Divaina - මගේ ශරීරය මටම කොඩිවිනයක්.... කාන්තාර කුසුම් ශෝකාලාපය....!

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 kodivinayak444
 පුන්‍යා චාන්දනී ද සිල්වා
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන අන්දමට ලෝකයේ කෝටි විස්සක පමණ දැරියන් සහ කාන්තාවන් යම් කිසි ආකාරයකින් ලිංග ෙඡ්දනය (Female genital mutilation ) පිළිබඳ කායික සහ මානසික පීඩාවේ ගොදුරු බවට පත්ව සිටිති.
 
kodivinayak555සාමාන්‍යයෙන් ලිංග ෙඡ්දනය ගැන වැඩි අවධානයකින් කතා කරනු ලැබුවේ අපි‍්‍රකානු සහ මැද පෙරදිග රටවල් තිහක් පමණ මුල් කරගෙනය. එහෙත් ආසියාව, ලතින් ඇමරිකානු රටවල් සේම බටහිර යුරෝපය, ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය වැනි රටවල පවා වෙනත් රටවලින් සංක‍්‍රමණය වී සිටින ප‍්‍රජා සමූහ අතර ලිංග ෙඡ්දන කි‍්‍රයාවලිය පැතිර පවත්නා චාරිත‍්‍රයක් ලෙසින් සමාජගතව තිබේ.
 
 කාන්තා ප‍්‍රජනන ඉන්ද්‍රියේ කප්පාදුවක් වන යෝනි සුන්නත ආකාර කීපයකින් සිදු කරනවා.
 
 ⋆ භගමණිය කපා දැමීම. හෙවත් සංවේදී කොටස් සහ අවට චර්මය සහමුලින් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීම.
 
 ⋆ භගමණිය සහමුලින්ම හෝ අර්ධ වශයෙන් කපා ඉවත් කිරීම සමග බාහිර තොල් සිඳ දැමීම හෝ යෝනිය ආශ‍්‍රිත චර්ම රටා සිඳ දැමීම.
 
 ⋆ ලිංගික හැසිරීම වළක්වා ලීම පිණිිස භගමණිය කපා දැමීම සහ යෝනි අධර මසා දැමීම.
 
 ⋆ භගමණිය හෝ යෝනි ප‍්‍රදේශය පිළිස්සීම, ෙඡ්දනය, සීරීම සහ සිදුරු කිරීම.
 
 මේ නිසාම යෝනි සුන්නත් කි‍්‍රයාවලිය සමාජයෙන් බැහැර විය යුතු කි‍්‍රයාවක් බැව් කාන්තා කි‍්‍රයාකාරිනියන්ගේ අදහසයි. කෙන්යාවේ බොරානා ප‍්‍රජාවට අයත් ‘‘බිෂාරා ෂේක් හමෝ’’ ලිංග ෙඡ්දනයෙන් දැඩි සේ පීඩාවට පත් කාන්තාවක් වූවාය. ඇය මෙම නරුම චාරිත‍්‍රයට ගොදුරු වන විට වයස අවුරුදු 11 ක් වැනි ඉතාම ළපටි දැරියක් වුවත් මෙම අමානුුෂික කි‍්‍රයාවෙන් දුරස් වීමට ඇයට අවස්ථාවක් නොලද බැව් අදටත් කතා කරන්නේ දැඩි කම්පනයෙන්ය.
 
 මගේ අත්තම්මා මට ඉතා තදින්ම මේ වෙනුවෙන් බල කළා. එය සෑම ගැහැනු දරුවෙක් විසින්ම කළ යුතු බැව් ඇය මට දැඩි ලෙසින් කියා සිටියා. මටත් තවත් ගැහැනු දැරියන් හතර දෙනකුට එකම අවස්ථාවේදී සුන්නත් කිරීම සිදු වුණා.
 
kodivinayak333මට හරිම වේදනාවක් දැනුනා. පොළවේ වළක් ඇතුළේ තිබුණ අත්බේතක් අරන් කැපුම් තුවාලයේ ආලේප කළා මිසක අඩුම වශයෙන් වේදනා නාශක ඖෂධයක්වත් ලැබෙන්නේ නැහැ.
 
 මේ සිද්ධියේ අතුරු ප‍්‍රතිඵල ලැබෙන්නේ තවත් කාලයක් ගියාමයි. මට නිතරම මුත‍්‍රා ආසාදන ඇති වුණා. ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වෙන්න පටන් ගත්තා. ඒත් මට තේරුනේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා.. මම දැන් අම්මා කෙනෙක්. ඒත් මම වින්ද වේදනාව අනාගතයේ ගැහැනු දැරියන්ට විඳින්න දෙන්න බැහැ. මම තරයේම යෝනි සුන්නත් කටයුතුවලට එරෙහිව හඬ නගන්නේ ඒ නිසා යැයි බිෂාරා බී. බී. සී පුවත් සේවයට සඳහන් කළාය.
 
 2020 වසරේ පටන් එංගලන්තයේ ද්විතියික පාසල් දරුවන් වෙනුවෙන් කාන්තා යෝනි සුන්නත් පිළිබඳව දැනුවත් වීම විෂය මාලාවට එක් කිරීමට අධ්‍යාපන විශේෂඥයන් විසින් කටයුතු සම්පාදනය කර තිබේ. ඒ අනුව 2020 වසරේ පටන් අලූත් සබඳතා සහ නව සෞඛ්‍යය අධ්‍යාපන විෂය ධාරාව කි‍්‍රයාවට නගන විට යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කරන මෙන් ඉහත මධ්‍යස්ථානය විසින් ප‍්‍රාථමික පාසල් වෙත දන්වා තිබේ.
 
 යෝනි සුන්නත පාසල් විෂය මාලාවට හඳුන්වා දෙන ආකාරය සහ දෙමව්පියන් ඒ වෙනුවෙන් සහභාගි කර ගැනීම වෙනුවෙන්ම කාන්තා සුන්නත් මධ්‍යස්ථානය මගින් දැනටමත් ප‍්‍රාථමික පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කර තිබේ. එංගලන්තයේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරන අන්දමට යෝනි සුන්නත යනු පිළිකුල් සහගත අපරාධයක්. මේ චාරිත‍්‍රයට ගොදුරු වෙන දැරියන් වගේම ඔවුන්ගේ පවුල්වල අයත් දැඩි ලෙසින් පීඩාවට පත් වෙන බැව් අමාත්‍යාංශය විසින් අවධාරණයෙන්ම පෙන්වා දී තිබේ. මේ නිසා 2020 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් යෝනි සුන්නත ශාරීරික වගේම සහසංවේදීතාව අතිනුත් කාන්තාවන්ට හානි කරන සාපරාධී වරදක් බැව් ඉස්මතු කිරීම විෂය මාලාව තුළින් පෙන්වා දීමට අප අරමුණු කර ගෙන සිටිනවා.
 
 මේ විෂය ඉගැන්වීමේදී ඇතැම් විට විවිධ ගැටලූ ඇති වෙන්න පුළුවන්. නමුත් අපි වයසට ගැළපෙන දරුවන් තෝරා ගත්තාම ඒ ප‍්‍රශ්නයට පිළිතුරු ලැබේවි.....යැයි කාන්තා ලිංග ෙඡ්දන මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ‘‘ ලීතන් බර්තොලමිච්‘‘ සඳහන් කරනවා. අපි මේ තත්ත්වය ගැන වර්තමාන පරම්පරාව දැනුවත් කරනවා විතරක් නොවෙයි, අනාගත පරම්පරාවටත් මේ සම්ප‍්‍රදායෙන් මිදෙන්න කාලය පැමිණ ඇති බවට දැනුවත් වීම ලබා දෙනවා යැයි මධ්‍යස්ථාන ප‍්‍රධානී සඳහන් කරයි.
 
 ඒත් මේ කටයුත්ත අනාගත පරපුර අවදි කිරීමක් විතරක් නොවෙයි, මේ සංවාදයට අද දවසේ සියලූ දෙනාම එක්වීම ඉතාම වැදගත්. යම් කෙනෙක් විසින් මේ අවස්ථාවට ශක්තිය ලබා නොදුනොත් යෝනි සුන්නත සැඟවුණ අපරාධයක් බවට පත් වෙනවා...යැයි ඇය සඳහන් කරයි.
 
 2003 වසරේ පටන් යෝනි සුන්නත එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේත් 2005 වසරේ පටන් ස්කොට්ලන්තයේත් තහනම් කර තිබේ. එහෙත් නීතියට මුවාවෙන් පවා එක්සත් රාජධාණියේ ඇතැම් ප‍්‍රජා කණ්ඩායම් විසින් මෙම කටයුත්ත රහසේම පවත්වා ගෙන යන සම්ප‍්‍රදායක් බවට පත්ව තිබේ.
 
 එංගලන්තයේ එක්තරා සංක‍්‍රමණික පවුලක මවක් විසින් ඇගේ තුන් හැවිරිදි දියණිය යෝනි සුන්නත් කිරීමට යොදවා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් අධිකරණය ඇය වරදකාරිය බවට තීන්දු කර තිබේ.
 
 අපි‍්‍රකානු සහ මැදපෙරදිග කෝටි විස්සක දැරියන් සහ කාන්තාවන් යෝනි සුන්නත වෙනුවෙන් වූ ගොදුරු බවට පත්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.
 
 බර්නාඩෝ ළමා සුබසාධනය සහ පළාත් පාලන සම්මේලනය මගින් කි‍්‍රයාත්මක වෙන ජාතික කාන්තා ලිංග ෙඡ්දනය පිළිබඳ මධ්‍යස්ථානය ඉලක්ක කරන්නේ 2030 වසර වෙන විට මෙම කෲර සම්ප‍්‍රදාය සමාජයෙන් මුලිනුපුටා දැමීමටයි.
 
 ජාතික කාන්තා ලිංග ෙඡ්දනය පිළිබඳ මධ්‍යස්ථානය කියා සිටින්නේ ඔවුන්ගේ අරමුණ වන්නේ තමන්ගේ සිරුරේ අයිතිය තමන්ට බවත් එය වෙනස් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවට දරුවන් දැනුවත් කිරීමයි.
 
 යෝනි සුන්නත ගැන අදහස් ඉදිරිපත් කරන ඊජිප්තුවේ බ්ලොග් මාධ්‍යවේදිනියක වන ‘‘ ඕම්නියා ඊබ‍්‍රහිම්’’ සඳහන් කරන්නේ යෝනි සුන්නත අයිස්කැටයක් වගේ...කිසිම හැඟීමක්..ආදරයක්..ආශාවක් නැහැ. ශරීරය ලිංගිකයි. ලිංගික සබඳතාවන් පවක්. කියන පාඩම උගන්වනවා. කොටින්ම කිව්වොත්
 
 ‘‘මගේම ශරීරය මට කොඩිවිනයක්...
 
 බොහොමයක් අපි‍්‍රකානු රටවල් යෝනි සුන්නත සිදු කරන්නේ සමාජ චාරිත‍්‍රයක් විදිහටයි. වසරකට තිස්හතර ලක්ෂයක් පමණ මේ අවාසනාවන්ත චාරිත‍්‍රයට ගොදුරු වෙන බැව් එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වේ. මේ නිසා අපි‍්‍රකානු කලාපයේ යෝනි සුන්නත නතර කිරීමට ඩොලර් දශලක්ෂ හැට හතරක මූල්‍යාධාර සැපයීමට බි‍්‍රතාන්‍ය රජය දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. 2030 වසර වෙන විට යෝනි සුන්නත ලෝකයෙන් මුලිනුපුටා දැමීමේ ඉලක්කය වෙනුවෙන් එක් රටක් විසින් සපයනු ලබන විශාලම ආයෝජනය මෙයයි.
 
  බී. බී. සී. ඇසුරිනි
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles