Divaina - සහකරු මිය යන්නේ පාප ග‍්‍රහයෝ කී වැන්නේ සිටීමෙන්ද?

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

n5 1විවාහ අපේක්‍ෂිත දෙදෙනෙකුගේ විවාහය සිදුවීමට කලින් ඔවුන්ගේ අනාගත විවාහ ජීවිතය ගැන සොයා බැලීමට කියන වැදගත්ම ක‍්‍රමය වන්නේ ජ්‍යොතිෂයේ එන විවාහ පොරොන්දම් බැලීමයි. පොරොන්දම් 20 කින් මේ දෙදෙනා අතර පවතින සම්බන්ධය මොන වගේ වේවිද කියලා විවිධ පැතිකඩ ඔස්සේ සොයා බලනවා. ඒ අතරින් 20 වන පොරොන්දම වන ග‍්‍රහ පොරොන්දමෙන් තමයි බලන්නේ මේ දෙදෙනාගෙන් එක් අයකු නිසා විවාහයෙන් පසුව අනෙකාගේ මරණය සිදුවීමට ඉඩක් තියෙනවාද යන්න. ස්ත‍්‍රී කේන්ද්‍රයක පෙන්වන පුරුෂයාට මරණය ගෙන දෙන යෝග ගැනත් පිරිමි කේන්දරයේ පෙනෙන්නට තිබෙන භාර්යාවට මරණය ගෙන දෙන යෝග ගැනත් මේ ලිපියෙන් අපි සොයා බලමු.
 
 ස්ත‍්‍රී කේන්දරයක අ`ගහරු සෙනසුරු, රවි, රාහු යන පාප ග‍්‍රහයෙක් හෝ වැඩි ගනණක් කේන්ද්‍රයේ හත්වන හෝ අටවන භාවයේ හෝ සඳු සිටින භාවයෙන් හත්වැන්නේ හෝ අටවැන්නේ සිටීමෙන් විවාහයෙන් පසුව ස්වාමිපුරුෂයා අකාලයේ මියගොස් වැන්දඹු වන බව ජ්‍යොතිෂයේ සඳහන්.
 
 මේ වගේම පිරිමි කේන්දරයක හත්වන භාවයේ හෝ සඳුගෙන් හත්වැන්නේ, රවි, කුජ, ශනි, රාහු යන පාප ග‍්‍රහයෙන් හෝ වැඩි ගණනක් සිටීමෙන් විවාහයෙන් පසුව භාර්යාව අකාලයේ මිය යන බව සඳහන් වෙනවා.
 
 ස්ත‍්‍රී කේන්දරයක හෝ පිරිමි කේන්දරයක ඉහත සඳහන් ලෙස විවාහකයා අකාලයේ මිය යන වැන්දඹු යෝගයක් හමු වූ විට අපි බලන්න ඕනේ මීට සමාන වැන්දඹු යෝගයක් යෝජිත අනෙක් කේන්දරයෙක් තියෙනවාද කියලා. මීට අමතරව පහතින් සඳහන් වන වෙනත් වැන්දඹු යෝගයක් හරි යෝජිත අනිත් කේන්දරයෙක් තියෙන්න ඕනෙ. මේ විදියට විවාහකයාට මරණය ගෙන දෙන ග‍්‍රහ පිහිටීමක් සහිත කේන්දරයක්. අපට දෝෂ සහිත කේන්දරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. දෝෂ සහිත කේන්දරයකට දෝෂ සහිත කේන්දරයක් ගැලපෙන බව ජ්‍යොතිර් විiාවේ සිද්ධාන්තයක් වශයෙන් සඳහන් වෙනවා.
 
 ස්ත‍්‍රී කේන්දරයක හත්වැනි රාශියේ අධිපති නීච, සතුරු වැනි තත්ත්වයකට පත් වී, පාප ග‍්‍රහයන්ට මැදිව කේන්දරයේ දුෂ්ඨ ස්ථාන වන හය වැන්නේ, අටවැන්නේ හෝ දොළොස්වැන්නේ තැන්පත්ව සිටීමද, අටවැන්න අධිපති හත් වැන්නේද හත් වැන්න අධිපති අටවැන්නේද පාප දෘෂ්යි ලබමින් සිටීමද ස්වාමි පුරුෂයාට මරණය ගෙන දෙන යෝග ලෙස සඳහන්ව තිබෙනවා.
 
 විශේෂයෙන්ම විවාහ අපේක්‍ෂිත ස්ත‍්‍රී කේන්දයෙක සඳු තැන්පත්ව සිටින්නේ කිනම් රාශියකද යන්න සොයා බැලීම වැදගත් වෙනවා. මේෂ හෝ වෘශ්චික රාශියේ චන්ද්‍රයා තැන්පත්ව සිටියදී එම සඳු පාප ග‍්‍රහයන්ට මැදි වී සිටි හදිසි අනතුරකින් ස්වාමියා මිය යන බව සඳහන් වෙනවා. මෙවැනි කේන්දර හිමි කාන්තාවන් විවාහ විය යුත්තේ මීට සමාන යෝගයක් පවතින කේන්දරයක් හිමි පුරුෂයකු සම`ග බවත් එවිට එම මාරක යෝගය භංග වන බවත් සඳහන් වෙනවා.
 
 පාපග‍්‍රහයන් වන රවි, කුජ, ශනි, රාහු ස්ත‍්‍රී කේන්දරයක ලග්නභාවයේ සහ හත්වැන්නේ පමණක් සිටීමද සඳු හයවැන්නේ හෝ අටවැන්නේ සිටීමද, සඳු, සිකුරු, රාහු යන ග‍්‍රහයන් තිදෙනාම අටවැන්නේ සිටීමද විවාහකයාට මරණය ගෙන දෙන යෝග ලෙස සැලකෙන අතර මීට සමාන යෝග සහිත කේන්දරයක් හිමි පුරුෂයකු සම`ග විවාහ වීමෙන් එම දෝෂ භංග වෙන බවද ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.
 
 පිරිමි කේන්දරයක ලග්න භාවයේ ශනි සහ රාහු සිටීමෙන් බිරිඳට මරණය ගෙන දෙන යෝගයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි හත් වැන්නේ ශනි සිටියදී ලග්න භාවයේ රාහු සිටීම.
 
 කිසියම් කේන්දරයේ ශනි සහ සඳු එකම රාශියේ සිටීම ජන්ම ඒරාශ්ටකය ලෙස සලකනවා. ජන්ම ඒරාශ්ටක හිමියන් කුඩා කාලයේදීම මිය යෑමට ඉඩ ඇති බවත් එසේ මිය නොගිය ජන්ම ඒරාශ්ටක හිමියන් විවිධ කටයුතුවලට දස්කම් දක්වන ශූර අය වන බවත් සඳහන්. මෙම සඳු, ශනි යෝගය හත්වැන්නේ යෙදුන පිරිමි කේන්දර හිමියන්ගේ භාර්යාව අකාලයේ මිය යන අවදානමක් පවතින අතර එවැනි පිරිමින් සම`ග විවාහ වන කාන්තාවටද කලින් සඳහන් කළ මාරක යෝගයක් තිබේ නම් දෝෂය භංග වන බවද සඳහන්.
 
 හත්වැන්නේ රාහු තැන්පත්ව සිටින පිරිමි කේන්දරට ගැනද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හත්වැන්නේ රාහු සිටියදී දෙපස රාශියක (හය වැන්න හෝ අටවැන්නේ* කුජ හෝ ශනි සිටීමෙන්ද විවාහකයාට මරණය ගෙන දෙන යෝගයක් නිර්මාණය වෙනවා.
 
 පිරිමි කේන්දරයක ලග්නාධිපති ග‍්‍රහයා විසින්ද විවාහකයාට මරණය ගෙන දෙන්න පුළුවන්. ඒ ලග්නාධිපති ග‍්‍රහයා සතුරු, නීච වැනි තත්ත්වයකට පත්ව කේන්දරයේ දුෂ්ඨ ස්ථාන ලෙස සැලකෙන 6, 8, 12 යන තැන්වලින් එකක සිටීමෙන්.
 
 සෙනසුරුගේ දෘෂටියට ලක් වූ අ`ගහරු ග‍්‍රහයා පිරිමි කේන්දරයක හත්වැන්නේ සිටීමෙන්ද විවාහකයාට මරණය ගෙන දෙන්න පුළුවන්.
 
 විවාහ පොරොන්දම් බැලීම ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ එන ඉතාමත් වැදගත් සංකල්පයක් ලෙස අපට සලකන්න පුළුවන්. අධි මානසික බලයෙන් යුත් සෘෂිවරුන් විසින් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශිත සිද්ධාන්ත පැරණි පොත පතෙහි සඳහන් වෙනවා. අකාලයේ මිය ගිය විවාහකයන්ගේ ඡුන්ම පත‍්‍ර මරණයෙන් පසුව තම විවාහකයාගේ ඡුන්ම පත‍්‍ර සම`ග මාරක යෝග සඳහා පරීක්‍ෂා කළවිට එම මරණයට විවාහකයාගේ ඡුන්ම පත‍්‍රය වගකිව යුතු බව ඉතා පැහැදිලිව හඳුනාගත හැකි අවස්ථා අපට හමු වෙනවා.
 
 ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles