Divaina - කුඩා ළමයින්ට ‘‘අ’’ යන්න කියන්න හොඳම නැකත මෙන්න

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

කුඩා දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් නිතර යෙදෙන්නේ නැත. දරුවාගේ වයස සම්පූර්ණ වී තිබීම මෙන්ම එම වයස ඉක්මවීමට පෙර සුබ නැකතක් උදා වීම ද වාසනාවකි. ඔබේ දරුවාත් වයස සම්පූර්ණව සිටී නම් අකුරු කියවීමට සූදානම් වන්න.

n3 2වයස අවුරුදු පහේදී අකුරු කියවීම කරන ලෙස ජ්‍යොතිෂයේ සඳහන්ව ඇතත් පෙර පාසල් අධ්‍යාපන ක‍්‍රමයක් ආරම්භ වී ඇති මෙකල වයස අවුරුදු තුන සම්පූර්ණ වීම අකුරු කියවීමට සුදුසු වයස සේ සැලකේ.

මේ නිසා දැනට වයස අවුරුදු තුන සම්පූර්ණ වීමට ආසන්න නම් මේ සඳහා සුබ නැකත් ඉදිරි සති දෙකේදී යෙදෙන්නේය. අකුරු කියවීම සඳහා විශේෂ බලපෑමක් බුධ ග‍්‍රහයාගෙන් සිදු වේ. ඊට හේතුව බුද්ධියට අධිපති ග‍්‍රහයා වීමයි.

බුධ ග‍්‍රහයා සැප්තැම්බර් 11 වැනි බදාදා උදේ තම උච්ච රාශිය වන කන්‍යා රාශියට පිවිසීමෙන් ඉතා බලවත් වන්නේය. බුධ කන්‍යාවේ බලවත් වන දිනෙක බුධට අයත් කන්‍යා ලග්නය උදාව පැවතීම, බදාදා දිනයක් වීම, බුධගේම තත්කාල හෝරාව උදාවීම හා පංචම කාල හෝරාව උදාවීම නිසා මෙම සුබ නැකත යෙදේ. අංග සම්පූර්ණ සර්වතෝභද්‍ර නැකතක් දෙවියන්ටවත් සෑදිය නොහැකි බව ජ්‍යොතිෂයේ සඳහන්ව තිබේ. මෙම නැකත ද සර්ව සම්පූර්ණ නැතත් දරුවකුට අකුරු කියවීමට නැකැතේ බලය ප‍්‍රමාණවත් වේ. බුධට අයත් දිනය, ලග්නය හෝරාව හා බුධ ලග්නගත වීම සරස්වතී යෝගයක් වේ. මේ කාලය තුළම සිකුරු ද කන්‍යා රාශියේ නීච වුව ද උච්ච බුධ සමඟ සංයෝග වන නිසා ‘‘නීච භංග රාජ යෝගයත්’’ යෙදී තිබේ.

මෙම නැකත උදාවන්නේ සැප්තැම්බර් මස 18 වැනි බදාදා උදේ හයයි විනාඩි පහට (6.05* වන අතර සුබ දිශාව වන්නේ නැගෙනහිර දිශාවයි. මේ නිසා ඔබේ දුවට හෝ පුතාට නැකත් සීහුම බලා මේ නැකතෙන් අකුරු කියවීමෙන් විපුල ප‍්‍රයෝජන ලැබෙනවා ඇත.

මේ වේලාවට අස්විද නැකත උදාවන අතර බෙරණ, පුවපල්, පුවසල, කැති, උත‍්‍රපල්, උත‍්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා පුවපුටුප, අස්ලිස, දෙට, රේවති යන නැකැත්වලින් උපන් දරුවන්ට මෙම නැකත ගැළපේ. මේෂ, තුලා, කුම්භ යන ලග්නවලින් උපන් දරුවන්ට හැර අනෙකුත් ලග්නවලින් උපන් දරුවන්ට වඩාත් ගැළපේ.

n3 1දරුවාට අකුරු කියවීම වැඩිහිටියන්ට ඉතා සුළු කටයුත්තක් ලෙස පෙනුන ද දරුවාට එය ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් බව සැලකිය යුතුය. මේ නිසා එය ඉතා ප‍්‍රසන්න හා මිහිරි අත්දැකීමක් බවට පත් කිරීමට මවුපියන් වගබලාගත යුත්තේය.

අකුරු කියවීමට සූදානම් වන දරුවා සමඟ මවුපියන් දිනකට පෙර විහාරස්ථානයට ගොස් වැඳ පුදා ගැනීම හා දෙවියන්ට පින්දී සෙත්පතා ගැනීම මැනවි.

සරස්වතී ගණදෙවි පූජා නිවසේදීම කිරීම එතරම් ප‍්‍රායෝගික සුදුසු කටයුත්තක් නොවන අතර මේ සඳහා එම දේවාලයකටම ගොස් පූජා තබා සෙත්පතා ගැනීම උචිත වේ.

අකුරු කියවන දරුවාට අලූත් පොත් පත්, පෑන් පැන්සල් සපයා දීම අවශ්‍ය වන අතර භාවිතා කළ යුතු මේසය හා පුටුව දරුවාගේ වයසට ගැළපෙන කුඩා එකක් විය යුතුය. මේ නිසා දරුවාට අකුරු කියවීම පිළිබඳව ප‍්‍රසන්න අත්දැකීමක් හා නැවුම් හැඟීමක් ඇති වන බැවිනි. ලොකු මේසයක් මත බුද්ධ රූපයක් තබා පහන් මල් ආදී බුද්ධ පූජා තබන්න. සරස්වතී/ ගණදෙවි රූප තබා පහන් දල්වන්න. සුවඳ ධූප අල්ලන්න. දරුවා කුඩා මේසය ළඟ පුටුවේ වාඩි කර මව හෝ පියා ඒ අසල වාඩි වෙන්න. මේ වේලාවට වඩා සෙනඟ බලා සිටීම මෙන්ම ඇස්වහ කටවහ දෝෂ ඇති අය ද බලා සිටීම සුබ නැත. දරුවාට ලා කොළ පාට ඇඳුමක් ඇන්දවීම හා අකුරු කියවන කෙනාද ලා කොළ පාට ඇඳුමක් ඇඳ සිටීම සුදුසුය. එමෙන්ම මේ දිනයට පෙර දිනයේ මළ ගෙවල්වල හෝ කිලි ගෙවල්වල ගිය අය කිලි කුණු ඇති අය බලා සිටීම ද ඉතා අසුබය. නැකතට විනාඩි පහකට පෙර දරුවා වාඩි කරවා ගැනීම ප‍්‍රමාණවත්ය.

නැකත් වේලාවට අකුරු කියවීම කරන්න. හෝඩියේ පළමු අක්ෂරය වන ‘අ’ යන්න කියවීම සුදුසුය. අම්මාගේ රූපය සමඟ ඇති ‘අ’ යන්න පහසුවෙන් කියවනවා ඇත. බෝධිසත්වයන් වහන්සේ ද ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ යනුවෙන් පළමුවම ‘අ’ යන්න කියවා ඇති අතර ළදරුවෝ මුලින්ම අම්මා යන වචනයට හුරු වෙයි.

මෙම නැකත් වේලාව අකුරු කියවීමට පමණක් නොව වෙනත් විෂයයන් ඉගෙනීම ආරම්භ කරන වැඩිහිටියන්ට ද සුදුසුය. එමෙන්ම ග‍්‍රන්ථ ලිවීම, සන්නිවේදන කටයුතු ආරම්භ කිරීම, එවැනි ව්‍යාපාර ආරම්භයට ද ගැළපේ. ඔබේ නැකතට හා ලග්නයට ගැළපේ නම් නැකත භාවිතා කර ඉතා ශුභඵල ලබා ගන්න. නැකත් වේලාවට පෙර විනාඩි කිහිපයක් සෙත් පිරිත් කීමද ශුභය.

කලාභූෂණ කෑගල්ලේ -  සුනිල් කුමාර ගම්ලත්


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles