Divaina - පාරවල් හයකින් ඔබේ දරුවා සොයා එන බාලගිරි

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

na4 1නීතියේ අර්ථ දැක්වීම අනුව අවුරුදු 8 න් පහළ පුද්ගලයා ළමයෙකි. ලංකේශ්වර නාථරාවණයන් විසින් ලියා ඇති කුමාර තන්ත‍්‍රයේ, කුමාරයන් සඳහා ශාන්තිකර්ම සඳහන් කර ඇත්තේ අවුරුදු 8 දක්වා පමණි. ඒ අනුව මට පෙනී යන්නේ නීතියේ අර්ථ දැක්වීම රාවණ රජතුමාගේ අදහස්වලට එකඟව සිදුකර ඇති බවයි.
 
 මිනිසාට බලපාන වැඩිමහල් ග‍්‍රහයන් සිටින්නේ අහසේය. බාල ග‍්‍රහයන් සිටින්නේ පොළවේය. වැඩිමහල් ග‍්‍රහයන් නව දෙනාගේ බලපෑම උපන් කේන්ද්‍රයේ, ග‍්‍රහ ලිතේ, ගෝචර ගමන් දශා, අනු දශා ප‍්‍රගමන, අවගමන වැනි විවිධ ක‍්‍රමවලින් ප‍්‍රකාශ කරනු ලැබේ. පොළවේ සිටින බාල ග‍්‍රහයන් නව දෙනාගේ බලපෑම අඩු වැඩි කරන්නේ පොළවේ සිටින අප විසින්මයි. මහ පොළවේ පරිසරය තුළ සැරිසරන බාල ග‍්‍රහයන් නව දෙනා මෙසේය.
 
 1. ස්කන්ධ 2. අපස්මාර 3. ශකුණි
 
 4. රේවත 5. පුතනා 6. අන්ධ පුතනා
 
 7. ශීත පුතනා 8. මණ්ඩිත 9. නෛගමේෂ
 
 මේ ග‍්‍රහයන්ගේ බලපෑම ඇති කරන කරුණු 6 ක් ඇත. මේ කරුණු 6 න් එකක් හෝ සිදුවුණොත් බාලගිරි දෝෂ යෙදේ.
 
 1. මළ මුත‍්‍රා කළ විට ඒ අවස්ථාවේම පිරිසිදු කළ යුතුයි. අපිරිසිදුව කාලයක් සිටීමට ඉඩ නොදෙන්න.
 
 2. බිය ගැන්වීම සුදුසු නැත. ගෝනි බිල්ලෝ ගැන කියමින් බඩ ලොකු මිනිසුන් පෙන්වා, ඔවුන් අඬන ළමයි ගිලින බව කියමින් දරුවන් බිය ගැන්වීම වැඩිහිටියන්ගේ පුරුද්දකි. මේ පුරුද්ද වහාම අත් හරින්න.
 
 3. අධික ලෙස සිනහ ගැන්වීම සුදුසු නැත. එවිට ද
 
 බාලගිරි දෝෂ පැමිණේ.
 
 4. දරුවාට තර්ජනය කිරීම හා දරුවා හැඬවීම බාලගිරි දෝෂය කැන්දයි.
 
 5. මව කායිකව ඉතා පවිත‍්‍රව සිටිය යුතුයි. ඇය අඳින ඇඳුම පිරිසිදු තත්ත්වයෙන් තිබිය යුතුයි
 
 මව කායිකව අපිරිසිදු නම්, ඇය අඳින ඇඳුම් අපිරිසිදු නම් දරුවාට බාලගිරි දෝෂය ඇති වේ.
 
 6. මවගේ සිත පිරිසිදු විය යුතුයි. ඇය කිසිදු ¥ෂිත කි‍්‍රයාවක නොයෙදිය යුතුයි. සිත ප‍්‍රසන්න වූ තරමට
 
 බාලගිරියන් ඈතට යයි. දරු නැළවිලි ගී කියන විට මවගේත්, දරුවාගේත් සිත් ප‍්‍රසන්න වේ. හොඳින් ඇද පැද මිහිරි හඬින් තාලයට නැළවිලි ගී ගයන විට බාලගිරියන් ඈත් වේ.
 
 පොදුවේ බැලූ විට බාලගිරි දෝෂයේ ලක්ෂණ මෙසේය.
 
 බිලිඳා නිතර අඬයි. නිතර නිතර උණ ගනී. ඈනුම් යයි. ඇහි බැමි අකුළුවයි. මුඛයෙන් කෙළ පෙන ඇති වේ. දෑස් උඩුකුරුව බලයි. තොල් සපයි. රාති‍්‍ර කාලයේ අවදිව සිටී. කිරි බීමට කැමැති නැත. දත්වලින් හා ඇඟිලිවල නියපොතුවලින් මව තුවාල කරයි. වරින් වර වමනය යයි.
 
 දැන් අපි එක් එක් බාලගිරියාට ඇති වන ලෙඩ රෝග විමසමු.
 
 1. ස්කන්ධ බාලගිරියාගේ බලපෑම අනුව ඇස්වලින් කඳුළු එයි. දහඩිය දැමීම සිදුවන්නේ ශරීරයේ එක් පැත්තකිනුයි. උඩ බලාගෙන සිටී. ශරීරය වෙවුලයි. ශරීරයෙන් රුධිරය
 
 ගඳ නික් මේ. දත් මිටි කයි. කිරි සහ කෑම ප‍්‍රතික්ෂේප කරයි.
 
 2. අපස්මාර
 
 බාලගිරියාගේ බලපෑමෙන් සෙම වමනය කරයි. හඬයි. ඇඟ ගඳ ගසයි.
 
 3. ශකුණි බාලගිරියාගේ බලපෑමෙන් දියර ගලන බිබිලි මතු වේ. සිරුර ගඳයි. දරුවා නිතර බියෙන් පසු වේ.
 
 4. රේවති බාලගිරියාගේ බලපෑමෙන් උදරාබාධ ඇති වේ. උණ ඇති වේ. සිරුරෙන් මඩ ගඳ නිකුත් වේ. සමේ බිබිලි ඇති වේ.
 
 5. පුතනා බාලගිරියාගේ බලපෑමෙන් නොසන්සුන් බව ඇති වේ. දැඩි නිදිමත ගතිය පෙන්වයි. උණ හා උදරාබාධ ඇති වේ.
 
 6. අන්ධ පුතනා බාලගිරියාගේ බලපෑමෙන් නිතර හැඬිම කිරි සහ ආහාර ප‍්‍රතික්ෂේප කිරීම සිරුරේ මුඩුතෙල් ගඳ ඇති වේ. උණ, කැස්ස, වමනය බලපායි.
 
 7. ශීත පුතනා බාලගිරියාගේ බලපෑමෙන් ඇඟ කෙට්ටු වේ. ඇස් රෝග ඇති වේ. වමනය හා උදරාබාධ ඇති වේ.
 
 8. මණ්්ඩිත බාලගිිරියාගේ බලපෑමෙන් සිරුරෙන් මුත‍්‍රා ගඳ එයි. කෑදරකමින් ආහාර ගනී. මුහුණ සහ ඇඟ කළු වේ.
 
 9. නෛගමේෂ බාලගිරියාගේ බලපෑමෙන් ඇස් උඩුකර බලයි. දත්මිටි කයි. නිතර පිපාසය ඇති වේ. නින්දේදී
 
 ගැස්මක් ඇති වේ. වමනය කරයි.
 
 කළ යුතු ප‍්‍රතිකාර -
 
 1. දරුවා නිදාගත් පසු අන්තරාය නිවාරණ පිරිත කියමින් දරුවාට පවන් සලන්න.
 
 2. අගිල්, සුවඳ කොට්ටං, සැවැන්දරා, වදකහ, දේවදාර යන ඖෂධයන් සමව ගෙන වියළා කුඩුකර පීරිසියකට දමා එයට සිද්ධාර්ථ තෙල් ස්වල්පයක් එකතු කරන්න. එම ඖෂධ මිශ‍්‍රණය අඟුරු කබලකට දමා දරුවා නිදාගන්නා කාමරයට දුම් අල්ලන්න. තවද එම දුම් දරුවාගේ ඇෙඟ් ස්පර්ශ වීමට ඉඩ හරින්න. මෙම ඖෂධයන් වියළි කුඩු වශයෙන් සිංහල බෙහෙත් බඩු කඩවල විකිණීමට ඇත.
 
 3. පස්තෙල් අවුන්සයක් ගෙන පහත සඳහන් මන්ත‍්‍රයෙන් 108 වරක් මතුරා ගන්න. එම ජප තෙල්වලින් දරුවාගේ ඇහිබැමි යා වෙන තැන තිලකයක් තබන්න.
 
 මන්ත‍්‍රය -
 
 ‘‘ ඕං නමෝ ශී‍්‍ර විෂ්ණු ධාරතේ ස්වාහඃ’’
 
 4. දේවදාර කුඩු, එළවරා මුල් කුඩු, සීනක්කාරන් කුඩු, ගුගුල් කුඩු යන ඖෂධයන් සමව ගෙන හොඳින් මිශ‍්‍ර කරන්න. එයට පහත සඳහන් මන්ත‍්‍රයෙන් 1108 වරක් මතුරා ගන්න. එම බෙහෙත් කුඩුවලින් දරුවා නිදාගන්නා කාමරයට දුම් අල්ලන්න.
 
 මන්ත‍්‍රය -
 
 ‘‘ ඕං නීලගිරි යක්ෂණී හුං හුං
 
 පට්යං ප‍්‍රලේස්වාහඃ’’
 
 මාස 6 ට වැඩි බිලිඳුන් නැහැවීමට;
 
 කහ, වෙනිවැල්, කොකුම්පොතු, සුදු හඳුන්, සැවැන්දරා මුල් හොඳින් පිරිසිදු කර, සුදු රෙදි කඩකට දමා පොට්ටනියක් බැඳ මුට්ටියක් තුළ බහා හොඳින් උතුරවා
 
 ගන්න. මෙමගින් ඖෂධ සියල්ලේ සාරය ජලයට එකතු වන අතර එම ජලය නිවෙන්නට හැර බිලිඳා නෑවීම සුදුසුය. එවිට සම හොඳින් සුවපත් වී, පැහැපත් වී, ආසාදන සිදු නොවේ. සියලූ බාලගිරියන් ඈත් වෙයි.
 
 මා මුලින් දැක්වූ අර්ථ දැක්වීම අනුව ළමයා යනු වයස අවුරුදු 8 ට අඩු වයස ඇති පුද්ගලයාය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේදී නාථරාවණයන් මේ බව පවසා ඇත. අද දවසේ නීති පොත්වල ඇත්තේ ද මේ අදහසමයි. ඒ අනුව බාලගිරි දෝෂය අවුරුදු 8 දක්වාම ළමයින්ට බලපායි
 
 රඹුක්කන - හේළි සරත් රාජකරුණා


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles