Divaina - ලිංගික විපර්යාසවලට ලක්වන පිරිමි දරුවන් දූෂණය කිරිම නීතියට විරුද්ධ නැද්ද?

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 lingi
 * දූෂණ නීතියෙන් ආවරණය නොවන සමරිසි හා සංක‍්‍රාන්ති පිරිමි දරුවෝ
 
 ආදිල් සුරාජ් විමුක්ති
 
ශ‍්‍රී ලංකාව තුළ ජීවත් වන සමරිසි සහ සංක‍්‍රාන්ති සමජභාවී ප‍්‍රජාව (Transgender) අද, ඊයේ හෝ ඉබේ පහළ වූ ජීවීන් කොට්ඨාසයක් නොවේ. සමරිසි සහ සංක‍්‍රාන්ති ප‍්‍රජාවට සිදුවන වෙනස්කොට සැලකීම් සහ අපහාස නිසා විවෘතව පෙනී නොසිටීම නිසාවෙන් මෙම ප‍්‍රජාවන් පිළිබඳ බොහෝ තොරතුරු ඉතිහාසයෙන් යට වී ගොස් තිබුණ ද, අතීත ශ‍්‍රී ලංකාවේ ද විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් ජීවත් ව සිටි බවට සාක්ෂ්‍ය හමුවේ. ඔවුහු කුඩා කාලයේ සිට තම අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව තම මනස සමග නිහඬ යුද්ධයක් කරමින් ජීවත් ව සමාජයට ඇතුළු වූ පසු තමන් කවුරුන්දැයි හඳුනාගෙන ඉන් පසුවද තම අනන්‍යතාවයට ගැලපෙන පරිදි ජීවත් වීමට යුද්ධයක් කළ යුතු පිරිසකි.
 
 සමරිසි හෝ සංක‍්‍රාන්ති සමජභාවී පුද්ගලයන් බොහෝ දෙනෙක් පාසල් අවධියේදී තම අනන්‍යතාවය හඳුනා ගනිති. තවත් පිරිසක් තමන්ට සමාජයේ පෙනෙන්නට තිබෙන සම්බන්ධතා අධ්‍යයනය කර ඒ මගින් තමන් අස්වාභාවික හැඟීම් ඇති පුද්ගලයකු ලෙස ස්වයං නිර්ණයකට පැමිණ ප‍්‍රශ්නභාවී ලෙස කෙටි කලක් ජීවත් වේ. එලෙස ප‍්‍රශ්නභාවී ස්වභාවයකට දරුවකු එළඹෙන්නේ තමා අවට ඇති සමාජයෙන් ලබන අඩු අධ්‍යාපනය සහ තමන් හා සමාන මානසිකත්වය ඇති පුද්ගලයකු හෝ එවැනි සමරිසි හෝ සංක‍්‍රාන්ති සමජභාවී පුද්ගලයන් පිළිබඳ කිසිදු දිනක අසා දැක නොමැති බැවිනි. මෙවැනි අවස්ථාවක සමරිසි හා සංක‍්‍රාන්ති සමාජභාවිය දරුවෙකු ඉතා අසරණ තත්ත්වයකට පත් වේ. ඔවුන්ගේ කුඩා මනස තුළ ලෝකයේ තනි වූ පුද්ගලයින් ලෙස ඔවුන්ව හඳුනා ගැනීමට පටන් ගන්නේ මෙවැනි අවධියකදීය. තමන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ සමාජයක දරුවා පැටලිලි සහගත ලෙස තම අනන්‍යතාවය සොයයි.
 
 සමරිසි හා සංක‍්‍රාන්ති සමජභාවී ප‍්‍රජාව පිළිබඳ කතා කිරීමේදී ඔවුන්ට ළමා කාලයේ සිටම මුහුණ දීමට සිදුවන විවිධ ගැටලූ, දූෂණ සහ අපයෝජන සිදුවීම සාකච්ඡුා කළ යුතුමය. වර්තමාන සමාජයේ ළමා අපචාර සහ දූෂණ විශාල ලෙස වැඩි වෙමින් පවතී. නීති රීති හා රෙගුලාසි මගින් ළමා ආරක්ෂණය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වුව ද, එම ආරක්ෂණ පරදවා දූෂණ සහ අපයෝජන සිදුවන ක‍්‍රම වෙනස්ම ආකාරයකින් සමාජ ගත වීම නොවැළැක්විය හැකි කරුණක් වී ඇත. එබැවින් අපට වෙනස්ම ආකාරයකින් හා පුළුල් මනසකින් යුක්තව මෙවැනි සිදුවීම් දෙස බලා අවදානම් අවම කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු වී තිබේ. දරුවන් අපයෝජනය සහ දූෂණය පිළිබඳ කතිකාවක් ගොඩ
 
 නැගීමේදී එය හුදෙක් ගැහැණු දරුවන්ට පමණක් ආවේනික වූ අපරාධ ලෙස හුවා දැක්විය යුතු නැත. පිළිගැනීමට අකමැති වුවද, විවෘතව කතා කිරීමට අකමැති වුවද, දූෂණය හා අපයෝජනය වන සමරිසි හා සංක‍්‍රාන්ති සමාජභාවී දරුවන් හා පිරිමි දරුවන් බොහෝ දෙනෙකු අප සමාජයේ ජීවත් වේ. නමුත් එම දරුවන් සඳහා නීතිය ක‍්‍රියාත්මක වීමට එම සිද්ධීන් සියල්ල සත්‍යය තොරතුරු ලෙස වාර්තා වේ ද? යන්න ගැටලූවකි. එමෙන්ම සමරිසි හෝ සංක‍්‍රාන්ති සමජභාවී දරුවෙකුට වර්තමාන සමාජයේ තිබෙන අඩු පිළිගැනීම හා ඔවුන් සම්බන්ධව ඇති අප‍්‍රිය සහගත භීතිකාව (HOMOPHOBIA) හා නොදැනුවත් බව නිසාවෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්නන්ගෙන් ද දරුවන් අසාධාරණයට ලක් වීම හා දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පවා කඩවීමේ අවස්ථාවලට උදාහරණ ඇත.
 
 සමරිසි වීම හෝ සංක‍්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වීම තෝරා ගැනීමක් නොවේ. කිසිවෙකු තමන් අපයෝජනයට, අපහාසයට, හිරිහැරයට ලක් වේ යැයි දැන දැනම තමන්ගේ ලිංගික කැමැත්ත මෙය විය යුතු යැයි තීරණය කරගන්නේ නැත. එය ජානමය හෝ ජීව විද්‍යාත්මක හේතුවක් නිසා ඇති වන තත්ත්වයක් වන නමුත් සමාජයෙන් සිදු වන වෙනස් කොට සැලකීම් නිසා දරුවන්ට තමන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී යාමෙන් ඔවුන් විෂාදය වැනි මානසික රෝගාබාධවලට ද ගොදුරු වේ. එවැනි රෝගාබාධවලට ගොදුරු වූ දරුවා කනස්සල්ලෙන් ජීවිතය ගෙවන අතර සිය දිවි නසාගැනීමට ද උත්සහ කරයි. කනස්සල්ලෙන් ජීවත්වන දරුවාගේ මනෝ භාවය කඩා වැටීමට ලක් වේ. මෙවැනි මානසික රෝගවල අතුරු ප‍්‍රතිඵල ලෙස අධික හිසරදය, කෑම අරුචිය, ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගාබාධ මතු වේ. ඉන් පසු දෙමව්පියන් මෙවැනි
 
 රෝගාබාධ කායික රෝග ලෙස සලකා ප‍්‍රතිකාර සඳහා දරුවා යොමු කර තාවකාලික සුවයක් ලබා දේ. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ”සම ලිංගිකත්වයට ප‍්‍රතිකාර” යනුවෙන් යන්ත‍්‍ර මන්තර ගුරුකම් පිළිබඳව ද පදනම් විරහිත හා අසත්‍යය බොහෝ වෙළෙඳ දැන්වීම් දකින්නට ලැබේ. මෙවැනි අසත්‍යය හා වැරදි ප‍්‍රතිකාර සඳහා සමරිසි හෝ සංක‍්‍රාන්ති සමාජභාවීය දරුවාව යොමු කිරීම දෙමව්පියන් විසින් සිදු කරයි. එම ප‍්‍රතිකාර මගින් සිදුවන්නේ දරුවාගේ ස්වභාවික මනස විකෘති වී යෑම හා කායික වධ හිංසනයට ලක් වීමයි. කායිකව හා මානසිකව දරුවන් පීඩාවට ලක් කරන එවැනි තහනම් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිළිබඳ කිසිදු නීතියක් ද ක‍්‍රියාත්මක නොවේ. එයට හේතුව වගකිව යුතු නිලධාරීන්ගේ නොදැනුවත්කම හා සමරිසි සහ සංක‍්‍රාන්ති ප‍්‍රජාව පිළිබඳ සමාජ ගත වී ඇති වැරදි ආකල්පයයි.
 
 නව යොවුන් වියේ පසුවන දරුවන් නොමඟ යා හැකි තවත් පැතිකඩක් නම්, කුඩා කාලයේදීම තම අනන්‍යතාවය සමරිසි හෝ සංක‍්‍රාන්ති සමජභාවිය යැයි හඳුනාගන්නා දරුවා තම හැඟීම් බෙදා ගැනීම සඳහා තම හැඟීම් බෙදා ගත හැකි යැයි විශ්වාස කරන ඕනෑම අයකු සමග හිතවත් වීමට හැකියාව ඇත. සමරිසි දරුවකු කුඩා කාලයේදී තමන්ට දැනෙන වෙනස හෝ තම ආකර්ෂණය තමන්ගේ ලිංගයේ ම අයෙකුට සිදුවන බව දෙමව්පියන් දැනුවත් කිරීමෙන් වැළකී සිටී. දරුවන් මෙවැනි කරුණු තම පවුල සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයකු හෝ තම මිතුරකු සමග බෙදාගැනීමට කැමති වන්නේ වැරදීමකින් හෝ තමන් පිළිබඳ පවුලේ සාමාජිකයෙකු දැනුවත් වුවහොත් එයින් පසු තමන්ට මුහුණ දීමට සිදුවන හිංසනවල බරපතල බව දන්නා බැවිනි. තමන්ව පිළිගැනීමට තම පවුල සූදානම් නොමැති බව තරයේම දන්නා බැවිනි. සමහර දරුවන් එම හිතවත්කම් හරහා දැනුම ලබාගෙන තමන්ගේ ලිංගික දිශානතිය හා විවිධ ලිංගික දිශානතීන් ඇති බව දැනුවත් වේ. කුඩා කාලයේදීම පිරිමි දරුවන් මුහුණපාන මෙම ගැටලූව නිසා බොහොමයක් පිරිමි දරුවන් අපයෝජනය වීමේ හා දූෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. මන්ද, මෙම දරුවන්ගේ අනන්‍යතාවය නිවැරදිව තේරුම් ගෙන ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දීම සිදු නොවන බැවිනි. තවද, කුඩා දරුවාගේ මනස තමන්ගේ හැඟීම් හා සමාන තත්ත්වයේම වෙනත් පුද්ගලයකුගෙන් එන ඇරයුම නොපැකිලිව තහවුරු කරන්නේ තම අදහස් බෙදා ගැනීමේ අරමුණින්ය. තමන් අත්විඳින කුතුහලය සැක හැර දැනගැනීමටය. තම මනස තුළ ඇති ගැටලූව ලිහා ගැනීමටය. සංක‍්‍රාන්ති සමාජභාවී දරුවාට ද මේ හා සමාන තත්ත්වයක් පැවතිය ද සංක‍්‍රාන්ති දරුවාගේ හැසිරීම් රටා කුඩා කාලයේදීම වෙනස් වීමත් සමග තවත් දරුණු ලෙස අපයෝජන, අපහාස හා අතවරයට ලක් වේ. සමරිසි දරුවන් මුහුණපාන මෙම ගැටලූවේ තවත් පැතිකඩක් වන්නේ වයස අවුරුදු 18ට පෙර ලිංගික අත්දැකීම් ලබා ගැනීමයි. එබැවින් බොහෝ පිරිමි දරුවන් කායිකව, මානසිකව හා ලිංගිකව අපයෝජනය වේ. තම ලිංගික දිශානතිය කුමක්ද යන්න කිසි දිනෙක දැනුවත් වී හෝ අසා නොමැති දරුවන් නව අත්දැකීම් හරහා තම ලිංගික දිශානතිය හඳුනා ගැනීමට උත්සාහ කරයි.
 
 ශ‍්‍රී ලංකාවේ සියලූම දරුවන්ට නොලැබෙන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය, සමාජයීය බලපෑම්, නීතිමය රාමු හේතුවෙන් සමරිසි හා සංක‍්‍රාන්ති දරුවා නව යොවුන් වියේදී තම ලිංගික හැඟීම් උත්තේජනය වන කාලයේ සිට මරණය දක්වා ජීවිතය ගෙවන්නේ දැඩි පීඩනයකිනි. මෙවැනි දරුවන් පාසල් තුළදී විශාල ලෙස විවිධාකාරයේ වෙනස්කොට සැලකීම්වලට හා අපහාසයට ලක් වේ. ගුරුවරුන්ගෙන් හා වෙනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් විශාල ලෙස අපහාසයට සහ කොන්වීමට ලක් වේ. බොහෝ කලාතුරකින් තම හැසිරීම් හා සමාන මිතුරෙක් හමුවන දරුවාට එය ඉතාමත් මානසික සැහැල්ලූවක් ලෙස දැනේ. තම අදහස් එම මිතුරා හෝ මිතුරිය සමග බෙදා ගනියි. නමුත් බොහෝ පාසල් හා පවුල් තුළ මෙවැනි දරුවන්ට
 
 අත් වන්නේ ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. පිරිමි දරුවකු පාසල තුළදී සියුමැලි ගති පැවතුම් ඇතිව ගැහැණු දරුවකු ලෙස හැසිරීම් ලක්ෂණ පෙන්වන්නේ නම් ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් තම දරුවා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ එම හැසිරීම් රටා වෙනස් කිරීමට නොව එම දරුවා හට තම අනන්‍යතාවය හඳුනා ගැනීමට කරගැනීමට උදව් කිරීමට හා කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට ය.
 
 1990 දශකයෙන් පසු සමරිසි භාවය මානසික රෝගයක් ලෙස නොසැලකීමට අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය හා ලෝක සෞඛ්‍යය සංවිධානය පියවර ගෙන ඇති බැවින් අප හට පැවරෙන වගකීම නම්, සමරිසි දරුවන් පිළිබඳ ධනාත්මක ආකල්පයකින් බලා තම අනන්‍යතාවය හඳුනාගැනීමට දරුවාට සහය දීමයි. එසේ සහය දීමෙන් සමරිසි දරුවන් හා සංක‍්‍රාන්ති දරුවන් අපයෝජනය වීම හා දූෂණය වීම, එම දරුවන් මානසික රෝගීන් බවට සමාජය විසින් පත් කිරීම මෙන්ම විවිධ විකෘති ප‍්‍රතිකාර ක‍්‍රම සඳහා යොමු වීම විශාල ලෙස අවම කරගත හැකිය. ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන යල් පැන ගිය නීති මගින් හෝ කිසිදු ආරක්ෂණ පනතක් මගින් මෙම දරුවන් ආරක්ෂා වන්නේ නැත. සමරිසි හා සංක‍්‍රාන්ති සමජභාවීය දරුවන් සඳහා රජයක් විසින් ලබා දිය යුතු රැකවරණය නොලැබීම නිසා එම දරුවන්ට සිදුවන හිංසන හා සිදුවන හිංසන වාර්තා වීමේ හිඟකම එම යල් පැන ගිය නීති වෙනස් කිරීම අභියෝගයට ලක් කර තිබේ. ඒ මක්නිසාද යත්, ළමා ආරක්ෂණ පනත මගින් දරුවන්ගේ විවිධ ගැටලූ හඳුනාගෙන විවිධ නීති හා ළමා දූෂකයන්ට විවිධ දඬුවම් ක‍්‍රම නීති පැනවුවද ළමා ආරක්ෂණ පනතෙහි කිසිම ස්ථානයක සමරිසි දරුවා හෝ සංක‍්‍රාන්ති සමජභාවිය හෝ අන්තර් ලිංගික දරුවන් පිළිබඳ සඳහන් නොවීමයි.
 
 ශ‍්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් පුද්ගලයින් තුළ විවිධ ලිංගික දිශානතීන් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයන් පැවතීම මානසික ව්‍යාකූලතාවයක් නොවන බව ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකා රජය විසින් ලිංගික සුළුතර ප‍්‍රජාවන් හට නීති (යටත්විජිත යුගයේදී සම්පාදනය වූ නීති) වෙනස් කිරීමට තීරණය කරන්නේ නම් තම ආයතනය ඊට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ප‍්‍රකාශ කර ඇත. නමුත් ළමා අයිතිවාසිකම් යටතේ සමරිසි දරුවන්ගේ හා සංක‍්‍රාන්ති දරුවන්ගේ අයිතිවාසිකම් ද උල්ලංඝනය වෙමින් පවතී.
 
 ශ‍්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන (NSACP‍) ආයතනයෙන් මානව ලිංගිකත්වය පිළිබඳ කරුණු ඇතුළත් විවිධ ප‍්‍රකාශන ජනතා පරිහරණය සඳහා නිකුත් කර ඇත. තවද වසර ගණනාවක සිට රාජ්‍ය ආයතන මෙම ප‍්‍රජාව සමග ඉතා සමීපව කටයුතු කර ඇත. අදටත් සෞඛ්‍යය සේවාවන් සම්බන්ධ විශාල ව්‍යාපෘතීන් ශ‍්‍රී ලංකාවේ ජීවත්වන මෙම ප‍්‍රජාව සඳහා රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුවෙමින් පවතී.
 
 රටක පාලකයන් විසින් පුරවැසියාට සේවය කිරීමේදී එම සේවාවන් ඉටු කළ යුත්තේ යල් පැනගිය නීතියක් මගින් මිනිසුන් වර්ගීකරණය කර එයින් වෙන් කරගත් එක කොටසකට පමණක් ද යන ගැටලූව මෙහිදී ඉස්මතු වේ. තව ද, ශ‍්‍රී ලංකාව අදට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට බැඳී සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. එනමුත් සමරිසි දරුවන් සඳහා වන වෙනස්කොට සැලකීම, අපහාස සහ කොන්කිරීම් පිළිබඳ වගකිවයුතු පුද්ගලයින් නිහඬ පිළිවෙතක් රකින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටලූ සහගතය.
 
 එසේම රටේ පාලකයින්ට සෑම කරුණකටම දොස් පැවරිය නොහැකිය. මන්ද, ඔවුන් පත් කරන ජනතාව බුද්ධිමත් විවෘත මනසක් තිබෙන පුද්ගලයන් විය යුතුය. සමාජය පිළිබඳ පුළුල් නිවැරදි දැනුමක් තිබිය යුතුය. සමාජයේ ජීවත් වන විවිධ ජන කොටස් පිළිබඳ දැනුමක් සමාජයේ ජීවත් වන සියල්ලන්ටම තිබිය යුතුය. ශ‍්‍රී ලාංකේය සමාජය බහු සංස්කෘතික සමාජයක් පමණක් නොව විවිධ ලිංගික අනන්‍යතා සහ විවිධ ලිංගික දිශානතීන් සහිත පුද්ගලයන් ද ජීවත් වන බව සහ එම පුද්ගලයන්ට ද අනෙක් සියලූම මිනිසුන්ට හිමි වන වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් හිමි විය යුතුය. රටක් ලෙස ලෝකයට ආදර්ශයක් ලෙස පැවතීමට එය අත්‍යවශ්‍යය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles