Divaina - ගෙදරට කිරි උතුරන දස දිසා පිරිත

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

na4 2පංච ශීලය ආරක්‍ෂා කරමින් දස දිසා පිරිත භාවිත කරන ඕනෑම අයෙකුට එයින් අප‍්‍රමාණ ගුණ ලැබිය හැක. බොහෝ පිරිත් පොත්වල ඇත්තේ බුද්දක ජිනපංජරය නමින් මෙම පිරිතේ ගාථා 03 ක් අඩුවෙනි. උදේ සවස භාවිත කරන්න. ලැබෙන අනන්ත අප‍්‍රමාණ ගුණ අත්හදා බලා ප‍්‍රත්‍යක්‍ෂ කරගන්න. බෝධි පූජා තබනවිට පැන් කලයට තුන් වරක් පිරිත් කර කොටසක් බෝධිය නහවා ඉතිරිය මූණේ ගා ගන්න. බොන්න. සුවඳ ධූප 108 වරක් පිරිත් කර නිවසේ දුම් අල්ලන්න.
 
 තමාට කියා ගැනීමේදී 08 වැනි ගාථාවෙහි ‘‘තුය්හං’’ යනු ‘‘මය්හං’’ කියාද 10 වැනි ගාථාවේ ‘තෙ’ යනු ‘මෙ’ යැයි ද වෙනස් කර කියන්න.
 
 01. දිසාසු දසභාගෙසු ඨිතා බුද්ධානුභාවතො,
 
 වෙරාදි අන්තරායාපි විනස්සන්තු අසෙසතො,
 
 එවමාදි ගුණොපෙතං පරිත්තං තං භණාමහෙ,
 
 02. පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනෙ චෙව සොභිතො
 
 දක්‍ඛිණෙ කස්සපො බුද්ධො නිරිතෙ ච සුමංගලො
 
 03. පච්ýමෙ ව සිඛි බුද්ධො වායඛ්‍යා මෙධංකරො,
 
 උත්තරෙ පියදස්සී ච ඊසානෙ දීපංකරො
 
 04. පඨවියං කකුසන්ධො ච ආකාසෙ සරණංකරො,
 
 එවං දසදිසා චෙව සබ්බේ බුද්ධා පතිට්ඨිතා
 
 05. සිරසේ බුද්ධ සෙට්ඨාතේ සාරිපුත්තෝච දක්ඛිණේ්
 
 මොග්ගල්ලානෝච වාමාංසේ පූරතෝ පිටකත්තයං
 
 06. පච්චිමේනච ආනන්දෝ චතුද්දිසා රහන්තකා
 
 සමන්තා ලෝකපාලාච ඉන්ද දේවාච බ‍්‍රහ්මුණෝ
 
 07. ඒතේසං ආනුභාවේන සබ්බුපද්ද උපද්දවා
 
 අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතො
 
 08. අච්චන්තරායා සබ්බේ තෙ සොක රොග භයා පී ච,
 
 විනස්සන්තු සදා (තුය්හං* සබ්බිරියාපථෙසු ච
 
 09. යක්ඛාදිදෙවතාභි ච රාජචොරාදී අග්ගිහි:
 
 අමනුස්සෙහි සබ්බෙහි තිරච්ඡුාන ගතෙසු ච.
 
 10. ජාතා සබ්බේ විනස්සන්තු උපද්දවා අසෙසතො,
 
 එතෙන සච්චවජ්ජේන සොත්ථි (තෙ) හොතු සබ්බදා
 
 ජ්‍යොතිෂවේදී - රංජන් සිසිර කුමාර
 සටහන - ධම්මික හේවාවසම්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles