Divaina - මහා භාග්‍යා යෝගයෙන් ජනිත වන පිංවත් කාන්තාවෝ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n5 2ජන්මියකු මෙලොව එළිය දකින මොහොතේ නැගෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවන රාශිය මුල් කරගෙන ජන්ම පත‍්‍රය හෙවත් කේන්ද්‍රය සකස් කර එමගින් ජන්මියාගේ ජීවිතයට කර්මානුරූපව උරුම වන දුක් කම්කටොළු හෝ සැප සම්පත් දැන උගත්කම් නූගත්කම් තම තමාගේ චරිතය ගතිගුණ ශරීර සෞඛ්‍ය වාසනාව හෝ අවාසනාව විවාහය දියුණුව හෝ පරිහානිය යන තම ජීවිතයට අදාළ සියලූ කරුණු තම ජන්ම අවස්ථාවේ පිහිටි ග‍්‍රහයන්ගේ බල දුබලතා අනුව විග‍්‍රහ කිරීම පලාපල කථනය නම් වේ.
 
 මෙහිදී තම තමන්ගේ දැන උගත්කම් තරාතිරම කුමක් වුවත් ස්ත‍්‍රී පුරුෂ දෙපක්‍ෂයටම මූලික වශයෙන් සමීපතම බැඳීම වශයෙන් සැලකෙන්නේ විවාහයයි. විශේෂයෙන් කාන්තාවන්ට මනා රූසපු දේහ ලක්‍ෂණයකට හා යහගුණ පිරි ආදර කරුණාබර සිතුවිලි පෝෂිත කරවනු ලබන ග‍්‍රහයන් වශයෙන් සැලකෙන පුර සඳු හා සිකුරු යන මෙම ග‍්‍රහයන් දෙදෙනා සුභව බලවත්වීම කාන්තා කේන්ද්‍රයකට ඉතා වැදගත් වේ. එමෙන්ම රාත‍්‍රී කාලයේ උපත ලබන කාන්තාවන්ට පමණක් වාසනාව ගෙන දෙන මහා භාග්‍යා නම් යෝගය තම ජන්ම කේන්ද්‍රය ස්ත‍්‍රී රාශියක් වී රවි සහ සඳු පාපී ග‍්‍රහ සංයෝගවලින් තොරව ස්ත‍්‍රී රාශිවල පමණක් පිහිටා තිබීමෙන් මෙම යෝගය සුබඵල දෙමින් උදාවේ. තවද වෘශ්චික රාශිය වී හත්වැන්නේ රාත‍්‍රී බල ඇති වෘෂභයේ සෞම්‍ය සිකුරු හෝ සඳු යෝග වීමෙන් හෝ තනියෙන් සිටීමද ඉතා බලවත් යෝගයකි. කාන්තාවකගේ
 
 ලග්නය මකර වී හත්වැන්නේ පුර සඳු සහ ගුරු සංයෝගවීම ද ඉතා ගුණවත් බලවත් තම විවාහයෙන් පසු ඇය සියලූ සැප සම්පත් තම ස්වාමියාට ලැබ දෙන සුරබිදෙනක් බඳුය. ධනු හෝ මීන ලග්නය වී එහි ගුරු තැන්පත්ව බලවත්වීමද කාන්තා කේන්ද්‍රයකට යහපත් සුබඵල ලබාදෙන ග‍්‍රහ පිහිටීමකි. ඇය සමාජයට හා තම ස්වාමියාට ප‍්‍රිය උපදවන ආගම දහමට ගරු කරන පතිදම් සුරකින පිංවත් කාන්තාවකි. ස්ත‍්‍රී කේන්ද්‍රයකට 3-7 11 යන ස්ථානවල සුභ ග‍්‍රහයන් පමණක් බලවත් වී පිහිටීමද 4, 5 සහ 9 යන ස්ථානවලට එම ග‍්‍රහයන්ගේ සුබ දෘෂ්ටි වැටීමෙන් හෝ පිහිටීමෙන් ඇය ඉතා යුගදිවිය සැපවත් කරන වාසනාවන්ත ¥ දරු සම්පත් ලබන කරුණාබර බිරිඳක් වනු ඇත.
 
 මෙවැනි යහපත් වාසනාවන්ත බිරිඳක් හෝ යහපත් ස්වාමියකු සමග අතිනතගෙන යුගදිවියේ සැපත සතුට ලැබීමට යහපත් ග‍්‍රහබලය මෙන්ම පෙර සංසාරේ අප කළ කුසල් බලයද තිබිය යුතුය. අකුසල් බලය වැඩිනම් එය හාත්පසින්ම වෙනස් වී තම යුග දිවිය මිහිපිට අපායක් බඳුවේ.
 
 කීර්ති ශ‍්‍රී ලංකාභිමානී, ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,ගුප්ත විද්‍යාවේදී
 ජේ. එම්. ජයන්ත ඒකනායක
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles