දෙනෙකු පුන පුනා විමසන කරුණක් වන්නේ තම කේන්ද්‍රය පරීක්‍ෂා කරගැනීමට බොහෝ ජ්‍යොතිෂවේදීන් වෙත ගියත්, ඔවුන් පවසන පලාඵල කිසිවක් සිදු නොවන්නේ මන්ද? යන්නයි. තමාගේ ජන්ම පත‍්‍රයට අනුව කියන පලාඵල ඒ ආකාරයෙන්ම සිදු නොවන්නට හේතු කාරණා කීපයක්වේ. ප‍්‍රථමයෙන් ඔබට පැවසිය යුත්තේ ඔබ කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීමට යෑමේදී, සෑම ජ්‍යොතිෂවේදියෙක්ම ඔබ විසින් රැුගෙන යන කේන්ද්‍ර උපන්දිනය, උපන් වේලාව හා උපන් ස්ථානයට අනුව ඔබගේ කේන්ද්‍ර සටහන නිවැරදිද, යන්න පරීක්‍ෂා නොකිරීමයි. මෙහිදී ඔබ ළ`ග පවතින කේන්ද්‍ර සටහනේ සුළු වරදක් හෝ පවතී නම් එයට අනුව පවසන පලාපල කිසිසේත්ම නිවැරදි වන්නේ නැත.
 
 සම්ප‍්‍රදායික ජ්‍යොතිෂයට අනුව, තවත් එක් හේතුවක් වන්නේ කේන්ද්‍රයක ග‍්‍රහපිහිටීම් සූක්‍ෂම ලෙස පරීක්‍ෂණයට ලක් නොකිරීම වේ. එනම් ග‍්‍රහයන්ගේ බල දුබලතාවය, රාශියෙන්, හෝරාවෙන්, දේර්කාණයෙන් නවාංශකයෙන්, ත‍්‍රිංෂාංශකයෙන්, නැකතෙන්. අවස්ථාවෙන් (ශාසන, උපවෛශන ආදී* ග‍්‍රහයන්ගේ බලතත්ත්වය (බාල, කුමාර, තරුණ ආදී* යන සියලූ කරුණු පරීක්‍ෂා කළයුතු වේ. මෙම සූක්‍ෂම ආකාරයට කේන්ද්‍රයන් පරීක්‍ෂා කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාළ වන්නා වූ ග‍්‍රහයන්ගේ බල දුබලතාවය, කේන්ද්‍රයට අනුව ග‍්‍රහයන් ශුභයන්ද අශුභයන්ද යන්න නිවැරදිව පරීක්‍ෂා කර, එසේම ග‍්‍රහයන්ගේ ගෝචර ගමන පරීක්‍ෂා කර අතීතයේ, වර්තමානයේ, ආනාගතයේ කුමක් සිදුවීද? කුමක් සිදුවන්නේද? යන්න තෙවැනි ඇසක් ඇති ජ්‍යොතිෂවේදියෙකුට ප‍්‍රකාශ කළ හැක.
 
 කටක ලග්න හිමියෙකුගේ ශනි 4 වැන්නේ, එනම් තුලාවේ පිහිටා තිබීම පංචමහා පුරුෂයෝගවලින් 1 ක් වන ශශ යෝගය උදාවෙයි. නමුත් ශනි අනෙකුත් වර්ග (ලිිපියේ ඉහත සඳහන් කළ* වලින් දුර්වල නම් යෝගය නාම මාත‍්‍රයකට පමණක් සීමා වේ. තවද 22 වන දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති 6, 12, 8 අධිපති ආදී බොහෝ කරුණු සම්බන්ධ කරගෙන කේන්ද්‍ර හිමියෙකුගේ අශුභ ඵල ප‍්‍රකාශ කරයි. විශේෂයෙන් රෝග, මරණ, විපත් ආදිය වේ. නමුත් සෑම දෙර්කාණයකටම අයත් ශරීර අවයවයන්, රාශියකට (කාල පුරුෂයාට අදාළව* අයත් අවයවයන් ග‍්‍රහයන්ට අදාළව ශරීර ඉන්ද්‍රියනුන්, ග‍්‍රහයන්ට අදාළ ලෙඩ රෝගත් ආදී කරුණු සම්බන්ධ කරගෙන, වෛiවරයෙකු රෝග විනිශ්චය කරන ආකාරයට පළපුරුදු ජ්‍යොතිෂවේදියකුට ද රෝග සම්බන්ධ අනාවැකි පලකල හැක. මෙය එක් උදාහරණයක් පමණි. ඒ ආකාරයට අපගේ ජීවිතවලට බලපාන්න වූ සෑම අංශයක්ම පරීක්‍ෂා කළ හැක.
 
 මෙහිදී උදාහරණයක් ලෙස අධ්‍යාපනය, පේ‍්‍රමය, දරුඵල 5 වැන්න පදනම් කරගෙන ප‍්‍රකාශ කරන අතර, ඉහත කාරනා තුන සම්බන්ධව ජීවිතයේ අසාර්ථක තත්ත්වයන් පෙන්නුම් කරයිනම් එහිදී ග‍්‍රහයන්ගේ බලපෑම එනම්, 5 වැන්නාධිපති, 5 වැන්නේ ග‍්‍රහපිහිටීම් 5 වැන්නාධිපති පිහිටි නැකත, නවාංශකය, අවස්ථාව හා ඉහත සඳහන් කළ ස්ථානයට අදාළ වන්නා වූ ග‍්‍රහයන්ට අනෙකුත් ග‍්‍රහයන්ගෙන් ඇතිවන බලපෑම මත, එනම් උප්පත්ති ජන්මපත‍්‍රයට අනුව අයහපත් කාරණා බලපා ඇති බව ජ්‍යොතිෂවේදියා, නිගමනය කළ යුතු අතර, ග‍්‍රහ ගෝචරය පදනම් කරගෙන ජන්මියාට බලපෑම හා මහදශා, අන්තර් දශාවල බලපෑම කාලීනව එනම් අධ්‍යාපනය ලබන කාලය, පේ‍්‍රම කරන කාලය, දරුවන් ලබන කාලය ආදියට අයහපත් ලෙස බලපායි නම් ඉහත කාරනා සම්බන්ධයෙන් අසාර්ථක වීම් සිදු වේ. ඊට අමතරව පේ‍්‍රමය සම්බන්ධයෙන් කුජ, සිකුරුගේ බලපෑමක්, අධ්‍යාපනය සම්බන්ධයෙන් බුධ, ගුරුගේ බලපෑමක්, දරුඵල සම්බන්ධයෙන් ගුරුගේ බලපෑමක් ඉහත ස්ථානයට අනුව පලාඵල කථනයේදී බැලිය යුතුය. ඒ ඒ කාරණාවලට කාරක වන ග‍්‍රහයන්ගේ බල දුබලතාවය මත යමෙක් අධ්‍යාපනය ඉතා ඉහළින් නිම කළද අනෙකුත් කාරනා වන පේ‍්‍රමය හා දරුඵල අසාර්ථක විය හැකිය. මේ ආකාරයට ජීවිතය් සෑම පැතිකඩක්ම නිශ්චිතවම විග‍්‍රහ කිරීම ජන්ම පත‍්‍රය ඇසුරු කරගෙන සූක්‍ෂම පරීක්‍ෂණයකින්
 
 නිගමනය කළ යුතුයි. ඒ ආකාරට පලාඵල කථනයේදී සියල්ල නිවැරදිව පරීක්‍ෂා කර නිවැරදිව අනාවැකිය ප‍්‍රකාශ කළ යුතු වේ.
 
 තවද ජ්‍යොතිෂවේදීයාගේ ජ්‍යොතිෂ අත්දැකීම්ද පලාඵල කථනයට ඉතාම වැදගත් කරුණක් වන අතර, සෑම කේන්ද්‍රයක්ම දුටු පමණින් අත්දැකීම් මුල්කරගෙන පලාඵල කීම නුවණට හුරු නැත. අප නොදන්නා ගමනක් යන විට මාර්ගය සොයා ගැනීමට මාර්ග සිතියමක් යොදා ගන්නාසේ, ජීවිත ගමන යෑමේදී ඒ සඳහා ඔබගේ කේන්ද්‍ර සටහන යහපත් ආකාරයට යොදාගත හැක.
 
 විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී
 ගෝඨාභය මුදලිගේ


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles