Divaina - මගේ ආදරය හෙට බලාගන්න පුලූවන් කියා හමුදා මූලස්ථානයේ කුටියක වෙඩිතබාගත් අමුතු ආදරවන්තයා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 army
 
 ගයාන් සමරසිංහ
 
පේ‍්‍රමය සුන්දරද? අසුන්දරද?. කෙනෙකුට එය සුන්දර විය හැකිය. තව කෙනෙකුට එය අසුන්දර විය හැකිය. ඒ තම අත්දැකීම් අනුවයි. ‘‘පේ‍්‍රමයත් වෛරයත් අතර වෙනස කෙස් ගහක තරම් යැයි’’ කියන්නෙත් එම නිසාම වෙන්නැති.
 
 පේ‍්‍රමයෙන් ජයගත් අයත්, පේ‍්‍රමයෙන් පැරදුණ අයත් මේ ලොව අනන්තවත් සිටිති. පේ‍්‍රමයෙන් ජයගත් සමහරු සතුටිනුත්, පේ‍්‍රමයෙන් පැරදුණ සමහරු දුකිනුත් ජීවත් වෙති. එලෙස දුක් වන සමහරු ජීවිතය පවා නැති කර ගනිති.
 
 සංඛ්‍යා දත්ත අනුව වසරකට ලොව පුරා මිලියනයක් පමණ සිය දිවි හානි කර ගනිති. එයින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මිය යන්නේ පාරාජිත පේ‍්‍රමය නිසාය. අප රටේද එලෙසය. පසුගිය මස 31 වෙනිදා කොල්ලූපිටිය - තර්ස්ටන් පාරේ පිහිටි ස්විස්ටලන්ත තානාපති කාර්යාලය අසල සේවයේ නියුතුව සිටි ගුවන් හමුදා සෙබළකු සහ අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානය අසල සේවයේ නියතුව සිටි හමුදා සෙබළකු තම රාජකාරි ගිනි අවිවලින් වෙඩි තබාගෙන මිය ගියේ ද පරාජිත පේ‍්‍රමය නිසාය.
 
 එම අමිහිරි මතකයන් මැකී යන්නට මත්තෙන් තවත් එවැනිම සිදුවීමක් වාර්තා විය. ඒ යුද හමුදා මූලස්ථානයේදිය. මෙවර ද වෙඩි තබාගෙන ඇත්තේ යුද හමුදා සෙබළෙකි. පහතින් පෙළ ගැසේන්නේ එම සිදුවීමයි.
 
 ප‍්‍රසන්න පොළොන්නරුව අත්තනකඩවල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු රැකියා කිහිපයකටම ඉල්ලූම් කළේය. එහෙත් ඒ කිසිවකින් වත් ඔහුට යහපත් ප‍්‍රතිචාර නොලැබුණි. එම නිසා ඔහුට ස්ථිර රැකියාවක් නොතිබුණි. ජීවත්වීම සඳහා කුමන හෝ රැකියාවක් කළ යුතුය. ප‍්‍රසන්න එලෙස අදිටන් කර ගත්තේය.
 
 කුඩා කල සිට යුද හමුදාවට බැඳීමේ ආශාවක් ද ප‍්‍රසන්න තුළ තිබුණි. ස්ථිර රැකියාවක් නොමැති වීම නිසා ඔහු යුද හමුදාවට බැඳීමට තීරණය කළේය. යුද්ධය අවසන් වී තිබීම නිසා නිවැසියන්ගෙන්ද එයට අකැමැත්තක් නොතිබුණි. එ් අනුව ඔහු යුද හමුදාවට බැඳුණි. ඒ සාමාන්‍ය සෙබළකු ලෙසින්ය. මාස කිහිපයක පුහුණුවෙන් පසු ඔහු සාමාන්‍ය සෙබළකු ලෙස විසිර ගියේය.
 
 හමුදා සෙබළකු සතුව විනය උපරිමයෙන්ම තිබිය යුතුය. එය පුහුණු පාඨමාලාවේදීද උගන්වනු ලැබේ. ප‍්‍රසන්නද එම විනය උපරිමයෙන්ම පිළිපැදිදේය. එහෙත් එක වරදක් ඔහු අතින් සිදු විය. එය නිවැරදි කර ගැනීමට කිසි දිනක ඔහුට නොහැකි විය. ඒ තරුණියන්ට ඔහු දැක්වූ සුවිශේෂී ලැදියාවයි.
 
 ප‍්‍රසන්න අවසන් වරට සේවය කළේ කොළඹ යුද හමුදා මූලස්ථානයට අනුයුක්තවයි. සෑම විටම ඔහු තම රාජකාරිය
 උපරිම අයුරින් සිදු කළේය. ඉහළ නිලධාරීන් පවා එය දැන සිටියේය.
 
 ඉන පෙදෙස දක්වා විහිදුණු දිගුවන් වරලස, පුලූ ලූකුල, රන්වන් පැහැති සිහින් සිරුර සහ වටකුරු මුහුණේ නිරතුරුවම රැඳී තිබුණ සිනහව චමරිට ගෙන දුන්නේ අමුතුම සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය කොපමණද කිවහොත් වසර කිහිපයක් ගමේ අවුරුදු කුමාරිය වූයේ ඇයයි. එතැනින්ම ඇගේ සුන්දරත්වය කොතෙක් ද යන්න පැහැදිලි වේ.
 
 දෙවියන් විසින් සර්ව සම්පූර්ණ මිනිසකු කිසිදිනක මවන්නේ නැත යන කියමනක් අපි අසා ඇත්තෙමු. එහි සත්‍යක් ඇති බව පෙනී යන්නේ චමරි දෙස බැලූ විටයි. ලස්සන සමග ඇයට දෙවියන් විසින් දුප්පත් කමත් දී තිබුණි. එම නිසා ඇයට හරිහමන් අධ්‍යාපනයක්ද ලබා ගැනීමට නොහැකි වූවාය. ඒ අඩු වයසින්ම පවුල් බරට ඇයට කර ගැසීමට සිදුවූ නිසාය.
 
 සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද ඇය ඇඟලූම් කම්හලක සේවය කළාය. චමරිගේ ලස්සන නිසා ඇඟලූම් කම්හලේ, පාර තොටේ විවිධ තරාතිරමේ තරුණයන්ගෙන් ඇයට ගැලවුමක් නැති විය. ආදර යෝජනා නන් අයුරින් ගලා එන්නට පටන් ගත්තාය. එහෙත් ඇය ඒ කිසිවිටකත් යහපත් ප‍්‍රතිචාර දැක්වීයේ නැත. එයට හේතු දෙකක් තිබුණි. පළමුවැන්න ඇය ප‍්‍රථම පේ‍්‍රමයෙන් පැරදී සිටීමයි. දෙවැන්න තම පවුලේ උදවිය සැලකිය යුතු ආර්ථික මට්ටමකට එනකම් යළි ආදරයක් ගැන ඇය නොසිතා සිිටීමටයි.
 
 කාලය එලෙස ගෙවෙමින් ගියේය. දිනක් එක්තරා අවස්ථාවකදී ප‍්‍රසන්නට චමරිව හඳුනා ගැනීමට හැකිවිය. ඒ යහළුවකු මාර්ගයෙනි. චමරිව දුටු පළමු මොහොතේදීම ඔහුට ඇය ගැන ආශාවක් මෙන්ම ආදරයක්ද ඇති විය. ප‍්‍රසන්න චමරිගේ මුහුණ දෙස බලමින් තප්පර ගණනක් ඇතුළත මෙලෙස සිතුවේය ”මෙච්චර ලස්සන කෙල්ලෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ. මෙයා මගේ කරගන්න ඇත්නම් කොච්චර අගේද. එහෙම වුණොත් ජීවිතේටවත් මම වෙන කෙල්ලෝ පස්සේ යන්නේ නැහැ.”
 
 ඕනෑම තරුණියක් රැවටීමට ප‍්‍රසන්න හොඳින් දැන සිටියේය. මොනම හෝ උප්පරවැට්ටියක් යොදා චමරිව තමන් සතු කර ගත යුතු යැයි ඔහු සිතුවේය. කෙලෙස හෝ පළමු දැන හඳුනා ගැනීමෙන්ම ප‍්‍රසන්න ඇයගේ ජංගම දුරකථන අංකය ලබා ගත්තේය. ඉන් පසු කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ප‍්‍රසන්න අත්දැකීමෙන් දැන සිටියේය.
 
 පසුදිනම ප‍්‍රසන්න චමරිට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තේය. ප‍්‍රතිචාරයක් නොමැත. ඉන් පසු කෙටි පණිවිඩ කිහිපයක්ම යැවුවේය. එහෙත් ප‍්‍රතිචාර නොමැත. කමක් නැහැ අදට ඇති. ප‍්‍රසන්න එලෙස සිතුවේය. දින ගණනක් ඔහු එලෙස කළේය. සැලකිය යුතු ප‍්‍රතිචාරයක් නොමැත.
 
 දිනක් චමරි දුරකථනයට පිළිතුරු ලබා දුන්නාය. එදින ප‍්‍රසන්න විනාඩි ගණනක් ඇය හා කතා කළේය. එතැන් පටන් දිනපතාම පාහේ ප‍්‍රසන්න ඇයගේ දුක සැප සොයා බැලූවේය. ඇය ගැන වර්ණනා කරමින් කෙටි පණිවිඩ පවා එව්වේය. කාලයක් එලෙස ගතවිය. චමරිගේ සිතේද ප‍්‍රසන්න පිළිබඳ ලොකු පැහැදීමක් ඇතිවී තිබුණි. ලෝකයේ සිටින හොඳම පිරිමියා ප‍්‍රසන්න වෙන්නැතියැයි ඇය සිතුවාය. ප‍්‍රසන්න ඒ තරමටම චමරිට ළංවී තිබුණි.
 
 ප‍්‍රසන්න ඒ වන විටත් වෙනත් තරුණියක් සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන ගියේය. එහෙත් එය චමරිට පැවසුවේ නැත. ඇයට පවසා තිබුණේ තමාට පෙම්වතියක් නොමැති බවයි.
 
 චමරිට ආදරය ප‍්‍රකාශ කිරීමට දැන් හොඳම කාලය එලැඹ ඇති බව ප‍්‍රසන්න සිතුවේය. දැන් පවතින තත්ත්වය මත කිසි දිනක ඇය තමාට අකැමැති නොවන බව ඔහු දැන සිටියේය. සුදුසු වේලාවක් බලා ප‍්‍රසන්න චමරිට තම සිත තුළ තිබූ ආදරය පැවසුවේය. දෙදෙනා අතර තිබූ බැඳීම අනුව චමරිට එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. ඒ අනුව ඇය ප‍්‍රසන්නට තම කැමැත්ත පළ කළාය.
 
 චමරිගේ එකම ලෝකය වූයේ ප‍්‍රසන්නයි. ඇය තම පණ දෙවැනි කොට ඔහුට ආදරය කළේය. ප‍්‍රසන්නද එලෙසින්ම ඇයට ආදරය කළේය. ඔහුගේ තිබුණ අනිත් සම්බන්ධතාද නවතා දැමුවේය. කලක් එලෙස ගත විය. නිවැසියන්ද මෙම සම්බන්ධතාව ගැන දැන සිටියේය.
 
 කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ යන කියමන සනාථ කරමින් යළිත් වරක් ප‍්‍රසන්න තරුණියන් පසු පස යෑමට පටන් ගත්තේය. ඔහු චමරිට හොරෙන් තවත් තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පටන් ගත්තේය. මේ කිසි දෙයක් නොදත් චමරි පණ දෙවැනි කොට ඔහුට ආදරය කළේය.
 
 කලක් ගතවෙද්දී චමරිට ප‍්‍රසන්නගේ යම් වෙනසක් ඇති බව දැන ගන්නට ලැබුණි. ඇය ඉතා සූක්ෂම ලෙස එය සොයා බැලූවේය. පසුව දැනගන්නට ලැබුණේ ප‍්‍රසන්න තවත් තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පටන් ගෙන ඇති බවයි. එය දැන ගත් පසු ඇයට ලොවම එපාවිය.
 
 දින ගණනක් නොකා නොබී ඒ ගැන කල්පනා කළාය. තවත් වරක් පිරිමියකුට රැවටුණ නිසා පිරිමි සංහතියම දිහා ඇය බැලූවේ සැකයෙන් යුතුවයි. වහාම ඇය ප‍්‍රසන්න සමග තිබූ ආදර සම්බන්ධතාව නවතා දැමුවාය.
 
 තමා වරදක් කළත් චමරිට තිබුණු ආදරය ප‍්‍රසන්නට අමතක කර දැමීමට නොහැකි විය. යළි කිසි දිනක එවැනි වැරදි සිදු කරන්නේ නැතැයි කියමින් දහස්වාරයක් ඔහු චමරිගෙන් සමාව ඇයද සිටියේය. කොතෙක් මොනවා කිවත් චමරිගේ සිත වෙනස් නොවුණි. තමා කළ වැරදි ගැන දස දහස් වාරයක් තැවෙමින් යළි යළිත් චමරිගෙ ආදරය ඉල්ලා සිටියේය. එහෙත් පලක් නොවුණි.
 
 සති ගණන් ඔහු නොකා නොබී විරහා වේදනාවෙන් සිටියේය. චමරිගේ ආදරය යළි කිසි දිනක නොලැබෙන බව ඔහු ස්ථිර වශයෙන්ම දැන ගත්තේය. ඇය නොමැතිනම් මරණය සැපයි ඔහු සිතුවේය. ප‍්‍රසන්නගේ 27 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය 14 වැනිදාටය. එයට පෙර දින ඔහු චමරිට කෙටි පණිවිඩයක් යැවුවේය. ඒ මෙලෙසින්ය ‘‘මගේ ආදරයේ තරම හෙට උදේට බලාගන්න.’’ චමරි එය එතරම් ගණන් ගත්තේ නැත.
 
 තමා යැවූ අන්තිම කෙටි පණිවිඩයටද පිළිතුරක් නොමැත. ඒ කියන්නේ කවදාවත් චමරිව ආයි මට අයිතිවෙනනේ නැහැ. උපන්දිනය දා අලූයම ඔහු එලෙස සිතමින් හමුදා මූලස්ථානයේ මුර කුටියක සේවය කළේය.
 
 චමරි නැත්නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. අවසන් වරටත් එලෙස සිතු ඔහු තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත්තේ වැරදි කළත් තමන් චමරිට අවංකව ආදරය කළ බව ලොවට පෙන්වන්නටයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles