Divaina - ගෞරවාන්විතව විවාහ ජීවිතයට සමුදුන්නා.... දෙන්නට දෙන්නා වෛර කරගන්නේ නෑ ලස්සනට ප‍්‍රශ්නය විසඳාගත්තා...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

හර්ෂණගේ වෙන්වීම ගැන වොල්ගා කියන කතාව’’’
 
 wolga1

 

වොල්ගා කල්පනී’ මේ නම ඇහෙන කොට අපිට හුරුපුරුදු තවත් නමක් තමයි හර්ෂණ බෙත්ගමගේ’ මේ දෙන්න එකවහලක් යට තමයි පසුගිය කාලේ ජීවත්වුණේ’ හැබැයි දැන් දෙන්න වෙන් වෙලා කියලා කතාවක් පැතිරුණා’ එ් කතාවලට ඔවුන් දෙන්නත් නිහඬව උත්තර නොදී හිටියා’ හැබැයි වොල්ගා එ් කතාවට දැන් අපිට කෙලින් උත්තරයක් දුන්නා’ මොකක්ද එ් උත්තර කියලා දැනගන්න නම් මේ වොල්ගාගේ මේ කතාව අහන්නම වෙනවා’
 
 ර`ගපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?
 
 wolga2මේ දිනවල මගේ නිර්මාණ කිහිපයක් විකාශනය වීම ගැන ඇත්තටම සතුටුවෙනවා’ විවිධ චරිත හරහා මට පේ‍්‍රක්‍ෂකයන්ව මුණගැහෙන්න පුළුවන් වෙලා තියෙනවා’ ඉතිං එ් ගැන ඇත්තටම සතුටුයි’
 
 නාට්‍ය කිහිපයකින් වොල්ගාව දකින්න ලැබෙනවා ?
 
 සුදත් දේවප‍්‍රිය මහත්මයා ගේ අධ්‍යක්‍ෂණය කරපු සුළඟ මහමෙවර” ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරපු හිමවැටෙන මල්” පැණි කුරුල්ලෝ” රොෂාන් කුරුප්පු මහත්මයා අධ්‍යක්‍ෂණය කරපු නිරාවරණ කියන ටෙලිනාට්‍ය එක්ක තමයි මේ දිනවල එකතුවෙලා ඉන්නෙ’
 
 මේ චරිතවලට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?
 
 මේ චරිත හතරම විවිධයි’ වෙනස් විදිහේ ප‍්‍රතිචාර ලැබෙනවා’ ගොඩක් අය කියනවා සාර්ථකයි කියලයි’ ඒ ගැන සතුටුයි’
 
 මෙහෙම චරිත හතරක් එකවර විකාශනය වීම අපරාධයක් නේද?
 
 නැහැ’ කිසිම අපරාධයක් කියලා හිතෙන්නේ’ එ් චරිත හතර විවිධාකාරයි’ ඇත්තටම කිසිම අපරාධයක් කියලා දැනේනේ නැහැ’
 
 වොල්ගා කල්පනීට නිර්මාණවලින් අඩුවක් නැති පාටයි ?
 
 එහෙම නැහැ’ නිර්මාණ තෝරාබේරාගෙන වැඩ කරන කෙනෙක්’ මේ කාලේ මොකක්දෝ එ්කකට නිර්මාණ හතරක් එකවර විකාශනය වෙනවා’
 
 දකින දකින නාලිකාවෙන්
 
 වොල්ගාව දකින්න ලැබෙනකොට ඔයාව මිනිස්සුන්ට එපාවෙයිනේද?
 
 නැහැ’ එ් හැම නාට්‍යයක්ම කොටස් සියයට අඩු ටෙලිනාට්‍ය’ කිසිම මෙගා නාට්‍යයකට මම සම්බන්ධවෙලා නැහැ’ එ් නිර්මාණ හතරම උසස් ගණයේ නිර්මාණ’ කිසිම අපරාධයක්වත් එපාවීමක්වත් වෙන්නේ නැහැ’
 
 වොල්ගා දැන් මෙගා වැඩවලට නැතිද?
 
 සාමාන්‍යයෙන් මම මෙගා නාට්‍යවල රඟපාලා තියෙනවා’ නමුත් දැන් මම තීරණයකට ඇවිත් තියෙනවා කොටස් සියයකට වඩා තියෙන නිර්මාණවලට සම්බන්ධවෙන්නේ නැහැ කියලා’
 
 ඇයි එහෙම තීරණයක් ගත්තේ ?
 
 මට දැනෙනවා මෙගා ටෙලිනාට්‍ය අනෙක් ටෙලිනාට්‍ය වගේ නෙමෙයි කියලා’ සීන් දවසට දාසය පහළොව කෙරෙනවා’ ඉතිං මම කැමැතියි නිදහසේ හිතලා බලලා නිර්මාණයක රඟපාන්න’ එ් හින්දා තමයි මේ තීරණය ආවේ’
 
 රඟපෑම වෘත්තියක් විදිහට කරන්න අදහසක් නැතිද?
 
 මම වෘත්තියක් විදිහට තමයි රඟපෑම කරන්නේ’ මම කන්නේ බොන්නේ වාහන පැද්දේ ඔක්කොම කළේ රඟපාපු සල්ලිවලින්’ තවමත් එ් ඔක්කොම කරන්නේ රඟපාන සල්ලිවලින්’
 
 වොල්ගාට රඟපෑමට නිසි වටිනාකමක් ලැබෙන හැඩයි ?
 
 මෙහෙමයි’ මම ටෙලිනාට්‍යයක්
 
 භාරගන්නකොට හැමදේම කතාබහ කරලා තමයි භාරගන්නේ’ මෑත කාලයේ ප‍්‍රශ්නයක් තියෙනවා’ නාලිකාවලින් නිෂ්පාදකවරයාට ගෙවන ගාන අඩුයි’ එතකොට නිෂ්පාදකවරයා අපිට කතා කරන්නේ නැහැ මට චැනල් එකෙන් මට ගෙවන්නේ මෙච්චරයි කියලා’ එ්ක රටේ ප‍්‍රශ්නයක්නේ’
 
 ජනප‍්‍රියත්වය කරදරයක් නේද?
 
 නැහැ’ මට එහෙම නැහැ’ ජනප‍්‍රියයි කියන්නේ ජනයාට ප‍්‍රියවීම’ එ් වාසනාව හම්බවෙන්නේ මේ ලෝකයේ ඉන්න කීයෙන් කීදෙනාටද?’ එ් ආදරය ලැබීම සතුටක් මිසක් කරදරයක් කියලා හිතෙන්නේ නැහැ’
 
 පුද්ගලික ජීවිතයයි වෘත්තියයි පටලවා ගන්නේ නැතිද?
 
 මම කවදාවත් පුද්ගලික ජීවිතයයි වෘත්තියයි පටලවා ගන්නේ නැහැ’
 
 හර්ෂණයි වොල්ගයි වෙන්වෙලා කියලා
 
 පසුගිය කාලයේ පැතිරුණ කතාවල ඇත්ත නැත්ත මොකක්ද?
 
 හර්ෂණයි මායි වෙන්වුණාට එ්ක වෘත්තීය ජීවිතයට කවදාවත් බලපාන්නේ නැහැනේ’ හර්ෂණ බෙත්මගේ කියන්නේ මම හැමදාම දැකපු රංගන ශිල්පියාම තමයි’ මම හිතනවා හර්ෂණටත් මාව හැමදාම වොල්ගා කල්පනී කියන රංගන ශිල්පිණියම තමයි’ ඉතිං අපේ පුද්ගලික ජීවිතයේ වෙන්වීම වෘත්තීය ජීවිතයට කවදාවත් බලපාන්නේ නැහැ’
 
 හර්ෂණත් එක්ක එකට රඟපාන්න ලැබුණොත් මොකද කරන්නේ ?
 
 හර්ෂණයි මාව වෙන්වෙලත් එකට රඟපෑවා’ ඉතිං අපි විවාහවෙලා ඉන්නකාලෙත්” ආදරය කරන කාලෙත් අපි දෙන්නා කවදාවත් නිර්මාණවලට අපේ පුද්ගලික ජීවිතය ගාව ගත්තේ නැහැ’ එ්ක අපි දෙන්නා ගේ ප‍්‍රතිපත්තියක්’ එ් ප‍්‍රතිපත්තිය අදටත් මට නම් එහෙමයි’ වෙනස් වෙලා නැහැ’
 
 විවාහ ජීවිතයේ ගත්තු තීන්දු තීරණ ගැන කලකකිරීම් එහෙම තියෙනවාද?
 
 නැහැ’ කිසිම කලකිරීමක් නැහැ’ හැමදාම මම හරි තීරණ ගත්තු මනුස්සයෙක්’ කිසිම පසුතැවීමක් නැහැ’
 
 හර්ෂණගෙන් වෙන්වීමත් හරි තීරණයක් කියලාද හිතන්නේ?
 
 නැහැ’ මෙහෙමයි’ මම බෞද්ධාගමේ කෙනෙක්’ බුදුහාමුදුරුවන්ව” ජේසුව දැඩිව විශ්වාස කරන කෙනෙක්’ ඉතිං මේක තමයි මගේ ජීවිතය ලියැවිලා තිබ්බ විදිහ’
 
 එයාගෙන් අයින්වෙන එක’ එ් ලියලා තිබ්බ දේ සිද්ධ වුණා’ එ්ක මම ගරු කළා’
 
 ආපහු විවාහයක් ගැන හිතන්නේ නැහැ ?
 
 මම හිතන්නෙ මේක නෙමෙයි එ්ක කතා කරන්න සුදුසුම කාලය’ මම දැන් පළමුවැනි විවාහයෙන් අයින්වෙලා ඉන්නේ’ හැබැයි කියන්න ඕනෑ වෙන අඹුසැමියෝ වගේ අපි අතරේ කිසිම තරහක් බද්ධ වෛරයක්” හම්බවුණහම කතා නොකර ඉන්න විදිහේ දෙයක් සිද්ධ වෙලා නැහැ’ අපි කලින් යාළුවෝ’ යාළුවෝ විදිහට ඉඳලා තමයි ආදරය කරලා විවාහ වුණේ’ දැන් අපි අතර යාළුකම තියෙනවා’ ස්වාමියා සහ බිරිඳ කියන සම්බන්ධය විතරයි අපි අතර නැතිවෙලා තියෙන්නේ’ මම හිතන්නේ ආපහු විවාහය ගැන හිතන එක කාලයට භාරදෙන්න ඕනෑ ප‍්‍රශ්නයක්’
 
 හර්ෂණයි වොල්ගයි
 
 ගෞරවාන්විතව විවාහ ජීවිතයට සමුදුන්නා කියලාද කියන්නේ ?
 
 ඔව්’ අනිවාර්යයෙන්ම’ අපි දෙන්නාට දෙන්න වෛර කරගන්නේ නැහැ’ අපි අතර තරහක් නැහැ’ තැන් තැන් වලට කියවා ගන්නේ නැහැ’ අපිට එහෙම කියවගන්න දේවල් නැහැ’ ඉතිං අපි බොහොම ලස්සනට සාමකාමීව හැමදේම විසඳගත්තා’
 
 දිනේෂ් විතාන
 ඡායාරූප - අන්තර්ජාලයෙනි

 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles